Saturday, November 30, 2019

පරිභෝජනයේ සදාචාරය 4 - අද කළු සිකුරාදා. මෙන්න විශේශ වට්ටමක්.

බොහෝ පාරිභෝගික භාණ්ඩ අඩු මිළට සැපයෙන සේල් දවසක් වන කලු සිකුරාදා ඊයෙ දවසයි. මේ ඒ සමග ශෙයා වෙන මීම් එකක්.


අද කළු සිකුරාදා. මෙන්න විශේශ වට්ටමක්. 

100% ක ම වට්ටමක්. 



අද කිසිම වෙළද සැලකට ගොඩ නොවැදි නිවසේ සිටින්න. 

ඔබ 100% ක්ම ඉතුරු කරනු ඇත.

බොහෝ මෙවනි සේල් පවත්වන්නෙ අපට අවශ්‍ය දිනවල නොවේ. මන්ගලෝත්සවය විදෙස් ගමනක් වැනි සුවිශෙශි හේතුවකට ලොකු ප්‍රමාණයක් මිලට ගන්න සැලසුම් කරනවා නොවේනම් මෙ දවස එනකම් ඔබට මතකයක් වත් නැත. ඒ දවස එනකම් ඔබ ඔබේ අවශ්‍යතා සපුරා නොගෙන ඉන්නේ ද නැත.

එනයින් මෙවැනි සේල් වලින් ඔබ බොහෝවිට ගන්නෙ ඔබට අනවශ්‍ය දේවල් ගොඩකි. අවශ්‍යතා  නොව  අනවශ්‍යතා  ය. ඒ ඔබේ අධිපරිභෝජනයයි.

එමගින් ඔබේ සාක්කුවේ ඇති මුදල් අහවර වේ. ඒක මට අදාල නොවේ.

ඒත් එමගින් මානවයා සතු සීමිත සම්පතක් භාවිතා කරමින් මානවයාගෙ හෙට දවසට හානිකර වන කාබන් දහනය ඇතුලු බොහෝ පරිසර අර්බුද වලට ඉඩ සලසමින් නිපදවන ලද දෙයක් එතරම් අත්‍යාවශ්‍ය නොවන තත්වයෙන් ඔබ අත්පත් කරගනියි. හෙට එහි අඩුව පුරවන්නට එය නිපදවු කෙනා අලුතෙන් එකක් නිපදවන් අතර පෙරකී පාරිසරික භාරය එයින් වැඩිවේ.

මෙන්න මේ කොටසට ඔබ ගෙවන්නේ නැත, ගෙවා මේ කපේ ඉවර කරන්නත් බැරිය.

ඔබට කලු සිකුරාදා හෝ වෙනත් දිනයක භාන්ඩ මිලට ගන්නා ආතල් එකෙන් ඉවත් වන්න කියා මම කියන්නේ නැත. එහෙත් යමක් ගන්නට ඔබේ පොකට්ටුව අදින විට එහි පාරිසරික භාරය ගැනත් සැලකිලිමත් වන්නේ නම් බොහො විට අධිපරිභෝජනය නවතිනු ඇත.

ඒ පරිභෝජනයේ සදාචාරයයි.

අවාසනාවකට ටික දිනකට කලින් ග්‍රේටා තුන්බර්ග් ගේ කතන්දර පෝස්ට්ස් මීම්ස් ශෙයා කළ වුන් අද කළු සිකුරාද  ශොපින් කලෙක්ශන් ශෙයා කරති. උන්ම තව ටික දවසකින් පෙර කී මීමය ද ශෙයා කරති. නැවත ග්‍රේට තුන්බර්ග් කතා කළ දවසක ලෝක නායකයන්ට පෙනෙන්නට ඇගෙ කතන්දර ශෙයා කරති.

ප.ලි. මේකට  ආපු ප්‍රතිචාරයක්.  එහි  වැදගත්කම නිසා එකතු   කරනවා.

ප්‍රශ්නය: මාස දෙක තුනක්ම බලලා ඉදලා ඊයේ ---------- එකක් ඕඩර් කලා. දැන් උඹ කියන්නේ ගන්නෙපා කියලද?
පිළිතුර: අවශ්‍යතා නෙ බන් ගනින්. සේල් නිසා අනවශ්‍යතා ගන්න එපා. එච්චරයි

2 comments:

  1. මම නම් ගල් යුගයේ වැද්දෙක්. කම්පියුටරය පාවිච්චි කළාට ගෙදර තියෙන රූපවාහිනියත් ඉවත් කළ කෙනෙක්. මොබයිල් ෆෝන්, අනං-මනං කාඩ් මොනවාවත් නැති සරල මනුස්සයෙක්. හැබැයි හිටි ගමන් (ඉතා කලාතුරකින් විතරක්) ඕනේ නැති මඟුල් සල්ලි දීලා අරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රුපවාහින්යක් දැක්කේ නැහැ තමයි නිදි ගේ ගෙදර

      Delete