Monday, March 19, 2012

පිළිගැනීම හා ඇදහීම හෙවත් පෘතුවියේ අරය කීයද?

"අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි."— ආචාර්ය නලින් සිල්වා මහතා [මුහුණු පොතේ අයෙකුට  අනුව]

"
පෘථිවියේ සාමාන්‍ය අරය කිලෝමීටර් 6371 ක් බව සුජීව පිළිගන්නේ තමන්ම අධ්‍යයනය කරපු නිසාද?" --- එම 
තර්කය පදනම කරගෙන මුහුණු පොතේ අසන ප්‍රශ්නයක් [පුංචි කරෙක්ෂන් එකක් එක්ක උපුටා ගැනුනි]
මේ මෑතකදී සංවාදයක මුණ ගැහුණු ප්‍රශ්න දෙකක්. අපි උත්තර දෙන්න බලමු. 
හරියටම පෘතුවියේ අරය කිලෝමීටර් 6371 නොවේ. ඕක ආසන්න අගයක්. අනික පෘතුවියේ අරය කිලෝමීටර් 6371 කියා කියන්නේ කොදුවකින් මැනලා නොවේ. කිසියම් ක්‍රමවේදයකින් ගණනය කරලා. මේ සඳහා භාවිතා කරන ක්‍රම වේද හා සූත්‍ර මත මේකේ නිරවද්‍යතාවය තීන්දු වෙනවා. ඉතින් කවුරු හරි අදහනවා නම් පෘතුවියේ අරය ටක්කෙටම කිලෝමීටර් 6371 කියා ඔහු වැරදියි.
හැබැයි බොහෝ දෙනෙක් පිලි ගන්නවා පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඒ මොකද ඒ සඳහා භාවිතා කල ක්‍රමවේද පරීක්ෂණාත්මකව වෙනත් දේවලට යෙදිය හැකියි. උදාහරනෙකට ගොඩබිම දෙතැනක අතර දුර මනින සර්වේයින් මෙතඩ් එදිනේදා ටෙස්ට් වෙනවා. එයාකාරයෙන් පරිධිය මැන ගෙන අරය ගණනය කරන්න පුළුවන්. පොලොව ගෝලයක් කියා හිතුවොත් ඔබට ගෝලයක අරය මනින හැටි පර්යේෂණය කල හැකියි. 
ඒ වගේම මේක ඒක මිනිහෙක් තනියම මැනගෙන ලෝකෙට දේශනා කරන්නක නොවේ. විවිධ මිනිසුන් විවිධ වාරවල මනින ලද්දක්. ඒ හැම විටම මේ වගේ ඉලක්කමක් එනවා. 
ඒ නිසා පවතින තත්ත්ව තුල අපි පිලිගන්නවා ආසන්නව පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඇත්තටම ඕක 6400 ක් විතර කියා තමයි මම නම් ඔලුවේ තියාගෙන ඉන්නේ.
හැබැයි මේක විවිධ උපකල්පන මත කල එකක්. එතැනදී වැරදි වෙන්න පුළුවන් ක්‍රමවේදවල, පොලොව ගෝලයක් කියා හිතපු එකේ, එතකොට ලොකු ගෝලයක අරය හා පරිධිය අතර සම්බන්ධය පුංචි ගෝල වලට වඩා වෙනස් වෙන්න බැරි නැහැ.
පිලි ගන්නා ඒකයි විශ්වාස කරන ඒකයි අතර වෙනස තමා පිලි ගන්නේ වෙන හොඳ උත්තරයක්‌ ලැබෙන තුරු පමණයි. විශ්වාස කරන්නා වෙනත් උත්තර හොයන්නේ නැහැ, මේක ම අදහා ගෙන ඉන්නවා මිසක්.

එමෙන්ම පොලොව කියා දෙයක් ඇද්ද ගෝල කියා දෙයක් ඇද්ද මනිනවා කියා දෙයක් පවතියි ද මනින මිම්ම ඒ වෙලාවට පමණක් එහෙම වෙලා නොමනින කොට වෙනස් වේද යනාදී මිනිසාට ටැන්ජිබල් නැති ප්‍රශ්නත් ඕනතරං ඇහිය හැකිය. ඒවාට උත්තර නැහැ.
[ස්තුතිය: ප්‍රශ්නය මතුකළ පුද්ගලයාට]

8 comments:

  1. ඔය කියන පුද්ගලයා ෆේස්බුක් තුල ආගම සම්බධයෙන් විශාල කලබගෑනි කරනවා මං දැකලා තියෙනවා. 'ආගම' කියන කාරනේ සම්බන්ධව දැන් මගේ තියෙන්නේ ඇල් මැරුණ ආකල්පයක්. ඒක එහෙම වෙන්නත් ඔය අදාල පුද්ගලයින් කරනවා පෙනෙන සමහර වැඩ හේතු උනා.

    "පෘථිවියේ සාමාන්‍ය අරය කිලෝමීටර් 6371 ක් බව සුජීව පිළිගන්නේ තමන්ම අධ්‍යයනය කරපු නිසාද?"
    මේ ප්‍රශ්නේ දැක්කාම මට මෙහෙම ප්‍රශ්නයකුත් ඇති වෙනවා
    "මරණින් මතු ආත්මයක් තියෙන බව කියන්නේ ඒ බව ඒ අය අධ්‍යයනය කිරීමෙන් පසුවද?"

    ReplyDelete
    Replies
    1. පූසා; රංගගේ අරමුණ තමා පෘතුවියේ අරය කිමි 6371 කියා "විශ්වාස කරන" පරිදි නාථ දෙවියන් ඔවුන්ගේ ඇදහිලි පද්ධතිය ද විශ්වාස කරන්න කියා කියන ඒක. හැබැයි මෙතන වෙනසක් තියෙනවා. පළමු වන්න අදහන්නක් නොවේ පොදු පිළිගැනීමක්, හෙට වෙනස් වෙන්න පුළුවන්. අනික එය මනින්න ක්‍රමවේදයක් තියෙනවා [ඒකත් වෙනස් විය හැකියි, වඩාත් නිවැරදි කල හැකියි]. එහෙත් දෙවැන්න හුදෙක් ඇදහීමක්. කාලයක් තිස්සේ ඇදපු නිසා [එයාලා කියන ප්‍රත්‍යක්ෂය] ඇරෙන්නට එහි විශේෂ පදනමක්

      Delete
    2. "රංගගේ අරමුණ තමා පෘතුවියේ අරය කිමි 6371 කියා "විශ්වාස කරන" පරිදි නාථ දෙවියන් ඔවුන්ගේ ඇදහිලි පද්ධතිය ද විශ්වාස කරන්න කියා කියන ඒක"
      අපොයි! කිසිම පදනමක් නැති තර්කයක්!

      Delete
  2. ගොඩක් තැන් වල රංග ජයවර්ධන නම කියවල තිබුනට ඒ චරිතය ගැන දන්නෙ නෑ... මම නම් පිළිගන්න දේවලුයි විස්වාශ කරන දේවලුයි සැරින් සැරේට වෙනස් වෙනව...

    ReplyDelete
    Replies
    1. විශේෂ වරදක් කරන චරිතයක් නොවේ එහෙත් රංග විද්‍යාව කියා පතුරන්නේ අවිද්‍යාව බුදු දහම කියා පතුරන ඒකත් මට ෂුවර් නැහැ හරි ද කියා.

      තමන් දකින කියන දේ අනුව තම අදහස් වෙනස් කරගන්න හැකි වීමත් උසස් ගතියක්.

      Delete
  3. අපෝ රංග ජයවර්ධන ගැන නම් කතා කරලා වැඩක් නෑ.... තවත් එක කසලශෝදකයෙක්, වන්දිභට්ටයෙක් විතරයි.....

    ReplyDelete
  4. Good article Sujeewa. Essence of this article is //පිලි ගන්නා ඒකයි විශ්වාස කරන ඒකයි අතර වෙනස තමා පිලි ගන්නේ වෙන හොඳ උත්තරයක්‌ ලැබෙන තුරු පමණයි. විශ්වාස කරන්නා වෙනත් උත්තර හොයන්නේ නැහැ//

    ReplyDelete
  5. very well written article, you nailed it sir! :)

    ReplyDelete