Tuesday, September 3, 2019

කාලෝ ෆොන්සේකාගේ නික්ම යාම සහ නිරාගමික ඩොග්මාව

කාලෝ  ෆොන්සේකා  මහතා  මිය  ගිහින්.  සමහර මිනිස්සු  ජීවිත  කාලෙදි  කරන දේවල්  ඒ  අයගෙ  මරණෙදිත්  ඉස්මතු  වෙනවා.  කාලෝගේ  මරනය  සමග නැවත  කතිකාවට  එන්නෙ  ඔහු  ජීවත්ව  උන්නු කාලෙ  සිද්ධ  වෙච්ච  නිරාගමිකත්වය  සහ  දර්ශනවාදය  ගැන  කතිකාව මයි.

බොහෝ දෙනෙක්  කාලෝගේ මරණය  එක්ක  ප්‍රාර්තනාත්මක  ශෝක  ප්‍රකාශ  ලියල  තිබ්බ. ඒ සමගම කාලෝ ගේ මරණය ගැන ශෝක ප්‍රකාශ ලියන හැටි ගැන වාදයක්  පටන්  ගත්ත. මම ඔය වගේ ප්‍රශ්න ඒ හැටි සීරියස් ගන්නෙ නැහැ. මේක ලියන්නෙ ඒ ගැනම නෙවි ආසන්නයෙ වෙනත් යමක් ගැන.

පලමුවෙම්ම ඕවයෙ අගමුලක් ලොජික් එකක් නැහැ. කෙනෙක් මලාම කියන්න ඕනේ මේ ආකාරයේ දේවල් ය කියන එකට සම්මුති නිර්නායක නැහැ. ඒ නිසා ඔය වාදයේ කවුරු කවුරුත් තම කදවුර සුරක්ශිත කරගන්න වටේටම වෙඩි තියනවා විනා වෙන මොකුත් සදාචාරමය හර පද්ධතියක් නිර්මානය කරන්නෙ නැහැ.

දෙවනුව මට ඕක කෝම කලත් වෙනසක් පේන්නෙත් නැහැ. ඒ ඒ ආගම් අනුව ගත්තත් මරනය ලබන සැනින් කිසිවෙක් නිවන් යන්නෙත් නැහැ ටක්කෙටම ස්වර්ගයට යන්නෙත් නැහැ ඔය කියන වෙන එව්ව එකකවත් ඒ ලෙසින්ම වෙන්නෙත් නැහැ. වෙන්නම කියල හිතන්නෙත් නැහැ ප්‍රාර්තනය කරන කෙනා. මේක භාශාමය ප්‍රයෝගය්කින් කෙනෙක් අනිකාට ගෞරව දැක්වීමක්. ඒ සිතිවිල්ල තමා වැදගත් යන්න කිව්ව ඩෙස්ටිනේශන් එක අදාල නැහැ.

තෙවනුව විශ් කරන කෙනා නිසා ක්‍රියාව කරන්නෙ මම හිතන්නෙ ඒක ඒ කෙනාගෙ අයිතියක් එයා කැමති ලෙසින් විශ් එක කරන්න. මම හිතන්නෙ මේක අදහස් ප්‍රකාශනයේ අයිතියක් කියල.

හැබැයි මේ සන්වාදෙ සහ මීට පෙර සිදුවු සමාන සුබ පැතුම් අස්සෙ තියෙන එක පරස්පරයක් ප්‍රශ්න කරන්න වෙනවා. මේක අනික්වා වගේ නෙවි ලොජිකල් පරස්පරයක්. නිරවුල්ව පෙනෙන එකක්.

දැන් මෙතන විශ් එක කරන ක්‍රම දෙකක් තියෙනවනෙ. එකක් තමා පතන්නාගෙ ඇදහිල්ල අනුව, අනික තමා මියගිය කෙනා ඇදහුවා කියල අපි හිතන එක අනුව

එතකොට ආගම් අදහන මිනිසුන් මලාම මම දැකල තියෙනවා නිරාගමිකයන් ඔවුන්ට "සුබ ගමන්", "සුභ රාත්‍රියක්" වගේ නිරාගමික මෙත්ඩ්ස් වලින් විශ් කරනව. එතනදි ඒ නිරාගමිකයන් ඉන්නෙ අපි විශ් කරන්න ඕනෙ සුබ පතන්නාගෙ මතය අනුව කියල. ඒක එහෙමනම් කාලෝ වගේ නිරාගමිකයෙක් මලාම බෞද්දයින් නිවන් සුව පැතුවම ඒ නිරාගමිකය්න් අවුල් යන්නෙ ඇයි? ඒ අවස්තාවෙත් පෙර තිය්‍රිය අනුව පතන්නාගෙ ආගමෙන් නේ විශ් එක එන්නෙ.

එහෙම නැතුව කාලෝ නිරාගමික නිසා ඔහුට නිවන් සුව පැතීම අවුල්නම්, නිරාගමිකයන් සූදානම් ද ආගමිකයන් මලාම නිවන්සුව මොක් සුව වගේ එව්ව පතන්න? මොකද කාලෝ ගැන නිරාගමික මතය අනුව වෙන්න ඕනෙ එහෙම.

අන්න එතන පැහැදිලි අවුලක් තියෙනවා. මේක මම හයිලයිට් කලේ, මෙතන අසමානතාවයක් තියෙනවා. අපි තරමක් උසස් ඒ නිසා උඹල මලාම අපි අපේ එව්වයෙන් විශ් කොරන්න්නෙ අපි මලාමත් අපේ එව්වයෙන්ම තමා කෙරෙන්න ඕනෙ මොකද අපි ටිකක් ලොකු නෙ කියන එක ඕක යට තියෙනව. හෙවත් අපි තොපේ ප්‍රාතමික එව්ව තොපිට කියන්නෙත් නැහැ තොපි අපිට කියන්නත් එපා කියල.

මිත්‍රවරුනි මේ වගේ හැසිරීම් වලට් අපි ඩොග්මාවක් කියල කියනවා. අතීතයේ ආගම්වල ඩොග්මාවන් කාලය එක්ක ක්‍රමයෙන් ප්‍රහීන වෙද්දි නිරාගමික ඩොග්මාවක් හැදෙන්න පටන් ගෙන. මේක කොහෙත්ම නිදහස් චින්තනයකට යන පාරක් නෙවි. ආගම, ඇදහිල්ලට වඩා ඩොග්මාව අතිශයින් භයානකයි. ආගමේ නාමයෙන් වෙච්ච බොහෝ නොපණත් ක්‍රියා වුනේ ඩොග්මාව නිසා. ආගමික පද්ධති බුද්ධියෙන් වැහැරුනේ ඩොග්මාව නිසා.

ඒ වගේම ඔබ ලිබරල් මත දරන්නෙක් නම් ඉතාම පැහැදිලි වෙන්නඕනෙ මේක විශ් කරන්නාගෙ ලිබරල් නිදහසක් කියල, ඒත් අවාසනාවට ලිබරල් කියන බොහෝ දෙනා අධිකාරිවාදි ලෙස පව්ත්වා ගන්න සන්කල්පයක් සම්මත ලිබරල් චින්තනය ලෙස සලකා ඒකාධිපතින් ලෙස කටයුතු කරන්නන්.


මාතෘකාව "කාලෝ  ෆොන්සේකාගේ   නික්ම  යාම  සහ  නිරාගමික  ඩොග්මාව" කියල  දැම්මට  කාලෝ  ඒ ඩොග්මාව  හැදුවා  කියල  කියවෙන්නෙ  නැහැ.  හැබැයි  ඒ  අර්තයෙන්  එය  ක්ලික්  බේට්  එකක්  වේනම්  එසේ  වුනාවේ.

කෙසේ   වෙතත්  කාලෝ   ෆොන්සේකා  ගෙ  නික්ම  යාම  දාර්ශනික  සන්වාද  රාමුව  තුල  විශාල  හිඩසක්  නිර්මාණය  කරනවා. 
කාලෝ ෆොන්සේකාගේ දර්ශනික මතවදයන් එක්ක එකග වීමට වඩා එහි වැදගත්කම පවතින්නෙ වෙනත් රාමුවක උන්නු දාර්ශනික මතවාද තලය අලුත්ම දිහාකට ඇදගෙන යාමට ඔහු කල මෙහෙවර නිසා. දර්ශන වාද කිසිවක් නිරවද්‍ය යයි අපට සිතිය නොහැකියි එහෙත් පුලුල් වපසරියක විසිරෙන දාර්ශනික සන්වාදයක ප්‍රතිපලය වඩාත් පුලුල් එකක්. කාලෝ සමග එකග නොවුවද ඒ දාර්ශනික වපසරිය පුලුල් කිරීමට කාලෝ එය ගෙන ගිය පරාසය බෙහෙවින්ම උපකාරි වුනා. 

ඔහුට වගේම පෙර පරිච්චේදයේ කී සියල්ල එලෙසින්ම නලින් ද සිල්වාට ද වලන්ගු වෙනවා.

දර්ශනය තලයක් නම් අප ඉන්නෙ එහි මැද්දක. ඒත් ඒ ස්ටේජ් එක හදන කනු ටික නොවෙන්න සමහරවිට අප එහි කොතැනකවත් නොසිටිනවා  වෙන්න පුලුවන්. 

3 comments:

  1. රිට්ටාගෙ සත දෙක

    මුලින්ම කියන්න ඔනේ මේකෙදි මට එකඟ නොවීමක් තියෙනවානම් තියෙන්නෙ සුජීව දීලා තියෙන උදාහරණ ගැන විතරයි. උදාහරණ අමතක කලොත් මේ පහත ඡේද දෙකේ කියල තියෙන කරුන ඉතාම වැදහත් සහ සම්පූර්ණයෙන්ම එකඟයි.

    /** මිත්‍රවරුනි මේ වගේ හැසිරීම් වලට් අපි ඩොග්මාවක් කියල කියනවා. අතීතයේ ආගම්වල ඩොග්මාවන් කාලය එක්ක ක්‍රමයෙන් ප්‍රහීන වෙද්දි නිරාගමික ඩොග්මාවක් හැදෙන්න පටන් ගෙන. මේක කොහෙත්ම නිදහස් චින්තනයකට යන පාරක් නෙවි. ආගම, ඇදහිල්ලට වඩා ඩොග්මාව අතිශයින් භයානකයි. ආගමේ නාමයෙන් වෙච්ච බොහෝ නොපණත් ක්‍රියා වුනේ ඩොග්මාව නිසා. ආගමික පද්ධති බුද්ධියෙන් වැහැරුනේ ඩොග්මාව නිසා.

    ඒ වගේම ඔබ ලිබරල් මත දරන්නෙක් නම් ඉතාම පැහැදිලි වෙන්නඕනෙ මේක විශ් කරන්නාගෙ ලිබරල් නිදහසක් කියල, ඒත් අවාසනාවට ලිබරල් කියන බොහෝ දෙනා අධිකාරිවාදි ලෙස පව්ත්වා ගන්න සන්කල්පයක් සම්මත ලිබරල් චින්තනය ලෙස සලකා ඒකාධිපතින් ලෙස කටයුතු කරන්නන්.**/

    කාලෝ ෆොන්සේකා නිර්-ආගමිකයෙක් නිසා එතුමාමෙ මරණය ගැන අනිවාර්යයෙන්ම ආගමික නොවන වාක්‍යයක් කිව යුතුය කියල කවුරු හරි කියනවානම් එතැන අවුලක් තියෙනවා. හැබැයි තියෙන්නෙ අවුලක් විතරයි හැබැයි ඒක ආඥාවක් නෙමෙයි නේ. එකත් අදහස් ප්‍රකාශ කිරීමක්. අදහස් ගැටීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.

    එහෙම කියන අයගෙ රැෂනාල් එක තමයි පාප් වහන්සෙ මැරුනහම "පාප් තුමාට නිවන් සුව ලැබේවා" කියල කවුරු හරි කිව්වොත් හෝ මහනායක හාමුදුරුවන් "දෙව්මව් තුරුලට ගියා" කියල කවුරු හරි කිව්වොත් එන විසුලු භාවය මෙතැනත් තියෙනවා කියන එක.

    නමුත් [මගේ පෞද්ගලික අදහස නම්] මේක එහෙම අවස්ථාවක් නොවන නිසා කාලෝට් නිවන් සැප හෝ කාලෝ ස්වර්ගස්ථ වීම හෝ කාලො සමාදානයෙ සැතපීම වගේ ඔනෑ එකක් මෙතන කිව්වාට අවුලක් නෑ මොකද කාලෝ කිසිම ආගමක නියෝජිතයෙක් නොවන නිසා. මම මේ ගැන පෝස්ට් එකක්ම දාපු නිසා මේ ගැන මගේ මතය පැහැදිලි ඇති. සුජීව කියල තියෙන ඩොග්මා කතාව ගැන එකඟයි නමුත් ඒ ඩොග්මා කතාවෙන් ස්ව්යායත්තව ආගමික නොවන යෙදුම් ගැන කියල තියෙන කතාවට එච්චර එකඟ වෙන්න බෑ. ආගමික යෙදුමක් කිසියම් නිශ්චිත හැඟවීමක් කරනවා යමෙක් මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියල. නමුත් එහෙම හැඟවීමක් නොකරන. අඩු ගනනනෙ මරණය ගැන සම්පූර්ණ භෞතිකවාදී ඇසකින් වත් නොබලන. ඔය කෝකටත් හරියන කොයි ආගමකටත් හෝ නිරාගමටත් අයත් නැති නියුට්‍රල් ප්‍රකාශ "නිර්-ආගමික" ප්‍රකාශ ලේස ලේබල් කිරීම නම් හොඳ වැඩක් නෙමෙයි.

    උදාහරණයක් ලෙස කිතුනුවෙක් හෝ බෞද්ධයෙක් හෝ ඔනෑම ආගමක කෙනෙක් හෝ නිරාගමික කෙනෙක් මැරුනාම ඒ අයගේ ආගම මොකක්ද කියල හිත හිතා ඉන්නෙ නැතුව කෝකටත් හරියන පොදු කියමනක් තියෙනවානම් ඒ කියමන ආගමිකයන්ටත් නිරාගමිකයන්ටත් එකසේ වැදගත්. උදාහරණයක් ලෙස සුජීවත් මෙතැන පාවිච්චි කරපු "නික්ම යාම" කියන කියමන ගන්න. එහෙම නියුට්‍රල් කියැවීම් සුජීව මෙතැනදි "නිරාගමික ඩොග්මාවෙ" කෑලි වශයෙන් නම් කිරීම නම් කවුන්ටර් ප්‍රඩක්ටිව්. නිරාගමික ඩොග්මාව පිලිබඳ ඇත්තට ප්‍රශ්න තියෙන්නෙ පුලුවන් නමුත් මේ උදාහරනෙ එච්චරම ගැලපෙනවා කියල හිතෙන්නෙ නෑ.

    ඔයිට අමතරව මට මගේ කලින් පෝස්ට් එකෙ කියන්න බැරිවෙච්ච ඒත් වැදගත් කතාවක් තමයි. කිතුනුවෙක්ගෙ මරණයට බෞද්ධයෙක් වශයෙන් හෝ නිර්-ආගමියෙක් වශයෙන් ප්‍රකාශයක් කරනකොට "ඔහුගෙ/ඇයගේ විශ්වාශයන් අනුව දෙව්මව් තුරුලට..." හෝ ඔකේ අනික් පැත්ත අවස්ථාවෙදි "ඔහුගේ/ඇයගෙ විශ්වාසයන් අනුව නිර්වාන සම්පත්තියට..." වගේ "මැරුන කෙනාගෙ විශ්වාශයට අනුව" කියල, මගේ විශ්වාශය ඒ නොවන බව හඟවන ප්‍රකාශ. මගේ අදහස අනුවම ඔය ප්‍රකාශයන් අතර ඇරගන්ට්ම හා නොගැලපෙනම ප්‍රකාශ තමයි ඕවා. එක්කො අර "විශ්වාශයන්ට අනුව" කියන කෑල්ල නොකියා ඉන්න ඔනෑ. එක්කෝ ආගමික නොවන දෙයක් කියන්න ඔනේ. ඔන්න ඔය වගේ වෙලාවට පාවිච්චි කරන්න තමයි ආගම් වලටැ නොගෑවුනු පොදු කියමන් තියෙන්න ඔනෑ. එහම කියමන් 'නිර්-ආගමික ඩොග්මාවෙ' නිර්මාණයන් කියල කියන එක අවුල්.

    ReplyDelete
  2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව

    https://rasikalogy.blogspot.com/2019/09/bon-voyage-carlo-fonseka.html

    ReplyDelete
    Replies
    1. රශිනිට දෙමළෙක් සැප දුන්නු කතාව නං අපි දන්නවා.

      Delete