කලකට පෙර පටන් ගත්ත කොටස් වශයෙන් පලවෙන කතන්දරයක්. පෙර කොටස මෙතනින්
දැන් අපි මෙතනත් කරන්නේ කලින් කළා වගේම අසම්පුර්ණ අපැහැදිලි සමහර තැනක් පරස්පර සහිත වීමට ඉඩ තියෙන කතන්දර කෑල්ලක් ලියන එක. එය නොහොබිනා නොකලමනා දෙයක් කියා ඔබ කියයි. හැබැයි එය තමා ලෝක ස්වභාවය. පරිපුර්ණ වූ සර්ව සම්පුර්ණ වූ දෙයක් බොහෝ විට මනොරාජිකයි. වාස්තවිකත්වය ගැන කතා කරන මේ සටහන් අසම්පුර්ණවීම තුල නැවතත් කරන්නේ වාස්තවිකත්වය නම් පැවැත්මේ පරිපූර්ණභාවය ගැන ඔබේ මනෝරාජික කියවීමට චැලේන්ජ් එකක්. රයිට් අපි මාතෘකාවට එමු. අද කතාව දිගයි
කලින් සටහනේ අපි කියන්න ගියේ පවතිනවා කියන එක හුදෙක් මායාව මිනිසා විසින් ග්‍රහණය කරන උපරිම දුර බවයි. ඒ කිව්වේ ඔබේ මේසය පවතින්නක්. එතකොට ඔබේ මානව සංජානනයෙන් ඔබ්බට මෙතන ඔහොම මේසයක් ම පවතීද වෙන අමුතු මේසයක මූල ස්වරූපයක් [එම්මානුවෙල් කාන්ට්] පවතීද, නොවේනම් මෙලෝ බක්කක් නොපවතීද ආදිය අපට ග්‍රහණය වන්නේ නැහැ. අපි ජීවිත කාලෙම තර්ක කලත් අපේ මානසික සීමාවෙන් එහා. ඉතින් අපිට අනුව මේසය "පවතිනවා", ඒක කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන පරිබාහිර කතාව අදාළ නැහැ.
දැන් මේ ග්‍රහණය කරන උපරිම දුර වුනත් පුද්ගලානුබද්ධයි. වහලේ දුවන මී හාමි ඔබේ ග්‍රහණය කරන උපරිම දුරටම පවතින්නක්. හැබැයි ටීවී එකේ ඉන්න මිකී මවුස් ඔබ ග්‍රහණය කරන උපරිම දුර අනුව මායාවක් මිස පවතින්නක් නොවේ. හැබැයි පුංචි ළමයෙක් සමහර විට ඔය දෙන්නම පවතින්නක් ලෙස ගනීවි, මොකද එයාගේ ග්‍රහණය කරන උපරිම දුර එපමණක් නිසා.
ඒ අනුව "පැවතීම" කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන එක මත ලේයර් ගානක පැවතීම් තියෙන්න පුළුවන්. කම්පියුටර් ගේම් එකක චරිතයක පැවැත්ම ඔබේ පැවැත්මට වඩා ඇතුලේ ලේයර් එකක්. මේවා ඒ ඒ පුද්ගලයා ග්‍රහණය කරන උපරිම දුර මත රඳා පවතින්නක්.
ඒ අනුව යතාර්ථය කියන්නේ ලේයර් ගානක එකක්. ඒ ඒ මට්ටමින් ඒවා පවතින තත්වයන්.
පදාර්ථයේ මූලය හොයාගෙන ගලවන් යන මිනිස්සුත් මුහුණ දෙන්නේ ඔය ගැටලුවට මයි. ඉස්සරම හිතුවේ පරමාණුව තමා පොඩිම කියල. ඒ වචෙනේ දැම්මේ ඒකයි. පස්සේ එයාල නිරීක්ෂණය කලා ඒ පරමාණුක පැවැත්මේ පවා උප පැවතීම් ඇති බවක්. ඔහොම පටන් ගත්ත සිද්ධිය අද මීටර වලින් දහයේ බල තිස් ගානක් එක යටට දාන සයිස් පොඩි කරගෙන ස්ට්‍රින් තියරි දක්වා ගිහින්. දාර්ශනික ප්‍රශ්නය ඒත් මැරිලා නැහැ. ස්ට්‍රින් හැදිලා තියෙන්නේ මොකකින්ද? ඉවර වෙන්නේ නැහැ.
ඔය කියන ලේයර් සහිත යතාර්ථය සහ එහි ග්‍රහණය කරන උපරිම දුර ගැන කතාව මගේ ජෙනුයින් කතාවක් හෝ බටහිර විද්‍යා දැනුමේ කතාවක් ම නෙවි. ඕකේ පෙරදිග ඉන්දියානු විද්‍යා දැනුම් පද්ධතියේ ලොකු සම්බන්ධයක් තියෙනවා. මා දන්නා තරමින් මුලින්ම ඕක කිව්ව [හෝ කිව්ව බවට අපි ඉගෙනගත්] කෙනා බුදුන් වහන්සේ. උන් වහන්සේ කියනවා සත්‍ය වර්ග දෙකක් තියෙනවා කියල. එකක් සම්මුති සත්‍යය අනික පරමත්ත සත්‍යය. ආගමික උගැන්වීමක් පාඩමින් හලනවා විනා මා කිසිත් නොදන්නා පරමත්ත සත්‍යය පසෙක තබමු. සම්මුති සත්‍යය තමා මට මෙතන වැදගත්
සම්මුති සත්‍යය කියන්නේ අප විසින් නිර්මාණය කරගන්න සත්‍යයට ඒ සත්‍යය අපේ සම්මුතියක්. කිසියම් ආකාරයකට දහවෙනි මානයේ පවතින ජීවයක් වේ නම් උන්ට එය එලෙසින් දැනෙන්නේ නැහැ වෙන්න පුළුවන්. අනික අපිට උනත් එය විවාදාත්මකයි. මේසය කියන්නේ සම්මුතිය. එහි අඬු ලෑල්ල කවරය ආදිය වෙන වෙනම පවතිනවා. ඒවා හැදුනු ලීය වෙනම පවතිනවා. මේ වෙන වෙන පැවතුම් ටික කිසියම් ඕඩර් එකකට පූට්ටු කලාම මේසය නම් සම්මුතිය අපි හදා ගන්නවා. අපේම වෙනස් ප්‍රජාවක් මේසයක් දන්නේ නැතිනම් උන් ඕකට ලී ගොඩක් කියයි.
එහෙත් එබ්‍රහමික චින්තනයේ සුවච කීකරු ලොකු පුතා තමා බටහිර දර්ශන වාදය. රෙනේ දෙකාට් වගේ මනුස්සයෙක් කොච්චර හිතුවත් ඔහුට බැරි වුනා ආත්මය කියන එබ්‍රහමික ඒකකය අතහරින්න. එම්මානුවෙල් කාන්ට් කොච්චර දඟලුවත් අප දකින දෙය මායාව කියා හිතුවත් ඔහුට අවශ්‍ය වුනා අප දකින යම නොවන මූලික යමක් වත් අඩුම ගානේ තියේය කියා හිත සනස්ස ගන්න.
ඔය වගේම ගැටලුවකට මුහුණ දෙන කට්ටියක් තමා අදේවවාදීන් [නිරාගමික සියල්ල නොවේ අදේවවාදීන් පමණි]. අදේවවාදීන් තරම් සර්වබලධාරී දෙවියන් මත රඳා පවතින්නේ නැහැ පාප් තුමාවත්. අදෙවවාදියාගේ මුළු තාර්කික පැවැත්ම ම පවතින්නේ සර්ව බලධාරියා නැත කියන්න හෙවත් සර්ව බලධාරියා මත. සර්ව බලධාරියා ඔතරම් බොළඳ පුරාන කාලේ මිත්‍යාවක් නම් අපරාදේ නැද්ද ඒක නොපවතී කියන්න කාබාසිනියා කරන කාලය?
දැන් අපි සංස්කෘති රාශියක ගැටිලා [බොරුවට හරි - රියලිටියේ අමාරුයි] කියනවනේ හැම ආගමකටම සම සේ සලකන්න. එසේ නොකරන්නා අන්තවාදියෙක් ආගම්වාදියෙක් සුප්රිමසි වාදියෙක් කියලා. මේ ලෝකේ ඉන්න අන්තිම අන්තවාදී ආගම්වාදි සුප්රිමසි වාදි පිරිස තමා අදේවවාදීන්. ඇයි ඔවුන් තමන්ගේ මුළු කාලෙම "සලකන්නේ" හුදෙක් එක ආගමකට. දිගටම කතාකරන්නේ සර්වබලධාරියා ගැන.
ඔන්න ඔහොමයි නොපවතී කියනන් දඟලන සර්ව බලධාරියා මත ම එයාලගේ පැවැත්ම රඳා පවතින්නේ.
ඔහොමම දෙයක් වෙනවා වාස්තවික යතාර්ථ කතිකාවෙත්. දැන් මම පැහැදිලි කලානේ පරම වූ වාස්තවිකත්වය කියන්නේ අපි මවා ගත්ත එබ්‍රහමික ආගමෙන් අපේ ඔළුවට බස්සපු එකක් කියල. එවැන්නක් නැතිව මේ ලෝකේ අගේට ඉන්න පුළුවන් කියල. එතකොට කට්ටියක් අපිට කියනවා "ඔය කිව්වට වාස්තවික යතාර්ථයක් නෑ". අපි කියනවා "ඔව් වාස්තවික යතාර්ථයක් නෑ යතාර්ථය කියන්නේ මේ අපිට ග්‍රහණය වන උපරිම දුර". එයාලා ආයිත් කියනවා " ඔයා වැරදියි වාස්තවික යතාර්ථයක් නෑ". කොච්චර නෑ කිව්වත් එයාලා ආයිත් ඒකෙම එල්ලෙනවා.
මීට හේතුව අර එබ්‍රහමික ආගමෙන් ඔළුවට බස්සපු වාස්තවික යතාර්ථය එයාලට වේදනා දෙන එක. එයාලා දන්නවා ඒක නෑ කියල. ඒ නිසා මනසින් ඒක ගලවාගෙන ඉන්නේ. හැබැයි ගලෝපු තැන තුවාලේ සනීප නෑ. ඉතින් දිගටම කියන්නේ "ඔය කිව්වට වාස්තවික යතාර්ථයක් නෑ" කියල.
එපමණකුත් නොවේ. දැන් නලින් ද සිල්වා මහතා ගේ දර්ශනයේ ඔය අපිට ග්‍රහණය වන උපරිම දුර ගැන කියවෙන්නේ "බොරුව" සහ "පට්ටපල් බොරුව" කියන වචන දෙකෙන්. බුදුන් වහන්සේ සම්මුති "සත්‍යය" කිව්ව එකට එයාල කියන්නේ කිසියම් වර්ගයක "බොරුවක්" කියල. එතකොට ඒක බොරුව නම් "ඇත්ත" මොකද්ද? එයාලගේ යටිහිතේ අර එබ්‍රහමික ආගමෙන් ඔළුවට බස්සපු වාස්තවික වූ පරම යතාර්ථයක් ගැන ආස්ථානය එයාල "ඇත්ත" ලෙස යටිහිතෙන් තාම දකිනවද? එයාලගේ දර්ශනයේ එයාල එවැන්නක් නෑ කියා කියනවා. හැබැයි එවැන්නක් නැතිනම් ඇයි සම්මුති සත්‍යය ට බොරුව කියා කියන්නේ. යමක් බොරුනම් ඇත්ත කියා වෙනකක් තියෙන්න ඕනේ නේද? අවිඥානිකව තවමත් ඇත්ත කියන්නේ වාස්තවික යතාර්ථය ලෙස දැනෙන්වද?
ඔතනදි බුදුන් වහන්සේ මේ ලේයර් බරගානක "සත්‍යය" හෙවත් "යතාර්ථය" එලෙසින්ම හඳුනාගෙන එය නිසි ලෙස නම් කිරීම නිසා මේ කතාවේ මගේ ගෞරවය උන් වහන්සේට හිමිවෙනවා [ආගමික හේතු මත නොවේ තාර්කික හේතු මත, මම ආගම හැර ගොස් බොහෝකල්]
දැනට ලිහා ගත්ත තරමට, පවතිනවා සත්‍යය හෝ යතාර්ථය කියන්නේ ලේයර් බරගානක දෙයක්. එය පුද්ගලානුබද්ධයි. එය තීන්දු කරන්නේ අපිට ග්‍රහණය වන උපරිම දුර විසින්. වාස්තවික යතාර්ථය මනෝරාජික කතාවක් පමණයි.
මතු සම්බන්ධයි

එනයින් මේසය මායාවක් වෙන්න ඇති, එක්තරා මට්ටමක. එහෙත් එය සත්‍යයක් තව මට්ටමක, මම මේ කතාව කියවන්නේ පැවැත්ම ලේයර් වශයෙන් කියලා බුදුන් ගේ දර්ශනයත් දැක්ක කියලයි.
එතකොට පැවැත්ම කියන්නේ ඔහොම එකක් නම් වාස්තවික වූ යමක් පවතීද? එනම් කිසිම ලේයර් සම්බන්ධයක් නැති පරම වූ පැවැත්මක් වේද? මිනිසට ද ගවයා ට ද කුරුල්ලා ට ද යුරෝපා චන්ද්‍රයාගේ සාගර වල වෙසෙන ජීවියාට ද දහවෙනි මානේ වෙසෙන ජීවියාට ද එකසේ එකට හිඳ නැරඹිය හැකි එක සේ දැනෙන පරම වූ වාස්තවික දෙයක් පවතී ද?
අපි දන්නේ නෑ. පළමුවෙන්ම අපිට තනියම දැනගන්න බෑ. අපි ඉන්නේ ලේයර් කරපු පැවැත්මක ග්‍රහණය කරන උපරිම දුරක් දක්වා දැනෙන යම පැවැත්මක් කියා සිතාගෙන. අපි දවසක ඉන් එහාට ග්‍රහණය කලොත් එය මායාවක් කියා හිතෙයි, අර පොඩි ළමයට මිකී මවුස් වගේ. හැබැයි මීට එහා අපි දැනට ග්‍රහණය කර නැහැ.
ඉතින් දැන් ගැටලුවක් නෑනේ. වාස්තවික වූ යතාර්ථය අපිමනේ මවාගෙන ඉන්නේ. අපි ඕක ගැන අහලවත් නැතිනම් මේ පවතින ලේයර් ගත පැවැත්ම අපිට මෙහෙම දරාගෙන ඉන්න පුළුවන් නේ. අපිට කිසිම දෙයකින් අඩුවක් වන්නේ නැහැ. ඉතින් ඇයි අපි වාස්තවික වූ යතාර්ථයක් ගැන මෙතරම් දඟලන්නේ.
හේතුව පවතින්නේ එබ්‍රහමික රාමුවේ සහ ඉන් ව්‍යුත්පන්න වන බටහිර දර්ශන වාදයේ. මම මගේ පෙර කතාන්ගයේ කිව්වා වාස්තවික යතාර්ථය කියන එක විද්‍යාව විසින් කරදර නොවන එයට මැනිය නොහැකි දෙයක් කියලා. ඒ නිසා වාස්තවික යතාර්තයට විද්‍යාව දරන්නේ හූ කෙයාස් සම්බන්ධයක් කියල. හැබැයි ඒ විද්‍යාව කියන්නේ එබ්‍රහමික චින්තන ධාරාවේ හිතුවක්කාර මද්දුමයා. ඌ මුලින්ම කලේ ගෙදරින් පැනල යන එක. ඌ ජීවත් වන්නේ එබ්‍රහමික ගෙදරින් පිට.