"නිරාගමික කියන්නෙත් තවත් ආගමක්"
"ඔය නිරාගම ගැලපෙන්නේ නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර කොටසකට කියලයි මටනම් හිතෙන්නේ"
ඔය අහල පුරුදු කතා.
පොදු උත්තරයක් දෙන්න හදන්නේ ඒ නිසා. කතාවට උත්තරයකට වඩා මේ දෙන්න හදන්නේ මෙහෙම කතා මිනිස්සු කියන්නේ ඇයි කියන එකට උත්තරයක්.
බොහෝ ආගමිකයන්ට ආගම් රහිත තත්වය ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන අවබෝධ කරගන්නට නම් ඔවුන් ඒ ඔස්සේ අධ්‍යනයක් හෝ දාර්ශනික චින්තනයක් කල යුතුයි. එහෙම කරපු ආගමිකයන් ඉන්නේ ටිකයි. බහුතරයක් ආගමිකයන් හදන්නේ තමන් නොදන්නා "නිරාගමිකත්වය" ගැන උපකල්පනයක් කිරීමයි. මෙහිදී මේ පුද්ගලයින් තම උපකල්පනය නිර්මාණය කරගන්නේ තම දැනුමේ තරමිනි.
ආගමක් එදා පටන් අදහන, තමන් වටේ ඉන්න සියල්ලනුත් එසේ කරන ආගමක් ඇදහීමෙන් පිටස්තර ලොකාවබෝධයක් නැති එකාට අනුව නිරාගමිකත්වයත් ආගමකි. ආගමක් නොවන අවස්තාවගැන අවබෝධයක් නැති කෙනෙක් ආගමක් නොමැති අවස්තාව ගැන වෙන කොහොම හිතන්නද?
ඒ වගේම තම තනි මතයෙන් ශිෂ්ටාචාරගත යහපත් මිනිසෙකු වන්නට තරම් බුද්ධිය මෝරා නැති මිනිසා තමා ශිෂ්ටාචාර කිරීම නොකඩවා ආගමට පවරයි. රකින්නට බැරි නිසා දිනපතා පන්සිල් ගන්න, වැරදි කර කර පවු සමාකරන, ආගමික මිනිස්සුන්ට හිතා ගන්න බැහැ තමා දිනපතා සතිපතා කරන ආගමික ශෝධනය නැති වුනොත් තමන්ට යන කල.
එහෙම වුනොත් තමන් " නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර" මිනිසුන් වේවි කියා ඔවුන් හිතනවා. ඉතින් තමා ගැන තියෙන ඒ අවිශ්වාසය සෙසු ලෝකයටද එසේය, ලෝකේ හැමෝටම තමාට වගේ වැරදි නිවැරදි කරන්න ආගමික ශෝධනය අවශ්‍යය කියා තම මට්ටම ලොවට පොදු කරලා හිතනවා.
අන්න එතකොට ආගමක් නැති එකා "නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර" කියා හිතෙන්නේ.
මේ සියල්ලට හේතුව කෙනෙක් තමාගෙන් පිට තමාට වෙනස් ලෝකයක සංසිද්ධි තේරුම්ගන්න තම හැසිරීම පමණක් යොදා ගන්න නිසා.