"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.”
අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ.
"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ"
මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න.
ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත.
ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද?
ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක.
එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ.
මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව.
ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ.
සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්‍රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ.
ඇත්තෙන්ම මේ කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්. පරිභෝජනය අඩුවීම - කෙතරම් කුරිරු ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්.
රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්;
"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?"
කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.
Showing posts with label පරිභෝජනයේ සදාචාරය. Show all posts

Saturday, October 15, 2022
Friday, September 30, 2022
පරිභෝජනයේ සදාචාරය 6 - ගෝලීය දේශගුණ වෙනස්වීම් කතිකාවේ පවතින මිත්‍යා
ගෝලීය දේශගුණ වෙනස්වීම් ගැන ලංකාවේ සයිබර් කතිකාවක් පටන්ගෙන තියෙනව. අවාසනාවකට ඒක මූලික වශයෙන් කතාවට ගන්නෙ ධනවාදි සමාජවාදි ගුරුකුළ බදාගෙන නිසා ඒකෙ අවලාද සහ චෝදනා ඉක්මවන ලොකු දෙයක් නෑ. ගෝලීය දේශගුණ වෙනස්වීම් කියන කතිකාව ඔය දාර්ශනික ගුරුකුල වලට වඩා ඉහළ මට්ටමකට යන දෙයක්. හොලිස්ටික් කතාවක්. ඒක ඕව බදාගෙන ඒවට භක්තියෙන් ප්‍රතිවාදි එකට වෛරයෙන් කතා කළ හැකි එකක් නොවේ.
දේශගුණ වෙනස්වීම් කතිකාව තුල ලෝක මට්ටමින් තියෙන මිත්‍යා කීපයක් කතාවට ගන්න වටිනව.
1. ගෝලීය දේශගුණ වෙනස්වීම් ඇති වන්නේ ධනවාදය නිසාවෙනි, ධනවාදයේ සමාගම් වල ලෝභය/ලාභය නිසාවෙනි කියන මතය. මේක වැරදි මතයක්. දේශගුණ වෙනස්වීම් වලට මූලික හේතු දෙකක් තියෙනව. එකක් තමා ලෝක ජනගහනයේ පහුගිය වසර සීයෙ විතර සිදු වූ අසාමාන්‍ය ප්‍රසාරණය. 1900 ලෝක ජනගහනය වගෙ පස් ගුණයකට වඩා දැන් ඉන්නව. අනික තමා පහු ගිය අඩ සියවසේ පමණ ඒ වැඩිවන ලොකු ජනගහනයන් ඊට කලින් පලවෙනි ලෝකෙට සීමා වෙච්ච උසස් ජීවන තත්වයන් උදා කරගන්න සමත්වීම. ඉතින් මෙන්න මේ ලොකු ජනගහනයක හැමෝම යහපත් ජීවිත ගෙවන එක නඩත්තු කරගන්න මිහිතලයට බෑ.
2. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල ගෝලිය දේශගුණ වෙනස්වීම් වලට පිළීතුරු තිබේ කියන මතය. තව වැරදි මතයක්. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල කිසිම ප්‍රශ්නයකට එහෙම පිළිතුරු නෑ. එය හුදෙක් ආර්තික මෙහෙයුම් ක්රමවේදයක්
3. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් හෙවත් ග්‍රීන් ග්‍රෝත් කියන සන්කල්පය. ඒ කියන්නෙ කිසියම් ක්‍රමවේදයන් අනුගමනය කලොත් ආර්තික වර්ධනය එලෙසින්ම පව්ත්වා ගනිමින් කාබන් විමෝචනය ගෝලිය දේශගුන වෙනස්විම් ඇති නොවන ගානට පාලනය කල හැකි කියන එක. මේක තව මිත්‍යාවක්. නියත වශයෙන්ම ආර්තික වර්ධනය ඍණ කරන්න වෙනව උශ්ණත්ව ඉහළ යාම පාලනය කරන්න නම්
5. ලෝකෙ ඉන්න ඉහළම ධනපතින් කීප දෙනාට දේශගුණ වෙනස්වීම් සම්බන්ධ දැනුමක්, සැලසුමක්, පිලිතුරක් හෝ එවන්නක් කිරීමට දැඩි උනන්දුවක් තිබේ කියන මතය. එහෙම නෑ. ඔවුන්ට කිසියම් දෙයක් කරනන් ඔනෙ කමක් තියෙනව ඒත් ඒ වෙනුවෙන් තම ව්‍යාපාර පාඩු ලබන තැනට ගෙනේවි කියා මන් හිතන්නෙ නෑ
6. නිශ්පාදනය මත පදනම් වන පරිභෝජනය අමතක කරන කාබන් පියසටහන්. මේක තමා මන් හිතන්නෙ තියෙන ලොකුම අවුල. කිසියම් රටක කාබන් පියසටහන සකසන කොට ඒ රටේ කෙරෙන නිශ්පාදන කටයුතුවල කාබන් විමෝචන මත ඒක සකසන එක වැරදියි. මොකද ධනවත් රටවල් නිශ්පාදන කටයුතු වෙන කාඅහරි තනිකරම අවුට්සෝස් කළ හැකි නිසා. ඇත්තෙන්ම වෙන්නෙ ඒකයි. පළමු ලෝකය නෙට් සීරෝ ඉලක්ක සකස් කරද්දි ඉබේම ඔවුන්ගෙ සමාගම් නිශ්පාදන චීනය වගෙ රටකින් කරගන්නව. එතකොට චීනෙ පියසටහන හොදටම වැඩි වෙනව. ඒත් එහෙම වෙන්නෙ අර ධනවත් රටවල් ම වෙළදපොලක් වෙලා ඉල්ලුම හරහා නිශ්පාදනය් මෙහෙයවන නිසා. පියසටහන් හදන්න ඕනෙ පරිභෝජනයට
7. ප්‍රතිචක්‍රීකරණය. මෙය සාර්තකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නොවේ. දැනට අපි රිසයිකල් කියල එකතු කර යවන දේවල් නැවත නිශ්පාදන ක්‍රියාවලියේ අමුද්‍ර්ව්‍ය බවට හරවන්න ලේසි ක්‍රමවේද නෑ. ඒ වගේම පළමු ලෝකෙ රටවල ඊට අවශ්‍ය ශ්‍රම සම්පත නෑ. ඉතින් එයාල කරන්නෙ සල්ලි දීල දුප්පත් රටවලට ඒ රිසයිකල් ද්‍රව්‍ය යවන එක. දුප්පත් රටවල් සල්ලි ටික ගන්න ඒ කුනු ලෝඩ් එක ගත්තට ඒකෙ ද්‍රව්‍ය රිසයිකල් කරන්න එතරම් උනන්දු නෑ. ඔවුන් ඒව බොහො වෙලාවට ඩම්ප් කරනව. එතනදි අර පලවෙනි ලෝකෙ රටේ ස්ටැන්ඩර්ඩ් එක්ක කරන ඩම්ප් කිරීමවත් වෙන්නෙ නෑ. නිකම්ම ගන්ගා ඇලදොල මුහුද වගෙ තැන්වලට දාන්නෙ.
8. මිනිස්සුන්ගෙ ජීවිත වලට ඉපයීම් වලට ලොකු වේදනාවක් නොවී ගෝලිය දේශගුණ වෙනස්වීම් වල අර්බුද විසදන්න පුලුවන් කියන මතය. මේකත් වැරදියි. ඇත්තෙන්ම මෙතන දෙපැත්ත කැපෙන කඩුවක් තියෙන්නෙ. ගෝලිය දේශගුන වෙනස්වීම් වල අර්බුද නවතන්න තරමෙ තදබල වෙනසක් ගෙනාවොත් ආර්තිකයන් කඩා වැටිල මිනිසුන්ට විශාල අර්බුද වලට මුහුන දෙන්න වෙනවා. ඒත් එහෙම නොකලොත් දේශගුන වෙනස්වීම් හා සාගර ජල මට්ටම ඉහල යාම නිසා මිනිසුන්ට විශාල අර්බුදවලට මුහුන දෙන්න වෙනවා. ඔය දෙක අතර ට්‍රේඩෝෆ් එකක් තමා කරන්න වෙන්නෙ. කොහෙන් බැලුවත් පරාදයි.
9. ඔය අන්ක අටේ සිදුවිම වෙන්නෙ ධනවාදය හා අධිපරිභෝජනය නිසා කියල මිත්‍යාවක් තියෙනව. අන්ක එකේ කිව්ව වගෙ මේ ඉන්න ජනගහනයට යන්තම් හෝ හොද ජීවන තත්වෙක ඉන්න අවශ්‍ය නිශ්පාදනය ධ්නවාදෙන් කලත් වෙන මොන වාදෙන් කලත් මේ පරිසර අර්බුද හටගන්නව.
10. ගෝලිය ආර්තික අර්බුදය වෙන්නෙ සමාගම් ලාබ ගන්න හිතන් මිනිසුන් ගොනාට අන්දල සපයන කොහෙත්ම අවශ්‍ය නැති නිශ්පාදන නිසා කියන මතය. මේකට සමගාමිව මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා කියන්නෙ ආහාර ඇදුම් වගෙ කීපයක් කියල මතේකුත් තියෙනව. ඒ දෙකම වැරදියි. මිනිස් ශිස්ටාචාරය ලබාගත් දියුනුව තුල තියෙන බොහෝ දේවල් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් බවට පත්වෙලා, නොවේනම් ඔවුන්ට ආයෙ යන්න වෙනව මිට වඩා බෙහෙවින් පහත් මට්ටම්ක ජීවන තත්වයක් ගෙව්ව කාලෙට. අනික ඔය කියන ආහාර ඇදුම් වගෙ මූලිකයි කියන අවශ්‍යතා තමා අධිකම කාබන් විමෝචන වලට හේතුව. ආයිත් කියන්න තියෙන්නෙ මේ ඉන්න ජනගහනය පව්ත්වා ගන්න බෑ මිහිතලෙ රත්නොකර.
11. විද්‍යාවට මේ ප්‍රශ්නෙට උත්තර තියෙනව කියන මතය. නෑ විද්‍යාවට උත්තරයක් නෑ. ඔවුන්ට තියෙන එකම උත්තරේ ආර්තිකයන් කාබාසිනියා කරල මිනිස් ජීවිත වලට සුවිසල් අර්බුදයක් දාල කරන විමෝචන නතර කිරීමක්. ඒක කරන්න බැරි නිසා තම තමන් රවටා ගන්න එක තමා ඔය ක්‍යෝටෝ පැරිස් ග්ලාස්ගෝ සමුලු වල කරන්නෙ. විද්‍යා-වාදින් ඉන්නව හරි එහෙනම් අපි මිනිසුන්ට ඉන්න පුලුවන් වෙන ග්‍රහලෝකෙකට යනව වගෙ බොලද කතා කියන. නෙවිනම් අගහරු ටෙරාෆෝම් කරනව වගෙ කතා. මේව ඉතින් හොලිවුඩ් වලින් සයන්ස් ඩිග්‍රි ගන්න අයට හොද සුරන්ගනා කතා
12. සාගර ජල මට්ටම 2100 වෙද්දි ඉහල යයි කියන්නෙ අඩි කීපයක්. ඒකෙන් ලොකු ප්‍රදේශයක් යටවෙන්නෙ නෑ. ඒ නිස ලොකු ප්‍රශ්නයක් නෑ කියන මතය. මෙය අනවබෝධයෙන් කරන ප්‍රකාශයක්. මේ අය සලක්න්නෙ නෑ සාගර මට්ටම් ඉහල යාමත් එකක් වෙන ගොඩබිම් ඛාදනය ගැන. ඒ වගේම සමහර ක්‍රියාකාරකම් කීපයක් ටිපින් පොයින්ට් එක පැන්නොත් ඊට පස්සෙ මිනිසුන්ට පාලනයක් නෑ ගෝලිය ව්‍යසනය මහා පරිමානෙන් වෙන්න ගන්නව. උදාහරන කිපයක් දුන්නොත්, තව සෙල්සියස් දශම ගානක් වැඩි වුනොත් ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව ඉවර වෙනකම් දියවෙන එක නවතන්න බැහැ. ෆ්ලොරිඩාව පමන ලොකු කිමි ගානක් ගනකම ඇන්ටාක්ටික් ත්වේට්ස් ග්ලේසියරය මූදට ලිස්සා යාම නවතන් ඉන්න අයිස් තට්ටුව තව සෙල්සියස් දශම ගානකින් දියවෙන්න පුලුවන්. ඊට පස්සෙ ඒක එක පිටිම්ම ලිස්සා යන්න ඉඩ තියෙනව. සාගරික හයිඩ්‍රේට දියවෙන්න ගත්තොත් ඒකෙන් මිනිසාට හිතාගන්න බැරිතරම් කාබන් නිකුත් කරන්න පුලුවන්. පර්මෆ්‍රොස්ට් භුමින් වල අයිස් දියවුනොත් ඒකෙනුත් එවැනිම ලොකු කාබන් කිකුතු වෙන්න පුලුවන්. මේව වෙන්න තව සෙල්සියස් දශම ගානක් ගියාම ප්‍රමානවත්. වෙන්න පටන් ගත්තාම් ඒව නවතන්න බෑ ඒව නිසා ගොලිය දේශගුනේ වෙනස්වෙන එකත් නවතන්න බෑ.
13. ධනවත් රටවල් පලමු ලෝකෙ රටවල් කාබන් පුලුස්සා පරිභෝජන කරන රටවල් මේ ගෝලිය අර්බුදේ අනාතයින් බාරගනී කියන මතය. නෑ ඒ වෙද්දි ඒ රටවලත් ලොකු ආර්තික සහ සමාජිය අර්බුද ඇවිත් තියෙන්නෙ. ඔවුන් ට වෙන අය බලන්න බැරිවෙයි.
තව මතක් වුණොත් එකතුකරන්නම්. මේ ප්‍රශ්න වල බරපතල කම හුදෙක් ආර්තික න්‍යායක වරදක් වගෙ සරල දේකට එහා යනව. මේවාට උත්තර හුදෙක් අධිපරිබෝජන නවතා හෝ සුවදායි ජීවිතේ පුන්චි පුරුදු කීපය වෙනස් කර ලබා ගන්න බෑ. කාටවත් මේකට උත්තරයක් නෑ.

Saturday, February 5, 2022
පරිභෝජනයේ සදාචාරය 5 - සංවර්ධනයේ දෙපැත්ත
ලොකු හාහෝවක් යනව "ලන්කාව ලෝකයෙ සන්වර්ධිත රටවල් අතර දෙවැනි තැන" කියල. කෙනෙක් ඒකට මෙන්න මේ ලින්ක් එක දාල තිබ්බ. ඒ ලින්ක් එක බැලුවම කතාවත් ඇත්ත. ලන්කාව දෙක කොස්ටාරිකා එක. ඔය යුරෝපා රටවල් ඔස්ට්‍රෙලියා කැනඩා ඇමෑරිකාස් ජපානෙ සින්ගා එහෙම එකසිය පනහක් විතර පහල. ඉතින් ඒක බලන උන් කියනව ලිස්ට් එක උඩ යටමාරු කරලද කියල.
හැබැයි මේ ලිස්ට් එක නම් කර තියෙන්නෙ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ඉන්ඩෙක්ස් කියල. එතන මිස් වෙන්නෙ "තිරසාර" කියන වචනෙ. දැන් ඔය ලිස්ට් එක හදාපු කෙනා තිරසාර සන්වර්දනය කියන්නෙ, ඒක පුද්ගල පරිසර භක්ශණය අඩුවෙන්ම කරල සමාජ ජීවන තත්වය හා ආදායම තත්වෙක තියාගන්න එකට. ආර්තිකය වර්ධනය කරමින් පරිසරේ රකින එකට - ග්‍රීන් ග්‍රෝත්. ඔන්නොය ඇල්ගො එකට දැම්ම පරිසරේට නිය පිටකින් නොරිද්දන (ඔව් ඒක ඇත්ත අනිත් රටවල් එක්ක සන්සන්දනේ කලාම) මොකද්දො හේතුවකට සාපෙක්ශව තරමක් ලොකු ඒක පුද්ගල ආදායමක් හිමි ජීවන තත්වයන් තමන්ගෙ මට්ටමේ අනික් රටවලට වඩා හොද ලන්කාව සුරුස් ගාල ලිස්ටෙකේ උඩට එනවා. කොස්ටාරිකා, සිලි ලන්කා, ජෝජියා පැනමා කියුබා තමා උඩම ඉන්නෙ.
දැන් ඔය ලිස්ටෙකේ අයිරනියත් ඒකමයි. කිසියම් හෝ ආකාරයකින් ඉහල ඒක පුද්ගල ආදායමක් හා යහපත් ජීවන තත්ව උදාකරගත්තට මේ කිව්ව රටවල් ඉන්නෙ ආර්තික සන්වර්ධනයෙන් වල පල්ලෙ. රෙපුගූනැ රටවල්. දැඩි ආර්තික අවිනිශ්චිතභාවයන්ට මුහුන දෙමින්. ඒව රටවැසියට දැනෙන ගානට ඇවිත්. එක්කො සමාජවාදි ලොකු අයියෙක් නෙවිනම් ණය දෙන ආයතන විසින් මුන්ට දුන්නු ණය වලින් තමා ඔය ගානට එන්නෙ. ඇත්තෙන්ම ආර්තික සන්වර්ධනය කරගන්න තියෙන බැරිකම මිස අර භූතානෙ වගේ සිය කැමැත්තෙන් හිතල ඔතෙන්ට ආපු උනුත් නෙවි තනි කනා පල්ලමේ ආපු උන්. සන්වර්ධනය කරගන්න බැරිකම නිසා ඕකෙ උඩටම ආපු උන්.
ඉතින් මේ තිරසාර සන්වර්ධන ලිස්ට් එක හදාපු කෙනා ඒක අරගෙන ලෝකෙ සන්වර්දිත ලිස්ට් එක එක්ක තියල ඒකෙ අරුම පුදුම උඩ යට මාරුවිම බලනව නම් සන්වර්ධනය කියල එයා කියන්නෙ සෙසු ලොකෙ කියන එක නොවේ කියල තේරෙන්න ඕනෙ. සපුරා වෙනස් දෙකකට එකම නම දැම්මම වෙන්නෙ ඒකෙන් කොන්ෆියුස් උන්ග බුන්ගා වෙන ලෝක ප්‍රජාව සාමාන්‍ය සන්වර්ධනය ඉල්ලමින්ම ඒක තිරසාරව සිදුවේයයි බලාගෙන ඉන්නව.
ඒ නිසාම ඒක බලන කවුරුත් තේරුම් ගන්න ඕනෙ මිනිස් වර්ගයා සන්වර්දනය කියන්නෙ පරිසරේට අම්මට සිරි වෙන්න කෙලවන එකටය ඔය ක්‍යෝතෝ පැරිස් ග්ලාස්ගෝ සමිට් ලෝකනාත බුලක් ය. ලෝක පරිසර විනාශය නවත්වන්නනම් ඇති හැකි රටවල් ආර්තික අවපාතයක් සිය කැමැත්තෙන් දාගන්නම ඕනෙය කියල. ඒ කිව්වෙ පලවෙනි ලෝකෙ ජීවත් වෙන ආතල් ජීවිතේ ගෙවන්නයි මිහිතලේ රත්වෙන එක නවතන්නයි පෙන්ගුවින්ගෙ පස්ස අතගාන්නයි පෝලබෙයාට හග් දෙන්නයි එකපාර බැරි බව. ග්‍රීන් ග්‍රෝත් කියන්නෙ අමු මිත්‍යාවක්.
මන් හිතන්නෙ මේ සියල්ල එකපාර කල හැකියි කියල හිතන සමස්ත ලෝක වාසියා තමා අපිට ඉන්න ලොකුම ප්‍රහසනය. ග්‍රේට තූන්බර්ග් අච්චර කෑ ගැහුවෙ ඒකයි. මුන්ට යකෝ පිස්සුනෙ මුන් මේ ආතල් ජීවිතේ මෙහෙම ගෙවන ගමන් කියනව ලොක උශ්ණත්වය ඉහල යාම නවත්තපල්ල කියල. හරියට ඒක අගහරු ලෝකෙන් ඇවිත් කරල දෙන්න ඔනෙ වගෙ. සමාජෙට අලුතෙන් බැස්ස යමක් වැටහෙන් පොඩි එකෙක්ට කෑගැස්සෙන්න ඕනෙ තමා ඒක දැකල.
දැන් බොහො දෙනෙක් මාව දන්නෙ ලන්කාවෙ සන්වර්ධනය වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක් ලෙස නිසාත් කෝල් පවර් ස්ටේශන් ගහල පවර් ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න කියන කෙනෙක් ලෙස නිසාත් මේකෙ පරස්පරයක් තියේද කියල හිතෙන්න පුලුවන්. නෑ එහෙම නෑ. රෙපුගූනැ රටවල් කියල රටවල් ලිස්ට් එකක් ඉන්නව. අහම්බෙන් කැරකිලා තිරසාර සන්වර්දනේ උඩටම උන් එන්නෙ තිරසාර "සන්වර්දනය" කියන්නෙ පවතින්නක්නොවෙන නිසා. එහෙම රටවල් තමන්ගෙ අතිශයින් කුඩා පරිසර ෆුට්ප්‍රින්ට් එක තවත් හීනි කරමින් කුස පිටපොත්තට අලවාගෙන නහින්න ඔනෙ නෑ. ඒ රටවල් තව ටිකක් පරිසරේ කන්සියුම් කලාට කමක් නෑ. ඒ රටවල් තමන්ට දෙපයින් හිටගන්න ගානකටවත් එනකම් හිතන්න ඕනෙ මේ කියන තිරසාර "සන්වර්දනේ" ගැන නෙවි සන්වර්දනය කියල පොදුවෙ කියන කීයක් හරි උපයාගෙන ආර්තිකේ සවිමත් කරගන්න එකට. මෙතන වගකීම තියෙන්නෙ ඔය තිරසාර ලිස්ට් එකේ යට ඉන්න උන්ට. උන් තමා පරිසරේ කන යක්කු. උන් දැනටමත් සන්වර්ධිතයි. ඉන්නෙ සැපේ. උන්ගෙ සන්වර්දනේ වෙනුවෙන් තමා ලෝකෙ කාල තියෙන්නෙ. උනුයි කැපකිරීම කල යුතු.
පරිසරේ රකින ගමන් ලෝකෙ සන්වර්ධිත රටවල් ජීඩීපී ග්‍රෝත් එකක් තියාගන්න ආකාරය අධිපරිභෝජන ආතල් ලෙසටම තෲප්ත කරන ආකාරය ගැන කතාකිරිමත් විහිලුවක්. මේ රටවල් තමන්ගෙ ආර්තිකය පැලසුම් කල අවපාතයකට යවාගන්න ඕනෙ. පරිභෝජනයට සදාචාර සීමා දාගන්න ඔනෙ. නිකම් අවුරුද්දකට පාරක් සුපින්සමුලුවක් තිබ්බට වැඩේ වෙන්නෙ නෑ. තම අධිපරිභෝජනේට අවශ්‍ය දුම් ගහන වැඩ ටික චීනට අවුට්සෝස් කරලත් හරියන්නෙ නෑ.
ඒ නිසා මේ කතාවෙ ලොකුම අයිරනිය නම් සන්වර්ධනය කියන වචනෙ කොන්ෆියුස් වෙන භාවිතාවත්, සන්වර්ධිත රටවලට සැප ජීවිත ගෙවමින් පිස්සො වගේ පරිභෝජනය කරමින් ඒ ගමන් පරිසරේකුත් රකින්න පුලුවන් කියල හිතන කට්ටියත් තමා. ලන්කාව ඔය"සන්වර්ධිත රටවල්" ලිස්ට් එකේ දෙවෙනි තැන ඉන්න එක, අපිට කොහෙ හරි වැරදුනාද බන් කියල මුලු ලෝකයාටම තව ටිකක් හිතන්න වටින දෙයක්.

Saturday, November 30, 2019
පරිභෝජනයේ සදාචාරය 4 - අද කළු සිකුරාදා. මෙන්න විශේශ වට්ටමක්.
බොහෝ පාරිභෝගික භාණ්ඩ අඩු මිළට සැපයෙන සේල් දවසක් වන කලු සිකුරාදා ඊයෙ දවසයි. මේ ඒ සමග ශෙයා වෙන මීම් එකක්.
බොහෝ මෙවනි සේල් පවත්වන්නෙ අපට අවශ්‍ය දිනවල නොවේ. මන්ගලෝත්සවය විදෙස් ගමනක් වැනි සුවිශෙශි හේතුවකට ලොකු ප්‍රමාණයක් මිලට ගන්න සැලසුම් කරනවා නොවේනම් මෙ දවස එනකම් ඔබට මතකයක් වත් නැත. ඒ දවස එනකම් ඔබ ඔබේ අවශ්‍යතා සපුරා නොගෙන ඉන්නේ ද නැත.
එනයින් මෙවැනි සේල් වලින් ඔබ බොහෝවිට ගන්නෙ ඔබට අනවශ්‍ය දේවල් ගොඩකි. අවශ්‍යතා නොව අනවශ්‍යතා ය. ඒ ඔබේ අධිපරිභෝජනයයි.
එමගින් ඔබේ සාක්කුවේ ඇති මුදල් අහවර වේ. ඒක මට අදාල නොවේ.
ඒත් එමගින් මානවයා සතු සීමිත සම්පතක් භාවිතා කරමින් මානවයාගෙ හෙට දවසට හානිකර වන කාබන් දහනය ඇතුලු බොහෝ පරිසර අර්බුද වලට ඉඩ සලසමින් නිපදවන ලද දෙයක් එතරම් අත්‍යාවශ්‍ය නොවන තත්වයෙන් ඔබ අත්පත් කරගනියි. හෙට එහි අඩුව පුරවන්නට එය නිපදවු කෙනා අලුතෙන් එකක් නිපදවන් අතර පෙරකී පාරිසරික භාරය එයින් වැඩිවේ.
මෙන්න මේ කොටසට ඔබ ගෙවන්නේ නැත, ගෙවා මේ කපේ ඉවර කරන්නත් බැරිය.
ඔබට කලු සිකුරාදා හෝ වෙනත් දිනයක භාන්ඩ මිලට ගන්නා ආතල් එකෙන් ඉවත් වන්න කියා මම කියන්නේ නැත. එහෙත් යමක් ගන්නට ඔබේ පොකට්ටුව අදින විට එහි පාරිසරික භාරය ගැනත් සැලකිලිමත් වන්නේ නම් බොහො විට අධිපරිභෝජනය නවතිනු ඇත.
ඒ පරිභෝජනයේ සදාචාරයයි.
අවාසනාවකට ටික දිනකට කලින් ග්‍රේටා තුන්බර්ග් ගේ කතන්දර පෝස්ට්ස් මීම්ස් ශෙයා කළ වුන් අද කළු සිකුරාද ශොපින් කලෙක්ශන් ශෙයා කරති. උන්ම තව ටික දවසකින් පෙර කී මීමය ද ශෙයා කරති. නැවත ග්‍රේට තුන්බර්ග් කතා කළ දවසක ලෝක නායකයන්ට පෙනෙන්නට ඇගෙ කතන්දර ශෙයා කරති.
ප.ලි. මේකට ආපු ප්‍රතිචාරයක්. එහි වැදගත්කම නිසා එකතු කරනවා.
අද කළු සිකුරාදා. මෙන්න විශේශ වට්ටමක්.
100% ක ම වට්ටමක්.
අද කිසිම වෙළද සැලකට ගොඩ නොවැදි නිවසේ සිටින්න.
ඔබ 100% ක්ම ඉතුරු කරනු ඇත.

ප්‍රශ්නය: මාස දෙක තුනක්ම බලලා ඉදලා ඊයේ ---------- එකක් ඕඩර් කලා. දැන් උඹ කියන්නේ ගන්නෙපා කියලද?
පිළිතුර: අවශ්‍යතා නෙ බන් ගනින්. සේල් නිසා අනවශ්‍යතා ගන්න එපා. එච්චරයි

Sunday, September 29, 2019
පරිභෝජනයේ සදාචාරය 3 - ෆේස්බුක් එකෙන් පරිසරය සුරකින්නෝ
උද්වේගකර ප්‍රකාශ කරන පාසල් දැරියක් වන ග්‍රේටා තුන්බර්ග් [ටක්කෙට කිව්වොත් ග්‍රෙයෙටා තුන්බයෙග්] ලෝක මට්ටමින් විශාල රැල්ලක් වෙලා. ග්‍රේටා මෙතෙක් ආ ගමන ගැන මට යම් විවේචන තිබ්බත්, දැන් ඇය පරිසරය වෙනුවෙන් කාබන් නිකුතුව බින්දුව කරන්න දරණ වෑයම වෙනුවෙන් ජීවිතෙම කැප කරල තියෙන්නෙ. මාර ලොකු චරිතවලට බැරි වූ මට්ටමින් ලෝක ජනගහනය තමා පස්සෙ එක්කන් යන්න ඇය සමත්. ඉතින් අතීතය පසෙක තියල ඇගේ අනාගත කාරයභාරය තමා අපි දැන් කතාවට ගන්න ඕනෙ.
ඒ සමග ග්‍රේටා ගේ වීඩියෝ හැම තැනම ශෙයා වෙනව. ලොව පුරා විවිධ පාරිසරික කතා යනව. එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු ෆේස්බුක් එකෙ ග්‍රේට ගේ කතාවක් දාල හරි අපි පරිසරේ වෙනුවෙන් කලා කියල නිකම් ඉන්නව සතුටු වෙනවා. දැන් අදාල පුද්ගලයින් පරිසරේ රකියි. ප්‍රශ්නය කවුද මේ අදාල පුද්ගලයින්.
ඒ කතා ඉලක්ක වෙන්නෙ "ලෝක නායකයින්ට". ඒ කිව්වෙ ලිහිල්ව රට රටවල නායක දේශපාලකයන්, සහ සමාගම් වල ව්‍යාපාරිකයන්. ඒ අනුව අප ශෙයා කල ඒ කතන්දර දේශපාලක ව්‍යාපරික ප්‍රජාවල නෙත ගැටිල උන් පරිසරය අප වෙනුවෙන් සුරකීවි.
ඇත්තටම මේ පාර්ශ්ව වැදගත් මොකද පරිසරය සම්බන්දයෙන් නෛතිකව ප්‍රතිපත්ති ලෙස සහ තාක්ශ්නික නිර්මාණ ලෙස වැදගත් වැඩ කොටසක් වෙන්න ඕනෙ. ඒ නිසා ඒ පාර්ශ්ව අතේ ලොකු කාර්‍යයක් තියෙනවා. හැබැයි ඒකද ප්‍රධානම දේ. දැන් අපි කාබන් නිකුතුව අඩු කරල දෙන්න කිව්වම ආන්ඩු සහ සමාගම් අඩු කර දෙයිද?
ඉස්සරින්ම මේ කාබන් නිකුතුව වැඩි වෙලා තියෙන්නෙ ඇයි? අපි හුස්ම ගන්න නිසාද? නැහැ කවදාවත් එහෙම කියනව ඇහිලම නැහැ. මොකද්ද මේකට හේතුව? කාර්මික විප්ලවය ධනවාදය වගෙ බර වචන වලින් කිව්වට ඇත්තටම හේතුව මොකද්ද?
පරිභෝජනය.
කාබන් දහනය කර නිපදවෙන භාණ්ඩ සහ සේවා පරිභෝජනය.
ඒ මොනවද? අපි භාවිතා කරන ඔක්කොම වගේ. ආහාර ඇදුම් බෙහෙත් වාහන නිවාස ක්‍රීඩා භාන්ඩ ... බේසිකලි අපි දන්න සියල්ල. මේ නිශ්පාදන ක්‍රියාවලිය තුල කාබන් දහනයෙන් ශක්තිය නිපදවීම සහ කාබන් අධික හරිතාගාර වායුන් මුදා හැරීම ට අමතරව පොලොවේ ඇතැම් ද්‍රව්‍ය ඉවර වීම පතල් හෝ වෙනත් අමුද්‍රව්‍ය නිපදවන ක්‍රියා වෙනුවෙන් ඉඩකඩ වැයවීම ඒවායෙ පරිසර අර්බුද වගේ කාබන් නොවන වෙනත් අර්බුද ත් රාශියක් හැදිල
හැබැයි මේ භාණ්ඩ සහ සේවා ලෙස අප පරිහරණය කරන දේවල් වලින් වැඩි තරමක් අපට අවශ්‍ය ම නැහැ. අඩුම ගානෙ අත්‍යාවශ්‍ය නැහැ. බොහෝ ඒවා අපි නියමිත කාලය ගෙවිල කැඩෙන්න කලින්ම ඩම්ප් කරනව අලුත් දෙයක් ගන්න. ඒ වගේම අපි අපට අනවශ්‍ය දේවල් ගන්නව. මේ මුලු ක්‍රියාවලිය තුලම අපි අපිට ගන්න ඕනෙ භාණ්ඩ හා සේවා ඉක්මවා විශාල ලෙස වැඩියෙන් ගන්නව. පරිභෝජනය අධි පරිභෝජනයක් වෙන්නෙ මෙතන.
අර කලින් ග්‍රේටා පනිවුඩ යැව්ව ඔබ ශෙයා කරමින් ඉලක්ක කල ලෝක නායකයින් මේ භාණ්ඩ සහ සේව බලෙන් අපේ ඇගේ ගහන්නෙ නැහැ, ඒත් උන් ප්‍රචාරනය හරහා ගන්න පෙලබීමක් කරනවා. ඒ මොකා මොක කලත් ගන්නෙ ඔබ. ඔබ ඒ තීන්දුව ගන්නෙ ඔබේ උවමනාවට. ග්‍රේටා ගේ කතා ෆේස්බුක් එකෙ දැම්ම කියල ඔබ නොගෙන ඉන්නවද නැහැනෙ.
දැන් ඔබ මේව මිලට ගන්නකම් වෙලදපොලේ ඊට ඉල්ලුමක් තියෙනවා. එතකොට ඔබෙ ෆේස්බුක් පනිවුඩ දැකල ඒ භාණ්ඩ සහ සේවා නිපදවන්නන් පරිසරය ගැන ම හිතල නිශ්පාදන අඩු කලොත් මොකද වෙන්නෙ. හිගයක්. ඉල්ලුමක්. ඒ හිගය දකින මොහොතෙම ට්‍රිගර් වෙන නව ව්‍ය්වසායකයෙක් ඒ භාණ්ඩ හා සේව නිපදවන්න පටන් ගන්නව. ඒක තමා අපි ඉන්න ආර්තික ක්‍රමය. ඒකට වෙනස් එකක් ලෙස මධ්‍යගත බලධිකාරයකින් ඒව නිපදවීම තහනම් කලොත් තමයි අර සෝවියට් චීන වගේ රටවල් වල හැදුනු හිගය සහ පෝලිම් හැදෙන්නෙ [නෝට්: ඒ රටවල් හිග සහ පෝලිම් හැදුනෙ ආන්ඩු පරිසරේ ගැන හිතල නිශ්පාදන තහනම් කර නෙවි විකාර අසාර්තක ක්‍රම නිසා පරිසරේට කෙල වුනාට මිනිසුන්ට ඇති වෙන්න දේවල් නිපදවා ගන්න බැරි වීමෙන් - එක වෙනම කතාවක්]
කෝම හරි ඔබෙ ඒ පනිවුඩය දැනට ඉන්න ව්‍යාපාරිකයන් දැකල ඒ අනුව කටයුතු කලොත් වෙන්නෙ අලුතෙන් තව ව්‍යාපාරිකයෙක් හැදෙන එක. ඒකා බොහෝ විට චීනය ඉන්දියාව වගෙ රටක වෙන්නත් පුලුවන්. කාබන් නිකුතුවේ ලොකු පටලැවිල්ලක් වෙන්නෙ බටහිර මේ සන්වාද කරන පරිභෝජන ලොකයට නිශ්පාදන වෙන්නෙ වෙනම තැනක වීම. පලමු ලෝකය තමන්ගෙ එ කාබන් නිකුතුව අඩු කරන්න නීති දැම්මම ඒ රටවල් නිශ්පාදනය අඩුවෙනවා. ඊට සමගාමිව පරිභෝජනය අඩුවෙන්නෙ නැහැනෙ මොකද ඒකට නීති දාන්න බැහැ. ඒ නිසා වෙන්නෙ ඒ අඩුවෙන කාබන් ඉන්දියාව චීනය වගෙ නිශ්පාදක රටක් ලවා පුච්චල ඒ භාන්ඩ එහෙන් ගෙන්ව ගන්න එක. රටක කාබන් ෆුට් ප්‍රින්ට් එක බලද්දි ඒ රටේ කර්මාන්ත වලින් නෙවි හරිනම් බලන්න ඕනෙ පරිභෝජනයෙන්.
මේ කතාව යන්නෙ කිසිම භාණඩයක් හෝ සේවාවක් භාවිත කරන්න එපා කියන තැනට නෙවි. නො එසේනම් මගේ වාමාන්ශික හෝ කොමිනිස්ට් කියන මිතුරන් කීපයක් කියන ආහාර ඇදුම් බෙහෙත් වගේ ගල් යුගයේ විතර සම්මුතියකින් නම් කළ මූලික අවශ්‍යතා කියල එයාල කියන දේවල් දෙක තුනක් දීල ඔය ටීවී කාර් ෆෝන් කම්පියුටර් වගේ "ලක්සරි" සමාජයෙන් අයින් කරන්න කියන තැනටත් නෙවෙයි. මේ කතන්දර අසාර්තක කතා.
මම කියන්නෙ ඔබෙ පරිභෝජනයේ සදාචාරයක් හදා ගන්න. ඔබ මිලට ගත් යමක් වේ නම් එය පට්ට ගහල ඉවර වෙලා ගන්නම දෙයක් නැති වෙනකම් පාවිච්චි කරන්න. හැම දේටම එහෙම බැරිනම් අඩුම ගානෙ පුලුවන් ටිකටවත් කරන්න. භාන්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරන්න කලින් හිතන්න මෙක මට ඕනෙමද කියල.
ඔබ දුක් විදින්න එපා. ඒත් ඔබ දැනුවත්ව මදක් සිතා කටයූතු කරනවා නම් ප්‍රමාණවත්. ඒ සදහා ඔබට බාධාවක් වෙන එක ප්‍රධාන සිතිවිල්ලක් තමා, ගෙවන්නෙ මම ඒ නිසා මම ගන්නව මට ගෙවිය හැකිනම් කියන එක. ඕක අවුල් චින්තනයක්. ගෙවන මොහොතෙ ඔබ ගෙවන මිලේ එහි පරිසර භාරය නැහැ. ඒ පරිසර භාරය ඊ ගාව පරපුරේ කර මත. ග්‍රේටා කෙල්ල ඇගිල්ල දික් කරල හව් ඩෙයා යු කියල අහන්නෙ ඒ වෙලාවට. මෙහෙම සාවධානව කියන එක අමතක වෙනවනම්, මම එතරම් කැමති නැති ග්‍රේටා ගෙ ඒ වෙදනාත්මක ඉරියව්ව වත් මතක් කර ගන්නකො.
මේකෙන් ක්‍යෝටෝ හෝ පැරිස් වල එකග වෙච්ච ඉලක්ක සපිරෙන්නෙ නැහැ. ඒ වගේම උශ්නත්ව වැඩිවීම අන්ශක දෙකේ නතර වෙන එකකුත් නැහැ. පරිසරේට කෙල වෙන එක වෙයි. ඒත් අඩුම ගානෙ ඒ බලපෑම අඩු වෙයි. හැබයි දැනට කියල ඔය පෙර කී කිසිවක් කවුරුත් කරන්නෙ නැහැනෙ. හැමෝම මේක ෆේස්බුක් එකේ දාල හිතේ කහට හෙවත් ගිල්ට පමණක් මකාගෙන මාර ලෙස පරිසරේට ආදරේ වගේ සන්තෝසෙන් ඉන්නව.
අපි තව අඩියක් යන්. ලෝක නායකයින්ට මේක කරන්න බැහැ. මේක ඔබ අප සියලු දෙන කරන්න ඕනෙ එකක්.
මන් උදාහරන දෙන්නම්.
ඇදුම් විලාසිතා ගැන ලොකුවට නොහිතන මම ඇදුමක් ගත්තොත් ඉරෙනකම්ම අදිනවා. සමහර ඇදුම් අනුව දශකෙ ගත්ත එව්ව තාම තියෙනව. මට සැහෙන්න ඇදුම් තියෙනවා මිනිමලිස්ටික් අයිඩියා එකක් නෙවි. එකම දේ පරිසරේට කෙලවල හදාපු මගේ ඇදුම් එකක්වත් අදින්න පුලුවන් තත්වෙන් බින් එකකට දාන්නෙ හෝ ඔය කොහෙ හරි ඉන්න වෙන හිගන්නෙක් මන් වෙනුවෙන් කරයි කියල චැරිටි බින් එකකට දාන්නෙ නැහැ. මම ඇදලම ඉවර කරනවා. ඒ ඇරෙන්න සෙසු දේවල් ගැනත් මම කන්සවේටිව්. මට තේරෙන්නෙ නැහැ මිනිස්සු අවු දෙක තුනකින් කාර් එක විකුනල ආයෙ අලුත් එකක් ගන්නෙ ඇයි කියල. මම ස්මාට් ෆෝන් එකක් ගත්තෙ 2017 වසරෙ ඒකත් වයිෆ්ගෙ ෆෝන් එක ස්ක්‍රීන් ක්‍රැක් වෙලා විසික් කරන කොට. එතකල් ෆීචර් ෆෝන් ලඩියක් තිබ්බෙ. මට හේතුවක් තේරුන් නැහැ ස්මාට් ෆෝන් එකකට. ගත්තමත් මම දැක්ක එකම හේතුව තමයි පාර හොයාගන්න එක, අනිත් ෆීචර්ස් එකක්වත් මෙලෝ වැඩක් නැහැ. පාර හොයන සීන් එක නිසා අර කැඩුනු ෆෝන් එක අක්‍රිය වෙද්දි සහ 4G එද්දි මම ස්මාට් ෆෝන් එකක් අලුතෙන් ගත්ත.
ඉතින් හිතන්නකො ඇපල් හෝ සැම්සුන් අලුත් ෆෝන් එකක් රිලිස් කරන දවසෙ උදේ පාන්දර මේ බුද්ධිමත් කියන පලවෙනි ලොකෙ නගරෙ කිලෝමීටර් ගනන් දිග පෝලිම් වල මිනිස්සු ඉන්නකොට මට හිතෙන එක. ඒ ෆෝන් එක අරගෙන තිබ්බ යසට වැඩ කරන එක බින් එකට දානවා. ඔය ෆෝන් එකේ ඕක හදන ඛණිජ ගත්ත පතල් වල පරිසර හානි, මිනිස්සුන්ගෙ ශ්‍රම වේදනා, කොන්ගෝ ජනරජයේ කොල්ටැක් වහල් බිම්වල ලේ කදුලු ජීවිත, ඕකට නිදිමරන් පාඩම් කල ඉන්ජිනෙරුවන්ගෙ ගෙවල් වල පිච්චුනු ලයිට් ඔය ඔක්කොම හදන්න නිකුත් කල කාබන්.... ඔය සේරම තියෙනවා. යසට වැඩ කරද්දි ඕක බින් එකට දානව ඒ ඔක්කොම දේවල් එක්ක අලුත් ෆෝන් එකේ ස්ක්‍ර්‍රින් කලර් පොඩ්ඩක් වෙනස් නිසා හෝ වෙනත් කිසියම් "ස්මාට්" ප්‍රගමනයකට.
අන්න ඒ අලුත් ෆොන් එකෙන් ෆේස්බුක් ගිහිල්ල ග්‍රේටා තුන්බර්ග් ගෙ පරිසර පනිවුඩ ශෙයා කරනවා.

Tuesday, December 26, 2017
පරිභෝජනයේ සදාචාරය 2 - මිනිස් ශිෂ්ටාචාරයේ අර්බුදය සහ අභියෝගය
අපි යමු දහනවවන සියවසට. නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර ප්‍රධාන ගංගාව අවට කාර්මිකරණය වෙලා. තරමක කාර්මික කලාපයක් බිහි වෙන්න පටන්ගෙන. මේ සමගම ග්‍රාමීය පෙදෙස් වලින් ගැමි ජනයා කම්කරු රැකියා අපේක්ෂාවෙන් ඔස්ලෝ නගරය කරා ඇවිත් මේ කම්හල් අවට පදිංචි වෙමින්. මේ වෙනකොට ඔස්ලෝ නගරය සපුරා දවා හළු වුන මහා ගින්නෙන් සියවස් දෙකක් පමණ ගෙවිලා. මේ ගින්න සමග සාම්ප්‍රදායික අඩු වියදම් ලී ගෙවල් භාවිතය තහනම් නීති ගෙනාවට මේ ගැමි කම්කරු ප්‍රජාව තවම ඉන්නේ ලී ගෙවල් වල. මේ කම්හල් වල දුම්රොටු සුළං මගින් පැතිරෙන්නේ නැගෙනහිරට.
මෙන්න මේ හේතු නිසා නගරයේ සාම්ප්‍රදායික ධනවත් ඉහළ පාන්තික ප්‍රජාව නගරයේ බටහිර දිහාවට ඒකරාශී වෙන්න පටන් ගන්නවා, බටහිර ඔස්ලෝ හි සම්මත නීති අනුව තැනෙන බදාම සහිත [ලී නොවන] නිවාස මිලෙන් වැඩියි. ඒ වෙද්දී මධ්යාම් පාන්තික සමාජය් ආසා එහෙම තැනක ඉන්න.
හැබැයි එන්න එන්නම කම්හල් අවට ප්‍රජාව වැඩි වෙනවා. දැන් මේ ජනයා ගඟේ බටහිර ඉවුරේ සිට කෙමෙන් අර බටහිර ධනවත් ප්‍රජාව දිහාට පැතිරෙමින් ඉන්නේ. මේක ඒ ධනවත් ප්‍රජාවට හිසරදයක්. මේ නිසා ඒ බටහිර ධනවත් ප්‍රජාව තම තමන් සල්ලි එකතු කරලා ඒ ගැමි කම්කරු ප්‍රජාව එන දිහාවේ ඉඩම් විශාල ප්‍රමාණයක් සල්ලි වලට අරගෙන එතන උද්‍යානයක් හදනවා. මේ උද්‍යානය විසින් ඒ දිළිඳු මිනිසුන් ධනවතුන් එක්ක මිශ්‍ර වීම වළකනවා.
දැන් අපි ආපහු එමු මහජන චීනයට. වසර 1977. වසර දොළහකට පසු විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නයි යන්නේ. සම්ප්‍රදායික ජීවන රටාවේ තිබ්බ එවකට දියුණු ජපනුන් අතේ විවිධ කරදර වින්ද ප්‍රාථමික චීනය මාවෝ සේතුං විසින් කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය කරන්න අරගෙන දශක තුනකට ආසන්නයි. මාවෝ යටතේ විවිධ අසාර්ථක සැලසුම් රාශියක් එක්ක ඇතිවන සාගත, සමාජ ප්‍රශ්න, මහා පරිමාන ජන ඝාතන වලින් සමාජය හෙම්බත් වෙලා. ඉනික්බිති කොමියුනිස්ට් පක්ෂයෙන් පාලනය තනිකර තමන් අතට අරගෙන උගතුන් ඝාතනය කර සිසුන් පාසල් වලින් අරගෙන මිලිශියාවක් සහ ශ්‍රම බලකායක් ලෙස යොදා ගනිමින් සංස්කෘතික විප්ලවය නමින් මාවෝ චීනයේ ඉන්ටලේක්චුවල් කොඳු නාරටිය කඩනවා. ඒ වහපු විශ්ව විද්‍යාල ඔහුගේ මරණින් පස්සේ ඩෙන් ක්ශාවෝ පින් විසින් නැවත අරඹන්න තමා මේ විභාගේ කෝල් කලේ.
1940 දශකයේ බෙන්ගාලයට යමු, දෙවෙනි ලෝක යුද්දය වෙනුවෙන් චර්චිල් සහල් ස්ටොක් කරනවා, මේ සහල් සැපයෙන්නේ ඉන්දියාවේ පෙදෙස් වලින් මේවා යෙදෙන්නේ නැගෙනහිර යුරෝපේ ජනයා හාමතින් මුදා ගන්න සහ අතිරික්ත ලෙස ඉන්දීය සාගරයේ නැව්වල රැස් කරන්න. හැබැයි මේ වෙද්දී බෙංගාලයේ විශාල පිරිසකට ආහාර ලෙස සපයා ගන්න සහල් නෑ. බුරුමය දෙසින් සහල් සපයාගන්න පුළුවන් වෙයි කියල හිතුවත් දුම්රිය මාර්ග ප්‍රහාර වලින් බිඳ වැටිලා නිසාත් ජපනුන් බුරුමයේ පෙදෙස් ආක්‍රමණය කරන නිසාත් ඒ උත්සාහය සාර්ථක වන්නේ නෑ. දිල්ලි බ්‍රිතාන්‍ය පාලකයා මේ ගැන චර්චිල් ට දන්වා සිටියත් උත්තර ලෙස ලැබෙන්නේ අවඥා සහගත කතා. ඉන්දියන් කාරයින් වැඩියෙන් ළමයි හදන එකට මට කරන්න දෙයක් නෑ කියා චර්චිල් කියනවා. ඒ වසරේ හාමතින් මළ පිරිස මිලියන තුන හතරක්. අද සම්මතයෙන් මෙය ජෙනොසයිඩ් එකක් ලෙස සලකන්න ඕනේ කියල විද්වත් සංවාදයක් පවා යනවා.
ඒ බෙංගාලයේ ම කල්කටාවේ අල්බේනියානු සම්භවයක් සහිත කතෝලික කන්‍යා සොයුරියක් වන තෙරේසා විසින් වසංගත සාගින්න සහ වෙනත් ආබාධ නිසා රෝහල් කීපයක් පවත්වාගෙන යන්නේ ඊට දශක කීපෙකට පස්සේ. තෙරේසා රෝහල් තියාගත්තට බෙහෙත් කරන්නේ නෑ. තෙරේසා මියයන මිනිසුන් වෙනුවෙන් යාඥා කරනවා. මිය යන්න පෙර ඔවුන් "මුදා ගන්න" බෞතිස්ම කරනවා. ඒත් ඒ මිනිසුන්ට මැරෙනකම් එහෙමවත් සලකන තැනකට තියෙන්නේ තෙරේසා ගේ රෝහල් පමණයි.
එකිනෙකට අසම්බන්ධ සිද්ධි මාලාවක්. කතන්දර කීපයක්. අවාසනාවට මේක අගමුල පැටලුනු මහා දිග පෝස්ට් එකක් වේවි. ඒවා ලිහන්න අදහසක් නෑ. පොයින්ට් කීපයක් ඉස්මතු කරන්න විනා.
දැන් වෙනස් කතන්දරයක්. මේක ඇහුවේ උදිත මීගහතැන්න.
"එකෝමත් එක කාලෙක ඇමරිකා එක්සත් ජනපදයේ මුල් තැන අරගත්තු සේවා යෝජකයා ජෙනරල් මෝටර්ස් සමාගම. උසස් අධ්‍යාපනයෙන් පස්සේ කවුරුහරි ඇමරිකානුවෙක් මේ සමාගමේ රස්සාවකට ගිහාම ඔහුට ගෙයක් දොරක් අරන් කසාදයක් බැඳලා ළමයි හදල යහපත් මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන්න හැකියාව ලැබෙන ක්‍රය ශක්තියක් මේ රැකියාවෙන් ලැබෙනවා.
අද ඇමරිකාවේ අංක එකේ සේවායෝජකයා වොල්මාර්ට් සමාගම. මේකේ රස්සාවකට යන ඇමරිකානුවෙක්ට ඒකෙන් ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න හිතන්නවත් බැහැ පඩියට අමතරව ආණ්ඩුවේ පින් පඩියකුත්අරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නෙ. ගෙයක් දොරක් අරන් මධ්‍යම පාන්තික දිවියක් ගත කරන එක හිතන්නවත් බැරි දෙයක්.
නූතන ධනවාදය මුහුණපාන අභීයෝග මේවා"
ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක වෝල්මාට් ජී එම් සමාගම් දෙකේ වෙනසක් නෙවි. ඇමරිකාවේ පමණක් ගැටලුවක් නොවේ. ඉස්සර ලෝකේ ඕනේ තැනක මිනිහෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබල රස්සාවක් කරලා කරපුවා අද කරන්න බෑ. මේක ධනවාදය මුහුණපාන අභීයෝගයකුත් නෙවි.
දීර්ඝ කාලීනව ආයිත් වෙන්නේ ඔස්ලෝ සිද්ධිය ම තමා.
මෙන්න මේ වෙලාවට අපේ සමහරු කියනවා මාර අසාධාරණයි නේද කියල. ඔව් අසාධාරනයි. හැබැයි මේ අසාධාරණය ස්වාභාවිකයි. මේක නෛසර්ගික දෙයක්. මෙහෙම අසාධාරණයක් ඇතිවන ප්‍රධාන හේතුව අධික ජනගහනය. අධික ජනගහනයට ප්‍රධාන හේතුව ශිෂ්ටාචාරයේ දියුණුව ස්ථාවරත්වය සහ යහපත් ජීවන තත්වය. බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න බැහැ. ඊට අවශ්‍ය සම්පත් හෝ ශක්‍යතාවය නෑ.
සමහරු කියනවා කොමියුනිස්ට් සමාජයක් හදමු හැමෝටම සමාන තත්වයක් දෙමු කියල. ඔවුන් සිහින මවනවා එහෙම කරලා මේ බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න පුළුවන් කියල. ඔවුන් කියනවා පුද්ගල අයිතිය තමා මේ සියල්ලට හේතුව. දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල.
පුද්ගල අයිතිය කියන්නේ මොකද්ද? දැන් මේ ධනවාදී කියන ලෝකයත් ඔය පැරණි සම්මත පුද්ගල අයිතීයෙන් කොපමණ එහාට ගිහින් ද? දැන් තමන්ගේ නිවසක ඉඳගෙන තමන්ගේ වාහනයක් එලවන අය ඉන්නේ කීයද? බොහෝ දෙනෙක් ඉන්නේ කුලියට, තව සමහරු බැංකුවකට අයිති මොගේජ් ගෙදරක. බොහෝ වාහනත් හිමි ලීසිං ආයතනයකට. හෙට අනිද්දා එලවන්න ඕනේ නැති කාර් ආපුවම බොහෝ විට කාර් අයිතිය නැතිම වෙලා යාවි. කාර් අයිති සමාගමකට. ඔබට අවශ්‍ය නම් ලඟපාත වාහන තියෙනවා කිව්වම ඇවිත් ඔබ රැගෙන යනවා. ගන්න වෙන්නේ සමාගමේ සබ්ස්ක්රිප්ෂන් එකක් පමණයි. ලෝකය වේගයෙන් පුද්ගල අයිතිය හැර යනවා, හේතුව පැහැදිලියි. වැඩිවන ජනගහනය එක්ක මිනිසුන්ට සින්නක්කර ස්ලයිස් එකක් ලෝක බෝලෙන් දෙන්න බෑ. ඔබේ සම්පත් වෙන අය එක්ක ශෙයා කරන්න වෙනවා, ඔබට නොදැනෙන්න. හෝ ඔබට දැනෙන්න ම ඔබේම අනුමැතියෙන් ඌබර් ස්ටයිල් එකට.
කොමියුනිස්ට් වාදීන්ට අනුව මේක ධනවාදයේ අර්බුදය. එතන තමා වරදින්න පටන් ගන්නේ මේක ශිෂ්ටාචාරයේ අවුල. මේකට හේතුව ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරයේ නරක අතුරුපලය වන ජනගහන වර්ධනය. බිලියන හතකට යහපත් ජීවිතයක් දෙන්න සම්පත් නොමැතිකම. මේක එයාලටත් පොදු ප්‍රශ්නයක්. මේ බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න එයාලටත් බෑ.
එතකොට ඒ අය කරන එකම දෙය වෙන්නේ "යහපත් ජීවිතය" යළි අර්ථ දැක්වීම. මිනිසුන් භුක්ති විඳින බොහෝ දේ ඔවුන්ට අහිමි කරලා උඹල ඉන්න ඕනේ මෙන්න මෙහෙම කියල ඉතාම ප්‍රාථමික ජීවිතේකට ගෙනියන එක. ඒ මොඩලයේ සමානාත්මතාවය හදන්න පුළුවන් එකම විදිහ යහපත් ජීවිතත් අයහපත් කිරීම පමණයි.
කොටින්ම බිලියන හතකුත් හොඳටම වැඩියි. සත්තු වැඩි වුනාම නිකම්ම විනාස කර දානවට කියන්නේ කල් කරනවා කියල. මේ ගැටලුව විසඳන්න හා සියල්ල යහපත් කරන්න නම් එහෙමවත් කරන්න වෙයි.
දෙවෙනි අන්ධ භක්තික ප්‍රජාව විද්‍යා ලෝලීන්. හරි බයවෙන්න එපා ඉදිරි දශක පහ හයේ අපි පොලොව වැනි ග්‍රහලෝකෙක ජනාවාස හදනවා. අඟහරු ම ගන්නකො අපි අඟහරු ටෙරා ෆෝම් කරනවා. නැත්නම් අපි ආසන්න තාරකා පද්ධතියක පොලොව වැනිම ලෝකෙකට ගිහින් ජනාවාස හදනවා. බලන්න ඉලෝන් මස්ක්. එයා කොච්චර වේගෙන් ලෝකේ දියුණු කරනවද එයාල වගේ වාණිජ අරමුණු තියෙන මිනිස්සු මානව සංහතියේ ප්‍රශ්න විසඳන කොට මොකට බයවෙන්නද?
මේ අවාසනාවන්ත ජනයා විද්‍යාව තාක්ෂණය ඉගෙන ගන්නේ හොලිවුඩ් වලින්. මූලික අවුල ඒකයි.
ටෙරා ෆෝම් කියන වචනයේ අර්ථය විද්යාත්මකව පහදන්න හෝ ඉංජිනේරු සැලසුමක් ලෙස සකසන්න දන්නා කෙනෙක් තවම නෑ. එහි වියදම ඇස්තමේන්තු කරගන්නවත් බෑ. තවම අපි පොලොව වටේ කක්ෂයක වත් ජනපදයක් හදලා නෑ. කක්ෂයට එක කිලෝ එකක් ගෙනියන්න යන වියදම දන්නවද? අපි කතා වෙන්නේ ආලෝක වර්ෂ ගණන් දුර තියෙන වෙනත් ලෝකවල ජනාවාස හදන්න.
ඇයි ව්‍යාපාර වලින් මානව සංහතියේ ප්‍රශ්න විසඳන්නේ? මානව සංහතියේ ප්‍රශ්න විසඳන එක හැමවිටම ප්රෝෆිටබල් නෑ. ඉලෝන් මස්ක් ට ඕනේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘති කරන්න. ඒක ප්රෝෆිටබල්. හැබැයි ආලෝක වර්ෂ දහයක් එහා ග්‍රහලෝකෙක ජනාවාස හදලා එව්වයේ රියල් එස්ටේට් බිස්නස් එකකට සල්ලි දැම්මොත් මස්ක් පරපුරේ විස්සක් විතර යනකම් ඉන්න වෙයි ප්‍රොෆිට් කරන්න. ලාභ ඉලක්ක කරන ව්‍යාපාර ඒ වගේ වැඩ සටහන් කරන්නේ කොහොමද? කැපිටලිස්ට් හොබිස්ම් වලින් මේ වගේ බැරෑරුම් ප්‍රශ්න විසඳන්න බැහැ.
කොටින්ම මේ දක්වා අභ්‍යවකාශය දිහාට අපි ගිය දුර ගියෙත් දුර්දාන්ත ඒකාධිපති දෙන්නෙක් අමන තාලෙට ඒ වැඩේ කල නිසා. එකෙක් හිට්ලර් අනිකා ස්ටාලින්. හිට්ලර් හදනවා රොකට් වැඩ සටහනක්. නාසා සහ රොස්කොස්මොස් කියන මානවයාගේ අභ්‍යවකාශ වික්‍රම වල අග්‍රපල ගත්ත ආයතන දෙක හදන්නේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ හොරෙන්ම උස්සන් ගිය හිට්ලර් ගේ විද්‍යාඥයින් ගෙන්. ස්ටාලින් තමා සෝවියට් වරුන් අභ්‍යවකාශයට යන තැනට දැක්කුවේ. ස්පුට්නික් හින්දයි ඇමරිකන් කාරයා හඳට ගියේ. මේ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාපාර හෝ ලාභය මත වෙච්ච දේවල් නෙවි.
දැන් මොකද්ද උත්තරේ. උත්තරයක් නෑ. ප්‍රශ්න සහ විකෘති සිහින හඳුනා ගන්න උත්සහ කලේ. මේ සියල්ලට උත්තර ස්වාභාවිකව ලැබෙයි, හැබැයි ඒවා අපි ආසා එව්වා නොවේ. ඒ වෙනකම් අනතුරු අවම කරගෙන, ඒ කිව්වේ කාබන් ෆුට් ප්‍රින්ට් එක, එතකොට ජනගහන වර්ධනය ආදිය අවම කරගෙන ශේප් එකේ ඉන්නවා මිසක, මේවාට උත්තර නෑ.
උත්තර අහන එකත් මේ විශ්වයේ කෝස් එකක් අරමුණක් දේව කාර්යයක් තියෙය කියා යටි හිතේ ප්‍රෝග්‍රෑම් වෙච්ච අයගේ අර්බුදයක්. උත්තරයක් තියෙන්නම ඕනෙද?

ඉස්සර ලෝකේ ඕනේ තැනක මිනිහෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබල රස්සාවක් කරලා කරපුවා අද කරන්න බෑ.
ඇයි මේ?
මේකට හේතු වලින් මුල්ම එක තමා ඉල්ලුම ඉහල යාම , ඔය "ඉස්සර" අහවල් ඒකයි දැන් අහවල් ඒකයි අතරේ වෙනස ඕක. ලංකාවෙත් ඔය කතාවම යනවනේ. ඉස්සර උපාධියක් අරගෙන කසාදයක් බැඳලා ආණ්ඩුවේ රැකියාවකින් ළමයි ලොකුවෙන්න කලින් ගෙයක් දොරක් හදාගන්න පුළුවන් දැන් බෑ කියල. ඊට මූලික හේතුව ඉඩම සහ නිවසට යන මිල. බාස් කුලිය ඇරෙන්න ඉතිරිය සම්පත් වල වියදම. සම්පත් වල වියදම වැඩි වෙන්නේ ඉල්ලුම නිසා.
ඇයි ඉල්ලුම වැඩි වෙන්නේ? පෙර කතාවේ චර්චිල් කියනවා එක හේතුවක්. ඒ ඔබ්වියස් අමන කම අතහැර අපිට ඕනේ හරිය ගම්මු. ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන් ළමයි හැදුවට මට කරන්න දෙයක් නෑ. අමන වගේ පෙනුනට මෙයා කියන්නේ මෙහෙම එකක්. පළමු ලෝකය සිය අවශ්‍යතා සකසා ගන්න වැඩි වැඩියෙන් සම්පත් භක්ෂණය කරන අතරේ ඒ අයගේ ජනගහන වර්ධනය පාලනය කර ගන්නවා. ශිෂ්ටාචාරේ මුල කාලේ ජනගහන පාලනය සංවර්ධිත සමාජවල ලක්ෂණයක් වෙනවා. හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් වුනාම, මේ පලවෙනි ලෝකේ සම්පත් රාමුවෙන් කොටසක් තෙවැනි ලෝකෙටත් දෙන්න වෙනවා. තෙවැනි ලෝකේ අර පලවෙනි ලෝකේ වගේ නෑ. උන් පිස්සෝ වගේ පැටවූ ගහනවා, ඉතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලොකුම ලොක්කට මේක මළ හිසරදයක් වීම තමා ඒ කතාවෙන් පෙන්නන්නේ.
චර්චිල් අමනයෙක් ද නැද්ද කියන එක නෙවි පොයින්ට් එක. පලවෙනි ලෝකේ සම්පත් අධි භාවිතය එක්ක ජනගහන වර්ධනය පාලනය කරද්දී තෙවැනි ලෝකේ පිස්සෝ වගේ පැටවූ ගහනවා. මේ පිස්සෝ වගේ පැටවූ ගහන එවුන්ට බඩගින්නේ මැරෙන්න දෙන්න බෑ ලෝක සම්මුතිය එක්ක. අද මවක් වැඩිම දරුවන් ගණනක් වදන්නේ දරුවන් හොඳින් හදන්න පුළුවන් පළමු ලෝකේ නෙවි කන්න නැතුව මැරෙන සහේල් කලාපයේ නයිජර් දේශයේ. ඒ ළමයින්ගෙන් කීපයක් ස්වාභාවිකව මැරෙන්න නියමිතයි. හැබැයි අර පලවෙනි ලෝකේ ආධාර වලින් දුවන ආයතන විසින් ඒවා අවම කරලා ඒ ළමයි කෝම හරි ලොකු මහත් කරනවා. එහෙම කරන්නේ නැතුව ඉන්න කියනවා නොවේ. අවසානේ ප්‍රතිපලය ලෙස බටහිර රටක ජනගහන පාලනයට සමගාමිව ඔවුන් අප්‍රිකාවේ ජනගහන බෝම්බයට සහය දෙනවා.
අප්‍රිකාව සහ මැද පෙරදිග තව වසර සීයකින් විතර ලෝක ජනගහනයේ විශාල ප්‍රතිශතයක් වෙන්න නියමිතයි. නයිජීරියාව පෙරටු කොටගත් ඒ කලාපේ රටවල් රාශියක් ලෝකේ වැඩිම ජනගහන ලිස්ට් එකේ දැන් ඉන්න අය නොකවුට් කරමින් ඒ ලිස්ට් එකට පිරෙන්න නියමිතයි. සමහර අනාවැකි අනුව නයිජීරියාව ඉන්දියා/චීන මට්ටම ආසන්නයට ම එන්න නියමිතයි. සමහරු මේකට මුස්ලිම් අන්තවාදය කියනවා, එය වැරදියි අප්‍රිකාවේ මුස්ලිම් නොවන රටවලුත් මේ වැඩේම කරනවා. මේ තෙවැනි ලෝකේ උන් පිස්සෝ වගේ ළමයි හදන එකත් මැරෙන්න නියමිත ඒ ළමයින් පලවෙනි ලෝකෙන් ආධාර දීල හදාගන්න එකත් විසින් ඇති කරන අතුරු පලයක්.
මේ කතාව වඩාත් පැහැදිලි වෙයි මෙන්න මේ වීඩියෝවෙන්.
කොහොමින් හරි ගැටලුවේ පළමු කොටස ලෝක ජනගහනයේ වර්ධනය.
හැබැයි ඉල්ලුම තනිකර වැඩි වුනේ ජනගහන වර්ධනය නිසාම නෙවි ඇත්තෙන්ම ඊට හේතුව ජනගහනයේ මුලුගැන්නීම අඩුවෙලා ලෝක ජනගහනයේ ලොකු කුට්ටියක් අර කියන මධ්‍යම පාන්තික ජීවිතයට ආපු එක. රට රටවල් ඇතුලේ ගත්තත් දැන් ඔය ඉස්සර ඇමරිකන් මධ්‍යම පන්තියට ගිය ප්‍රතිශතය ට වඩා දැන් එතනට යන ප්‍රතිශතය වැඩියි. ලංකාවේ නම් හැට හැත්තෑව දශක වල උපාධියක් තියෙන ප්‍රතිශතය ඉතා කුඩායි. ලෝක මට්ටමින් නම් ඉන්දියා චීන ජනගහන කුට්ටි දෙක පස්සට තල්ලු කරලා තලලා මරල මුළු ගන්නල තිබ්බ ඔය කාලේ.
මතකද චීනුන් ගැන මුලදී ලියු කතාව. 1977 විශ්ව විද්‍යාල නැවත අරින්න විභාගයක් තියපු එක. දැන් ඒ චීනය තමා ලෝකේ වැඩිම උපාධිධාරීන් බිහි කරන්නේ. චීනයේ ජනගහනයෙන් විශාල පිරිසක් අද පලවෙනි ලෝකේ මධ්‍යම පාන්තික ජීවිතේකට සමාන මට්ටමකට ඇවිත්. අර චර්චිල් ලා බඩගින්නේ මැරෙන්න ඇරපු තෙරේසා ලා මැරෙනකම් යාඥා කරපු ඉන්දියාව ඇතුලේ ඇමරිකානු ජීවන තත්වය ඉක්මවපු මිනිසුන් ඇමරිකානු ජනගහනයට වඩා දැන් ඉන්නවලු.
අර ඉස්සර ශෝක් කාලේ මධ්‍යම පන්තික ජීවිත කියන්නේ මේ තලලා මුලුගන්වලා තිබ්බ ජීවිත බිලියන කීපය අස්සෙන් උඩට නැග්ග සුළු මිලියන ගානක්. ඒත් දැන් අර තැලිලා උන්නු බිලියන ගානත් එතනටම ඇවිත්. උන්ටත් ඕනේ අර පළමු ලෝකේ උන්ට ඕනේ වෙච්ච දේවල් ම. උන්ටත් දැන් සපයන්න ඕනේ.
ඉතින් ඕක තමා අධ්‍යාපනයේ, සමාන අවස්ථාවේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, ඉහල ආයු අපේක්ෂාවේ, සෞඛ්‍ය සේවාවල, කොටින්ම ශිෂ්ටාචාරයේ සමස්ත දියුණුවේ අග්රපලය. මධ්‍යම පාන්තික ජීවිත ගෙව්ව තරම එක්ස්පොනේන්ෂලි වැඩිවීම. ලෝක බෝලෙන් පොඩි ස්ලයිස් එකක් කන්න නිදහස තියෙන මිනිස් කණ්ඩායමේ වැඩිවීම. එතකොට ඒ ස්ලයිස් එක ගන්න අමාරු වෙනවා. අන්න ඒ ගැටලුව තමා ඉහත උදිත හයිලයිට් කරන්නේ.
ඒ අනුව මේක "ධනවාදයේ අර්බුදය" හෝ "ධනවාදයේ අභියෝගය" නෙවි. මේක මිනිස් ශිෂ්ටාචාරයේ මිනිස් සංහතියේ අර්බුදය අභියෝගය සහ අනාගතය.
මේ සමග මිනිසාගේ ජීවන රටාව කැමති උනත් නැතත් වෙනස් වෙනවා. අර වෝල් මාට් එකෙන් හිඟන පඩියක් අරන් ආණ්ඩුවේ සහන එක්ක දුක සේ යැපෙන බහුතර ඇමරිකානුවෝ එහෙම කරන්නේ කැමැත්තෙන් නෙවි. උන්ට චොයිස් එකක් නෑ.
මතකද ඔස්ලෝ කතාව. අදටත් විවිධ ඩිමෝග්‍රැෆික බෙදුම් ඔස්සේ ඔස්ලොවේ බටහිර නැගෙනහිර බෙදුම තියෙනවා. බටහිර නැගෙනහිර අතර වාර්ගිකත්වය, අධ්‍යාපනය, ගෙවල් වල ස්වරූපය, ඉඩම් මිල, පවුලක ආදායම වගේ විවිධ පැරාමීටර් රාශියක පැහැදිලි වෙනසක් තියෙනවා. චන්දෙ දෙන පක්ෂය පවා අ වෙනස්ලු. හැබැයි ඔස්ලෝ වල සිද්ධිය සුවිශේෂී ලෙස නෝටිස් වෙන්නේ පාක් එක නිසා. ඔහොම ආර්ථික ශක්‍යතාවය මත නොබෙදුණු නගර ලෝකේ කොහෙද තියෙන්නේ. හැම නගරයකම සමාජය ආර්ථික හැකියාව මත ජනයා බෙදෙනවා, ඔස්ලෝ වල අවනීතික ලී ගෙවල් සහ බදාම ගෙවල් කියන ඉර, මගින් බෙදපු ආකාරෙටම එෆර්ඩබිලිටි මත සමාජය බෙදෙනවා. නගර වල පාක් වලින් මාක් වෙච්ච නැති නොපෙනෙන ඉරි ඇඳිලා තියෙන්නේ.
ඉස්සර සමාජයේ උසස් පහත බව බෙදුවේ හමේ පාටින්, ආගමින්, ජාතියෙන්. ඊට පස්සේ බෙදුම උනේ පාස්පෝට් එක. සමහර රටවල් වල පාස්පෝට් එක හරි වටිනවා. ඒ පාර පටන් ගත්ත ස්කිල්ඩ් මයිග්රේෂන්. ඒ පාස්පෝට් ගන්න එන තරගෙදි කඩුල්ලක් හදනවා අහවල් වර්ගයේ කොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ කියල. හැබැයි ඒ ලෝකය දැන් ආයිත් වෙනස් වෙලා. මේ යන රැල්ල එක්ක රට රටවල වෙනස්කම් අඩු වෙනවා. දැන් පාස්පෝට් එක මහා ලොකු බක්කක් නෙවි. තෙවැනි නම් වූ ලෝකය පළමු නම් වූ ලෝකය කරා ආසන්න වෙමින්.
දැන් ඒ නිසා අලුතෙන්ම මිනිසා සේග්‍රගේට් කරන්නේ නාගරික කලාප වලින්. පලවෙනි ලෝකේ වගේම තුන්වෙනි ලෝකෙත් නගර වල බිහි වෙනවා අතිධාවනකාරී ෆස්ට් ක්ලාස් රෙසිඩන්සීස් සිට හද්ද පිචන් තුනේ ක්ලාස් රෙසිඩන්සීස්. ඒ ඒ රටේ ඔය දෙකට ලැබෙන දේවල් වෙනස්, හැබැයි ආකෘතිය එකමයි.

Friday, November 27, 2015
පරිභෝජනයේ සදාචාරය Appendix A: To the Church with appreciation for your commitment
Dear Church;
I found the following news article in BBC.
Pope's adviser urges Catholics to join climate marches
Since the subject is self explanatory I will not waste more for summary writing.
We appreciate your commitment for environment. Considering that shit is just about to hit the ceiling it may perhaps not make much difference but we acknowledge it.
But let's look back where we started from. If you start from the far corner of the dark allies of human history and walk back to present day, you may first find that the wild animals called mankind lived in harmony with rest of the wild animals. Just like any other animal would do they went on building their dwellings (which we call civilization today) and consumed the world to an extent that it wasn't really destroying it but only changing. You will find most civilizations finding a very good balance to give and take with the nature to the philosophical fact that they belonged to the nature itself.
First strike comes when your first form somewhere in Asia minor raised the hand and said that man does not belong to nature, but nature belongs to man. Well it went something like "first the ground animals then the birds of sky and fishes of oceans blah blah and all, they were all created FOR THE MAN"... to consume. Of course as they wish. We have written evidence for this, although you have hundred excuses.
If shit started hitting ceiling in this century, I'd call that this point as the moment one opened the toilet door and sat on the seat. YOU GAVE a blank sheet for the ownership of whole world to the mankind signed by your god, whether or not that signature was man-made. That is the most arrogant and selfish statement made ever. That is the most stupid point of view ever perceived. The total misunderstanding of belonging. You preach that nature belongs to man where it is obviously vice versa.
Of course your obedient servants then conquered the world and destroyed anything which thought otherwise. Consumed nature in such a fashion that some species became extinct for being killed like a play item or shooting practice. Even today people hunt for fun fish for fun and so on.
Now you complain that life is not sustainable. Nature is destroyed, world is ending. What else would you expect?
Agree. Past is past. And you are now with us in same side, thinking that something has to be done, of course before the shit hits the ceiling and what not. But before we stand with you and walk down this ally, kindly please correct your original mistake.
As a commitment for sustainable future, will you, the church, accept that nature, animals trees and everything DOES NOT belong to man, but man just belong to it? Can you stop preaching this bullshit of "it was created for you" as despite whatever you say afterwards the obedient follower will just consume it? Can you admit the colossal mistake in your way of thinking? Can you tell your followers that it is time for them to change the perspective? And preach to the whole world to return to life styles that is in harmony with nature at least as much as possible?
Because there is nothing we can do as long as you teach more than half of the world that world is created for themselves. Otherwise marching streets with a book having such statements in your hands is perhaps the greatest oxymoron that we may have seen in our entire history.
Thank you.

Saturday, May 30, 2015
පරිභෝජනයේ සදාචාරය 1: නතාෂා ගේ සාරිය සහ පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාව
නතාෂා ගේ සාරිය ගැන හනේ හපොයි ඕකෙන් කන්න බොන්න නැති එවුන්ට කී වේලක් දෙන්න තිබ්බද කියන එවුන් පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාවට සාදු සාදු කියති. නතාෂාගේ සල්ලි කොහොම කලාම තොපිට මොකද කියන එවුන් අර සෝමාවතියේ නාස්තිවෙන පලතුරු කන්න නැති කෙනෙකුට දුන්නේ නැති හැටි කියා විස්සෝප වෙති. නතාෂා සහ පින්වත් අප ස්වාමීන් මෙන්ම මේ දෙපිට කාට්ටු මත දක්වන්නන් සියල්ලන්ගෙන්ම ස්වායත්ත සරල සත්‍යයක් පවතියි.
සීමිත සම්පත් ඇති තැනෙක ද්‍රව්‍යයක වටිනාකම එහි මිළ ගෙවීමෙන් සපුරා හිමි නොවේ. සීමිත සම්පතක් කෙනෙකු අපහරණය කරන්නේනම් වෙනත් කෙනෙකුට සමාන දෙයක් අහිමි වේ. සෝමාවතියේ පලතුරු ලෙස හෝ නතාෂාගේ සාරිය ලෙස මිනිසුන්ට ඇති සම්පත් "නිරපරාදේ" නාස්ති වන්නේ නම් එහි මිළ ඔවුන් ගෙව්වද සාමාජිය ලෙස ඇති වගකීමක් ඔවුන් පැහැර හරිති. අවාසනාවකට අප ජීවත්වන ආර්ථික මොඩලය මේ "සම්පත් වලට මිළ ගෙවා කරන අවභාවිතාව" ගැන ලොකු කතිකාවක් කරන්නේ නැත.
අධිභාවිතයට නහුතෙට බිල ගහද්දීත් "විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න" කියා කීමට සිදුව ඇත්තේ එබැවිනි.
පරිභෝජනයේ සදාචාරය මම මේ දැන් හැදු වචනයකි. එහෙම එකක් ඉස්සර පටන් තිබ්බා නම් ඊට වඩා වටියි.
ප.ලි.
මාධ්‍යවල ඉන්ටරැක්ටිව් ගතිය නිසා බ්ලොග් සටහන් වෙනස් කරන්න වෙනවා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සංවාදයේ සාතන්ගේ අඩවිය නගපු ප්‍රශ්න මගේ අදහස තවත් ඉස්මතු කරන්න දායක වුන නිසා, මෙතන පටන් දාන්නේ ඒ ටික.
නැහැ. සම්පත් අවභාවිතාව පන්තිභේදයකින් තොරව සිදුවන්නක්.
පන්ති භේදය ගැන කිව්වොත් මම ඔය රිජිඩ් ධනපති හා නිර්ධන පන්ති දෙකක පැවැත්ම සලකන්නේ මීට සියවසකට පමණ පෙර ලෝක තත්වයක් ලෙස. හැබැයි ලෝකයේ ඇති නැති පරතරය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් පුංචි තැන් කීපෙකට සංකේන්ද්‍ර වෙනවා. එපමණක් දක්වා නිරීක්ෂණය කල හැකියි. පැහැදිලිවම ඒ අසීමිත ධන සංචිත ඇතැම් නාස්තිවලට හේතුවක්
ප්‍රායෝගික වෙන්න ඉස්සෙල්ලා අපට දැනිලා තියෙන්න ඕනේ නේද අවශ්‍යතාවය. අවශ්‍යතාවය දැනෙන්නපටන් ගෙන තියෙන්නේ කොහොමත්.
උදාහරණයක් දෙන්නම්, අඟහරු මත මිනිස්සු ජනාවාසයක් හදනවා. එහි සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්නේ. එහෙ ඉන්න මිනිසුන්ට කෑම්ප් ෆයර් එකක් දාන්න නිදහස ලැබේවිද? කොච්චර සල්ලි තිබ්බත්. මහා පොලොව අසීමිතව දැනුනේ අපි "පුංචි පවුලක්" කාලේ. දැන් අපි ලොකු පවුලක්
එතනදිත් නූගත්කම දිළිඳුකම හා දේශපාලනික වාරණ තුලින් අපේ ලොකුම ජනගහන මධ්‍යස්ථාන දෙක වන ඉන්දියාව හා චීනය [ලෝකයෙන් 2/5 ක්] අඩු පරිභෝජන රටවල් කරලා තිබ්බ. එකපාරට උන් ඕපන් වුණා. පහුගිය දිගටම ලෝක වෙළඳපොලේ ලෝහ හා ඉන්ධන මිල තීන්දු කලේ චීනයෙන් ආපු ඉල්ලුම අනුව. මහා ලොකු ආර්ථික විද්‍යාවක් නොවේ, අපි ගෙයක් හදන්න පටන් ගද්දි එක්තරා ගානට තිබ්බ කොන්ක්‍රීට් කම්බියක් මාසෙකින් එකහමාරකින් ගණන් ගියා චීනේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා. බයිසිකල් පැද්ද චීන්නු ටික කාර් පදින එකම හිතන්නකෝ. දැන් මහපොළොවේ සීමා දැනෙන ගානට ඇවිත්. එතැනදී මේ සංකල්පය අවශ්‍යයි.
ජීව විද්‍යාත්මක මිනිස් ස්වභාවය කොහොමත් සිද්ධ වෙනවා. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඔය "හැමෝම සමාන කිරීම" අසාර්ථක වුනේ මේ මිනිස් ස්වභාවය නිසා. හැබැයි මේ කතා කරන්නේ ආන්තික හැසිරීම් ගැන.
අනික ආන්තික හැසිරීම් වලට සීමා දැමීම ගැනම නොවේ මම කියන්නේ. ඒවා සාමජිය කතිකාවකින් බ්ලැක් මාක් කිරීම වරදක් නැහැ. ඊ ගාව නතාෂා මේ නතාෂාගේ සාරියටත් වඩා ලොකු එකක් හදන්න හෝ, ඊ ගාව "පින්වත් අප ස්වාමින්" මෙයා "ඩම්ප් කර වදාළ" පලතුරු ලෝඩ් එකත් ඉක්මවා යන්න හිතද්දි සාමාජිය මතයකින් එයාලගේ හිතට ආවොත් "ශිහ් මේක මහා නාස්තියක්. අපි මේක නොකර ඉම්මු" කියලා නීති ඕනෙම නැහැ නේද?
ඒ සංවාදය නතර කරන්නේ "එයාගේ සල්ලිනේ ඕන දෙයක්" කියන මතය නිසා. මම ඉලක්ක කරන්නේ ඒ මතය. සල්ලි එයාගේ වුනාට නාස්තිය අඩු කරන සමාජ වගකීමත් එයාට හිමියි
සාතන් ඔබට බෙහෙවින්ම ස්තූතියි දෙයක් මේකට එකතු කළාට

- මේකත් ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ගැන තියෙන ප්‍රකට සංවාදයේ දිගුවක්ද?
නැහැ. සම්පත් අවභාවිතාව පන්තිභේදයකින් තොරව සිදුවන්නක්.
පන්ති භේදය ගැන කිව්වොත් මම ඔය රිජිඩ් ධනපති හා නිර්ධන පන්ති දෙකක පැවැත්ම සලකන්නේ මීට සියවසකට පමණ පෙර ලෝක තත්වයක් ලෙස. හැබැයි ලෝකයේ ඇති නැති පරතරය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් පුංචි තැන් කීපෙකට සංකේන්ද්‍ර වෙනවා. එපමණක් දක්වා නිරීක්ෂණය කල හැකියි. පැහැදිලිවම ඒ අසීමිත ධන සංචිත ඇතැම් නාස්තිවලට හේතුවක්
- මේ සංකල්පය ප්‍රයෝගික ද?
ප්‍රායෝගික වෙන්න ඉස්සෙල්ලා අපට දැනිලා තියෙන්න ඕනේ නේද අවශ්‍යතාවය. අවශ්‍යතාවය දැනෙන්නපටන් ගෙන තියෙන්නේ කොහොමත්.
උදාහරණයක් දෙන්නම්, අඟහරු මත මිනිස්සු ජනාවාසයක් හදනවා. එහි සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්නේ. එහෙ ඉන්න මිනිසුන්ට කෑම්ප් ෆයර් එකක් දාන්න නිදහස ලැබේවිද? කොච්චර සල්ලි තිබ්බත්. මහා පොලොව අසීමිතව දැනුනේ අපි "පුංචි පවුලක්" කාලේ. දැන් අපි ලොකු පවුලක්
එතනදිත් නූගත්කම දිළිඳුකම හා දේශපාලනික වාරණ තුලින් අපේ ලොකුම ජනගහන මධ්‍යස්ථාන දෙක වන ඉන්දියාව හා චීනය [ලෝකයෙන් 2/5 ක්] අඩු පරිභෝජන රටවල් කරලා තිබ්බ. එකපාරට උන් ඕපන් වුණා. පහුගිය දිගටම ලෝක වෙළඳපොලේ ලෝහ හා ඉන්ධන මිල තීන්දු කලේ චීනයෙන් ආපු ඉල්ලුම අනුව. මහා ලොකු ආර්ථික විද්‍යාවක් නොවේ, අපි ගෙයක් හදන්න පටන් ගද්දි එක්තරා ගානට තිබ්බ කොන්ක්‍රීට් කම්බියක් මාසෙකින් එකහමාරකින් ගණන් ගියා චීනේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා. බයිසිකල් පැද්ද චීන්නු ටික කාර් පදින එකම හිතන්නකෝ. දැන් මහපොළොවේ සීමා දැනෙන ගානට ඇවිත්. එතැනදී මේ සංකල්පය අවශ්‍යයි.
- අනිකාට වඩා ඉස්සරහින් ඉන්න ඇති වුවමනාව මිනිසා ගල් යුගයෙන් මෙතෙන්ට ගෙනාපු දෙයක්. මේ කතාව ඒ මානවීය හැසිරීම එක්ක ගැටෙනවද?
ජීව විද්‍යාත්මක මිනිස් ස්වභාවය කොහොමත් සිද්ධ වෙනවා. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඔය "හැමෝම සමාන කිරීම" අසාර්ථක වුනේ මේ මිනිස් ස්වභාවය නිසා. හැබැයි මේ කතා කරන්නේ ආන්තික හැසිරීම් ගැන.
අනික ආන්තික හැසිරීම් වලට සීමා දැමීම ගැනම නොවේ මම කියන්නේ. ඒවා සාමජිය කතිකාවකින් බ්ලැක් මාක් කිරීම වරදක් නැහැ. ඊ ගාව නතාෂා මේ නතාෂාගේ සාරියටත් වඩා ලොකු එකක් හදන්න හෝ, ඊ ගාව "පින්වත් අප ස්වාමින්" මෙයා "ඩම්ප් කර වදාළ" පලතුරු ලෝඩ් එකත් ඉක්මවා යන්න හිතද්දි සාමාජිය මතයකින් එයාලගේ හිතට ආවොත් "ශිහ් මේක මහා නාස්තියක්. අපි මේක නොකර ඉම්මු" කියලා නීති ඕනෙම නැහැ නේද?
ඒ සංවාදය නතර කරන්නේ "එයාගේ සල්ලිනේ ඕන දෙයක්" කියන මතය නිසා. මම ඉලක්ක කරන්නේ ඒ මතය. සල්ලි එයාගේ වුනාට නාස්තිය අඩු කරන සමාජ වගකීමත් එයාට හිමියි
සාතන් ඔබට බෙහෙවින්ම ස්තූතියි දෙයක් මේකට එකතු කළාට
Thursday, November 28, 2013
පරිභෝජනයේ සදාචාරය 0: අලුත් චින්තන රාමුවක් අවශ්‍යය
සාම්ප්‍රදායික ධනවාදය සහ සමාජවාදය කියන්නේ හෙන රූඩිමෙන්ටරි තියරි. එව්වයේ කියන්නේ සරල දෙයක් කලාම සියල්ල හොඳවෙලා ඔක්කොම ලස්සන වෙලා යාවි කියන එක. ඔය වගේ රූඩිමෙන්ටරි තියරි වල අවසානේ තියෙන්නේ they all lived happily ever after වර්ගයේ සුරංගනා කතා වැනි සැනසිල්ලක්. හැබැයි කතාව මහා පොළොවේ හිටෙව්වම ඔය 'ආෆ්ටර්' කොටස තමයි තීරණාත්මක වෙන්නේ. සමාජවාදී වද කඳවුරුවල ධනවාදී ආර්ථික අවපාත වල අපි දකින්නේ ඒ "හැමෝම සන්තෝසෙන් ඉන්න" කතාවේ සත්‍ය ස්වරූපය.
මේ මූලධර්ම පරණයි. ඒවා නිර්මාණය වන්නේ සියවසකට එහා සමාජ තත්ත්ව තුල. නිකමට හිතන්න ඒ තත්ත්ව ලෝක යුද්ද කාලෙට වඩා පරණයි. ලංකාවේ මිම්මෙන් කිව්වොත් අර බැද්දේගම සිළිඳු ලා නිර්මාණය වෙච්ච ගම්පෙරළියේ චරිත නිර්මාණය වෙච්ච යුගයට වඩා පරණයි. වර්තමානය තීන්දු කරන්න මේවායින් පුළුවන් කියන්නේ මිනිසා පහුගිය සියවසකට වඩා කාලයක් අත්කරගත්ත සියලු බුද්ධිමය ජයග්‍රහණ තේරුමක් නැහැ කියන එක. මොකද අල්ටිමට් තියරිය හදල තියෙන්නේ ඊට කලින්ලු නේ.
ධනවාදය විසින් සමාජගත කල ඇතැම් සංකල්ප අනාගතයට වැදගත් වෙනවා. සමාජවාදය විසිනුත් සමහර වැදගත් සංකල්ප සමාජගත කරලා තියෙනවා. මේ සංකල්ප සමාජයේ ඉදිරි ගමනට වැදගත් වෙන වටින අදහස්. හැබැයි ඒ එකකින්වත් අපිට වර්තමානයේ ගැටළු හෝ ඒවායේ අනාගත දිගුවන් සපුරා විසඳන්න බැහැ. ඒවා පරිපූර්ණ උත්තර නෙවෙයි. ඒ වගේම අධික ජනගහනය සම්පත් හානිය, ආදී හේතු මත නිර්මාණය වෙච්ච ඒ කාලේ නොදැක්ක නමුත් අද අපිට වැදගත් වන ගැටළු රාශියක් අලුතෙන් හැදිලා තියෙනවා .
සමහරු කියනවා "ක්‍රම දෙකේ මිශ්‍රණයක්" කරමු කියලා. මේ කියන්නේ ප්‍රාථමික එක ක්‍රමයක් වෙනුවට ඒ වගේ දෙකක් මිශ්‍ර කරන්න. ලොකු වැදගත්කමක් නැහැ. කාරණා බැලන්ස් වෙයි එහෙත් යල්පැනගිය කමේ අඩුවක් නැහැ.
මේ නිසා වෙන්න ඕනේ අලුත් චින්තන ධාරාවකට ලෝකය යන එක. ඒ චින්තන ධාරාව තුල ධනවාදයෙන් සමාජවාදයෙන් [සහ එවැනි ක්ලැසිකල් සංකල්ප රාශියකින්] ගත්ත සාරයක් තියෙයි එහෙත් වඩාත් වැදගත් අලුත් තත්ත්ව තුල නිර්මාණය වන අලුත් ගැටළු වලට අවශ්‍ය අලුත් පිළිතුරක් හොයන එක. අර පරණ කුණු කන්දල් වලින් ස්වායත්ත ව
අනික ඒක නිකම් "වෙළඳපොල නිදහස" "නිර්ධන පන්ති ආඥාදායකත්වය" "කමියුනිස්ට් සමාජය" වගේ සිම්පල් රූඩිමෙන්ටරි තියරි වලට වඩා මාර සංකීර්ණ සහ ගතික තියරි ගොඩක සංකලනයක් වෙයි. වෙන්න ඕනෙත් එහෙමයි. කොටින්ම ඒකට අමුතු නමක්, බල කඳවුරක් , දේශපාලන පක්ෂයක් ඕනේ නැහැ. පොදු මානව චින්තනයක් ලෙස ක්‍රමිකව විකාශනය වුණාම ඇති.
Subscribe to:
Posts (Atom)