ජර්මනියෙ මිනිස්සු අදින ඇදුමක් තියෙනව. ඒක හදන්න මාර අධික බලශක්තියක් යනව. ඒත් උන් ඕනෙ ගානකට ඒක ගන්නව. වෙන කිසිම රටක ඒක ගන්නෙ නෑ. ජර්මන් සන්ස්කෲතික එකක්.
ජර්මනිය මේ ඇදුම හදනව ෆැක්ටරි දාගෙන. මේක නිසා විශාල කාබන් විමෝචනයක් වෙනව.
ඉතින් ජර්මනියෙ පරිසර හිතකාමි ආණ්ඩු කරන්නෙ මොකද අර ෆැක්ටරි ඔක්කොම වියට්නාමෙට අවුට්සෝස් කරනව. වියට්නාමෙ හදල එහෙන් ජර්මනියට එක්ස්පෝට් කරනව තාමත් මේව ගන්නෙ ජර්මන් උන්ම පමණයි නෙ.
එතකොට පරිසර වේදින් කාබන් පිය සළකුණූ ගණනය කරද්දි ජර්මනියෙ කාබන් වලින් අරක අඩු කරල ජර්මනියට හරිත දේශයක් කියල ප්රේස් කරන ගමන් වියට්නාමෙට කෑ ගහනව ඔයාලගෙ කාබන් එමිශන් වැඩියි ඒ නිසා අඩු කරගන්න කියල.
ඔය පරිසර කතිකාව ඔන්න ඔහොම මෝඩ ආස්තාන වලින් එලියට එනකම් පලදායි යමක් වෙන්නෙ නෑ. මොකද ජර්මන් උන් කන්සියුම් කරනකම් වියට්නාමෙ නැවැත්තුවත් බන්ගලා දේශෙ පටන් ගන්නව ඕක හදන එක.
කන්සියුමර් බේස්ඩ් පරිසර කතිකාවක් එනකම් මොන නාඩගම නැටුවත් පළක් නෑ