එදිනෙදා ජීවිතයේදී නිරාගමිකයන්ට ආගමික ස්ථාන වලට යාමට හෝ අවස්ථා වලට සහබාගි වීමට සිදු වේ. එවැනි අවස්තාවක ආගමික ක්‍රියාකාරකම් වලට කිසිසේත් සහබාගි නොවීම සමාජීයව සැලකෙන්නේ අන්තවාදී නොහොබිනා ක්‍රියාවක් ලෙසිනි. ඇතැමෙක් එසේ කිසිසේත් සහභාගී නොවී එතන සිටියත් බොහෝ නිරාගමිකයන් අතින් ටෝකන් සහබාගිත්වයේ සිට ක්‍රියාකාරකම් මග හැරීම දක්වා එක එක වැඩ කෙරෙනු ඇත.
මම නම් ටෝකන් සහබාගිත්වයක් පෙන්වන කෙනෙක් මි. එනම් බෞද්ධ සහබාගි වීමක වැඳගෙන සිටීම, භික්ෂුන්ට වැඳීම, ක්‍රිස්තියානි දේශනයක සබාව සමග හිටගෙන සහ ඉඳගෙන සිටීම [ක්‍රිස්තියානි දේශනයක් යනු ඉඳීන්-සිටීන් එක්සසයිස් එකකි] මගෙන් බලාපොරොත්තු විය හැකිය. වෙන එකෙක් වෙනස් ආකාරයක ක්‍රියාවක් කරනු ඇත.
එසේම මේවා මෙහෙමම කියා අපි හාඩ් ෆික්ස්ඩ් හදාගෙන ද නැත. සිඩ්නි පන්සලක පැවැත්වෙන එක්තරා උත්සවයකට කීප වරක් සහබාගි වී ඇති අතර ඒ අවස්ථා වල බණ මඩුව පැත්තේ නොයා වෙනත් ක්ලීනින් සර්විස් එකකට සප් එකක් දී ඇත. ගෙදර ඉද්දි වැඩිහිටියෙකුගේ දානමය අවස්තාවක මා කලේ හාමුදුරුවන් ට්‍රාන්ස්පෝට් කරන රස්සාවයි. ඔව්ව ප්ලෑන් කර නැත. නිදහස් චින්තකයෙකු වීමේ නිදහස මෙතනටද යෙදේ. අපි කරන්නේ ඒ වෙලාවේ සුදුසු ලෙස හැඟෙන දෙය මිස රිචුවල් එකක් නොවේ.
එසේම නිරාගමික මා දවසක මළත් මම අහවල් ආකාරෙ අවමගුලක් කරන්න කියා උපදෙස් දී නැත. ඒ නිසා බොහෝ විට ආගමික මගුලක් කෙරෙන්න ඉඩ තිබේ. මට ඒ ගැන කිසිම අවුලක් හෝ ඉන්ටරස්ට් එකක් නැත. මොකද මා මියගොස් නිසාය. නිරාගමිකයෙක් නිසාම මරණින් එහා බක්කක් ඇතැයි කොහෙත්ම නොදන්නා නිසා තොපිලා අවමගුලේ ඕනේ මගුලක් කර ගත්තාට මට අවුලක් නැත. මිනිය එක්ක දාන සෙල්ලම් සීරියස් ඉෂුස් වන්නේ අදහන්නන්ට පමණි. ස්වර්ගය පුනර්භවය ආදී කාරණා වෙනුවෙන් මට වොරියක් නැත. [මලාට පස්සේ වත් තොපි බ්ලොග් ටික කියවා කොමෙන්ට් දැම්මා නම් "ඉන්න තැනක සිට" සතුටු වන්නට හැකිය - මෙහි කොටසක් ඩබල් කොමා අස්සේ දාන්නේ ජෝක් එකට බව මට ලියන්නට සිදුවීම කියවන්නා මට සැපයු ජෝක් එකකි]
මූලික කාරණා හතරක් සඳහන් කල යුතුය.
1. ආගමික අවස්තාවක නිරාගමික හැසිරීම් අප සමාජීයව නියෝජනය කරන පිරිස් වෙනුවෙන් කරන දේවල් හෙවත් සෝෂල් ආගමික හැසිරීම් [සෝෂල් ඩ්‍රින්කින් වගේ] වේ.
2. ආගම් සම්බන්ධයෙන් වෙනත් කිසිම නිරාගමිකයෙකු කළ කිසිම දෙයක් මගේ හැසිරීමට බල නොපාන බවත්, ඒවා ගැන මට වගකීමක් නැති බවත්ය. නිරාගමිකත්වය ආගමක් නොවේ. කැමති දෙයක් තම තමන්ට කල හැකිය.
3. මේ හැසිරීම් අපි කලින් ප්ලෑන් කර නැති නිසා අහවල් ආකාරය කියා කියන්න බැරි බවයි. ඒ වෙලාවේ මූඩ් එක සහ පරිසරය මත ඒවා වෙනස් වේ. සුදුසු දෙයක් කෙරෙනු ඇත.
4. නිරාගමික සමහරු ආගමික නොවන මළ ගෙදරක් අන්තිම කැමැත්ත ලෙස ලියන නමුත් මටනම් එය පවා කල්ට් වැඩකි. නිරාගමිකයෙකුට තම අවමගුලේ වතාවත් ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නැතිවීම පට්ට සාමාන්‍ය තත්වයකි.
දැන් ප්‍රස්තූත මාතෘකාවට ආවොත්; ජවිපෙ එක්තරා මන්ත්‍රීවරයෙක් සිය මවගේ අවමගුල උදෙසා බෞද්ධ වතාවත් පැවැත්වීම සමහරුන් අතර දැඩි විවේචනයට ලක්ව ඇත. නිරආගමිකයා වුනත් අන්තිමේදී ආගමට හේත්තු වෙන කතාවක් අහන්නට ලැබේ.
ඔහු නිරාගමිකයෙක් දැයි මා දන්නේ නැත. යම් හෙයකින් ඔහු නිරාගමිකයෙක් වුවත් ඔහුට ආගමික උත්සව වලට සහබාගි වීමට සිදු වනු ඇත. එතන ඔහු කරන දෙය මට කොහෙත්ම අදාළ නැති අතර ඒ ගැන මට ඇති වගකීමකුත් නැත. එහෙත් ඔහුත් ඔය මා පෙර කී ලෙස සමාජීයව ශේප් වීමක් කරනු ඇතැයි මට සිතේ. ඒම උත්සවය ඔහුගේ මෑණියන් ගේ අවමගුල නම්, කෝමත් එහි තීන්දු තීරණ ගැනෙන්නේ මෑණියන් අදහන ආගම අනුවය.
ඒ නිසා ඒ සිදුවීම අල්ලා ගෙන නිරාගමිකයන්ට ටෝක් ඉශු කරන සියලු පඩත්තරයින්ට [මෙහෙම පිරිසක් දකින්නට ලැබුණු නිසා ලියන ලද සටහනකි] කීමට ඇත්තේ තොපිට නොතේරෙන මගුලක් ගැන කතා නොකර අදහන දර්මයක් අදහා ගෙන පාඩුවේ ඉන්න ලෙසයි.
ප.ලි. නිරාගමික අන්තවාදය කියා එකක් සමග පැටලෙන වලි ඉග්නෝ කල මුත් මේ කතාව තරමක් එලිමෙන්ටරි තැනකට වදින නිසා කාටත් කාරණා පැහැදිලි කල යුතුවේ.

ආගම් ඇත්ත කියා මට නිසැකව කිව නොහැක. එනිසා අදහන්නේ නැත.
ReplyDeleteආගම් බොරු කියා මට නිසැකව කිව නොහැක. එනිසා දැඩි නිරාගමිකයෙක්ද නොවේ.
ආචාරශීලී වීමට, කාව හරි සතුටු කිරීමට, කාට හරි උදව්වක් විදිහට ආගම් වතාවත්වලට සහභාගී වෙනවා. ඒ ඇරෙන්න ආගමික ස්ථානවල, පරිසරය, ගෘහ නිර්මාණශිල්පය, ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ඉන්ටෙරෙස්ට් එකක් ඇති නිසා ඒවාට යනවා. ආගම හා නිරාගම යන දෙකම මට සීරියස් නැත.
//මිනිය එක්ක දාන සෙල්ලම් සීරියස් ඉෂුස් වන්නේ අදහන්නන්ට පමණි//
ReplyDelete//නිරාගමික සමහරු ආගමික නොවන මළ ගෙදරක් අන්තිම කැමැත්ත ලෙස ලියන නමුත් මටනම් එය පවා කල්ට් වැඩකි. නිරාගමිකයෙකුට තම අවමගුලේ වතාවත් ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නැතිවීම පට්ට සාමාන්‍ය තත්වයකි.//
මේ ස්ටේට්මන්ට්ස් දෙකම ගැන මම හිතන්නේ වෙනස් විදියකට.
කෙනෙක් මැරුණයින් පස්සෙ ඒ කෙනාට වෙන්නේ මොකක්ද කියලා ඒ කෙනා දන්නේ නැහැ, ඇත්ත (මැරුනයින් පස්සෙ කෙනෙක් ඉන්නවද? දේහයට වෙන දේ කියමු එහෙනම්). කෙනෙක් මැරුනයින් පස්සෙ දේහය හා සම්බන්ධව සිද්ධ කෙරෙන කරුණු කාරණා සියල්ල සිද්ධ වෙන්නේ ජීවත් වෙන අයගේ හිත සුව පිණිසයි කියල ඉතාම පැහැදිළි, සාධාරණ කේස් එකක් ගේන්න පුළුවන්. මට අනුව ඒක හරි. නමුත්, කෙනෙක් මැරුණයින් පස්සෙ ඒ කෙනාගෙ දේහය එක්ක කටයුතු කරන්නේ මොන ආකාරයටද කියන එක, ඒ කෙනා මැරෙන්න කලින් ඒ කෙනා ජීවිතය දිහා බලන විදියට, ජීවිතයේ වටිනාකම (වැදගත්කම ) හිතන විදියට බලපානවා.
උදාහරණයකට 'නිමල්' ජීවත් වෙනවා. ජීවත් වෙන නිමල් දන්නවා නිමල් කවදාහරි මැරුනයින් පස්සෙ නිමල් ආදරය කරන අය, නිමල්ට ආදරය කරන අය, නිමල් ජීවත් වුන සමාජයේ අය ඔහුගේ අවසාන කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියල. ඒකෙන් නිමල්ගේ quality of life එකට පොසිටිව් බලපෑමක් වෙනවා.
මට මතකයි මගේ බාප්පා දවසක් කණ පාත් වෙන්න ගහපු වෙලාවක, මට උපදෙස් දෙනවා එයාගෙ මරණ ගෙදර වැඩකටයුතු සිද්ධ විය යුතු හැටි ගැන. මිනිය මෙතන තියන්න... අර පැත්තෙන් මිනිස්සුන්ව ඇතුල් කරල මෙහෙන් එක්සිට් එක තියන්න.. වගේ. ඒ ක්‍රියා එකක්වත් ආගමික ක්‍රියා නෙමේ.
මිනිහා කියන එකා ජීවිතයේ වටිනාකම හදාගන්න ප්‍රධානම පොයින්ට් එකක්නෙ ඔය, තමා මළ දවසක තමාගේ මාර්ක් එක මේ පොළවෙ මොන යම් ආකාරයකින් හරි තියලා යන්න තියෙන උවමනාව. ගොඩක් දෙනෙක් දරුවන් හදන්නෙ, රටට ලෝකෙට කැපීපේන වැඩක් සේවයක් කරන්න කට්ටක් කන්නෙ, කලා නිර්මාණයක් කරන්නෙ, මේ මැරුනයින් පස්සෙ තමාගෙ මාර්ක් එක මේ මහ පොළවෙ පුළුවන් තරම් කාලයකට ඉතුරු කිරීමේ ඒ හරිම ස්වභාවික මානවීය ආශාව වෙනුවෙන්.
ඒ කියන්නෙ මිනිහෙක් මැරුනාය කියල, උගේ කතාව අවසානෙට අවසාන වෙනවට, ඌ ජීවත් වෙන කාලෙදි ඌ කැමති නෑ.
ඉතින් ඒක, "ආගමික ඇදහිල්ලකට" සීමා කරල බලන්න ගියොත් පොයින්ට් එක මිස් වෙනවා කියලයි මම හිතන්නෙ.
ඉතින් මැරුනයින් පස්සෙ, මගේ මරණ කටයුතු මෙහෙම විය යුතුයි, ඇස් දන් දිය යුතුයි, වකුගඩුව අසරණයෙකුට දිය යුතුයි වගේ හිතන එක, නෝමල්.
ඒ වගේම තමා, ජීවිත කාලයේම, තමා ලෝකය එක්ක නොපෑහීමේ එක පොයින්ට් එකක් ආගම වීම නිසාම හරි.. නැත්නම් මොකක් හරි තමා දන්නා හෝ ඇත්තටම නොදන්නා හේතුවකට මගේ මරණයෙදි "මේ ආකාරයේ ආගමික වතාවත් සිද්ධ විය යුතුයි හෝ නොවිය යුතුයි කියන එක, නිරාගමිකයෙක් කිව්වත්, ඒකෙන් උගේ ආගමික බවක් පෙන්වන්නෙ නෑ කියලයි මම හිතන්නෙ.
අම්බානට වියදම් කරල මලගෙවල් ගන්න එකට විරුද්ධව පත්තරේට ලියපු පත්තර කාරයෙක්, ඌ මල දවසට උගේ මරණය 'මේ ආකාරයට' කරන්න කියන එකෙන් ඌ ඉල්ලන්නේ ඌ ජීවත් වෙලා ඉන්න කාලෙදි සමාජය ගැන ඌට තිබ්බ උවමනාවෙම කොටසක් විදියට ඌ මැරුනයින් පස්සෙත්, මැසේජ් එකක් හෝ ආදර්ශයක් වශයෙන් එහෙම කරන්නය කියල.
හරිම නෝමල්, සාධාරණයි. අනාගමිකයි.
නලින් ද සිල්ව සර් පඬි නැට්ටො කියල කියන්නෙ මේ වගෙ අයටද? මං වගෙ අයටද? අපි දන්නෙ නෑනෙ. මම මහසෝනටත් වැඩිය බය නලින් සිල්ව සර්ට. ලෙඩක් ද මන්ද.
ReplyDelete