අපේ රටේ බහුතරයක් ජනයා දර්ශන දෙකකින් නොමග යවා තිබේ.
පළමු වන්න බෞද්ධ කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනය නොහොබිනා දෙයකි. දානය උතුම් වේ. මුදලට වහල වීම වරදකි. වැඩිය හම්බු කරන්න නොහොබී. ලද දෙයින් සතුටු විය යුතු වේ. තව ටිකක් මහන්සි වුනොත් ලැබෙන දෙය වැඩි කර ගන්න පුළුවන් කියා හිතන්නේ නැත. ඊරිසියාව මෙහි එක බල කණුවකි. මට නැති නිසා තෝත් ලද පමණින් සැනසිය.
දෙවැන්න මාක්ස්වාදය කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනපතියා දුෂ්ටයෙකි. ව්‍යාපාරයක් යනු සේවක පිරිස පන්ති වෛරයෙන් හිමිකරු දවන තැනකි. විප්ලවය හා සටන ඕනෑම මොහොතක කල හැකි දේවල් වේ. ලාභ ලැබීම වරදකි. ධනපතියා පමණක් නොව ෆැක්ටරියේ යන්ත්‍ර පවා පුළුස්සා දැමිය යුතුය.ඊරිසියාව මෙහිද බල කණුවකි. මට නැති නිසා තොටත් නොලැබේවා.
1948 ලංකාවේ මහ මැතිවරණයේ සැලකිය යුතු ආසන ගණනක දිනා ගත්තෝ වම්මුය. මෙය සමහරවිට ආසියානු දේශයක වම්මු පිරිසක් වැඩිම ආසන ගණනක් දිනු අවස්තාව විය හැක.ලංකාව තුල මේ මතවාද පෝෂණය කරන 5% පමණ පිරිසක් හැමදාමත් උන්හ. 56 බන්ඩා පැමිණ ඉහත දර්ශන දෙකේ මිශ්‍රණයක් කියා කියමින් ජනයා රවටා නොගන්නට මෙය 25% පමණ විය හැක.
මේවායේ ප්‍රතිපල අපි අද භුක්ති විඳිමු. අපේ රටේ ප්‍රාග්ධනය කියා දෙයක් වෙනුවට ඇත්තේ විදේශ නය ඉල්ලා හිඟා කෑමයි. ආයෝජන කියන්නේ කළු සල්ලිය. දේශීය ව්‍යවසායකයා කියන්නේ කසිප්පු මුදලාලිටයි. ඊටත් එහා නම් ඊටත් ලොකු ජාවාරම් කරන එකෙකි. ආණ්ඩුව කලක ජනසතුකරණය කියා නිෂ්පාදන රාජ්‍ය ඒකාධිකාරයකට ලක් කළේය [ඇතැම් සේවා රජයට ගැනීම තරමක නිවැරදි දෙයකි] ඊට පසු ජනතාකරණය කියා ඒවා තම හිතවතුන්ට බෙදා දුන්හ. කවුරුත් ජනතාව නිසා එටිමොලොජි වල අවුලක් නොපෙනේ. එහෙත් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත අවුලක් පෙනේ.
මේ දර්ශන දෙකේ අනුසාරයෙන් අපි අද සුවිසාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් හා ගජමිතුරු දූෂිත පුද්ගලික ප්‍රාග්ධනයක් සමග ඔට්ටු වන්නෙමු. ලංකා දේශපාලනයේ සියලු අර්බුධ වල මූලික හේතුව මෙන්න මේ දෙපාර්ශ්වයයි. අපට ටාටා කෙනෙක් හුන්ඩායි හෝ සෝනි කෙනෙක් නැත්තේ එබැවිනි. අපේ තරුණයින් අතරින් බිල් ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස් ලා, ලැරීපේජ්, සර්ජි බ්රින් සකර්බර්ග් වැන්නන් ඇති වන්නේ නැත. තවම එලියට එන්නේ චේ ලා පමණි.
ඒ සියල්ලේ මූලය ඉහත සඳහන් කල දර්ශන දෙකයි.
සාදුකින් පෙළෙන උන් තෙරුවන් සරණින් දැන් ඉතින් වත් නැගිටියවූ