Thursday, September 17, 2015

එන්න ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශයට

[කතාවට  පදනම  සැකසු  නදීෂා  හා රේශිකා  දෙදෙනාටත්,  මගේ මුල්  ලියමනේ  ඇද  අරින්න  උදව්  කළ  සැමටත් ස්තුතිය]

කාලේන ධම්ම සාකච්චා කියාගෙන සයිබරයේ නැගලා යන සංවාදයක් තිබ්බා. එක්තරා බෞද්ධ උපනිකායක [හෝ වෙන මොකද්ද එකක] හාමුදුරු කෙනෙක් කිව්වලු හරියට වැන්දේ නැත්නම් ඒ පාපයට අඩුකුලේ වෙලා උපදිනවා කියලා.

කෙනෙක්  මේකට  විරෝධය  පල  කරනවා. ප්‍රතිවාදී පාර්ශ්වය කියනවා ඒක එහෙම්ම බුදුහාමුදුරුවොමත් කියලා තියෙන එකක්ලු. ඉතින් බුද්ධ භාෂිතය හාමුදුරු කෙනෙක් දේශනා කිරීමේ අවුලක් නැහැල්ලු. එතකොට ආයිත් එනවා කතාවට ඒ වුණාට මේක වැරදි කතාවක් නේද බුදු හාමුදුරුවෝ ඒ කාලේ එහෙම කිව්වනම් එයත් වැරදියි කියලා. එතකොට එන උත්තරේ, එහෙම වෙන්නේ කොහොමද බුදු හාමුදුරුවෝ කිව්ව දේ අකාලිකයි ඒ නිසා මේක හරි වගේ අදහසක්.

මගේ අදහස් දැක්වීම මේ බුද්ධ භාෂිතයක් ද නැද්ද කියන බෞද්ධ මතවාදය ගැන නොවේ. ඒ නිසා මේක ඒ පෝස්ට් එකේ "ඉඟුරු දෝෂියක් වඩේකක් පොඩි චුවින්ගම් එකක්" වගේ විකිණීමක් ලෙස සැලකුවත් කමක් නැහැ. මේක ටිකක් හොලිස්ටික් කතාවක්.

ආගම් සියල්ලකම පවතින මූලික ලක්ෂණයක් තමයි ශාස්තෘ කේන්ද්‍රික භාවය. ශාස්තෘ මත හැමවිටම උත්තරීතර සර්වඥ බවක් ආරෝපණය කර ශාස්තෘ ගේ තීරණය අවසාන තීරණය ලෙස සලකන ගතිය. නමුත් අප දැනුම එකතු කිරීමේ ක්‍රියාවලියේදී කරන්නේ දැනුම නිර්මාණය කිරීම. ඊට ශාස්තෘන් නැහැ. දැනුම ලබාගත් පසු එහි හිමිකරුවා අපමයි. ඕවරයිඩ් කරන බලයක් ඉස්සර උන්නු මිනිහෙකුට නැහැ. අප හා වෙන ඕනේ එකෙක් සමානයි.

ඉතින් මේ දෙක ආකෘතික ව දෙකක්. ඉස්සරින්ම ඒක වටහා ගන්න ඕනේ.

ආගම් බිහිවුනේ ඇතැම් පර්ස්පෙක්ටිව් වලින් පසුගාමී හෝ නොදියුණු කාලෙක. ස්ථිරවම දැනුම හා බුද්ධි වර්ධනය අතින් පොදු සමාජය උන්නේ වර්තමානයට පහළ. ඒකයි ආගම් වල සුන්දර දේවල් ඔක්කොම අතීතකාලින ගූඩ ලෝගුවල එතුණු මූසල ලුකින් තැන් වෙන්නේ. දිවියලෝක හොඳ උදාහරණයක්. ඒ ආකරයටම ආගම නිර්මාණය කරන චින්තන පරිසරයත් අතීත කාලීනයි. අවුට්ඩේටඩ්. එව්වයේ සම්මුති හොඳ නරක ආදියත් එහෙමමයි. ආගමික නායකයාගේ ලෝක දැක්මත් එහෙමමයි.

අකාලික ලෙස හැමදේටම යෙදිය හැකි ආගමක් නැහැ. අකාලික බව කියවන්න ඕනේ 
බුදු දහමේ කියලා තියෙන කතාව තුල පමණයි. එනම් එහි කියවෙන මූලික ජීවන හරය තුල. අකාලික කිව්වේ එයට. හැබැයි අකාලික ලේබලය යටතේ බුදුන් කියපු ඔක්කොම එව්වා ඕනෙම දේකට දාන්න බැහැ.

කොටින්ම  මේක  ලිව්ව  ගමන්  කට්ටිය  මට  ඉන්බොක්ස්  කරනවා  බලන්න  අභිධර්මයේ  පරමාණු  ගැන  කියලා  තියෙනවා  තව  අරක  මේක  ඔය  විද්‍යා  කතා කියලා  තියෙනවා ආදී  ලෙස.
  අවුල  මේ  මිනිස්සු  සර්වඥ  අකාලික  කතාව   වචනාර්ථයේ  එල්බ  ගෙන ඉන්න එකයි. 

සර්වඥ  කියන්නේ  ලෝකේ  පවතින  හැම  හූණු  බිකක්ම  බුද්ධ  ඥානයේ  කියවා  තිබ්බ  බව  නොවේ.  අකාලික  කියන්නේ  ලෝකේ  සමාජයේ  වෙන  හැම  කෙහෙම්මලකටම බෞද්ධ කියවීමක්  ඉගැන්වීමක්  තියෙන  බව නොවේ.  ඒ  වචන වැලිඩ්  වෙන්නේ  බුදුන්  වහන්සේ  කතා  කරන්න උත්සහ  කල  මාතෘකාව  ගැන.  ඉතිරි  වල්පල්  උන්වහන්සේට  වැඩක්  නැහැ.
සර්වඥ  අකාලික  කතාව අදාළ  වන්නේ ඒ හරයට  පමණයි.

ඒ වගේම ඊ ළඟ කතාව තමයි බුදුදහමේ කියන ඔය හරය හරිද? අකාලික වෙන්න තියා ඕක නිවැරදි දෙයක්ද? ඔකේ වැරදි නැද්ද ආදී කතා. මෙන්න මෙතැනදී අපි අර කලින් කිව්ව ප්‍රශ්නේ එනවා. බෞද්ධයා ගන්නේ ශාස්තෘ හරි කියලනේ. ඒ නිසා සෙසු සංවාදය කෙරෙන්නේ බෞද්ධ නොවන හෝ ආගම හැර යමින් ඉන්න රාමුවක. මම එහෙම කෙනෙක්. මට බයනැතුව හිතන්න පුළුවන් බුදු හාමුදුරුවෝ කිව්ව එක හරිද වැරදිද කියලා. අපාගත  වේවි  කියලා  එහෙම  හිතන්නවත් බයේ ඉන්න  අර්බුදය  මට  නැහැ.

ඒ වගේම දාර්ශනික නිවැරැද්ද ඉක්මවන කුල කතාවක් වගේ සාමාජිය දේකදී ඒක විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා බෞද්ධ උනත් නැතත්. බුදු හාමුදුරුවෝ කිව්වා කියලා ඉමියුනිටි දෙන්න බැහැ. එහෙනම් ඉතින් නබි තුමාගේ දේශනා අමු අමුවේ කොපි කරනවා කියන සමහරු කරන දේවලුත් හරි වෙන්න එපයි. සාමාජියව වැදගත් වෙන තැනකදී අපිට අහවලාගේ දේශනා ඒ අහවලාගේ මොන ලොකුකමටත් උඩින් විවේචනය කරන්න අයිතිය තියෙනවා.

දැන්  මෙතැනදී  තව  වැදගත්  දෙයක්  කියන්න  ඕනේ.  අපි  මුලින්ම  කිව්වා ආගමික  නායකයාගේ ලෝක  දැක්මත් 
අවුට්ඩේටඩ් කියලා.  ඒ  නිසාම් අපි  පිළිගන්න  ඕනේ  ඒ  අතීත  යුගයේ  සමාජ  රාමුවලින් හිතලා  කියපුවට  වර්තමාන රාමුවලින් මැනලා  බණින  එක  වැරදි  බවත්.  පළමුවෙන්ම  එකල සමාජයේ  සාමාන්‍ය  තත්ත්ව  වන කුල  වාදය  වහල් භාවය වගේ  දේවල් ගැන  ඒ  ආගම්  වලට  කතා කරන්න වෙනවා.  ඒ  වගේම  ඒවාට  සම්මුති නීති  හදන්න වෙනවා.  එබ්‍රහමික  ආගම්  වහලුන්ට  හොඳින්  සලකන  හැටි  උගන්වලා  තියෙනවා.  එපමණකින්  අපිට  බණින්න  බැහැ  ඒ  ආගම්  වහල්  මෙහෙය ප්‍රොමෝට්  කළා  කියලා.  බුදු දහම  කුල වාදය  ප්‍රතික්ෂේප  කළත්  එකල  සමාජයේ  සරල  සිද්ධි  වන කුල කතා බුදු  දහමේ  අඩංගු  වෙනවා.  

අවුල  තියෙන්නේ  මේ  පැරණි  ජාගන්  හලලා  ආගමේ  හරය  නොගෙන  අපේ  දහම  අකාලිකය  එබැවින්  එහි  සියලු  ජාගන්  ද  පරම  සත්‍ය  වේ  කියලා  දැඩිව  එල්බ  ගැනීමෙහි.  මෙහෙම  කරන  සමහර  මුස්ලිම්මු  අන්‍යාගමිකයන්  වහල්  කමට  ගන්නවා  සිරියාවේ.  අන්න  ඒ වගේ  වැඩක්  තමයිමේ  හාමුදුරුවො කළ  බව කියන  කතාවෙනුත්  පෙනෙන්නේ.  බුදුන්  ගේ  දේශනාවක  තිබ්බ  කියලා  අදට  නොගැලපෙන  කුලවාදයක්  පතුරන  එක.

හැබැයි අපට මේ කතිකාවේ  කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ ශාස්තෘ වරයා සුවීට්. එයාගේ  සුප්රිමසි  එක  අකාලික  බව  සර්වඥ  බව  100%  හැම දේටම  වලංගුයි. මෙව්වා පස්සේ ආපු අමනයින්ගේ කතා කියලා උන්ට විතරක් බනින්න. අපි ආගමික ව්‍යුහය ප්‍රශ්න කරනවා නම්, ආගමික ඉගැන්වීම් විවේචනය කරනවානම් ආගමික නායකයාට සුවීට් බබා හෝ  උත්තරීතර තැන දෙන්න බැහැ. ආගමේ ඉඳගෙන ඒක කරන්නත් බැහැ. එදාට තමන් නොදැනම තමන් නිරාගමිකයෙක් නිදහස් චින්තකයෙක් වෙලා ඉවරයි.

සැබෑ නිරාගමිකත්වය නිදහස් චින්තනය කියන්නේ ඕකට මිසක් ශ්‍රී මහා බෝධිය දරට විකුණන්න, දළදාමාලිගාවේ හෝටලයක් හදන්න ලොරි ටෝක් දෙන ජනප්‍රියවාදයට නොවේ. ආගමික නායකයාගේ රොම්බ දාර්ශනික කතා බය නැතිව ඩයිසෙක්ට් කරන එකට.

එන්න එලියට. කතාකරන්න නිදහසේ. මේ ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශය.

9 comments:

  1. රායිට්... එකඟයි.කෙනෙක් ශාස්තෘ කෙනෙක් වෙන්නෙ කොහොමද? ඒ කෙනා එයාට අනන්‍යවූ මතයක් ඉදිරිපත් කරනවා.එතකොට ඒ මතය තුලට තමා අනුගාමිකයන් එක් රැස් විය යුත්තේ.නමුත් ඒ මතයේ ඇති ගැඹුරු තැන් අනුගාමිකයන්ට එක්වරම මතු පිටින් ග්‍රහනය නොවෙන්න පුලුවන්.එතකොට එයාට හිතන්න පුලුවන් තමුන්ට මේ තාක් තේරුන දේවල් අර 'මතය' සමඟ ගලපලා බලලා ඇත්තටම මෙහෙම වෙනවද? කියලා.උදාහරණෙකට 'නිවන'.ඒ කියලා තියෙන පාරෙ මඟ ලකුණු තමුන් පහුකරගෙන ආව නම්,ඉදිරියටත් කියලා තියන පාර හරි වෙන්න ඕනෙ කියන විශ්වාසයක් ගොඩ නැඟෙන්න ඕනෙ.මොකද යන්නෙ නොදන්න පාරක නෙ.වෙන වෙන තැන් වලට හැරුනොත් පාර වරදිනවා.ඉතින් අර කියපු පාර හරි කියලා ගන්න එකට අපිට කියන්න පුලුවන් ශ්‍රද්ධාව කියලා.නමුත් ශ්‍රද්ධා සම්පන්න වෙලා කරන්න ඕනෙ කියපු පාරෙ යන එක මිසක් වෙනත් වාද සමඟ ගැටීම නෙමෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  2. බොහොමයක් දුරට .එකඟයි ..

    ReplyDelete
  3. ඔය ආගම් සහ පරණ දර්ශන අකාලිකයි නැත්නම් සර්වකාලීනයි වෙන්නේ අහම්බයකින් නොවෙයි. මට හිතෙන විදිහට කතන්දරේ මෙහෙමයි. ඒ කාලයේ ඉන්ද්‍රියයන් සහ ඉන්ද්‍රිය විෂයයන් අතර අද වගේ ඇටවුම් තිබුනේ නැහැ. ඒ නිසා හැම භෞතික දෙයක්ම ග්‍රහණය වෙන්නේ කෙලින්ම පංචේන්ද්‍රියන්ට. එතකොට එයින් නිරාවරණය වන කොටස ඉතා සීමිතයි. එතකොට ඉතුරු හරිය කරන්න වෙන්නේ සයවන ඉන්ද්‍රිය වූ මනසේන්ද්‍රියෙන්. ඒ නිසා වැඩි බර ගියේ එතෙන්ට. මේ නිසා ඒ දාර්ශනිකයින් අනිවාර්යයෙන් පෙළඹෙන්නේ සෑම දේම පහදා දෙන්න පුළුවන් ආකෘතියක් ගොඩ නගන්න. ඒ නිසා ඕනෑම දෙයක් ඒක ඇතුළට අරගෙන පහදලා දෙන්න පුළුවන් 'සනාතන ධර්ම' තමයි ඔවුන් ගොඩ නගන්නේ. මේක වෙනස් වෙන්න පටන් ගන්නේ ඉන්ද්‍රියයන් සහ ඉන්ද්‍රිය විෂයයන් අතරට අනෙකුත් ඇටවුම් එන්න පටන් ගත්තට පස්සේ. අන්වීක්ෂය පියවි ඇහැට පේනවට වඩා දේවල් බලන්න ඉඩ විවෘත කළා වගේ. ඊට පස්සේ මේවා වඩාත් භෞතික වූ ශාස්ත්‍ර බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට අර සනාතන ධර්ම ගොඩ නැගීම වෙනුවට භෞතික සාධක මත එක් එක් දේවල් නීර්ණනය වෙන්න පටන් ගන්නවා. ඒත් ආගම් තවම ඉතුරු වෙනවා ඒ විදිහටම මැරිලා යන්නේ නැතිව. වෙන එකක් නිසා නොවෙයි මිනිසුන්ට මේ සර්වකාලීන දේවලට තිබෙන ආසාව කවදාවත් කෙළවර නොවන නිසා.

    ReplyDelete
  4. These are few of my previous writng
    //ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම, පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ. ///

    //බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. // so Loard Buddha did not expect to his word to be Akalika? isn't it


    ReplyDelete
  5. අපේ සින්ඩියටත් දා ගත්තා... ජයවේවා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  6. ලක්ෂාන්September 24, 2015 at 7:14 AM

    සුජිව

    නියම ලිපියක් - කියන්න ඕන දේ ලෙසටම කියල තියනවා

    ReplyDelete
  7. සරළ විහිළුවක් වැනි උදාහරනෙකට බුදු හාමුදුරුවන්ට සොෆ්ට්වෙයා ප්‍රෝග්‍රමින් බැහැ සර්වඥයි කිව්වට.
    ඔබ තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය හෝ විකිපීඩියාවේ Omniscience කියන අාටිකල් එක කියවලා තියෙනවා නම් හිතේවි මේ ලිපියේ කර අැත්තේ මුව හමට තඩි බෑමක් බව.

    ReplyDelete
  8. සරළ විහිළුවක් වැනි උදාහරනෙකට බුදු හාමුදුරුවන්ට සොෆ්ට්වෙයා ප්‍රෝග්‍රමින් බැහැ සර්වඥයි කිව්වට. බුදු දහමින් ඒ කන්සෙප්ට්ස් පැහැදිලි කෙරෙන්නේ නැහැ අකාලිකයි කිව්වට.
    හේතු ඵල සිද්ධාන්තය නෙවේද ප්රෝග්රමිං වල තියෙන්නෙත් (cause and effect) . අනිත් හැම හූණු බිකක වගේම.

    ReplyDelete
  9. ඔබ බුද්ධිමය වංචනිකයෙක් නොවේ නම් ඉහත කමෙන්ට් 2 ගැන ඔබේ අදහස් දැන ගැනීම වටිනවා.

    ReplyDelete