Friday, January 27, 2012

අදහස් දෙකක්

සසර මහ දුකක් යැයි
ඉපදුම නවතවා
සසරින් පලා යාමට වඩා

නිවිය නොහැකි ඒ මහ දුක
ටිකක් හෝ අඩු කරන්නට
වඩා යහපත් හෙටක්
තනන්නට වෙහෙසීම අගනේ

කිසිවෙකුත් දුකෙන් නොමිදුනද
සැමට දුක අඩු වනු ඇත

-----------

පවත්නා ක්‍රමයෙහි
ඇතේ යැයි දාහක් වැරදි
එය කඩා බිඳ දමනවාට වඩා

අසාධාරණ වූ එම ක්‍රමය තුල
මිනිසුන් දැනුමින් පුරවා
තරමක හෝ සාධාරණයක්
තනන්නට වෙහෙසීම අගනේ

සර්ව සාධාරණ නොවුනද
අසාධාරණය අඩු වනු ඇත


[පිටස්තරයාගේ ලෝකයට දුන් කොමෙන්ටුවකි]

2 comments:

  1. බීට්ල් බෙයිලීගේ කමෙන්ට් එකක්. තාක්ෂණික ප්‍රශ්නයක් නිසා පල වී නොතිබුණි

    --------------

    මම තේරුම් ගත්ත විදියට සසර මහ දුකක් යැයි පලායනවා නෙවෙයි... එහෙම පලා යනවා නම් ඒක මෝඩකමක් බව සැබැයි...

    බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ සසර දුකයි කියා අවබෝධ කරවන්න නෙවෙයි... ලෙඩ වීම, මහලු වීම , මරණය යනාදී මේවා දුක බව අමුතුවෙක් කියන්න දෙයක් නෑ...ආගමක් නොඅදහන කෙනෙක්ට උනත් වැටෙහෙනවා...

    බුදු කෙනෙකුන් පහළ වෙන්නේ සසරේ අසාර බව [තේරුමක් නැති බව] අවබෝධ කර දෙන්නයි... තේරුමක් නැති දෙයක් අල්ලාගෙන සිටීම මෝඩකමක්... ඒ නිසයි අත හරින්නේ...

    -------------

    බීටල් ඒක එක පර්සේප්ෂන් එකක්. සසර හෙවත් ලෝකය ජීවිතය වඩාත් යහපත් කර ගැනීම තව එකක්. මේ පර්සේප්ෂන් දෙකක් ගැන සංසන්දනයක් [ඇත්තටම ඒ සන්සන්දනයත් තව පර්සේප්ෂන් එකක් ම පමණයි]

    ReplyDelete
    Replies
    1. KAWIYA nuba metharam widapath une kumakatada...............ahanna hadawathin.........labeyi agana pilithurak hadawathinma...........itu karamu ape yuthukama....

      Delete