Monday, January 16, 2017

ප්‍රසාරණය වන විශ්වයේ කෙළවර සොයා යමු. එන්න අප සමග.


සාමාන්‍ය දැනුම සමූහයක කුස් ප්‍රනාන්දු අහන ප්‍රශ්නයක්.

"විශ්වය ප්‍රසාරනය වෙනවා කියනවානේ... එහෙම ප්‍රසාරනයවන්නේ කොහේටද?"


බලමු උත්තරයක් දෙන්න.

විශ්වය කියන වචනේ පසෙක තියමු. මේක බොහොම සංකීර්ණ පැටලිලි සහගත වචනයක්. විශ්වය නිකම් පරමාණුව වගේ වචනයක් . පරමාණුව කියන්නේ කියන්නේ කඩන්න බැරි පොඩිම ඒකකය ට දාපු නමක්. සීන් එකනම් පස්සේ හොයාගන්නවා පරමාණුව තව පොඩියට කැඩෙනවා කියල. විශ්වය කියන්නේ සියල්ල යන අර්ථයෙන් දාගෙන ඉන්න නමක්. එහෙත් සියල්ල ලෙස අප සලකන දෙයට පිටින් යමක් නැහැ කියල අපිට ඔප්පු කරන්න බැහැ.

මේ කාරනාව වර්තමානයේ දැනුම හෝ කල්පිත [මේ වගේ දෙයකදී මැදින් ඉරක් ගහන්න බැහැ] ලෙස අපට තියෙන කාරනා මෙහෙමයි. ඇත්තෙන්ම කියන්න ඕනේ මං මේක ගැන දන්නා තරම ටිකයි. මොකද අභ්‍යවකාශ විද්‍යාව තාරක විද්‍යාව වගේ එව්වා හදාරලා නැහැ. ඉස්සරින්ම කෝකටත් එක්ක දන්නා ටික ලිහාගම්මු. වැරදුනොත් ඒක මම සභාවට යොමු කරනවා හදල දෙන්න.

විශ්වය කියන වචනේ එල්බ නොසිට අපි පදාර්ථය සහ රික්තය සලකමු. මේක ප්‍රසාරණය වෙනවා කියන්නේ දෘඩ ලෙස විද්‍යුත් හා ගුරුත්ව බල වලින් බැඳුනු ඒකක අතර දුර වැඩිවෙන නිසා. ඕනෙමනම් තර්ක කල හැකි විශ්වය ඒ සයිස්මයි පදාර්ථය හැකිලෙනවා වෙන්න ඇති කියලත් - හැබැයි එහෙම වුනත් පදාර්තමය මිනිසාට සාපේක්ෂව විශ්වය ප්‍රසාරණය වෙනවා . එතකොට අපි දන්නා ගණිතය [නිර්මාණය වන්නේ අපේ පදාර්ථ අවකාශයේ අවශ්‍යතා තුල] අනුව අපිට පැහැදිලි වන්නේ මේ විශ්වය කියා අපි සලකන දෘඩ දේවල් පිරුණු අවකාශය ප්‍රසාරණය වෙනවා කියල. මේක නිරීක්ෂණයක්. ඉතින් ඕක හරිද මේ හරිය ප්‍රසාරණය වෙද්දී තාම නොදන්නා තැනක් සංකෝචනය වෙනවද මේක දෘෂ්ටි මායාවක්ද ආදී තර්ක ඕනේ තරම්.

කොටින්ම මේ අපි දන්නා ගණිත හා විද්‍යා සංකල්ප වලින් ප්‍රසාරණය පැහැදිලි කරන්න බැරි නිසා අර රාහු කේතු වගේ මිතිකල් දේවල් දෙකකුත් අපි හදාගෙන ඉන්නවා. ඩාක් මැටර් ඩාක් එනර්ජි කියල. ඩාක් කිව්වේ පෙනෙන්න තියෙන අඳුරු කමට නෙවි නොපෙනෙන නොදැනෙන එවැන්නක් තියේදැයි නොදන්නා එහෙත් ඒ දෙක නැතුව සමීකරණ ටික තෘප්ත නොවන දේවල් නිසා.

දැන් ඕක "ප්‍රසාරණය වෙනවා නම් කොහෙද යන්නේ" කියන එක ලොජිකල් ප්‍රශ්නයක්. කොහෙද යන්නේ කිව්වා ගමන් මැවෙන්නේ බෝඩර් එකක්. එනම් විශ්වයේ කෙළවරක්. එතකොට ඊ ගාව ප්‍රශ්න විශ්වය විශ්වයක් නම් කෙලවරින් එහා ටික මොනවාද කියන එක. ඔය කාරනා ඔක්කොම විශ්වය කියන නොනිසි වචනය සහ කෙළවර කියන නොදන්නා මිතිකල් ස්වරූපය මත රඳා පවතිනවා. ඒ වගේම ඒ විශ්වය කුඩා අංශුවක් ලෙස පැවති මහා පිපිරුමකින් හැදිලා මෙහෙම ප්‍රසාරණය වුනා කියන මතයත් එක්ක ඉහත ප්‍රශ්න තවත් වැලිඩ් වෙනවා. විශ්වය පරිමිත කාලයක පරිමිත සීමාවකින් ප්‍රසාරණය වී නම් ඉන් පිටත අවකාශය සහ කාලය කියන්නේ මොකද්ද?

ඕක නිකම් පිටින් බලලා හූ හූ ඔන්න තොපේ විද්‍යාව කියලත් කිව්ව හැකි. හැබැයි ආගම ගැන ආගමේ මතයෙන් අපි කතා කළා වගේ සාධාරණව විද්‍යාවේ මේ කතා විද්‍යා මතවලින් බැලුවොත්; මහා පිපිරුම පරිමිත අතීත කාලෙක වුනානම් කියන කතාවට එන උත්තරේ තමා අතීතය සහ කාලය කියන දේවල් ඔහොම විශ්වයෙන් පිටස්තර එව්වා නෙවි. එව්වා විශ්වයේ අභ්‍යන්තරික දේවල්. ඒ විතරක් නෙවි මෙන්න විශ්වයේ ආරම්භ මොහොතේ කාලයේ සමීකරණය. අන්න ඒ සමීකරණය [අහන්න නම් එපා පුතෝ ඇහුවත් කියන්නේ නැහැ :) ] අනුව ඒ පිපිරුම ආසන්න වත්ම කාලය ගෙවෙන්නේ මීට වෙනස් විදිහකට එනම් විශ්වයම අංශුවක්නම් එය එසේ වූ මොහොත තියෙන්නේ ඒ අංශුව තුල කාලයෙන් අනන්තයක් අපිට පස්සෙන්. කාලය පරිබාහිර නැහැ කියන එක ඇරෙන්න ඉතිරිය මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්. ඔන්න ඔහොම සීන්ස් එකක් තියෙනවා කියමු.

දැන් වැඩේ එහෙම සීන්ස් එකක් ආවාම අපේ සම්මත චින්තනය කැඩෙනවා. අපිත් ඉන්නේ විශ්වයේ කාලයත් දුවන්නේ විශ්වයේ, ඉතින් අපිට මේක පෙට්ටියෙන් එලියට ගන්න බැහැ. සොරි අන්ශුවෙන්.

ඒ වගේමයි විශ්වයේ කෙළවර ගැන කතාවත්. කෙළවර ආසන්න වත්ම අවකාශයේ ස්වරූපයන් මෙහෙම රේඛිය නැහැ. ඒ නිසාම කෙලවරට ගිහින් එහා පැත්තට යන්න බැහැ. දුරින් ගත්තොත් කෙළවරක් වන යමක් එතනට ගියොත් එහෙම නැහැ. මේකත් මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්.

දැනට පිළිගන්නා භෞතික විද්‍යාව අනුව අවකාශය කාලය වගේ දේවල් එකිනෙක හා බද්ධ වූ විශ්වය නමැති ව්‍යුහය බැඳී කම්බි දැලේ කොටස්. එක කම්බියක් ඇඹරුව ගමන් අනිකත් ඇඹරෙනවා.

ඔය ඔක්කොම තුල විද්‍යාව කිසියම් ගණිතමය ලෙස ස්ටේබල් මතයක් දෙනවා. මේ ජාමේ බේරගන්න කියපු අමු කෙප්ප නෙවි. එහෙත් මෙව්වා හුදෙක් ගණිතමය මාවතකින්  බිහි වූ සංකල්ප විනා  බීකරයක කුඩා විශ්වයක් හදලා මැනලා බලාපු එව්වා නෙවි. මෙව්වට දාර පත ඇඟට  දැනෙන  සාධක නැහැ. තියෙන්නේ බොහොම සුළු සාධක ප්‍රමාණයක්. තවම දැකල නැති වුනාට තල්මසා සහ යෝධ බූවල්ලා දෙන්න මූදු පතුලේ ගහගන්න බවට සාධක තියෙනවා. මේ විශ්ව කතාවට තියෙන්නේ ඒ සාධක අහලකට වත් නොවෙන මවා ගත්තු සාධක. හැබැයි මවා ගත්තු සාධක සහ සංකීර්ණ ගනිතයක අවසන ස්ටේබල් වූ මතයක් හැදෙනවා. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ.

දැන් ඔය දෙබරේ සෙටල් වෙලා තිබ්බට ඕකට ගලක් වදින්නේ මොකක් හරි අඥ්ඥකොරොස් වැඩකින් මේ සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු දවසක. ඉස්සර නිව්ටන් පප්පා ඔහොම ස්ටේබල් කතා ලියල තිබ්බ කාලේ මයිකල්සන් සහ මෝලි කියන දෙන්න කලේ එහෙම අඥ්ඥකොරොස් වැඩකින් සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු එක. එනම් අර ඒ ලෙවල් වලට කල සාපේක්ෂ ප්‍රවේගය ගණන හදන ආකාරයට ආලෝකයේ ගමනට සාපේක්ෂ ප්‍රවේගයක් දාන්න බැහැ කොහොම කරකුවත් එහි ප්‍රවේගය [රික්තයේ] නොවෙනස් කියල. ඔතනින් වෙච්ච පලුද්ද වහන්න ගිහින් අයින්ස්ටයින් පප්පා මුළු විශ්වයම ඇදලා හකුලලා අඹරලා කලවම් කරලා අලුත්ම එකක් හැදුවා. අපි හිතාන ඉන්නේ දැන් ඕක තමා සීන් එක කියල. ඒ ඊ ගාව එපිසෝඩ් එක එනකම්.

දැන් මම මහන්සි වෙලා කිව්ව එකේ ආයිත් කියන්න ඕනේ නැහැනේ මෙව්වත් කතන්දර තමා. වෙනත් ඕනෑම කතන්දරයක් වගේ. හැබැයි මෙව්වා බොහොම මහන්සියෙන් කෑලි හැලෙන්නේ නැතිවෙන්න ස්ටේබල් ලෙස නිර්මානය කරලා තියෙනවා. අවුලක් අහුවුනොත් අපේ බ්ලොග් එකක් වගේ ඇවිත් මකලා හදනවා. කොලේ ලියපු නවකතා නෙවි.

හොඳයි දැන් මොකද්ද අපිට කල හැකි. අපිට දැනට ස්ථිර ලෙස කියන්න පුළුවන් අපේ මිනුම් උපකරණ අනුව අප වටා පවතින ගුරුත්වයෙන් හෝ විද්‍යුත් චුම්බක ආදී බලයකින් දෘඩ ලෙස බැඳුනු පද්ධතිවල සයිස් එකට සාපේක්ෂව ඒවා අතර දුර වැඩිවන බව නිරීක්ෂණය කර ඇති බව පමණයි. එච්චරයි.

Monday, November 28, 2016

අලුත් චින්තන රාමුවක් අවශ්‍යය

මගේ  සටහන  ලියන්න  පාදක  වන්නේ  ට්‍රාන්සිල්වෙනියා බ්ලොග්  සටහනක්.  ඉතාමත්  සුන්දර  සංචාරක  අත්දැකීමක්  සේ ගැලපුණු  ඒ  සටහන  මෙතනින්  කියවන්න.  ඇත්තෙන්ම  ඒ  සටහන  නොකියවා මේක  කියවීමෙන්  වැඩක්  නැහැ.

මේ  තමා  මගේ  සටහනට  අවශ්‍ය  පූර්විකාව  සපයන  කොටස.

"ධනවාදයේ සියළු අයහපත් ලක්‍ෂණ මම ඩිට්‍රොයිට් හිදී දුටුවෙමි ...
ප්‍රජා පීඩක සමාජවාදය නිසා මස් රාත්තලක්, සීනි කිලෝවක් ගැනීමට පෝලිම් වල පැය ගනන් සිටි මිනිසුන් මගේ මතකයට නැගේ.

සමාජවාදය යටතේත් ධනවාදය යටතේත් මිනිසුන් විඳවනවා මම දිටිමි. මෙම සමාජ ආර්ථික විඳවීම් අවසන් කරන තෙවැනි මානුශිකවාදී ක්‍රමයකට අප යා යුතුය​. "


සාම්ප්‍රදායික ධනවාදය සහ සමාජවාදය කියන්නේ හෙන රූඩිමෙන්ටරි තියරි. එව්වයේ කියන්නේ සරල දෙයක් කලාම සියල්ල හොඳවෙලා ඔක්කොම ලස්සන වෙලා යාවි කියන එක. ඔය වගේ රූඩිමෙන්ටරි තියරි වල අවසානේ තියෙන්නේ they all lived happily ever after වර්ගයේ සුරංගනා කතා වැනි සැනසිල්ලක්. හැබැයි කතාව මහා පොළොවේ හිටෙව්වම ඔය 'ආෆ්ටර්' කොටස තමයි තීරණාත්මක වෙන්නේ. සමාජවාදී වද කඳවුරුවල ධනවාදී ආර්ථික අවපාත වල අපි දකින්නේ ඒ "හැමෝම සන්තෝසෙන් ඉන්න" කතාවේ සත්‍ය ස්වරූපය.

මේ මූලධර්ම පරණයි. ඒවා නිර්මාණය වන්නේ සියවසකට එහා සමාජ තත්ත්ව තුල. නිකමට හිතන්න ඒ තත්ත්ව ලෝක යුද්ද කාලෙට වඩා පරණයි. ලංකාවේ මිම්මෙන් කිව්වොත් අර බැද්දේගම සිළිඳු ලා නිර්මාණය වෙච්ච ගම්පෙරළියේ චරිත නිර්මාණය වෙච්ච යුගයට වඩා පරණයි. වර්තමානය තීන්දු කරන්න මේවායින් පුළුවන් කියන්නේ මිනිසා පහුගිය සියවසකට වඩා කාලයක් අත්කරගත්ත සියලු බුද්ධිමය ජයග්‍රහණ තේරුමක් නැහැ කියන එක. මොකද අල්ටිමට් තියරිය හදල තියෙන්නේ ඊට කලින්ලු නේ.

ධනවාදය විසින් සමාජගත කල ඇතැම් සංකල්ප අනාගතයට වැදගත් වෙනවා. සමාජවාදය විසිනුත් සමහර වැදගත් සංකල්ප සමාජගත කරලා තියෙනවා. මේ සංකල්ප සමාජයේ ඉදිරි ගමනට වැදගත් වෙන වටින අදහස්. හැබැයි ඒ එකකින්වත් අපිට වර්තමානයේ ගැටළු හෝ ඒවායේ අනාගත දිගුවන් සපුරා විසඳන්න බැහැ. ඒවා පරිපූර්ණ උත්තර නෙවෙයි. ඒ වගේම අධික ජනගහනය සම්පත් හානිය, ආදී හේතු මත නිර්මාණය වෙච්ච ඒ කාලේ නොදැක්ක නමුත් අද අපිට වැදගත් වන ගැටළු රාශියක් අලුතෙන් හැදිලා තියෙනවා .

සමහරු කියනවා "ක්‍රම දෙකේ මිශ්‍රණයක්" කරමු කියලා. මේ කියන්නේ ප්‍රාථමික එක ක්‍රමයක් වෙනුවට ඒ වගේ දෙකක් මිශ්‍ර කරන්න. ලොකු වැදගත්කමක් නැහැ. කාරණා බැලන්ස් වෙයි එහෙත් යල්පැනගිය කමේ අඩුවක් නැහැ.

මේ නිසා වෙන්න ඕනේ අලුත් චින්තන ධාරාවකට ලෝකය යන එක. ඒ චින්තන ධාරාව තුල ධනවාදයෙන් සමාජවාදයෙන් [සහ එවැනි ක්ලැසිකල් සංකල්ප රාශියකින්] ගත්ත සාරයක් තියෙයි එහෙත් වඩාත් වැදගත් අලුත් තත්ත්ව තුල නිර්මාණය වන අලුත් ගැටළු වලට අවශ්‍ය අලුත් පිළිතුරක් හොයන එක. අර පරණ කුණු කන්දල් වලින් ස්වායත්ත ව

අනික ඒක නිකම් "වෙළඳපොල නිදහස" "නිර්ධන පන්ති ආඥාදායකත්වය" වගේ සිම්පල් රූඩිමෙන්ටරි තියරි වලට වඩා මාර සංකීර්ණ සහ ගතික තියරි ගොඩක සංකලනයක් වෙයි. වෙන්න ඕනෙත් එහෙමයි. කොටින්ම ඒකට අමුතු නමක්, බල කඳවුරක් , දේශපාලන පක්ෂයක් ඕනේ නැහැ. පොදු මානව චින්තනයක් ලෙස ක්‍රමිකව විකාශනය වුණාම ඇති.

Friday, June 10, 2016

ආගමේ (ඇදහිල්ලේ) ඉලෙක්ට්‍රිකල් උදාහරණය සහ අයි ටී උදාහරණය

බුදුන් වහන්සේ ජේසු තුමා නබි තුමා [මාක්ස් තුමා] මේ කිසිවෙක් ආගමක් දේශනා කර නැහැ. ආගම් දේශනා කරන්න බැහැ. දේශනා කලේ දර්ශනයක්. ලෝකය විශ්වය ජීවිතය ගැන කිසියම් වූ දර්ශනයක්. මේ දර්ශනය අහපු මිනිස්සු තමා ආගම් නිර්මාණය කලේ. 

එතැනදී මම සලකන්නේ ආගම කියන්නේ ශ්‍රාවක මනසේ පවතින ප්ලග් බේස් එකක් [ෆීමෙල් සොකට් එකක්]. දර්ශනයක් කියන්නේ ප්ලග් එකක් [මේල් කනෙක්ටර් එකක්] ඔන්න ඔය ප්ලග් එකක් ගානට ශ්රාවකයට ෆිට්වෙලා ප්ලග් බේස් එකට වැදුනම මනුස්සයට ආගමක්තියෙනවා. බොහෝ දෙනෙකුගේ ප්ලග් බේස් කුඩා කල සිට හදනවා මව්පියන් ගහගත්තු ප්ලග් එක ගහගන්න.

ආගම හැරයාම ලෙස බොහෝ දෙන කරන්නේ ප්ලග් එක ගැලවීම. ඒ මොහොතේ එන ජොලියට නිරාගමික නිරාගමික කිව්වට මේ පාර්ශ්වයන් ආගමට පදනම් වන ප්ලග් බේස එක පවත්වාගෙන ඉන්නේ. වෙනත් එකක් ඕකට හයිවෙන්න බැරි නැහැ.

අයිඩියෝලොජියකින් නිදහස ලබන එක සිද්ධ වුනේ තවත් අයිඩියෝලොජියක කියවීමකින් නම් ගැලවුණු එක වෙනුවට අලුතෙන්  කියවපු සවිවීම වලකන්න බැහැ. එසේ ආගමෙන් නිදහස ලබන්නා එකම මොහොතේ එකක් ගලවලා අනික හයි කරගන්නවා. හැබැයි එකක් ගලවපු නිසා කියන්නේ නිරාගමික කියලා. දෙවනුව කියවූ අයිඩියෝලොජිය හයි කරගෙන කියා දන්නේ නැහැ.

මගේ මතය නම් අයිඩියෝලොජියකින් / ආගමකින් / ඇදහිල්ලකින්   නිදහසලැබීම ස්වයං අවබෝධයක් වෙන්න ඕනේ. මොකද ඒ තත්වය ස්වාභාවිකව වටහා ගන්න පුළුවන් දෙයක්. කාගේවත් කියුම් බස් අවශ්‍ය නැහැ.

මේ  කතාවම අයි ටී  උදාහරණයකින්  සැලකුවොත්; සංකල්පයක් ලෙස ඇදහිල්ල හෙවත් ආගම කියන්නේ ක්ලාස් එකක්. බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම්, හින්දු ආගම ආදිය [සමහරුන් අල්ලගෙන ඉන්න හැටියට මාක්ස් ආගම, සිසෙක් ආගම] ඒ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට්ස්. මනසින් ගලවලා අයින් කල යුත්තේ ක්ලාස් එක මිස ඔබ්ජෙක්ට්ස් නෙවි. ක්ලාස් එක මනසේ තියෙනකම් අලුත් ඔබ්ජෙක්ට් හැදෙන්න පුළුවන්.

නිරාගමික වීමේදී අපි ප්‍රහීන කල යුත්තේ මේ ජෙනරික් "ඇදහීම" හෙවත් "ආගම" කියන සංකල්පයයි. එනම් සැබෑ නිරාගමිකත්වය කියන්නේ ප්ලග් බේස් එක ගැලවීම. ඊට පස්සේ ආගම ගැන හෝ ආගමට එරෙහිව ඔය අස්ස වලිප්පු හැසිරීම එන්නේ නැහැ. 


ආගම් හරියට රෝමානු ජුපිටර් ඇදහීම් හෝ ග්‍රීක සියුස් ඇදහීම් වගේ තත්වයකට එන්නේ එතකොට. අපි  දැන්  රෝම  හෝ  ග්‍රීක  දේව  කතා  ගැන  මැරීගෙන  අදහන්න  හෝ  මැරීගෙන  එරෙහි  වන්න  අමාරුවකින්  පෙළෙන්නේ  නැහැනේ.  අපි  අපේ  කතාබස්  තුල  සංස්කෘතික   අවශ්‍යතා  වෙනුවෙන්  ඒවා  ඕනෑතරම්  යොදාගන්නවා.  අපි  ඒ  රටවල  ට්‍රිප්  ගියාම  ඒවායේ  සිද්ධස්ථාන  බලන්න  යනවා.  අපි  ඉපැරණි  විශ්වාසයන්  ගැන  කතාවෙනවා  අපේ  ලේඛන  වල  භාෂා  ප්‍රයෝග  ලෙස  යොදා  ගන්නවා  [By Jupiter, yes !!!] එහෙම  කළා  කියලා  අපි    ඒ  ආගම  අදහන්නන්  වෙන්නෙත්  නැහැ.  ඒ  නිසා අපි  අද  පවතින  ආගම්  අපේ  මනස  තුල පත්කළ  යුත්තේ  අර  රෝම  ග්‍රීක  ආගම්  වල  තත්වයට.

මේ  ඉහල  පරිච්චේදය  ලියන්න  එක්තරා  නිරාගමික  මුහුණු පොත්  කණ්ඩායමක  මගේ  අත්දැකීම්  බලපෑවා.  මේ  පිරිස  බොහොම  හොඳ  පිරිසක්, කිසි  වරදක්  නැහැ.  හැබැයි  එකඟ  වෙන්න  අමාරු  අදහස්  රාශියක්  දැක්කා. සමහරු  තර්ක  කළා  ආගම  හැරගියපු  කෙනෙක්  සිද්ධස්තානයකට  යන්න  හොඳ  නැහැ.  ආගමික  දෙකට  ගරු  කරන්න  එපා.  ආගමත්  එක්ක  දිගටම  ගැටෙන්න  ඕනේ  ආදී  වශයෙන්.  මේ  කට්ටිය  තාම  ප්ලග්  එක  ගලවපු  ප්ලග්  බේස්  එක  වේදනා  කාරී  ලෙස  ඕපන්  තියාගෙන ඉන්න  කට්ටිය.  ආගම  ගැන  මට  කියන්න  තියෙන්නේ  ටේක් ඉට්  ඊසි  කියලා  විතරයි. මම  හිතන්නේ  ප්ලග්  බේස්  එකත්  ගලවා සිත  නිවා  සුවපත් කරගත්තම  ආගම  ගැන  
 රෝමානු ජුපිටර් ඇදහීම් හෝ ග්‍රීක සියුස් ඇදහීම් වගේ සලකන්න  ඔවුන්ට  හැකි  වේවි.  

වැඩේ  තියෙන්නේ  ඔය ප්ලග් බේස් එක ගලවන්න නම් තමන්ම අවබෝධ කර ගන්න ඕනේ. 
වෙන කෙනෙකුගේ කියවීමකින් බැහැ. මාක්ස්  ගෙන්  සිසෙක්  ගෙන්  ඒ  අවබෝධය   ණයට  ගන්න  බැහැ.  එතකොට  ඒ  ආදරණීය  ගුරු  දේවයන් වහන්සේ සෙට්  වෙනවා  ප්ලග්  බේස්  එකට. සමහරු නිරාගමික කියමින්  ඒ ගුරු  දේවයන් වහන්සේලා   කියපුවා අමු අමුවේ අදහන්නේ ප්ලග් බේස් එක නොගලවීම නිසා. ඒ වගේම තම අවබෝධයෙන් තොරව "ණයට ගත්තු දැනුමකින්"   නිරාගමික  වෙන්න හදපු  නිසා.

 බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම්, හින්දු ආගම ආදි දේවල්  වලින්  නික්ම  යන  කොට  අපිට  තියෙනවා ඒවායේ  කාරනා  විවාද   කරන්න.  ඔය  කියන  දේ   ඔහොම  වෙන්න  පුලුවන්ද?  ඕක  තව  මෙහෙම  වෙන්න   බැරිද?  මේ  කාරණයට  මට  එකඟ  වෙන්න  පුලුවන්ද?  ආදී  වශයෙන්.  නමුත්  ඒ  ප්ලග්  එක  ගැලෙව්වට  පස්සේ   ජෙනරික්  ඇදහිල්ල  හෙවත්  ප්ලග්  බේස්  එක  ගැන  අපිට  එහෙම  දේවල්  නැහැ  විවාද  කරන්න.  ඒ  සංවාදය  පටන්  ගන්නේ  "මම  ආගමිකයෙක්  වෙලා උන්නේ  කොහොමද?"  කියන  තැනින්.  ආගමිකයෙක්  කාලේ  මම අහවල්  කාරනා  මෙහෙම  එල්බගෙන  උන්නා.  අහවලා  කියාපුවා  මෙහෙම  අන්ධ  භක්තියෙන්  ඇදහුවා.  මම  තාර්කික  සංවාද  අහවල්  හේතු  මත  නතර  කළා.  සෑම  ඇදහීමක්ම  එහෙමයි.  හෙටත්  මම  දේවල්  එහෙම  එල්බ  ගෙන බදාගෙන  අදහාගෙන  ඉන්න  පටන්  ගනියිද?  ඔන්න  ඔහොම  තර්කනයක්  තමා  මටනම්  තිබ්බේ.


අතුරු ප්‍රශ්න  එනවා.  එකක් තමා: හැමෝම  මොනවා  හරි  විශ්වාස  කරනවා   නේද?  ඔයා  පාර  පනිද්දී  වාහනේක  නොහැපෙයි  කියලා  විශ්වාස  කරන්නේ  නැද්ද?  ඔයා අඩිය  තියද්දි  ඔතන  මහ  පොලොව  කියලා  විශ්වාස  කරන්නේ  නැද්ද?

 මෙතන  එන්නේ  වචනාර්ථ  ගැටලුවක්. විශ්වාස  කියන  වචනයට  අර්ථ  ගොඩයි. මම  දන්නා  අනිත්  බාසාව  වන  ඉංග්‍රීසිය  එක්ක  ගලපා  ගතහොත්  ඇදහිලි මය  විශ්වාසයකට කියන්නේ  faith. මතවාදයක්  කාරනා  නොසොයා  හරි  ඇතැයි  විශ්වාස  කරනවට  belief කියනවා. මොකක්  හරි  දෙයක්  ඔහොම  වෙයි  කියල  අත්දැකීමෙන්  එන  විශ්වාසයට  trust කියනවා. confidence කියන්නේ  තමා  [හෝ  වෙනකෙකු] ගැන  ඇති  විශ්වාසයට.  ආගම  හා  ඇදහිල්ලට  අහුවෙන්නේ 
faith  සහ   belief කියන  දෙක.  අපි  මේ  කතා  වෙන්නේ  ඒ  දෙක  ගැන  පමණයි.

ලෝකේ  හැමෝම  ඉන්නේ  කිසියම් 
අයිඩියෝලොජියක [දෘෂ්ටිවාදයක]  නේද?  මේ  තවත් අතුරු  ප්‍රශ්නයක්.   ශිෂ්ටාචාරය  විසින්  නිර්මාණය  කල  සෑම  දෙයකම  කිසියම්  අයිඩියෝලොජි  ස්වභාවයක්  තියෙනවා.  හැබැයි  ගැටලුව  වන්නේ,  ඒවා කෙතරම්  බදාගෙන  ඉන්නවද  කියන  එකයි.    ඇදහිල්ල  හෙවත්  faith  සහ   belief කියන  දෙක  එන්නේ  ඒවා දැඩිව  බදා  ගත්තම. ඔය  කිසිම  දෙයක්  අදහා  නොගෙන මේ  ශිෂ්ටාචාරය  ඇතුලේ  කිසි  කරදරයක්  නැතුව  ඉන්න  පුළුවන්  සරළ  අවබෝධයෙන්.

ඒ  තර්කයම  දිගු  කරන්න  පුළුවන්  ආගමික  දේශපාලනික  නායකයන්ගේ  උගැන්වීම්  වලටත්. ඕවා  කියවා  තේරුම්  ගෙන  එහි අඩුපාඩු  හඳුනාගෙන  ඒ  ශාස්ත්රූන්  අදහන්නේ  නැතුව  තමන්ට  සුදුසු  යමක්  ජීවිතේට අරගෙන  අගේට  ඉන්න  පුළුවන්  නිරාගමිකයෙක්  වශයෙන්. ඊසොප්ගේ  උපමා  කතා  කියවල  අපි  ජීවිතේට  යමක්  ගත්තට  ඊසොප්  ව  අදහන්නේ  නැහැ නේ  අන්න  ඒ  වගේ.


Saturday, May 21, 2016

Of Religion and lack of it





I find following facts important if you're considering the possibility of any religion being universal truth. Warn, in this context I do not explicitly respect any religion for the sake of my argument. So pls do not get hurt. W/o debate you can never understand.


1. Assymetry of wisdom:



Why do religions always owe their roots to the other preceding religions? If it is bloody truth, why needing an alibi? Why can't it stand totally on their own, leaving behind the childhood preachings of the founder completely?


Christ invented the redemption for the curse mentioned in Judaism. Buddha found the end to the sansara cycle which was taught in pre-buddha vedic teaching. Big problem is, if we think that one religion is the universal truth, then its preceding religions also have to be a part of that truth. Then you feel very unfair to think that only a particular set of people knew all the truth and rest of the world never did.


Buddha alone can be super-genius, but how can many preceding Indians also be super-genius [for their share in Dhamma] but Hebrews, Egyptians or Chinese weren't? I'd expect wisdom to happen all over, not at only one place.


2. Failure to see life as Evolution:



Life was a key topic of every religion. But so far I have never seen a precise explanation of life being derived from tiny molecular beings many billions of years ago, found in any of the religions. I know some ppl have found one or two similar lines. But the ones I saw are in the type of "nostre-damus knew 9/11", i.e. very distant word riddles that can be interpreted as you wish.


I am with strong understanding that life got derived from small molecular beings. There is so much evidence for it. But why did all religion founders fail to explain it? They have taken up similar topics, so you can't say that they knew it but found it irrelevant. I think they DID NOT know it. And it is a very important fact they have missed.


3. Need for intangibility to explain life:



What would a vedda/tribesman think if he sees a robot or a car? He would beyond doubt think that there lives some soul in it. It is natural to associate some intangible force to any activity that you fail to understand. I think that soul/athman/gandabba+prathisandhi et al are similar attempts. Truth remains that simple biology and chemistry can explain all what human/life does, if that extremely complex process can be deduced within a human brain. In another words, life's material explanation still lacks enough neuron CPU power to be deduced, but it is deterministic.


It makes intangibility optional. No longer an essence. Whereas all religions have noticed the macro scale complexity of life as a result of an intangible force.


4. Why do we not find people "realize" other religions w/o influence:


Let's say that religion XXX is the truth but only truth. So every religion including YYY are false. If this is true, I'd expect to see people of YYY realizing XXX on their own. Every human is with a certain mental capacity. Evolution has spread thinking power equally. So why do we not see that this happening often. Most religious conversions occur due to association of people, critical events of life, reading a book of it, education and religious schooling, following the majority of the country etc etc.


In all cases of conversion previous knowledge of XXX is an essence to convert into that. If XXX is truth, I'd like to see many ppl have found it on their own, in different variants. Many math theories are found that way in different places independently. Sadly we see no such cases for religions.


5. Causality [I did not mean Hethu Pala Vaadaya here] and Randomness:


Every religion depends on the framework of cause-result. At macro scale we think that this is so. We have evidence. Pull the trigger bullet goes. Fails to go, some reason can be found. Pure causality.


At micro/nano/pico scale, what we find is a set of random events. They have a probability space of anything. Pull the trigger, the house is built !!! But the likelihood is very low. However these minute scale randomness, which exhibit the nature of converging at macro scale, can be taken as one way to explain the whole universe. Infinite number of minute random events. The collaboration of them leaves us with only distinct macro scale possibilities [infinite number of], which is in fact our imagination.


Pull the trigger goes the bullet
Pull the trigger no bullet as bullets are over
Pull teh trigger no bullet as ignition failed
Pulled the trigger boom goes the gun as road runner has stuffed soil in the front. And you end up with a charcoal fox.


See the number of possibilities are infinite here. But they are not all equally probable.

Friday, November 27, 2015

To the Church with appreciation for your commitment

Dear Church;

I found the following news article in BBC.


Pope's adviser urges Catholics to join climate marches


Since the subject is self explanatory I will not waste more for summary writing.

We appreciate your  commitment for environment. Considering that shit is just about to hit the ceiling it may perhaps not make much difference but we acknowledge it.


But let's look back where we started from. If you start from the far corner of the dark allies of human history and walk back to present day, you may first find that the wild animals called mankind lived in harmony with rest of the wild animals. Just like any other animal would do they went on building their dwellings (which we call civilization today) and consumed the world to an extent that it wasn't really destroying it but only changing. You will find most civilizations finding a very good balance to give and take with the nature  to the philosophical fact that they belonged to the nature itself.

First strike comes when your first form somewhere in Asia minor raised the hand and said that man does not belong to nature, but nature belongs to man. Well it went something like "first the ground animals then the birds of sky and fishes of oceans blah blah and all, they were all created FOR THE MAN"... to consume. Of course as they wish. We have written evidence for this, although you have hundred excuses.

If shit started hitting ceiling in this century, I'd call that this point as the moment one opened the toilet door and sat on the seat. YOU GAVE  a blank sheet for the ownership of whole world to the mankind signed by your god, whether or not that signature was man-made. That is the most arrogant and selfish statement made ever. That is the most stupid point of view ever perceived. The total misunderstanding of belonging. You preach that nature belongs to man where it is obviously vice versa.

Of course your obedient servants then conquered the world and destroyed anything which thought otherwise. Consumed nature in such a fashion that some species became extinct for being killed like a play item or shooting practice. Even today people hunt for fun fish for fun and so on.

Now you complain that life is not sustainable. Nature is destroyed, world is ending. What else would you expect?

Agree. Past is past. And you are now with us in same side, thinking that something has to be done, of course before the shit hits the ceiling and what not. But before we stand with you and walk down this ally, kindly please correct your original mistake.

As a commitment for sustainable future, will you, the church, accept that nature, animals trees and everything DOES NOT belong to man, but man just belong to it? Can you stop preaching this bullshit of "it was created for you" as despite whatever you say afterwards the obedient follower will just consume it? Can you admit the colossal mistake in your way of thinking? Can you tell your followers that it is time for them to change the perspective? And preach to the whole world to return to life styles that is in harmony with nature at least as much as possible?

Because there is nothing we can do as long as you teach more than half of the world that world is created for themselves. Otherwise marching streets with a book having such statements in your hands is perhaps the greatest oxymoron that we may have seen in our entire history.

Thank you.

Thursday, October 8, 2015

බුද්ධිය කෙළවර නොදැනුවත්කම - The Perimeter of Ignorance

"බුද්ධිය  කෙළවර  නොදැනුවත්කම"  කියලා  මම  සිංහලට නැගුවේ  The Perimeter of Ignorance කියන  එක.  හරිම  හරි  පර්වර්තනයක්  නොවේ. එහෙත්  අවශ්‍යතාවය  ඉෂ්ට  වෙනවා.

මෙහි  අරමුණ  මූලික  වශයෙන්  දේශනයක්  හඳුන්වා  දෙන්න.  ඒ  නිසා   මේ  අදහස  මගේම  අදහසක්  නොවේ.  එක්තරා  දේශනයක අන්තර්ගතයෙන්  මට  වැදගත්  කියා  හිතෙන  කොටස  උපුටා  ගන්න  එක  කරන්නේ.  මෙය  මිනිසා  විශ්වය  පැහැදිලි  කිරීමේදී  හැසිරෙන  එක්තරා  මනෝ  විද්‍යාත්මක  ස්වරූපයක්  ගැන හෙවත්  විද්‍යාර්ථින් ගේ  ඇදහිලි  ගැන  කතාවක්.

ලෝකය  විශ්වය  ගැන  සංකීර්ණ  ක්‍රියාදාමයක්  පැහැදිලි  කරන මනුස්සයෙක් තම බුද්ධියෙන්  ගණිතමය  හැකියාවෙන්  ඔප්පු  කල  හැකි  දේ  බොහොම  විද්‍යාත්මකව  ඔප්පු  කරනවා. එතැනදී  ඔහු/ඇය  මැවුම්කරුවෙකු,  අද්භූත  බලවේගයක්  නැතුව සරළ  ගණිතමය  විද්‍යාත්මක  පැහැදිලි  කිරීමක්  කරන්නේ.  ඒ  මොකද  අර  වගේ  සුපිරියර්  දෙයක්  අමුතුවෙන්   ඕනේ නැහැ,  තම  බුද්ධි  හැකියාව ප්‍රමාණවත් 


හැබැයි  ඒ  විද්‍යාඥයාගේ  හැකියාවේ  සීමාවට,  බුද්ධියේ  උපරිමයට  ආවාම  විශ්වයේ  ක්‍රියාවලින්  ඒ  මට්ටමත්  ඉක්මවා  යද්දී  මෙයාට  හිතෙනවා, "මේක  වෙන  හැටි මට  වැටහෙන්නේ  නැහැ.  හැබැයි  මම මාර  ලොකු  පොරක්. ඒත්  මටත්  ගණිතයෙන්  විද්‍යාවෙන්  පැහැදිලි  කරන්න  බැහැ.  එහෙනම්  මේක  එකත් එකටම  මැවුම්කරුවෙකුගේ  මැවුමක්,  අද්භූත  බලවේගයක  පලයක්  වෙන්නම  ඕනේ". ඒ   නිසා  තම නොහැකියාව  ඉස්මතු  කරවන  තරම්  සංකීර්ණ  දේවල්  දෙවියන්ට  පවරනවා. ඔන්න  ඔහොම  තමයි  බුද්ධියේ  කෙලවරේ  ඇති  නොදැනුවත්කම  තුලින්  දෙවියෙක්  බූතයෙක්  ඉස්මතු  වන්නේ.

මෙය බොහෝ  දෙනෙකුට  පොදු  අවුලක්. සාමාන්‍ය මිනිසුන්ට  වගේ  ම  මහා විද්‍යාඥයින්ට  පවා.  දේශක  නීල්  ටයිසන්  කියනවා,  ඇමරිකාවේ  සාමාන්‍ය  මිනිසුන්ගෙන්  90% ක් දෙවියන්  වහන්සේ  අදහනවලු.  හැබැයි  මේ  ප්‍රතිශතය  උසස් විද්‍යාර්ථින් අතර  15% වගේ අඩු ලු .  හැබැයි  අර  90%  නොවේ  ඔහුගේ  ගැටලුව.  ඔහුගේ  ගැටලුව  නම් උසස් විද්‍යාර්ථින් අතර  15% ක් තවමත්  ඇයි  දෙවියන්  අදහන්නේ  කියන  එක.  ටයිසන්  කියන්නේ  ඊට  හේතුව  මේ  බුද්ධියේ  කෙළවර  ඇති  මෝඩකම  තුලින් දෙවියන්  දැකීම කියන  එකයි.


අයිසැක්  නිව්ටන් ස්කන්ධ  දෙකක්  අතර  ගුරුත්වාකර්ෂණය ගැන කියලා,  ඊට  පස්සේ  ඒ  වගේ  ස්කන්ධ  රාශියක  හැසිරීම  එවකට දුබල  ගණිතය තුලින්  පැහැදිලි  කරන්න බැරි  වුණාම,  සොර  ග්‍රහ  මණ්ඩලය  වගේ  දෙයක්  නම්  මවන්න  ඇත්තේ  දෙවියෙක්  කියා  කිව්වා ලු.  තවත්  කෙනෙක්  පස්සේ  එය  පැහැදිලි  කලත්  ඔහුටත්  තමන්ට  නොහැකි  තත්වයට  ආවාම  දෙවියන්  ගෙන්  ඒ  අඩුව  පුරවන්න  හිතෙනවා. අදටත්  සමහරු  ජීවයේ  සම්භවයේ  පවතින  විවාදාත්මක  කරුණු  කීපයක්  එතරම්  නිරවද්‍ය  නොවන  උපකල්පන   එක්ක  එකතු  කරලා  හදනවා  මතයක්  ජීව  සම්භවය  සුපිරි  බුද්ධියක  නිර්මානාත්මක  වැඩක්  බව - බුද්ධිමත්  නිර්මාණවාදය  හෙවත්  Intelligent Design. මේක  දැනුම  නිර්මාණයක්  නොවේ.  නොහැකියාව, නොදැනුවත්කම  වසා  ගන්න දෙවියෙක්  
නිර්මාණය  කිරීමක්.

බලන්න  මුළු  කතාවම: The Perimeter of Ignorance

මේකටම අපි  කියනවා  දැනුමේ  හිඩැස  දෙවියන්ගෙන්  පිරවීමක්  ලෙස.  විශ්වය  තුල පවතින  ගතියක්  තමයි  දකින  හැම  මානයකින්ම  අනන්ත අපරිමිත  ස්වභාවයක්  පෙන්වීම.  දිගට  දිගට  යන්න  ගියත්,  පොඩියට පොඩියට  කඩාගෙන  ගියත්,  ලොකුවට  ලොකුවට  එකතු  කරගෙන  ගියත්  අපි  ඒ  අනන්ත  ස්වභාවය  දකිනවා.  අවාසනාවකට  මනුෂ්‍ය  අපි  පරිමිතයි. අපේ  මොලයේ  හැකියාව,  බුද්ධියේ  හැකියාව,  සිතීම  යන  සියල්ල පරිමිත  සීමාවක  හිර  වෙලා තියෙන්නේ.  මේ  පරිමිත  මිනිහා  අපරිමිත  විශ්වය  පැහැදිලි  කරද්දී  කෙරෙන්නේ  ඒ  ගැන  මොඩලයක්  හදන  එක. එනම්  පින්තුරයක්  පික්සල්  ගොඩකින්  නිර්මානය  කරනවා  වගේ  සන්තතික (continuous)  විශ්වය විභින්න (discrete) කැබලි  ගොඩකින්  තමා  පැහැදිලි  කරන්නේ.

නොදනුමේ  කුඩා  පෙට්ටි  ගොඩකින්  දැනුම  හදනවා.  මුලදී  බොහොම  ලොකු  කන්ටේනර්  සයිස්  නොදනුමේ  පෙට්ටි  කීපයක්.  විද්‍යාවේ  ප්‍රගමනය  කියන්නේ මේ  විශ්වය  පැහැදිලි  කරන  නොදනුමේ  පෙට්ටි  වල  සයිස්  එක  පුංචි  කරන  එක.  ඒ  සමග  මොඩලය  වඩාත්  තාත්විකව  සහ විද්‍යාත්මකව  නිර්මානය  වෙනවා.

හැබැයි  හැමදාමත්  අර  නොදනුමේ  පෙට්ටිය  ඉතුරුයි.  ඒ  පෙට්ටිය  තුලට  දෙවියන්  බස්සන්නට  ඇතැමුන්  පෙළඹෙනවා. ඒ  තමයි දැනුමේ  හිඩැස.  මේ පදනමින්  සමහරු  කියනවා  ඩාවින්ගේ  පරිනාම සංකල්පය  හා  පසුව  සොයාගත්  ඩී එන්  ඒ   ඔක්කොම  ඇත්ත  හැබැයි  ජාන  මියුටේෂන් කරන්නේ  කවුද?  අන්න  එතනයි  දෙවියන්  ඉන්නේ  කියලා.  ඔහොමම ජීවය  කියන  භෞතික  සිරුර  මත  වන ඉමර්ජන්ස්  එකත්   ආත්මය  නම්  මවාගත්  සංකල්පයක්  දාගෙන  පැහැදිලි  කරනවා. බු
ද්ධියේ  කෙළවර  ඇති  මෝඩකම තමා හොඳම  මනෝ  විද්‍යාත්මක  පැහැදිලි  කිරීම  මේ  ගැන  දෙන්න තියෙන.

මෙම  සටහන  නීල්  ටයිසන්  ගේ  දේශනාවේ  රාමුව  තුල තියන්න  මම උත්සහ  කළා.  එහි  කියවෙන  සංකල්ප  බටහිර  බුද්ධි  පද්ධතිය  තුල  වන  පැහැදිලි  කිරීමක්. ඒ  වගේම  දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුමේ  දිගුවක්. එහෙත්  ලෝකයේ  සෙසු  දැනුම්  පද්ධති  ගත්තොත්  මේ  මුළු  ගැටුමම  පටු  තැනක  හිර  වෙනවා.  දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුම බෞද්ධ  හෝ  හින්දු  සංකල්ප  එක්ක  ගලපන්නේ  කෙසේද?  ආදී  ලෙස  විශාල ප්‍රශ්න ගණනක්  ඇසිය  හැකියි. බටහිර  බුද්ධි  පද්ධතිය දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුම කියන පටු  කතාවේ  හිරවීම මහා  අවාසනාවක්.  හරිනම්  විද්‍යාව  දෙවියන්ට  බම්බු  ගහගන්න  කියලා  ඉස්සරහට  යන්නයි ඕනේ.  එහෙත්  දෙවියන්  හා  විද්‍යාව  එකට  පැටලෙන  එකත්  දෙවියන්ට පක්ෂ  හෝ විපක්ෂ  කියා  දේව/අදේව  වාදයකම  දිගටම  හිරවෙන  එකත්  අවාසනාවන්ත  තත්වයක්. බටහිර  දර්ශන  වාදය  පවා එහෙමයි.   ටයිසන්ගේ  කතාවට  පරිබාහිර  වූ  ඒ  මාතෘකා  මම මේ  පෝස්ට් එකේ  ග්‍රහණය  කරන්නේ  නැහැ. ඒක  වෙනත්  දවසකට.

සැහෙන  පරණ  සංවාදයක්  නැවත ඉස්මතු  කළ  ලක්ෂාන්  වික්‍රමට  ස්තුතිය. ඒ  වගේම  වචන  පරිවර්තනය  නිවැරදි කරන්නට  දුන්නු  දායකත්වයටත් 

Thursday, September 17, 2015

එන්න ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශයට

[කතාවට  පදනම  සැකසු  නදීෂා  හා රේශිකා  දෙදෙනාටත්,  මගේ මුල්  ලියමනේ  ඇද  අරින්න  උදව්  කළ  සැමටත් ස්තුතිය]

කාලේන ධම්ම සාකච්චා කියාගෙන සයිබරයේ නැගලා යන සංවාදයක් තිබ්බා. එක්තරා බෞද්ධ උපනිකායක [හෝ වෙන මොකද්ද එකක] හාමුදුරු කෙනෙක් කිව්වලු හරියට වැන්දේ නැත්නම් ඒ පාපයට අඩුකුලේ වෙලා උපදිනවා කියලා.

කෙනෙක්  මේකට  විරෝධය  පල  කරනවා. ප්‍රතිවාදී පාර්ශ්වය කියනවා ඒක එහෙම්ම බුදුහාමුදුරුවොමත් කියලා තියෙන එකක්ලු. ඉතින් බුද්ධ භාෂිතය හාමුදුරු කෙනෙක් දේශනා කිරීමේ අවුලක් නැහැල්ලු. එතකොට ආයිත් එනවා කතාවට ඒ වුණාට මේක වැරදි කතාවක් නේද බුදු හාමුදුරුවෝ ඒ කාලේ එහෙම කිව්වනම් එයත් වැරදියි කියලා. එතකොට එන උත්තරේ, එහෙම වෙන්නේ කොහොමද බුදු හාමුදුරුවෝ කිව්ව දේ අකාලිකයි ඒ නිසා මේක හරි වගේ අදහසක්.

මගේ අදහස් දැක්වීම මේ බුද්ධ භාෂිතයක් ද නැද්ද කියන බෞද්ධ මතවාදය ගැන නොවේ. ඒ නිසා මේක ඒ පෝස්ට් එකේ "ඉඟුරු දෝෂියක් වඩේකක් පොඩි චුවින්ගම් එකක්" වගේ විකිණීමක් ලෙස සැලකුවත් කමක් නැහැ. මේක ටිකක් හොලිස්ටික් කතාවක්.

ආගම් සියල්ලකම පවතින මූලික ලක්ෂණයක් තමයි ශාස්තෘ කේන්ද්‍රික භාවය. ශාස්තෘ මත හැමවිටම උත්තරීතර සර්වඥ බවක් ආරෝපණය කර ශාස්තෘ ගේ තීරණය අවසාන තීරණය ලෙස සලකන ගතිය. නමුත් අප දැනුම එකතු කිරීමේ ක්‍රියාවලියේදී කරන්නේ දැනුම නිර්මාණය කිරීම. ඊට ශාස්තෘන් නැහැ. දැනුම ලබාගත් පසු එහි හිමිකරුවා අපමයි. ඕවරයිඩ් කරන බලයක් ඉස්සර උන්නු මිනිහෙකුට නැහැ. අප හා වෙන ඕනේ එකෙක් සමානයි.

ඉතින් මේ දෙක ආකෘතික ව දෙකක්. ඉස්සරින්ම ඒක වටහා ගන්න ඕනේ.

ආගම් බිහිවුනේ ඇතැම් පර්ස්පෙක්ටිව් වලින් පසුගාමී හෝ නොදියුණු කාලෙක. ස්ථිරවම දැනුම හා බුද්ධි වර්ධනය අතින් පොදු සමාජය උන්නේ වර්තමානයට පහළ. ඒකයි ආගම් වල සුන්දර දේවල් ඔක්කොම අතීතකාලින ගූඩ ලෝගුවල එතුණු මූසල ලුකින් තැන් වෙන්නේ. දිවියලෝක හොඳ උදාහරණයක්. ඒ ආකරයටම ආගම නිර්මාණය කරන චින්තන පරිසරයත් අතීත කාලීනයි. අවුට්ඩේටඩ්. එව්වයේ සම්මුති හොඳ නරක ආදියත් එහෙමමයි. ආගමික නායකයාගේ ලෝක දැක්මත් එහෙමමයි.

අකාලික ලෙස හැමදේටම යෙදිය හැකි ආගමක් නැහැ. අකාලික බව කියවන්න ඕනේ 
බුදු දහමේ කියලා තියෙන කතාව තුල පමණයි. එනම් එහි කියවෙන මූලික ජීවන හරය තුල. අකාලික කිව්වේ එයට. හැබැයි අකාලික ලේබලය යටතේ බුදුන් කියපු ඔක්කොම එව්වා ඕනෙම දේකට දාන්න බැහැ.

සරළ විහිළුවක්  වැනි උදාහරනෙකට බුදු හාමුදුරුවන්ට සොෆ්ට්වෙයා ප්‍රෝග්‍රමින්  බැහැ සර්වඥයි කිව්වට. බුදු දහමින් ඒ කන්සෙප්ට්ස් පැහැදිලි කෙරෙන්නේ නැහැ අකාලිකයි කිව්වට. මේක බුදු හාමුදුරුවන්ට ගැටලුවක් නොවේ. ඒ දර්ශනය සමග යන අයටත් ගැටලුවක් වෙන්නඕනේ නැහැ. හැබැයි අකාලික දහමක් සර්වඥ කෙනෙක් කියන වචනාර්ථයේ එල්බ ගෙන ඉන්න කෙනෙකුට ගැටලුවක්.

කොටින්ම  මේක  මුහුණු  පොතේ ලිව්ව  ගමන්  කට්ටිය  මට  ඉන්බොක්ස්  කරනවා  බලන්න  අභිධර්මයේ  පරමාණු  ගැන  කියලා  තියෙනවා  තව  අරක  මේක  ඔය  විද්‍යා  කතා කියලා  තියෙනවා ආදී  ලෙස. අතුරු  ප්‍රශ්නයක්  ලෙස පරමාණුවක්  එක්ක  
සොෆ්ට්වෙයා ප්‍රෝග්‍රමින්  තියෙන  සම්බන්ධය  මොකද්ද කියලත්  අහන්න වෙනවා. ඊටත්  උඩින්  අවුල  මේ  මිනිස්සු  සර්වඥ  අකාලික  කතාව   වචනාර්ථයේ  එල්බ  ගෙන ඉන්න එකයි. 

සර්වඥ  කියන්නේ  ලෝකේ  පවතින  හැම  හූණු  බිකක්ම  බුද්ධ  ඥානයේ  කියවා  තිබ්බ  බව  නොවේ.  අකාලික  කියන්නේ  ලෝකේ  සමාජයේ  වෙන  හැම  කෙහෙම්මලකටම බෞද්ධ කියවීමක්  ඉගැන්වීමක්  තියෙන  බව නොවේ.  ඒ  වචන වැලිඩ්  වෙන්නේ  බුදුන්  වහන්සේ  කතා  කරන්න උත්සහ  කල  මාතෘකාව  ගැන.  ඉතිරි  වල්පල්  උන්වහන්සේට  වැඩක්  නැහැ. නිවන්  දකින්න යන  මනුස්සයට  මොකටද  සොෆ්ට්වෙයා  
ප්‍රෝග්‍රමින්.  ඒකයි  මම  ඒ  වගේ  සරළ විහිළුවක්  වැනි උදාහරණයකින්  ම  පැහැදිලි  කලේ.  සර්වඥ  අකාලික  කතාව අදාළ  වන්නේ ඒ හරයට  පමණයි.

ඒ වගේම ඊ ළඟ කතාව තමයි බුදුදහමේ කියන ඔය හරය හරිද? අකාලික වෙන්න තියා ඕක නිවැරදි දෙයක්ද? ඔකේ වැරදි නැද්ද ආදී කතා. මෙන්න මෙතැනදී අපි අර කලින් කිව්ව ප්‍රශ්නේ එනවා. බෞද්ධයා ගන්නේ ශාස්තෘ හරි කියලනේ. ඒ නිසා සෙසු සංවාදය කෙරෙන්නේ බෞද්ධ නොවන හෝ ආගම හැර යමින් ඉන්න රාමුවක. මම එහෙම කෙනෙක්. මට බයනැතුව හිතන්න පුළුවන් බුදු හාමුදුරුවෝ කිව්ව එක හරිද වැරදිද කියලා. අපාගත  වේවි  කියලා  එහෙම  හිතන්නවත් බයේ ඉන්න  අර්බුදය  මට  නැහැ.

ඒ වගේම දාර්ශනික නිවැරැද්ද ඉක්මවන කුල කතාවක් වගේ සාමාජිය දේකදී ඒක විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා බෞද්ධ උනත් නැතත්. බුදු හාමුදුරුවෝ කිව්වා කියලා ඉමියුනිටි දෙන්න බැහැ. එහෙනම් ඉතින් නබි තුමාගේ දේශනා අමු අමුවේ කොපි කරනවා කියන සමහරු කරන දේවලුත් හරි වෙන්න එපයි. සාමාජියව වැදගත් වෙන තැනකදී අපිට අහවලාගේ දේශනා ඒ අහවලාගේ මොන ලොකුකමටත් උඩින් විවේචනය කරන්න අයිතිය තියෙනවා.

දැන්  මෙතැනදී  තව  වැදගත්  දෙයක්  කියන්න  ඕනේ.  අපි  මුලින්ම  කිව්වා ආගමික  නායකයාගේ ලෝක  දැක්මත් 
අවුට්ඩේටඩ් කියලා.  ඒ  නිසාම් අපි  පිළිගන්න  ඕනේ  ඒ  අතීත  යුගයේ  සමාජ  රාමුවලින් හිතලා  කියපුවට  වර්තමාන රාමුවලින් මැනලා  බණින  එක  වැරදි  බවත්.  පළමුවෙන්ම  එකල සමාජයේ  සාමාන්‍ය  තත්ත්ව  වන කුල  වාදය  වහල් භාවය වගේ  දේවල් ගැන  ඒ  ආගම්  වලට  කතා කරන්න වෙනවා.  ඒ  වගේම  ඒවාට  සම්මුති නීති  හදන්න වෙනවා.  එබ්‍රහමික  ආගම්  වහලුන්ට  හොඳින්  සලකන  හැටි  උගන්වලා  තියෙනවා.  එපමණකින්  අපිට  බණින්න  බැහැ  ඒ  ආගම්  වහල්  මෙහෙය ප්‍රොමෝට්  කළා  කියලා.  බුදු දහම  කුල වාදය  ප්‍රතික්ෂේප  කළත්  එකල  සමාජයේ  සරල  සිද්ධි  වන කුල කතා බුදු  දහමේ  අඩංගු  වෙනවා.  

අවුල  තියෙන්නේ  මේ  පැරණි  ජාගන්  හලලා  ආගමේ  හරය  නොගෙන  අපේ  දහම  අකාලිකය  එබැවින්  එහි  සියලු  ජාගන්  ද  පරම  සත්‍ය  වේ  කියලා  දැඩිව  එල්බ  ගැනීමෙහි.  මෙහෙම  කරන  සමහර  මුස්ලිම්මු  අන්‍යාගමිකයන්  වහල්  කමට  ගන්නවා  සිරියාවේ.  අන්න  ඒ වගේ  වැඩක්  තමයිමේ  හාමුදුරුවො කළ  බව කියන  කතාවෙනුත්  පෙනෙන්නේ.  බුදුන්  ගේ  දේශනාවක  තිබ්බ  කියලා  අදට  නොගැලපෙන  කුලවාදයක්  පතුරන  එක.

හැබැයි අපට මේ කතිකාවේ  කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ ශාස්තෘ වරයා සුවීට්. එයාගේ  සුප්රිමසි  එක  අකාලික  බව  සර්වඥ  බව  100%  හැම දේටම  වලංගුයි. මෙව්වා පස්සේ ආපු අමනයින්ගේ කතා කියලා උන්ට විතරක් බනින්න. අපි ආගමික ව්‍යුහය ප්‍රශ්න කරනවා නම්, ආගමික ඉගැන්වීම් විවේචනය කරනවානම් ආගමික නායකයාට සුවීට් බබා හෝ  උත්තරීතර තැන දෙන්න බැහැ. ආගමේ ඉඳගෙන ඒක කරන්නත් බැහැ. එදාට තමන් නොදැනම තමන් නිරාගමිකයෙක් නිදහස් චින්තකයෙක් වෙලා ඉවරයි.

සැබෑ නිරාගමිකත්වය නිදහස් චින්තනය කියන්නේ ඕකට මිසක් ශ්‍රී මහා බෝධිය දරට විකුණන්න, දළදාමාලිගාවේ හෝටලයක් හදන්න ලොරි ටෝක් දෙන ජනප්‍රියවාදයට නොවේ. ආගමික නායකයාගේ රොම්බ දාර්ශනික කතා බය නැතිව ඩයිසෙක්ට් කරන එකට.

එන්න එලියට. කතාකරන්න නිදහසේ. මේ ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශය.