Saturday, October 15, 2022

පරිභෝජනයේ සදාචාරය 7 - වඩා වටින්නෙ මොකද්ද?

"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.”

අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ.

"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ"

මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න.

ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත.

ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද?

ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක.

එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ.

මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව.

ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ.

සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්‍රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ.

ඇත්තෙන්ම මේ  කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්.  පරිභෝජනය අඩුවීම  - කෙතරම් කුරිරු  ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්. 

රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්;

"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?"

කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.

Friday, September 30, 2022

පරිභෝජනයේ සදාචාරය 6 - ගෝලීය දේශගුණ වෙනස්වීම් කතිකාවේ පවතින මිත්‍යා

ගෝලීය දේශගුණ වෙනස්වීම් ගැන ලංකාවේ සයිබර් කතිකාවක් පටන්ගෙන තියෙනව. අවාසනාවකට ඒක මූලික වශයෙන් කතාවට ගන්නෙ ධනවාදි සමාජවාදි ගුරුකුළ බදාගෙන නිසා ඒකෙ අවලාද සහ චෝදනා ඉක්මවන ලොකු දෙයක් නෑ. ගෝලීය දේශගුණ වෙනස්වීම් කියන කතිකාව ඔය දාර්ශනික ගුරුකුල වලට වඩා ඉහළ මට්ටමකට යන දෙයක්. හොලිස්ටික් කතාවක්. ඒක ඕව බදාගෙන ඒවට භක්තියෙන් ප්‍රතිවාදි එකට වෛරයෙන් කතා කළ හැකි එකක් නොවේ.

දේශගුණ වෙනස්වීම් කතිකාව තුල ලෝක මට්ටමින් තියෙන මිත්‍යා කීපයක් කතාවට ගන්න වටිනව.

1. ගෝලීය දේශගුණ වෙනස්වීම් ඇති වන්නේ ධනවාදය නිසාවෙනි, ධනවාදයේ සමාගම් වල ලෝභය/ලාභය  නිසාවෙනි කියන මතය. මේක වැරදි මතයක්. දේශගුණ වෙනස්වීම් වලට මූලික හේතු දෙකක් තියෙනව. එකක් තමා ලෝක ජනගහනයේ පහුගිය වසර සීයෙ විතර සිදු වූ අසාමාන්‍ය ප්‍රසාරණය. 1900 ලෝක ජනගහනය වගෙ පස් ගුණයකට වඩා දැන් ඉන්නව. අනික තමා පහු ගිය අඩ සියවසේ පමණ ඒ වැඩිවන ලොකු ජනගහනයන් ඊට කලින් පලවෙනි ලෝකෙට සීමා වෙච්ච උසස් ජීවන තත්වයන් උදා කරගන්න සමත්වීම. ඉතින් මෙන්න මේ ලොකු ජනගහනයක හැමෝම යහපත් ජීවිත ගෙවන එක නඩත්තු කරගන්න මිහිතලයට බෑ.

2. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල ගෝලිය දේශගුණ වෙනස්වීම් වලට පිළීතුරු තිබේ කියන මතය. තව  වැරදි මතයක්. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල කිසිම ප්‍රශ්නයකට එහෙම පිළිතුරු නෑ. එය හුදෙක් ආර්තික මෙහෙයුම් ක්රමවේදයක්

3. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් හෙවත් ග්‍රීන් ග්‍රෝත්  කියන සන්කල්පය. ඒ කියන්නෙ කිසියම් ක්‍රමවේදයන් අනුගමනය කලොත් ආර්තික වර්ධනය එලෙසින්ම පව්ත්වා ගනිමින් කාබන් විමෝචනය ගෝලිය දේශගුන වෙනස්විම් ඇති නොවන ගානට පාලනය කල හැකි කියන එක. මේක තව මිත්‍යාවක්. නියත වශයෙන්ම ආර්තික වර්ධනය ඍණ කරන්න වෙනව උශ්ණත්ව ඉහළ යාම පාලනය කරන්න නම්

5. ලෝකෙ ඉන්න ඉහළම ධනපතින් කීප දෙනාට දේශගුණ වෙනස්වීම් සම්බන්ධ දැනුමක්, සැලසුමක්, පිලිතුරක් හෝ එවන්නක් කිරීමට දැඩි උනන්දුවක් තිබේ කියන මතය. එහෙම නෑ. ඔවුන්ට කිසියම් දෙයක් කරනන් ඔනෙ කමක් තියෙනව ඒත් ඒ වෙනුවෙන් තම ව්‍යාපාර පාඩු ලබන තැනට ගෙනේවි කියා මන් හිතන්නෙ නෑ

6. නිශ්පාදනය මත පදනම් වන පරිභෝජනය අමතක කරන කාබන් පියසටහන්. මේක තමා මන් හිතන්නෙ තියෙන ලොකුම අවුල. කිසියම් රටක කාබන් පියසටහන සකසන කොට ඒ රටේ කෙරෙන නිශ්පාදන කටයුතුවල කාබන් විමෝචන මත ඒක සකසන එක වැරදියි. මොකද ධනවත් රටවල් නිශ්පාදන කටයුතු වෙන කාඅහරි තනිකරම අවුට්සෝස් කළ හැකි නිසා. ඇත්තෙන්ම වෙන්නෙ ඒකයි. පළමු ලෝකය නෙට් සීරෝ ඉලක්ක සකස් කරද්දි ඉබේම ඔවුන්ගෙ සමාගම් නිශ්පාදන චීනය වගෙ රටකින් කරගන්නව. එතකොට චීනෙ පියසටහන හොදටම වැඩි වෙනව. ඒත් එහෙම වෙන්නෙ අර ධනවත් රටවල් ම වෙළදපොලක් වෙලා ඉල්ලුම හරහා නිශ්පාදනය් මෙහෙයවන නිසා. පියසටහන් හදන්න ඕනෙ පරිභෝජනයට

7. ප්‍රතිචක්‍රීකරණය. මෙය සාර්තකව ක්‍රියාත්මක වන  ක්‍රමවේදයක් නොවේ. දැනට අපි රිසයිකල් කියල එකතු කර යවන දේවල් නැවත නිශ්පාදන ක්‍රියාවලියේ අමුද්‍ර්ව්‍ය බවට හරවන්න ලේසි ක්‍රමවේද නෑ. ඒ වගේම පළමු ලෝකෙ රටවල ඊට අවශ්‍ය ශ්‍රම සම්පත නෑ. ඉතින් එයාල කරන්නෙ සල්ලි දීල දුප්පත් රටවලට ඒ රිසයිකල් ද්‍රව්‍ය යවන එක. දුප්පත් රටවල් සල්ලි ටික ගන්න ඒ කුනු ලෝඩ් එක ගත්තට ඒකෙ ද්‍රව්‍ය රිසයිකල් කරන්න එතරම් උනන්දු නෑ. ඔවුන් ඒව බොහො වෙලාවට ඩම්ප් කරනව. එතනදි අර පලවෙනි ලෝකෙ රටේ ස්ටැන්ඩර්ඩ් එක්ක කරන ඩම්ප් කිරීමවත් වෙන්නෙ නෑ. නිකම්ම ගන්ගා ඇලදොල මුහුද වගෙ තැන්වලට දාන්නෙ.

8. මිනිස්සුන්ගෙ ජීවිත වලට ඉපයීම් වලට ලොකු වේදනාවක් නොවී ගෝලිය දේශගුණ වෙනස්වීම් වල අර්බුද විසදන්න පුලුවන් කියන මතය. මේකත් වැරදියි.  ඇත්තෙන්ම මෙතන දෙපැත්ත කැපෙන කඩුවක් තියෙන්නෙ. ගෝලිය දේශගුන වෙනස්වීම් වල අර්බුද නවතන්න තරමෙ තදබල වෙනසක් ගෙනාවොත් ආර්තිකයන් කඩා වැටිල මිනිසුන්ට විශාල අර්බුද වලට මුහුන දෙන්න වෙනවා. ඒත් එහෙම නොකලොත් දේශගුන වෙනස්වීම් හා සාගර ජල මට්ටම ඉහල යාම නිසා මිනිසුන්ට විශාල අර්බුදවලට මුහුන දෙන්න වෙනවා. ඔය දෙක අතර ට්‍රේඩෝෆ් එකක් තමා කරන්න වෙන්නෙ. කොහෙන් බැලුවත් පරාදයි.

9. ඔය අන්ක අටේ සිදුවිම වෙන්නෙ ධනවාදය හා අධිපරිභෝජනය නිසා කියල මිත්‍යාවක් තියෙනව. අන්ක එකේ කිව්ව වගෙ මේ ඉන්න ජනගහනයට යන්තම් හෝ හොද ජීවන තත්වෙක ඉන්න අවශ්‍ය නිශ්පාදනය ධ්නවාදෙන් කලත් වෙන මොන වාදෙන් කලත් මේ පරිසර අර්බුද හටගන්නව.

10. ගෝලිය ආර්තික අර්බුදය වෙන්නෙ සමාගම් ලාබ ගන්න හිතන් මිනිසුන් ගොනාට අන්දල සපයන කොහෙත්ම අවශ්‍ය නැති නිශ්පාදන නිසා කියන මතය. මේකට සමගාමිව මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා කියන්නෙ ආහාර ඇදුම් වගෙ කීපයක් කියල මතේකුත් තියෙනව. ඒ දෙකම වැරදියි. මිනිස් ශිස්ටාචාරය ලබාගත් දියුනුව තුල තියෙන බොහෝ දේවල් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් බවට පත්වෙලා, නොවේනම් ඔවුන්ට ආයෙ යන්න වෙනව මිට වඩා බෙහෙවින් පහත් මට්ටම්ක ජීවන තත්වයක් ගෙව්ව කාලෙට. අනික ඔය කියන ආහාර ඇදුම් වගෙ මූලිකයි කියන අවශ්‍යතා තමා අධිකම කාබන් විමෝචන වලට හේතුව. ආයිත් කියන්න තියෙන්නෙ මේ ඉන්න ජනගහනය පව්ත්වා ගන්න බෑ මිහිතලෙ රත්නොකර.

11. විද්‍යාවට මේ ප්‍රශ්නෙට උත්තර තියෙනව කියන මතය. නෑ විද්‍යාවට උත්තරයක් නෑ. ඔවුන්ට තියෙන එකම උත්තරේ ආර්තිකයන් කාබාසිනියා කරල මිනිස් ජීවිත වලට සුවිසල් අර්බුදයක් දාල කරන විමෝචන නතර කිරීමක්. ඒක කරන්න බැරි නිසා තම තමන් රවටා ගන්න එක තමා ඔය ක්‍යෝටෝ පැරිස් ග්ලාස්ගෝ සමුලු වල කරන්නෙ. විද්‍යා-වාදින් ඉන්නව හරි එහෙනම් අපි මිනිසුන්ට ඉන්න පුලුවන් වෙන ග්‍රහලෝකෙකට යනව වගෙ බොලද කතා කියන. නෙවිනම් අගහරු ටෙරාෆෝම් කරනව වගෙ කතා. මේව ඉතින් හොලිවුඩ් වලින් සයන්ස් ඩිග්‍රි ගන්න අයට හොද සුරන්ගනා කතා

12. සාගර ජල මට්ටම 2100 වෙද්දි ඉහල යයි කියන්නෙ අඩි කීපයක්. ඒකෙන් ලොකු ප්‍රදේශයක් යටවෙන්නෙ නෑ. ඒ නිස ලොකු ප්‍රශ්නයක් නෑ කියන මතය. මෙය අනවබෝධයෙන් කරන ප්‍රකාශයක්.  මේ අය සලක්න්නෙ නෑ සාගර මට්ටම් ඉහල යාමත් එකක් වෙන ගොඩබිම් ඛාදනය ගැන. ඒ වගේම සමහර ක්‍රියාකාරකම් කීපයක් ටිපින් පොයින්ට් එක පැන්නොත් ඊට පස්සෙ මිනිසුන්ට පාලනයක් නෑ ගෝලිය ව්‍යසනය මහා පරිමානෙන් වෙන්න ගන්නව. උදාහරන කිපයක් දුන්නොත්, තව සෙල්සියස් දශම ගානක් වැඩි වුනොත් ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව ඉවර වෙනකම් දියවෙන එක නවතන්න බැහැ. ෆ්ලොරිඩාව පමන ලොකු කිමි ගානක් ගනකම ඇන්ටාක්ටික් ත්වේට්ස් ග්ලේසියරය මූදට ලිස්සා යාම නවතන් ඉන්න අයිස් තට්ටුව තව සෙල්සියස් දශම ගානකින් දියවෙන්න පුලුවන්. ඊට පස්සෙ ඒක එක පිටිම්ම ලිස්සා යන්න ඉඩ තියෙනව. සාගරික හයිඩ්‍රේට දියවෙන්න ගත්තොත් ඒකෙන් මිනිසාට හිතාගන්න බැරිතරම් කාබන් නිකුත් කරන්න පුලුවන්. පර්මෆ්‍රොස්ට් භුමින් වල අයිස් දියවුනොත් ඒකෙනුත් එවැනිම ලොකු කාබන් කිකුතු වෙන්න පුලුවන්. මේව වෙන්න තව සෙල්සියස් දශම ගානක් ගියාම ප්‍රමානවත්. වෙන්න පටන් ගත්තාම් ඒව නවතන්න බෑ ඒව නිසා ගොලිය දේශගුනේ වෙනස්වෙන එකත් නවතන්න බෑ.

13. ධනවත් රටවල් පලමු ලෝකෙ රටවල් කාබන් පුලුස්සා පරිභෝජන කරන රටවල් මේ ගෝලිය අර්බුදේ අනාතයින් බාරගනී කියන මතය. නෑ ඒ වෙද්දි ඒ රටවලත් ලොකු ආර්තික සහ සමාජිය අර්බුද ඇවිත් තියෙන්නෙ. ඔවුන් ට වෙන අය බලන්න බැරිවෙයි.

තව මතක් වුණොත් එකතුකරන්නම්. මේ ප්‍රශ්න වල බරපතල කම හුදෙක් ආර්තික න්‍යායක වරදක් වගෙ සරල දේකට එහා යනව. මේවාට උත්තර හුදෙක් අධිපරිබෝජන නවතා හෝ සුවදායි ජීවිතේ පුන්චි පුරුදු කීපය වෙනස් කර ලබා ගන්න බෑ. කාටවත් මේකට උත්තරයක් නෑ.

Saturday, February 5, 2022

පරිභෝජනයේ සදාචාරය 5 - සංවර්ධනයේ දෙපැත්ත

ලොකු හාහෝවක් යනව "ලන්කාව ලෝකයෙ සන්වර්ධිත රටවල් අතර දෙවැනි තැන" කියල. කෙනෙක් ඒකට මෙන්න මේ ලින්ක් එක දාල තිබ්බ. ඒ ලින්ක් එක බැලුවම කතාවත් ඇත්ත. ලන්කාව දෙක කොස්ටාරිකා එක. ඔය යුරෝපා රටවල් ඔස්ට්‍රෙලියා කැනඩා ඇමෑරිකාස් ජපානෙ සින්ගා එහෙම එකසිය පනහක් විතර පහල. ඉතින් ඒක බලන උන් කියනව ලිස්ට් එක උඩ යටමාරු කරලද කියල. 

හැබැයි මේ ලිස්ට් එක නම් කර තියෙන්නෙ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ඉන්ඩෙක්ස් කියල. එතන මිස් වෙන්නෙ "තිරසාර" කියන වචනෙ. දැන් ඔය ලිස්ට් එක හදාපු කෙනා තිරසාර සන්වර්දනය කියන්නෙ, ඒක පුද්ගල පරිසර භක්ශණය අඩුවෙන්ම කරල සමාජ ජීවන තත්වය හා ආදායම තත්වෙක තියාගන්න එකට. ආර්තිකය  වර්ධනය කරමින් පරිසරේ  රකින  එකට - ග්‍රීන් ග්‍රෝත්. ඔන්නොය ඇල්ගො එකට දැම්ම පරිසරේට නිය පිටකින් නොරිද්දන (ඔව් ඒක ඇත්ත අනිත් රටවල් එක්ක සන්සන්දනේ කලාම) මොකද්දො හේතුවකට සාපෙක්ශව තරමක් ලොකු ඒක පුද්ගල ආදායමක් හිමි ජීවන තත්වයන් තමන්ගෙ මට්ටමේ අනික් රටවලට වඩා හොද ලන්කාව සුරුස් ගාල ලිස්ටෙකේ උඩට එනවා. කොස්ටාරිකා, සිලි ලන්කා, ජෝජියා පැනමා කියුබා තමා උඩම ඉන්නෙ.

දැන් ඔය ලිස්ටෙකේ අයිරනියත් ඒකමයි. කිසියම් හෝ ආකාරයකින් ඉහල ඒක පුද්ගල ආදායමක් හා යහපත් ජීවන තත්ව උදාකරගත්තට මේ කිව්ව රටවල් ඉන්නෙ ආර්තික සන්වර්ධනයෙන් වල පල්ලෙ. රෙපුගූනැ රටවල්. දැඩි ආර්තික අවිනිශ්චිතභාවයන්ට මුහුන දෙමින්. ඒව රටවැසියට දැනෙන ගානට ඇවිත්. එක්කො සමාජවාදි ලොකු අයියෙක් නෙවිනම් ණය දෙන ආයතන විසින් මුන්ට දුන්නු ණය වලින් තමා ඔය ගානට එන්නෙ. ඇත්තෙන්ම ආර්තික සන්වර්ධනය කරගන්න තියෙන බැරිකම මිස අර භූතානෙ වගේ සිය කැමැත්තෙන් හිතල ඔතෙන්ට ආපු උනුත් නෙවි තනි කනා පල්ලමේ ආපු උන්. සන්වර්ධනය කරගන්න බැරිකම නිසා ඕකෙ උඩටම ආපු උන්.

ඉතින් මේ තිරසාර සන්වර්ධන ලිස්ට් එක හදාපු කෙනා ඒක අරගෙන ලෝකෙ සන්වර්දිත ලිස්ට් එක එක්ක තියල ඒකෙ අරුම පුදුම උඩ යට මාරුවිම බලනව නම් සන්වර්ධනය කියල එයා කියන්නෙ සෙසු ලොකෙ කියන එක නොවේ කියල තේරෙන්න ඕනෙ. සපුරා වෙනස් දෙකකට එකම නම දැම්මම වෙන්නෙ ඒකෙන් කොන්ෆියුස් උන්ග බුන්ගා වෙන ලෝක ප්‍රජාව සාමාන්‍ය සන්වර්ධනය ඉල්ලමින්ම ඒක තිරසාරව සිදුවේයයි බලාගෙන ඉන්නව.

ඒ නිසාම ඒක බලන කවුරුත් තේරුම් ගන්න ඕනෙ මිනිස් වර්ගයා සන්වර්දනය කියන්නෙ පරිසරේට අම්මට සිරි වෙන්න කෙලවන එකටය ඔය ක්‍යෝතෝ පැරිස් ග්ලාස්ගෝ සමිට් ලෝකනාත බුලක් ය. ලෝක පරිසර විනාශය නවත්වන්නනම් ඇති හැකි රටවල් ආර්තික අවපාතයක් සිය කැමැත්තෙන් දාගන්නම ඕනෙය කියල. ඒ කිව්වෙ පලවෙනි ලෝකෙ ජීවත් වෙන ආතල් ජීවිතේ ගෙවන්නයි මිහිතලේ රත්වෙන එක නවතන්නයි පෙන්ගුවින්ගෙ පස්ස අතගාන්නයි පෝලබෙයාට හග් දෙන්නයි එකපාර බැරි බව. ග්‍රීන් ග්‍රෝත්  කියන්නෙ අමු මිත්‍යාවක්.

මන් හිතන්නෙ මේ සියල්ල එකපාර කල හැකියි කියල හිතන සමස්ත ලෝක වාසියා තමා අපිට ඉන්න ලොකුම ප්‍රහසනය. ග්‍රේට තූන්බර්ග් අච්චර කෑ ගැහුවෙ ඒකයි. මුන්ට යකෝ පිස්සුනෙ මුන් මේ ආතල් ජීවිතේ මෙහෙම ගෙවන ගමන් කියනව ලොක උශ්ණත්වය ඉහල යාම නවත්තපල්ල කියල. හරියට ඒක අගහරු ලෝකෙන් ඇවිත් කරල දෙන්න ඔනෙ වගෙ. සමාජෙට අලුතෙන් බැස්ස යමක් වැටහෙන් පොඩි එකෙක්ට කෑගැස්සෙන්න ඕනෙ තමා ඒක දැකල.

දැන් බොහො දෙනෙක් මාව දන්නෙ ලන්කාවෙ සන්වර්ධනය වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක් ලෙස නිසාත් කෝල් පවර් ස්ටේශන් ගහල පවර් ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න කියන කෙනෙක් ලෙස නිසාත් මේකෙ පරස්පරයක් තියේද කියල හිතෙන්න පුලුවන්. නෑ එහෙම නෑ. රෙපුගූනැ රටවල් කියල රටවල් ලිස්ට් එකක් ඉන්නව. අහම්බෙන් කැරකිලා තිරසාර සන්වර්දනේ උඩටම උන් එන්නෙ තිරසාර "සන්වර්දනය" කියන්නෙ පවතින්නක්නොවෙන නිසා. එහෙම රටවල් තමන්ගෙ අතිශයින් කුඩා පරිසර ෆුට්ප්‍රින්ට් එක තවත් හීනි කරමින් කුස පිටපොත්තට අලවාගෙන නහින්න ඔනෙ නෑ. ඒ රටවල් තව ටිකක් පරිසරේ කන්සියුම් කලාට කමක් නෑ. ඒ රටවල් තමන්ට දෙපයින් හිටගන්න ගානකටවත් එනකම් හිතන්න ඕනෙ මේ කියන තිරසාර "සන්වර්දනේ" ගැන නෙවි සන්වර්දනය කියල පොදුවෙ කියන කීයක් හරි උපයාගෙන ආර්තිකේ සවිමත් කරගන්න එකට. මෙතන වගකීම තියෙන්නෙ ඔය තිරසාර ලිස්ට් එකේ යට ඉන්න උන්ට. උන් තමා පරිසරේ කන යක්කු. උන් දැනටමත් සන්වර්ධිතයි. ඉන්නෙ සැපේ. උන්ගෙ සන්වර්දනේ වෙනුවෙන් තමා ලෝකෙ කාල තියෙන්නෙ. උනුයි කැපකිරීම කල යුතු.

පරිසරේ රකින ගමන් ලෝකෙ සන්වර්ධිත රටවල් ජීඩීපී ග්‍රෝත් එකක් තියාගන්න ආකාරය අධිපරිභෝජන ආතල් ලෙසටම තෲප්ත කරන ආකාරය ගැන කතාකිරිමත් විහිලුවක්. මේ රටවල් තමන්ගෙ ආර්තිකය පැලසුම් කල අවපාතයකට යවාගන්න ඕනෙ. පරිභෝජනයට සදාචාර සීමා දාගන්න ඔනෙ. නිකම් අවුරුද්දකට පාරක් සුපින්සමුලුවක් තිබ්බට වැඩේ වෙන්නෙ නෑ. තම අධිපරිභෝජනේට අවශ්‍ය දුම් ගහන වැඩ ටික චීනට අවුට්සෝස් කරලත් හරියන්නෙ නෑ.

ඒ නිසා මේ කතාවෙ ලොකුම අයිරනිය නම් සන්වර්ධනය කියන වචනෙ කොන්ෆියුස් වෙන භාවිතාවත්, සන්වර්ධිත රටවලට සැප ජීවිත ගෙවමින් පිස්සො වගේ පරිභෝජනය කරමින් ඒ ගමන් පරිසරේකුත් රකින්න පුලුවන් කියල හිතන කට්ටියත් තමා. ලන්කාව ඔය"සන්වර්ධිත රටවල්" ලිස්ට් එකේ දෙවෙනි තැන ඉන්න එක, අපිට කොහෙ හරි වැරදුනාද බන් කියල මුලු ලෝකයාටම තව ටිකක් හිතන්න වටින දෙයක්.