ෆේස්බුක් සමූහයක ඉස්මතු වූ කතාවක්.
කම්කරුවාද ශ්‍රමිකයාද? ලංකාවේ වම වරද්දාගත් මාක්ස් විද්‍යාවේ බරපතල වචනයක් - ශ්‍යාමන් හේමකොඩි
මට හිතෙන්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නය ගැන 1800 ගණන් වල ලෝකෙන් හිතන්න. මොකද මේ වමේ ව්‍යාපාරය අද කතා කරන මූලික රාමුව අයිති වන්නේ ඒ කාලෙට.
ධනපතියා, ව්‍යාපාර හිමියා අන් සියල්ලටම උඩින්, ඒ කියන්නේ, ධනයෙන් බලයෙන් රදල පවුල් පසුබිමින්, සමාජ පිළිගැනීමෙන් හැම අතින්ම පැහැදිලි ධනපති පන්තියක් උන්නු, අවශේෂ සියලු ශ්‍රමිකයින් කම්කරු වහලුන්ගේ ගානට වැටුණු ඒ යුගය. ප්‍රවේනි දාසයන්ගේන් වැටුප ලබන වහලුන්ට ප්‍රමෝට් වෙච්ච නිර්ධන පන්තියක් උන්නු යුගය. ලෝකය පැහැදිලි පන්ති වලට බෙදන්න ඇහැකි, පන්ති අතර වෛරයක් ඇවිලුණු යුගය.
අවාසනාවකට විසි වන සියවසේ මේ දර්ශනය හරි විදිහට යාවත්කාලින කර ගත්තේ නැහැ. අන්ධ භක්තිය හා පුද්ගල වන්දනාව ඉදිරියේ යටපත් වුන නිසා.
අද ඉදිරි පෙලේ සමාගමක මාසෙට ලක්ස ගානක් පඩි ගන්න [ඩොලර් වෙන්නත් පුළුවන්] විධායක නිලධාරියා හෙවත් ශ්‍රමිකයා අයිති වන නිර්ධන පන්තිය හන්දියේ කොමියුනිකේෂන් එකක් දා ගත්තු සමන් පෙරේරාගේ ධනපති පන්තියට වෛර කරනවා කියා කියන්න පොඩ්ඩක් උගුර කහනවා වගේ. පන්ති දැක්ම එක්තරා සුවිශේෂී දේශපාලන ආගමිකයන් පිරිසකගේ අන්ධ භක්තියට පමණක් සීමිත හිතලුවක් වෙන්නේ ඒකයි.
ඇත්තටම මේ වමේ දර්ශනය යාවත් කාලින කර ගත්තු මිනිස්සු හිටියා. නොර්වේ රාජ්‍යය අදටත් පාලනය කරන්නේ වමේ බුවාලා. හැබැයි රැවුල වවාගෙන රතු ෂර්ට් ඇඳගෙන පන්ති වලට සමාජය බෙදා ගෙන ධනපති පන්තියේ කැවුත්ත කන්න කෑ ගහන ඩයිනොසරයින් නොවේ. අවාසනාවට උන් වම්මු ලෙස සලකන්නේ නැහැ මේ ලේබල් වම්මුන්.
වර්තමානයට ඔය පන්ති කියවීම හා නිර්ධන විමුක්තිය ඉන්වැලිඩ්. ඒ කියන්නේ ලෝකේ සූරා කෑම සමාජ අසාධාරණය ධන තන්හාව වෙළඳපොල විසින් මිනිසා වහලුන් කර ගැනීම වගේ දේවල් නැති වෙලා කියන එක නොවේ. ඒවා සිද්ධ වෙන්නේ වෙනස් සන්දර්භ වල. ඔය පරණ පන්ති කියවීම් රෙපයාර් කර කර හිටියට වැඩක් නැහැ දැන්.
අද ඉන්න ඇතැම් ශ්‍රමිකයින් වෙනත් ධනපතියන්ට වඩා ඉහත සඳහන් ක්‍රියාවලියට දායක වෙනවා. අද ඉන්න ලොකුම විනාසකාරියා ප්‍රාග්ධනය නොවේ, අද ප්‍රාග්ධනය කියන්නේ වමේ රටවලුත් ඉල්ලා හඬන බොහෝ වැදගත් එමෙන්ම සමාජ හිතකාරි දෙයක්. අද මිනිසුන්ට ඕනේ ඔය පරණ සීන් නොවේ.
අන්න ඒ ගැන කතාකරනවා නම් ඔය පොසිල දේශපාලනය මැයි පළවෙනිදාට තියා වර්තමානය ගැන වෙනම කතා කරන්න. මාක්ස් ලා ව ඉතිහාසය කියන අල්මාරියට මාරුකර දේශපාලන අල්මාරිය අලුතින් පුරවන්න.

ලංකාවේ වම හදන්න කලින් මාක්වාදය හා ධනවාදය යනු කුමක්ද කියලා ටිකක් ඉගනගත්තොත් නරකද? සාමාන්‍ය තර්ක බුද්ධිය පාවිච්චි කරලා මේ වගේ අදහසක් ඉදිරිපත් කරන එක ලෙහෙසියි. නමුත් ඔබ මාක්ස්වාදයේ හරය හා ධනවාදය යනු කුමක්ද යන්න තේරුම් ගත්තොත් ඔබට ඇති ගැටළු ඉබේම නිරාකරණය වෙයි. ඒකට නම් ඉතින් පොත පත ටිකක් කියවන්න වෙනවා. පත්තරවල යන හෑලි හා දේශපාලන පක්ෂවල පෝස්ටර් කියවලා නම් මේ දෙක මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. අපේ බොහෝ දෙනෙක් මාක්ස්වාදය ගැන දන්නේ එවැනි උඩින් පල්ලෙන් අහුලගත් සංකල්ප අච්චාරුවක් විතරයි.
ReplyDeleteඔබට සැබෑවටම මේක තේරුම් ගන්න ඕනෙනමි මම පොඩි මඟපෙන්වීමක් කරන්නම්. ඉස්සෙල්ලාම දෛලෙක්තික භෞතිකවාදය ගැන ටිකක් ඉගනගන්න. එහි ප්‍රධාන නියමයන් තුනක් තියනවා ඒවා තමයි 1. ඒකත්වය හා ප්‍රතිවිරෝධයන් අතර ගැටුම. 2. ප්‍රමාණය ගුණය බවට පත්වීම. 3. නිෂේධයෙහි නිෂේධය.
දෛලෙකතික භෞතිකවාදය භාවිතා කරමින් ඕනෑම දෙයක් ඉතා ගැඹුරින් තේරුම් ගන්න පුලුවන්. භෞතික විද්‍යා නියමයන්, රසායන ප්‍රතික්‍රියා, හා ජෛව විද්‍යාත්මක සන්සිද්ධීන් පවා පුදුමාකාර විදියට තේරුම් ගන්න මෙම නියම වලින් පුලුවන්. කොටින්ම කියනවානම් මුලු ලෝකයම මෙම නියම මත පවතිනවා කියලා පැහැදිලි කරන්නත් පුලුවන්. උදාහරණයක් වශයෙන් වතුර යම් උශ්ණත්වයකට රත්වෙලා එකපාරටම වාෂ්ව වෙන්නේ ඇයි කියන එකට පිලිතුර මේ නියම වලින් පැහැදිලි කරන්න පුලුවන්.
මාක්ස්වාදයේදී මූලික වශයෙන් මෙම නියමයන් ඇසුරෙන් මිනිස් සමාජය, එහි ආරම්භය, එහි ප්‍රවර්ධනය හා එහි අනාගතය වටහාගන්නට උත්සාහ කරනවා. එහිදී ප්‍රධාන වන සංකල්පයන් තමයි නිෂ්පාදනයේ අතිරික්ත වටිනාකම (ප්‍රාග්ධනය බිහිවන්නේ එතැනින්) හා පන්ති අරගලය.
මාක්ස් එංගල්ස් වාදය ඔබ හිතන විදියට කවදාවත් කුණු කූඩයට විසිවෙන්නේ නැහැ. සොබාදහම හා මනුෂ්‍ය සමාජය ගැන මනුෂ්‍ය වර්‍ගයා සතු අග්‍රගන්‍ය දැනුමක් එහි අඩංගු වී තිබෙනවා. එය තේරුම් ගන්න එකත් හිතන තරම් ලෙහෙසි නැහැ. දේශපාලනයට වඩා මෙහි වටිනාකම ඇත්තේ සමාජ විද්‍යාව, භෞතික විද්‍යාවන්, හා දර්ශණය යන විශයන් වලටයි. ඩූරිං විරෝධය, සොබාදහමේ දෛයිලෙක්තිය, ප්‍රාග්ධනය වැනි පොත පත නැවත නැවත පරිශීලණය කිරීමෙනුත්, මෙම විශය හා බැඳුනු දර්ශණය, ගණිතය, විද්‍යාව, ඉතිහාසය වැනි විශයන්ගේ හසල දැනුමක් ලබාගැනීමෙනුත් පමණක් මෙය හොඳින් තේරුම් ගත හැකියි.
අන්තිමට කියන්න තියෙන්නේ තමන්ට තේරෙන්නේ නැති දෙයක් විසිකරන්න කියලා ඔබ කියන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ කියලයි.
ස්තුතියි ඔබේ දැනුම බෙදා ගත්තට. එහෙනම් ඔබතුමා නිරවුල් කර දෙන්නකෝ අර විධායක නිලධාරියා හා සමන් පෙරේරාගේ පරස්පරය.
Deleteප්‍රායෝගික මට්ටමේ ගැටළු තියෙන දර්ශනයකින් කොහොමද ඔබ ඔය කියන තැනට එන්නේ.
දර්ශනයක් ලෙස ඕනෑම එකක් එහි ඉගැන්වීමෙන් ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්. කිතුනු දර්ශනය අනුව දෙවියන් වහන්සේට භක්තිමත්ව ඉන්නවා නම් ඔක්කොම ලෝකය යහපත් වෙනවා. බෞද්ධ දර්ශනය අනුව එහි මූලික මූලධර්ම වලට අනුගත වන්නේ නම් ලෝකය යහපත් වෙනවා. ඔය ඕනෑම ඇදහිලි රාමුවක් එහෙමයි. අනික ඔය ඕනෑම ඇදහිලි රාමුවකින් ඕනෑම කාරනාවක් පැහැදිලි කරන්න පුළුවන්. භෞතික විද්‍යා නියමයන්, රසායන ප්‍රතික්‍රියා, හා ජෛව විද්‍යාත්මක සන්සිද්ධීන් පවා පුදුමාකාර විදියට තේරුම් ගන්න දේව ඇදහිල්ලෙනුත් බැරි නැහැ. එ එය අදහන්නන්ට.
ප්‍රශ්නය තියෙන්නේ ඔය කියන කතා ප්‍රායෝගික තලයේ අතාත්වික වීම. කල නොහැකි වීම.
මම මාක්ස්වාදය නොදන්නා නිසා එය එලවන්න කිව්වේ නැහැ. නොදන්නා කාරනා ඕන තරම් තියෙනවා. එහෙත් දන්නා තරමින් මාක්ස්වාදය නොකළ හැක්කක් නිසාත් වර්තමානයට් නොපෑහෙන නිසාත් එය ඉවත් කරන්න කියා කිව්වේ.
මේ සටහනේ මාක්ස්වාදයේ අඩුපාඩු හා යල්පැනගිය බව ගැන මම ඇතැම් අදහස් සමුහයක් මතු කරනවනේ. මම වැරදියි කියමුකෝ. ඉතින් ඔබතුමා ඒවා නිවැරදි කරන්නකෝ.
Replace a couple of words here and there in this comment and you'll have the common defense any religious asshole puts forward.
DeleteThe reason why philosophy should stay as philosophy and not try to be science is clearly seen here.
In most cases Marxism behaves almost equal to a religion, and no wonder why some core marxists don't hold other religions.
Deleteමාක්ස්වාදය යනු යමක් කරන්නට ලියූ උපදෙස් පද්ධතියක් නොවේ. එය මිනිස් සමාජය හා එහි යාන්ත්‍රණය තේරුම් ගැනීමට කල අගනා උත්සාහයකි. එනිසා එය අරභයා ප්‍රායෝගිකද හෝ ප්‍රායෝගික නැතිද කරන්න පුලුවන්ද බැරිද යනුවෙන් ගැටළු පැන නොනඟී. එය කුණු කූඩයට නොයන්නේ එහි ඇති අහවල් ප්‍රායෝගික බවක් නිසා නොවේ. ඒකයි මම කියන්නේ යමක් විවේචනය කරන්න කලින් ටිකක් හොයලා බලන්න කියලා. ඔයා කරන්නේ හරියට ලී බල්ලෙක් දිහා බලාගෙන මූ බුරන්නෙත් නැහැ කන්නෙත් නැහැ කියලා හතර වටේටම කෑගහනවා වගේ වැඩක්. අඩුගානේ මම කියපු පොත් තුන ගැන තියන විකිපීඩියා පිටු තුනවත් කියවලා බලන්න.
ReplyDeleteඉතින් දෙයියනේ කවුද කුණු කූඩෙට දාන්න කිව්වේ. "මම කිසි දෙයක් දන්නේ නැහැ, කිසිම අදහසක් කියන්නේ නැහැ" කිව්වා සොක්‍රටීස් අන්කල් ගැනත් අදටත් මිනිස්සු හදාරන්නේ. මාක්ස්වාදයත් හදාරන එකේ වරදක් නැහැ. හැබැයි එය අයිති වෙන්න ඕනේ ඉතිහාසයට. වර්තමානයට නොවේ. ඉතිහාසයේ පවතින දර්ශන අපි හදාරනවනේ. කිසි ගැටලුවක් නැහැ එ ගැන.
Deleteකට්ටියක් හදන්නේ මාක්ස්වාදය මත වර්තමානය පදනම කරන්න. අන්න එතනයි අවුල.
මං කිව්වේ බල්ලා ලී බව පමණයි. ඌ ලව්වා බුරෝ ගන්න වෙහෙසෙන මිනිසුන් ඉන්න නිසයි එහෙම කිව්වෙත්.
මාක්ස්වාදය යනු ප්‍රාග්ධනය හිමි වූවන් නෙරපා හැර කම්කරැ බලයෙන් ආර්ථිකයක් සමෘද්ධිමත් බවට ගෙන යා හැකි යැයි උසිගන්වමින් ලියූ උපදෙස් රැසකි. එය 1919 සෝවියට් රුසියාවට කළින් පිළිගත්තේ සහ අනුගමනය කරන්නට පෙරමුණ ගත්තේ යුරෝපීය රටවල්, විශේෂයෙන් ම ජර්මනිය සහ ඔස්ට්‍රියාව. එහෙත් මාක්ස් විසින් ප්‍රාග්ධනය යන්න තමන්ට උවමනා පරිදි අර්ථ දක්වා මාක්ස්වාදය හැදුවත්, සත්‍යය ලෝකයේ එය එසේ සිද්ධ වූවක් නොවන බව වසර කිහිපයක් තුල වැටහී යෑම නිසා ජර්මනිය සහ ඔස්ට්‍රියාව බංකොළොත් බැවින් ගොඩ එන්නට මාක්ස්වාදයෙන් ඉවත් වූහ. http://www.randora.lk/index.php/opinion/aruni-shapiro/item/1099-ludwig-von-mises
Deleteඑය ප්‍රායෝගික නොවන බව වටහා නොගත් පසුව ඊට උත්සාහ ගත් සෝවියට්, චීන උත්සාහයන් අසාර්ථක වූ අතර වර්තමාන කියුබාව ද එයින් ගොඩ එන්නට ක්‍රම සොයයි.
මාක්ස්වාදය නම් අරමුණක් ඉෂ්ට කරන්නේ කෙසේදැයි පැහැදිලි නොකර එහෙත් මහත් ජනතා හිතවාදී වූ අරමුණක් ගැන පාරට්ටු බාන ලද මුලාවකි. එය හැදෑරීම කළ යුත්තේ එකම එක පරමාර්ථයක් ඉෂ්ට කරගැනීම සඳහා ය. ලෝකයේ කිසිවෙක් නැවත වතාවක් මෙවැනි මුලාවකට හසු නොවෙන්නට ය, අසරණ මිනිස් ජීවිත විනාශ වී යන්නට ඉඩක් නොදීම සඳහා පමණි!!!!
මේ ලෝකෙට හඳුන්වලදුන්න එක වාදයක්වත් සර්වකාලීන නැහැ.. කාලයත් එක්ක හැමදේම වෙනස්වෙනකොට ඔය වාද යල්පනින එක නවත්වන්න බැහැ.මම පිළිගන්න එකම වාදය දේශනාකළේ බුදු හාමුදුරුවෝ.. හැමදේම වෙනස්වෙන සුළුයි.. තන්හාව පැවැත්මට මුලිකයි.. මනුස්සයා කියන්නේ තන්හාවේ පලයක්.. ඔය පරම සත්‍යය ඔහොම තියෙද්දී මොන න්‍යායවාදීන් මොන තරම් වාද කලත් සුපිරි පාලන ක්‍රමයක් මේ ලෝකේ බිහි කරන්න බැහැ. මනුස්සයාගේ මනස දියුණු කිරීම තුලින් මොන වාදෙන් හරි යම් ප්‍රමාණයක හොඳ ප්‍රතිපල ලැබේවි..
ReplyDeleteදියුණු මනසක් ඇතිනම් පුද්ගල වන්දනාවෙන් මිදී හැම දර්ශනයකින්ම යහපත් පැත්ත උකහා ගන්න මිනිසාට පුළුවන්. සමාජවාදී අදහස් එහෙම යෙදෙන තැන ලෝකේ නැතුවා නොවේ. මගේ ගැටලුව ඇත්තේ එක්දහස් අටසිය ගණන් වල දර්ශනයක දේව රාජ්‍යය බිහි කරන්න වෙහෙසෙන්නන් සමගයි.
DeleteHow about this/
ReplyDeletehttp://maruwaxx.wordpress.com/2012/05/29/%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA-%E0%B7%84/
R
Chan
Links can't be pasted? However cut-paste above it will go...
ReplyDeletetype
DeleteCAPTION
Uppercase ones are meta-terms
Sounds right to me...
ReplyDeleteR
Chan
tks
Delete