Saturday, August 24, 2019

පිස්සුද?

මිනිස්  මනස  ගන්න.  මනස  ගැන  කෙරෙන  විවිධ  ආගමික  විග්‍රහ  වෙනුවට  මිනිස්  මනස  කියන්නෙ  සිරුරේ, නියුරෝන  පද්ධතියේ,  රසායනික  සහ  ඉලෙක්ට්‍රොනික [සහ  වෙනත්  කිසියම්  භෞතික] ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියල  සලකමු. මනසේ  පහල  වෙන  සිතිවිලි  කියන්නෙ  එහි  තැන්පත්  වී  ඇති  මතක  කියන  රසායනික  ඉලෙක්ට්‍රොනික  පද්ධතිය  දිගේ  ගන  විවිධ  ධාරා  ගොඩක්.  ධාරා  ගලනවා  කිව්වට  නියුරෝන  එකින්  එකට  ගලන්නෙ  නැහැනෙ.  එකකින්  එන  ආරෝපන  අනික  මත  ඇතිකරන  බලපෑම්  ඒව  අතර  රසායනික  සැකසුම්  වලින්  තීන්දු වෙන්නෙ.  එහෙම  සැකසුම් බිලියන  ගානක්  ඩයිනමිකලි  හැදෙමින්  සහ  බිදෙමින් තමා  මනස  කියන  අපි  දන්න සන්කීර්නම  පද්ධතිය  හැදෙන්නෙ.

ඉතින්  ඔබ  නම්  පුද්ගලයාගෙ  මුලු  අතීත  මතකයම  ඔය  නියුරොන  අතර  රසායනික  බන්ධන  සහ  ඒ  ඒ  නියුරෝන අතර  සම්බන්ධතා   කියල  සලකන්න පුලුවන්.  ඔබ  නම් පුද්ගලය   සිතන පතන  ආකාරය  ඒ   පද්ධතියේ නියුරෝනයෙන්  නියුරොනයට  ආරෝපන  එහා  මෙහා යාමක්.  හැබැයි ඔය  ගමන් රැන්ඩම්  නැහැ.   දිගුකාලින පරිනාමය  විසින් ඕකෙ  සර්කිට්  ට්‍රේන්  කරල  තියෙන්නෙ.  ඒ  සර්කිට්  අස්සෙ  අලුතෙන්  ට්‍රේන්  වෙන්න  අවශ්‍ය  හැකියාවත්  ට්‍රේන් කරල  තියෙන්නෙ. 

උපමාවකින් කිව්වොත්  මනස කියන්නෙ  ශරීරයේ  සොෆ්ට්වෙයා  එක.  සිලිකන් වල  වෝල්ටේජ්  සහ  ධාරා ගලන ආකාරය  මෙහෙයවල  අපි  ඊට උඩින්  සොෆ්ට්වෙයා කියල තට්ටුවක්  මවා ගන්නව.  කෝඩ් ලියනවා  දුවල  විවිධ  දේවල්  කරගන්නව.  මනස කියන්නෙ  අර   නියුරෝන  වලට උඩින්  එහෙම  පවත්වාගන්න  මවාගත්  තට්ටුවක්.  ඒකෙ  වෙනස  පරිනමය  විසින්  අවු  බිලියන ගානක් ලිව්ව  ඒ  සොෆ්ට්වෙයා  එකේ  සෝස්  කෝඩ්  එක  නැහැ.  මිසින්.

මිනිස්සු  එකිනෙක අතර  අදහස්  හුවමාරුව  පටන් ගත්තම  මේ  මනසෙ  පැටර්න්  එකිනෙකා අතර  ශෙයා  වෙනවා.  ඒ  ශෙයාරින්  එක්ක  විවිධ  සම්මුති  හැදෙනවා.  ඒ සම්මුති  තමා  සමාජය  ශිශ්ටාචාරය   කියල  කියන්නෙ.  මනස සොෆ්ට්වෙයා  එකක් නම්  ශිශ්ටාචාරය  සමාජය  කියන්නෙ  ඉන්ටනෙට්  එකක්.  අර  එක  එක  සොෆ්ට්වෙයා  ඕනෙ ඕනෙ  තාලෙට  ලිව්වට  ඉන්ටනෙට්  එකකට  කනෙක්ට්  කරන්න  බැහැ.  ඉන්ටනෙට්  එකේ  ප්‍රොටෝකෝල්  තියෙනවනෙ  උදාහරනෙකට  http වගේ. ඒවා  තමා  අපි  හදාගන්න  සම්මුති.

සම්මුති  ශිශ්ටාචාර   වලට  බැහැර වෙන  සිතිවිලි  සමුදායන් වුනත්  මනසෙ  හටගන්න  පුලුවන්. සම්මුති  ශිශ්ටාචාර  ඔයාකාරෙට  හැදුනෙ  ඕක  මාර  නිවැරදි  ක්‍රමය නිසා  නෙවි.  අහම්බෙන්  එදා පටන් උන්නු  කට්ටිය  ඕක  තමා  හරි  විදිහ  කියල  පිලිගත්ත. ඒ පිලිගැනීම්  වලට  බලපාන  රියල්  හේතු  ඉමැජිනරි  හේතු රාශියක්  ඇති.  ඒත්  ශිශ්ටාචාරය  සහ  සම්මුති  කියන්නෙ  වඩාත්  නිවැරදි  ඒවා නොවේ,  හුදෙක්  රැන්ඩම්ලි  පික්  කල  ඒවා. හැබැයි  අපි   දිගටම ට්‍රේන්  වෙනවා  පවතින සම්මුති  සහ  ශිශ්ටාචාර  වලට  අනුගත නොවෙන  දේ  බැහැර  කරන්න.  මිනිහෙක්  ලමයෙක්  සන්දියේ  සිට  එහෙම පුරුදු  හදාගන්නව.  එහෙම  පුරුදු  නොවෙච්ච  මනසක්  ලොකු  මහත්  වුනොත් ඒකා මොකෙද්ද  කියන්න කාටවත්  බැහැ.  සම්මුති  ශිශ්ටාචාර කියන්නෙ  සම්මත වැදගත් වර්ල්ඩ්වයිඩ්වෙබ්  නම්  ඊට   පිටින් ඉන්න එකා  අයිති  ඩාක්  වෙබ් එකට. එතන ඉන්නව  නිදහස්  සටන්කාමින් සිට කුලි මිනිමරුවන්  ලමා  අපචාරකාරයින්  වෙනකම් ඔක්කොම.

මේක  ලුහු කියවීමක්, මීට  එහා යන  බයෝලොජියක්  සහ  මේක   එක්ක  එකග  සහ  ප්‍රතිවිරුද්ධව  යන ෆිලෝසොෆික තියෝලොජික  ඉගැන්වීම්  තියෙනවා.  මට මේ තරම  ඇති  කතාවට  ප්‍රවිශ්ට  වෙන්න. [ඔව් අපි තාම මුල]

ඉතින්  ඔය  නියුරෝන  එකිනෙක  අතර  ක්‍රියාකරන  ආරෝපන  රසයන අස්සෙන්  ගලාගෙන යද්දි  අපි  මන්ස  සහ  සිතිවිලි කියල හයිලෙවල්  එකක් හදාගන්නවනෙ.  ඒ  කෙමිකල්    සර්කිට් බිල්ඩ්  අප්  එතකොට   සර්කිට්  අතර ලොජික්  කිසියම්  හේතුවකට චුට්ටක්  එහෙමෙහෙ  වුනොත් මොකද වෙන්නෙ. සිස්ටම් එක ක්‍රැශ්  වෙයිද?  නැහැ  එහෙම වෙන්නෙ නැහැ. සිස්ටමෙක  ඒත්  හැසිරීමක් දෙනව.  ඒ  හැසිරීමෙ  බහුතරයක්  ක්‍රියාකාරකම්  සාමාන්‍ය  තත්වයට  සමානයි.  ඒත්  ඒකෙ  තැන් තැන් වල  අමුතු දේවල්  නිරවුල් නැති දේවල්  සරල බසින් කිව්වොත් ට්‍රැක්  පනින  තැන්  එමටයි.  මෙ සමාජ  ශිශ්ටාචාර   පොදු  සිතිවිලි රාමුවට එක පාර  ෆිට්  වෙන්නෙ නැහැ.  ලොජිකල් නැහැ.  විකාරයි  වගේ.

ඒ  තුලම  ඒක  සන්කීර්න  වෙනවා.  මේ  වෙනස්  පුද්ගලය කියන  එව්වත්  සෙසු  සාමාන්‍ය යයි  සම්මත කෙනා කියන  එව්ව  තරම්ම  දාර්ශනිකයි.  ඒත්  ඒ  දාර්ශනික කුට්ටි  අතර  මැද ගැප් ට්‍රැක්  පැන්න තැන්  පැහැදිලි  නැහැ.  අපැහැදිලි කියන්නෙ  මාර  ගඹුරක්  කියලත් හිතෙන  වෙලාවක් තියෙනවා [ඒ ෆිල්ම්  එක  මාර  සිරා ගැඹුරු  දාර්ශනික  එකක්, මොකද  මට මොකවත් තේරුනේ නැහැ -  ඕක  ප්‍රකට කතාවක්] ඒ නිස  ට්‍රැක් පැන්න එකයි නොතේරෙන  තරම්  සන්කිර්න එකයි අතර  මාර  ලොකු  වෙනසකුත්  නැහැ.

ඔන්න ඔය තත්වයට පොදුවේ  පිස්සු කියල  සමාජය කියනවා.  ඒක  හරිද  නැද්ද  කියන  එක  වෙනම කතාවක්  ඒත්  ට්‍රැක් පනින ලොජික් සම්මුතිගත අවබෝධ  වලට ග්‍රහනය නොවෙන තැන්  තමා  පිස්ස්සු  කියල කියන  එකට  අදාල වෙන්නෙ.  ඒත්  ඒ පිස්සු කියන මිනිස්සු  ඕන  එකෙක්  එක්ක  කත කරල බැලුවොත්  සීයෙට  අනුවක් කියන්නෙ හෙන  දාර්ශනික කතා. 

හැබැයි ඒව  එකට  එක  ගලපාගන්න බැහැ. ආයෙ  ඕනෙනම් කිව්ව හැකි  ගලපා  ගන්න බැරි  අපිට නොතේරෙන නිසා  ඒත්  ඒව  මාර ලොකු  තනි දර්ශනයක කොටස් කියල.  ඔය  දෙකෙන් කෝකද කියල  තෝරන්න  කාටවත්  බැහැ.

කලිම්ම කිව්වනෙ  ඔක්කොම කෙමිකල් කියල.  ඉතින් කෙමිකල්  අවුට්  යන්න  කෙමිකල්ම  බලපාන්න පුලුවන්.  දිගුකාලින  අබ්බැහි,  වෙනත්  ලෙඩ  වලට දීපු  බෙහෙත්  වගේ  එව්ව.   ස්වාභාවිකවම මනුස්සය  තුල  එන වෙනස්කම්  බලපාන්න පුලුවන්. සමහර උන්ගෙ  ජාන වල  තියෙන  සර්කිට් පැටර්න්  ස්වභාවයෙන්ම  ඒ  වෙනස් තත්ව  උන්ට  දෙනවා. ඒ වගේම  සොෆ්ට්වෙයා  එකේම  අවුල්,  ආදර   සම්බන්ද කැඩිච්ච සීන්, ජීවිතේ ප්‍රශ්න, පීඩන, ලෝකය  එපා වීම, දරගන්න බැරි තරම්  නරක  හෝ හොද  දේවල්  වලට  එකවර ලක් වීම [උදා: මම වගේ එකෙක් එක පාර බිලියනයර්  කෙනෙක් වීම, ඔබේ  යුටියුබ්  ගායනයක්  බිලියන දෙකහමාරක්  කට්ටිය නැරඹීම] ඔහොම  එක එක  සොෆ්ට්වෙයා අවුට්  යන තත්ව  උනත්  බලපාන්න පුලුවන්.

මම විශය විද්වතෙක් නෙවි  ඒත් පුද්ගලිකව මෙහෙම කීපයක්  එක්ක ලගින් ආශ්‍රය කරල කතා කරල තියෙනව.  එක  හේතුවක්  වුනේ ග්‍රාමිය  පරිසරයක  හැදුනු කෙනෙක් නිසා ගමේ  අපේ වයස් වල කොල්ලො  මේ  තත්වෙට  ආවම උන්ට  බලි තොවිල් ම කරනවා මිස නිසි සායනික  සේව  ලබා දෙන්නෙ නැහැ.  ඒ නිසා උන්  එක්ක කතා කර ගෙවල්වල උන්ට  පැහැදිලි  කරන්න  උත්සහ කරල තියෙනවා. ඒක  වටිනා  අත්දැකීමක්.

ඇත්තටම සමාජය  පිස්සු  කියල කියන ඒ  කට්ටිය  කියන කතාවල ලොකු  ගතයුතු  දේවල්  තියෙනවා.  වෙලාවකට   හිතෙනවා  ඒ  ගෙවල්වල ඉන්න සෙන්සිබල් ම එකා ඌ ද කියල. මොකද ඌට  හෙන  සෙන්ස් තියෙන නිසා තමා ජීවිතේ යතාර්තයේ  ඇතැම් පැති ගැන  හිතන්න ගිහින් මොලේ  අවුල් වෙන්නෙ.  අනික මන්  දැක්ක දේවල්  මේ වගේ පසුබිම්  වල  හෙන සීමාකාරි  අමුතු  විදිහට  උන්ව පාලනය කරන හදන ඔප්‍රෙසර්   කෙනෙක් නිතර ඉන්නව.  කතාවෙ ඉන්න්න කෙනා  අවුල් යන්නෙ ඔප්‍රෙසර්ට  එරෙහි සටන මනසේ දිනාගන්න බැරුව   වගේ,  ඒ  වගේම මම දකිනවා  එහෙම  අය  එක්ක නිතර  ගනු දෙනු  කරන පවුලේ  අනිත්  අයත්  සමහර වෙලාවට  ඒ  තත්වයටම වැටෙනවා  කියල.  සමහරවිට  එයාලගෙ  වේව්ලෙන්ත්  වලින්  සම්මුති  හදාගෙන ප්‍රයිවෙට්  නෙට්වර්ක් හැදෙනව වෙන්න පුලුවන්.  මානසික  අවුල් කන්ටේජස්  හෙවත් බෝ විය  හැකි කියල මම හිතනවා  බෝවෙන්නෙ සොෆ්ට්වෙයා  මට්ටමින්.

අනික මේ අවුල් කියන්නෙ හෙනම පොඩි  එව්ව. වරක් ඔහොම අපේ කොල්ලෙක්  එක්කගෙන  ගියා  කරාපිටියෙ  ඩොක්ට හරිශ්චන්ද්‍රගේ  සුලු  අවුල් තියෙන  අය ඉන්න  වෝඩ්  එකට.  ඩොක්ට   එනකම් අපි  පැය  දෙකකට  වඩා  උන්න.  එදා  දැකපු තත්ව  මාරයි.  එතන එක කොල්ලෙක් උන්න පොර අපි  එක්ක මුලු  වෙලාවම කතා කලා.  මිනිහට කිසිම අවුලක් නැහැ  ඒත් කතා  කරද්දි  සැරින් සැරේට "පීක්" කියනව.   පොඩි කාලෙ  කටින් කාර් පැදල    ඒ පුරුද්ද  ඇරගන්න බැහැල්ලු.  තව කෙනෙක් උන්න ඇය දිගටම ටීවී බලනවා.  ස්ක්‍රීන්  ඇඩික්ශන් තියෙන පොඩි  එකෙක්  වගේ.  හේතුව  අයට නිලියක් වෙන්න ඕනෙලු.  නිලියක්  ලෙස ජීවත්  වෙන්න හදනවා. ඒ  අවුල  ඇරෙන්න  අතිශයින්  සාමාන්‍යයි.

එතකොට  "පිස්සු"  නැහැ කියල  සමාජය කියන උන් ඉන්නෙ. උන්ටත්  ඔහොමම අවුල් තියෙනවා.  ඒව මාට්ටු වෙන්නෙ නැහැ, අපි බොහෝ දෙනෙක්  අර සමාජය කියන  ඉන්ටනෙට්  එකේ  ඉන්න  සම්මත  සන්කල්ප  අස්සෙ අපේ පිස්සු  හන්ගන්  ඉන්න  "පිස්සු"  සමාජයේම කොටසක්.  මාට්ටු වෙන උන්  අපි "පිස්සු" කියල ලේබල් කරනවා. 

අනික  ඒ පිස්සු නැති කියන සමාජයෙත්   ඉතාම ආන්තික මට්ටමට  සම්මතයට වෙනස් කතා  කියන අය ඉන්නවනෙ.  හැබැයි එයාලගෙ ජීවිතෙ අර   සම්මත  රාමුවෙ  ස්ටේබල්  පවතිනවා.  ස්ටේබල් නොවෙන  මට්ටමට  ආපු  අයට  තමා  ලේබලය වදින්නෙ.  ලොකු  වෙනසක්  නැති වෙන්න පුලුවන්.

හැබැයි ඒ ලේබලය වදින තැන සිට  වෙන්නෙ  මාර   අවුලක්.  ශාරිරික  ආබාධ වගේ නෙවි මෙව්ව.  මේවයෙ  සියුම් හේතු  සහ  ඒවට  විසදුම්  දෙන්න ලේසි නැහැ. මන් කිව්වනෙ සොෆ්ට්වෙයා ඒකේ  සෝස් කෝඩ්  නැහැ. ප්‍රශ්න හදන්නෙ කෝමද?  ඉතින් ශාරිරික  අවුල් වලට දෙන   බේත්  සහ  ප්‍රතිකාර වගේ  නෙවි මේවට  දෙන  ඒව අම්බාන  ප්‍රාතමිකයි.  නිකම්  ගෝත්‍රික  සමාජයක් වගේ.  අර  දතක්   රිදේනම්  කට්ටිය  අල්ලගෙන  තඩි  අඩුවෙන්  පන පිටිම්ම ගලවල දාපු,  ඔලුවෙ  කැක්කුමනම්  හිස්  කබලෙ  හිලක්  ගහල  පිලියම්  කරපු  පුරාන  බෙහෙත් වගේ මහ  දරදඩු  බෙහෙත් තියෙන්නෙ. ලාදුරු නම්  කොහේ හෝ කොලනියකට දැම්ම වගේ පොලිසියෙන්  අල්ලගෙන  ගිහින් රිමාන්ඩ් හෝ එහෙම නැත්නම් පිස්සන් කොටු කියන තැන්වලට   දාල ගාල් කරනවා.  මේව  ඒ වින්දිතයාට  දෙන්නෙ තවත් ලොකු පීඩනයක්.

හැබැයි  ඒ දේ  කරන්න වෙනව.  මොකද  මනස  අර  සම්මුති  වලට  සම්පුර්නයෙන්  අවුට් ගියාම් විශාල  ප්‍රශ්න  දක්වා  යන්න ඉඩ තියෙන නිසා.  ැයාලට  ඕනෙ  දියක්  කරන්න දීපල්ල කියනවා නම්  ඇමරිකානු  නිලියක් වන ශැරොන් ටේට් සහ ඇගෙ කුසේ උන්නු දරුවා මරා දාපු  උන්ටත්  එහෙම කරන්න තියෙන  අයිතිය පිලිගන්න වෙනවා  මොකද උන්ගෙ  මන්ස කියන  සොෆ්ට්වෙයා එක  අනුව ලෝකය  වන්සා දමන මහා  කුමන්ත්‍රනයක්  ඒ වෙලාවෙ  සිද්ද  වෙන්න  පටන්ගෙන. ශැරොන් මරා  දාන්න ඕනෙ ඒක නවතන්න නම්. ඒකත්  ඉතින්  හෙන  දාර්ශනිකයි.

ඒ නිසා මේ මිනිස්සු කියන එව්ව දාර්ශනිකය.  මාර ගැඹුරුය  අපිට  තේරෙන්නෙ නැතිය.  උන්ට  වඩා අනිත් උන්ට පිස්සුය වගේ බොහොම ඩ්‍රැමටික් එව්ව කිව්වට අවසන් වින්දිතයා   අර කෙනාමයි.  ඒ කෙනා  සමහර විට  බයෙන් තැව්ල  එහෙම නැත්නම්  ඩිප්‍රෙස්  වෙලා සුයිසයිඩ් කරගෙන  ඉවර වෙන්න පුලුවන්.  තුවක්කුවක්  අරගෙන ගමකට  වෙඩි තියල  දාන්න පුලුවන්.

ඒ  අයට ප්‍රතිකාර කරන්න ඕනෙ කියන්නෙ  ඒ නිසා. මෙතන  ප්‍රතිකාර කියන්නෙ  සමාජය කියන  සම්මුතිගත රාමුව  එක්ක කිසියම්  ලෙසකින් යා කරගතහැකි  මට්ටමකට ගෙන ඒම.  ඒගානට  ආවම  ඇති. කෝමත් ඉන්න හැම එකාටම  යම්  දුරකට පිස්සු තමා. මුන්ටත්  අනිත් උන් වගෙ එ සර්වයිව්  වෙන්න හැකිනම්  ඒ  ඇති.

ඔය වගේ ප්‍රශ්න තියෙන උන් කෝමත්  දාර්ශනිකව  දුරක්  ගිහින් තියෙන්නෙ.  ඒ නිස කතා කලොත්  උන් ඔක්කොටම සම්ප්පුර්න නැති   දාර්ශනික කතාවක් කිව හැකි.  ඒ නිසා ප්‍රතිකාර  අවශ්‍ය මිනිස්සු  එක්ක  දාර්ශනික  සන්වාද කරල උන්ගෙ  ට්‍රැක් පනින තැන් වල මාර ලොකු  සුරන්ගනා  කතා  හදල  ඒව යු ටියුබ්  දාල මාර රැඩිකල්  දෙයක් කිව්ව  කොච්චර  රැඩිකල් ද කිව්වොත් මටත් තේරෙන්නෙ නැහැ කියන තැනට  යන්න එපා.