Friday, July 11, 2014

ආගමේ සන්නද්ධ අංශය හා ආගමේ දේශපාලන අංශය

කාලයක් තිස්සේ මට ලියන්න ඕනේ කරලා තිබ්බ දෙයක් අසම්මතයා "නිදහසේ" ලියලා ටික කලකට පෙර. අදයි මම දැක්කේ. 

මෙන්න මුළු ලිපිය: අපි රැශනල් ආගම්කාරයෝ

මට එකතු කරන්න තියෙන්නේ බොහොම ටිකයි.

ආගම්  මත පදනම් වූ   රැශනල් දර්ශනයක් හදන්න පුලුවන්  අදහස්  චෙරි පික් කරල. මේකට හේතුව හැම ආගමකම සැහෙන සාධාරණ තාර්කික හා නිවැරදි කාරනා පිරී තිබීමයි. ආගමික නායකයින් කියන්නේ [මිනිහෙක් ආගමික නායකයෙක් වෙන්නේ] ඔහු හෝ ඇය තත්කාලීන සමාජයට වඩා මට්ටමක් ඉදිරියෙන් උන්නු නිසා. ඒ නිසා මේ මිනිසුන්ට ලෝකය ගැන හොඳ නාඩි වැටීමක් තිබ්බා. ඒ නිසාම හැම ආගමකම බොහොම නිවැරදි දේවල් තියෙනවා. පහසුවට කියමු ආගමෙන් 50%ක් සත්‍ය හා නිවැරදි දේවල්.

එහෙත් ආගම් වල තියෙන ලොකුම දුර්වලකම තමා ඊළඟ පේලියේ හද්ද ගොන් ගොබ්බ බූරු වනචාරි, ප්‍රාථමික, ම්ලේච්ච දෙයක් ලියවී තිබෙන්නට ඇති ඉඩකඩ. ඒක පුද්ගල දර්ශන නේ. ඒ අයගේ කාලවල ඉගැන්වීම් වලින් සපුරා ස්වායත්ත නැහැ. ඉතින් එයාලගේ පූජනීය කරගත්තු ස්ථාවරයත් එක්ක මේ කතා ලියවෙන්නේ. එයාලගේ සුට්ටම් රටවල තිබ්බ චූටි චූටි ප්‍රශ්න තමා මහා නපුරු බියකරු විශ්වීය අර්බුද, අපාගත වන පාපී ක්‍රියා ආදී ලෙස එලියට එන්නේ.

ආගම තදින් අල්ලාගෙන ෆොලෝ කරන උන් තෝරාගන්නේ අර දෙවෙනි වර්ගේ ඒවා. මොකද ආගම තදින් බදාගෙන යන්න දෙවෙනි වර්ගය අවශ්‍යයි. ආගම් ලිහිල්ව අරගෙන රැෂනල් ලේබලයක් එක්ක ෆොලෝ කරන උන් [සහ ආගම් ඔක්කොම මාර සිරා කියා හිතන අන්යාගමිකයන්] කරන්නේ ඒ දෙවෙනි වර්ගය දිහා නැසූ කන්ව  වැසුනු දෑස්  සහිතව සිටිමින් පළමු බාගේ ප්‍රොමෝට් කරන එක.

හේතුවාදීන් ගැනත් යමක් කියන්න ඕනේ. හෙතුවාදීන්ගේ ලොකුම අර්බුදය තමා ආගම් ඇත්තෙන්ම 50% ඇත්ත වීම. බොහෝ හෙතුවාදින්ට තියෙන්න ඇරියස් එකක් පමණයි. ඒ නිසා උන් ඇත්තෙන්ම හේතුවාදීන් නොවේ. ඇන්ටි ආගමිකයන්. උන් කරන්නේ ආගමට ගහන්න ඕනේ නිසා ආගම ඇතුලේ තියෙන ඇත්ත 50% බොරු කරන්න දවල් රෑ නැතුව වෙහෙසෙන එක. හේතුවාදීන් හෝ නිරාගමිකයන් ඉන් ජෙනරාල්, කවදා හෝ සාර්ථක වන්නේ මේ ආගමේ කියාපු සත්‍ය 50% එසේ වන බව පිළිගන්න තරම් සාවධාන මනසක් හා අවංක සිතුවිල්ලක් ආපු දාට. ආගම විවේචනය කල යුත්තේ එහි සංයුක්ත ක්‍රියාකාරකම නිසා විනා එකින් එක බොරු කරමින් නොවේ. ඇත්ත කොටස ඇත්ත බව පිළිගනිමින් අවුල් කොටස පෙන්නා දීම විනා ඔක්කොම බොරු කරන්න යාම තේරුමක් නැති කතාවක්. හේතුවාදීන් එසේ වෙනතුරු හැසිරීමෙන් ඒ කට්ටියත් සමාන වන්නේ තවත් ආගමික කල්ලියකට.

කෙසේ වෙතත්  ඔය රෂනල් ආගමිකයන්ගේ සියවස් ගානක දීර්ඝ කාලින පැවැත්මට ආගම ආරක්ෂා කර දෙන්නේ අන්ධ භක්තික තදින් අල්ලා ගත් ආගමික අන්තවාදය. අන්තවාදීන් නැතිනම් ලෝකේ මේ එක ආගමක් වත් දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඒ අන්තවාදයේ මොලේට කවදා හරි ආගමේ අවුල තේරීම වලකා ආගම මාර සිරා දෙයක් කියා මතවාදයක් සමාජගත කරන්නේ අර බොහොම නිවුණු රැෂනල් ආගමිකයන්. මේක හරියට සන්නද්ධ අංශය හා දේශපාලන අංශය වගේ අන්යෝන්ය සම්බන්ධයක්. ඔය මෑඩ්නස් දෙක මැද්දේ මේ නිල කොළ බෝලේ  පෙරළෙනවා ආසාදිත ප්‍රමුඛ ජෛව ප්‍රබෙදයක් එක්ක. තාමත් ඒ බෝලේ වැඩවලින් 90% තීන්දු ගන්නේ ඔය අංශ දෙක.

ස්තුතිය අසම්මතයට. හොඳ ලිපියක්.

3 comments:

  1. ලොව යමෙක් යමෙකු අදහන්නේ හෝ ඔහුගේ පිහිට පතන්නේද.. ?? එතෙක් , මෙය හුදෙක් පැණයක්ම පමණි..

    ReplyDelete
  2. යාලු ෆිට් එකට මොන කොපි රයිට්ස් ද බන්..

    ඒත් එක්කම කොකාගේ අදහස් වලට 100%ක්ම වගේ එකඟ බව කියන්න ඕනේ. මේ සම්බන්ධව ඇත්වන කතිකාවතේදී ඔය රැෂනල් කොටස හෙවත් 'දේශපාලන අංශය' ගැන සාකච්ඡා වෙනවා, විවේචනය වෙනවා සෑහෙන මදි කියන එකයි මගෙ මතය.

    ReplyDelete
  3. හේතුවාදියෝ එකම හොල්මන ගොඩක් දෙනාට පෙනුන විට ඒක පැහැදිලි කරන්න මාස් හිස්ටීරියා කියන වචනේ පාවිච්චි කරනවා
    මට තියෙන ගැටලුව ලංකාවේ දෙමල ජනතාවට තියෙනවය කියන ප්‍රශ්නයත් මාස් හිස්ටීරියාවක් කියන එක හේතු වාදියෙක් නෑනේ

    ReplyDelete