වාස්තවික යතාර්ථයක් පවතීද කියන මාතෘකාව යටතේ විවිධ ස්ථාන වල සංවාද රාශියක් කෙරුණා. මේ ගැන "පරිපූර්ණ" බ්ලොග් සටහනක් ලියන්න උන්නත් ඒකත් වාස්තවිකත්වය වගේම අභව්‍ය දෙයක්, හෙවත් මේ කපේ ලියවෙන්නේ නැහැ. ඒ නිසා මගේ අදහස් ලියවෙන තැන්වලින් කොපි කර ලිපි සීරිස් එකක් ලෙස ලියන්න හිතුවා. මෙව්වයේ එකම දේ නැවත ලියවේවි, එහෙන් මෙහෙන් පටන් ගනීවි, ඉවරයක් වෙන එකකුත් නැහැ. ඔන්න ඔහේ ගියදෙන්. මේ පලවෙනි කථාංගය.
සංවාදයට හේතුවන ප්‍රකාශය: වාස්තවික මමක් නෑ කියන එක බටහිර චින්තනයේ පිළිගත්ත තත්වයක් කියල [] කියන කතාව වැරදියි.
මගේ ප්‍රශ්නය: "වාස්තවිකත්වය" භෞතික දෙයක් වෙන්න ඕනෙද? එසේනම් භෞතික කියන්නේමොකද්ද? මිකීමවුස් වාස්තවික නැද්ද?
පිළිතුර: මිකී මවුස් තියා ගෙදර ඉන්න මීයෙක් වත් වාස්තවික නෑ නේද?
--------
දැන් අපි එතනින් කතාවට අවතීර්ණ වුනොත්...
කිසිම දෙයක් වාස්තවික නොවේ නම් වාස්තවික කියා වචනයක් තියෙන්නේ ඇයි? වාස්තවික බව ගැන කෙරෙන වාදය පවා වාස්තවික නැහැ නේද? හෙවත් වාස්තවික කියන අර්ථයත්සත්‍ය පැවැත්මක් නොවේ නේද? එයත්මවා ගැනීමක්. කුඩා ළමයෙකුට මිකී මවුස්. බොහෝ මිනිසුන්ට ගෙදර මවුස්. වෙන වෙනස් ඩිග්රි එකක මවා ගැනීම්
මෙතැනදී "බටහිර විද්‍යාව" කියන දැනුම් පද්ධතිය කරන්නේකිසිම තේරුමක් නැති ඒ වචනය භාවිතාවට ගන්නේ නැති එක. කොහෙත්ම අනවශ්‍ය දෙයක් ගැන කතාකරන්නෙ මොකටද? පවතිනවා කියන හැමතැනම ඩිස්ක්ලේමර් එකක් දාල "මෙහි පවතින බව වාස්තවිකත්වයක් ලෙස නොසලකන්න" කියන්න ඕනේ නැහැනේ. ඒක නිකම් හරියට තාත්තා කියා ලියන තැන ඩිස්ක්ලේමර් එකක් [යු නෝ වට්] දානවා වගේ. විද්‍යාව එහෙමදාන්නේ නැතිනිසා සමහරු කියනවා විද්‍යාව වාස්තවිකත්වය වැළඳ ගන්නවා කියලා.
විද්‍යාව "පවතිනවා" කියන්නේ ඔය වාස්තවික පැවැත්මට නොවේ. හුදෙක් ඔබ මම ගස් වැල් ගෙවල් ආදිය "පවතින" එකට. ඒක කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන විද්‍යාවේ මීටරේට පරිබාහිර කතාව උන් හුදෙක් අල්ලලා දානවා.
උදාහරණයකට වාස්තවිකත්වය වගේම ටූත් ෆෙයාරි ගැනත් බටහිර විද්‍යාවේ කිසිම පැහැදිලිකිරීමක් නැහැ. එයින් කියවෙන්නේ නැහැ ටූත් ෆෙයාරිව බටහිරවිද්‍යාව විසින් පිළිගන්න බවක් හෝ ප්‍රතික්ෂේප කරන බවක්. ඒකෙන් කියන්නේ ටූත් ෆෙයාරිට බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක් බව.
වාස්තවිකත්වය අවශ්‍ය වන්නේ බටහිර දර්ශනවාදයට, එයත් "පැවැත්ම" "ඔබ්ජෙක්ට්" වගේ එව්වා හාරගෙන හාරාගෙන යද්දී. එහෙම හාරන්න අවශ්‍ය වෙන්නෙත් ඊට පෙර ආගමිකව ආත්මයක දරදඬු පැවැත්මක් උන්ගේ ඔලුවලට බැස්සු නිසා. ඩේකාට් වගේ මිනිසුන්ට ගැලවෙන්න බැරි ඒකෙන්. කාන්ට් එහෙම පොඩ්ඩක් වෙනස් විවරණයක ඉන්නවා. හැබැයි බටහිර දර්ශනය ළූණු ගෙඩියේ ලෙලි ඔක්කොම ගැලෙව්වා කියලා මමහිතන්නේනැහැ. දේව ධර්මයෙන් ගැලවිලා සියවස් කීපයකින් එච්චර දුරක් යන්න බැහැ. කෙසේ වෙතත් Objective reality මාතෘකාවට එන්නේ එතනින් විනා බටහිර විද්‍යාවෙන් නොවේ.
Objective reality ගැන බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක්. බොහෝ දුරට බටහිර දර්ශනවාදය ගැනත් විද්‍යාව දක්වන්නේ ඒ සම්බන්ධයම තමා.