Sunday, September 29, 2019

පරිභෝජනයේ සදාචාරය 3 - ෆේස්බුක් එකෙන් පරිසරය සුරකින්නෝ

උද්වේගකර  ප්‍රකාශ  කරන පාසල්  දැරියක්  වන ග්‍රේටා  තුන්බර්ග් [ටක්කෙට  කිව්වොත් ග්‍රෙයෙටා තුන්බයෙග්] ලෝක  මට්ටමින්  විශාල  රැල්ලක්  වෙලා.  ග්‍රේටා මෙතෙක්  ආ  ගමන  ගැන  මට  යම් විවේචන  තිබ්බත්, දැන්  ඇය  පරිසරය  වෙනුවෙන් කාබන් නිකුතුව බින්දුව  කරන්න  දරණ  වෑයම වෙනුවෙන්  ජීවිතෙම  කැප කරල  තියෙන්නෙ.  මාර ලොකු  චරිතවලට බැරි වූ මට්ටමින් ලෝක  ජනගහනය  තමා පස්සෙ එක්කන්  යන්න ඇය සමත්.  ඉතින් අතීතය  පසෙක තියල  ඇගේ  අනාගත  කාරයභාරය  තමා අපි  දැන්  කතාවට  ගන්න ඕනෙ.

ඒ සමග  ග්‍රේටා  ගේ  වීඩියෝ  හැම  තැනම  ශෙයා වෙනව. 
ලොව පුරා විවිධ  පාරිසරික කතා යනව.  එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු  ෆේස්බුක්  එකෙ  ග්‍රේට ගේ  කතාවක්  දාල  හරි අපි පරිසරේ වෙනුවෙන් කලා කියල නිකම්  ඉන්නව  සතුටු වෙනවා. දැන් අදාල  පුද්ගලයින්  පරිසරේ  රකියි.  ප්‍රශ්නය  කවුද  මේ  අදාල පුද්ගලයින්.

ඒ කතා  ඉලක්ක වෙන්නෙ "ලෝක  නායකයින්ට".  ඒ කිව්වෙ ලිහිල්ව රට  රටවල  නායක  දේශපාලකයන්, සහ සමාගම්  වල  ව්‍යාපාරිකයන්. ඒ  අනුව අප ශෙයා කල  ඒ  කතන්දර  දේශපාලක ව්‍යාපරික  ප්‍රජාවල නෙත ගැටිල  උන් පරිසරය  අප වෙනුවෙන් සුරකීවි.

ඇත්තටම  මේ පාර්ශ්ව  වැදගත්  මොකද පරිසරය සම්බන්දයෙන් නෛතිකව  ප්‍රතිපත්ති ලෙස  සහ  තාක්ශ්නික නිර්මාණ  ලෙස  වැදගත්  වැඩ කොටසක්  වෙන්න  ඕනෙ.  ඒ නිසා  ඒ පාර්ශ්ව  අතේ ලොකු  කාර්‍යයක් තියෙනවා.  හැබැයි  ඒකද ප්‍රධානම  දේ. දැන්  අපි  කාබන් නිකුතුව  අඩු  කරල  දෙන්න කිව්වම  ආන්ඩු  සහ  සමාගම්  අඩු  කර  දෙයිද? 

ඉස්සරින්ම මේ කාබන් නිකුතුව  වැඩි  වෙලා  තියෙන්නෙ  ඇයි? අපි  හුස්ම  ගන්න නිසාද?  නැහැ  කවදාවත්  එහෙම  කියනව  ඇහිලම  නැහැ.  මොකද්ද  මේකට  හේතුව?  කාර්මික  විප්ලවය   ධනවාදය  වගෙ බර වචන  වලින් කිව්වට  ඇත්තටම හේතුව  මොකද්ද?

පරිභෝජනය.

කාබන්  දහනය  කර  නිපදවෙන  භාණ්ඩ  සහ  සේවා පරිභෝජනය.

ඒ  මොනවද?  අපි  භාවිතා කරන  ඔක්කොම  වගේ.  ආහාර  ඇදුම්  බෙහෙත්  වාහන  නිවාස  ක්‍රීඩා  භාන්ඩ ... බේසිකලි  අපි  දන්න  සියල්ල.  මේ  නිශ්පාදන  ක්‍රියාවලිය  තුල කාබන් දහනයෙන්  ශක්තිය  නිපදවීම  සහ කාබන්  අධික  හරිතාගාර  වායුන්  මුදා  හැරීම  ට  අමතරව පොලොවේ ඇතැම්  ද්‍රව්‍ය ඉවර  වීම පතල්  හෝ  වෙනත්  අමුද්‍රව්‍ය නිපදවන  ක්‍රියා වෙනුවෙන්  ඉඩකඩ  වැයවීම  ඒවායෙ  
පරිසර අර්බුද  වගේ  කාබන්  නොවන  වෙනත්  අර්බුද ත් රාශියක්  හැදිල

හැබැයි  මේ භාණ්ඩ  සහ  සේවා ලෙස  අප  පරිහරණය  කරන  දේවල්  වලින්  වැඩි  තරමක් අපට  අවශ්‍ය ම නැහැ.  අඩුම  ගානෙ  අත්‍යාවශ්‍ය   නැහැ. බොහෝ ඒවා  අපි  නියමිත  කාලය  ගෙවිල  කැඩෙන්න  කලින්ම  ඩම්ප්  කරනව  අලුත්  දෙයක්  ගන්න.  ඒ  වගේම  අපි  අපට  අනවශ්‍ය  දේවල්  ගන්නව.  මේ  මුලු  ක්‍රියාවලිය  තුලම  අපි අපිට  ගන්න  ඕනෙ  භාණ්ඩ  හා සේවා  ඉක්මවා විශාල  ලෙස  වැඩියෙන්  ගන්නව.  පරිභෝජනය  අධි පරිභෝජනයක්  වෙන්නෙ මෙතන.

අර  කලින් ග්‍රේටා පනිවුඩ  යැව්ව  ඔබ  ශෙයා  කරමින් ඉලක්ක කල  ලෝක  නායකයින්  මේ  භාණ්ඩ  සහ  සේව  බලෙන්  අපේ  ඇගේ  ගහන්නෙ  නැහැ,  ඒත් උන්  ප්‍රචාරනය  හරහා ගන්න පෙලබීමක් කරනවා.  ඒ  මොකා  මොක  කලත්  ගන්නෙ  ඔබ.  ඔබ  ඒ තීන්දුව  ගන්නෙ ඔබේ  උවමනාවට. ග්‍රේටා  ගේ කතා  ෆේස්බුක්  එකෙ  දැම්ම  කියල ඔබ  නොගෙන  ඉන්නවද  නැහැනෙ.

දැන්  ඔබ  මේව  මිලට  ගන්නකම්  වෙලදපොලේ  ඊට  ඉල්ලුමක්  තියෙනවා. එතකොට  ඔබෙ  ෆේස්බුක් පනිවුඩ  දැකල ඒ භාණ්ඩ  සහ  සේවා නිපදවන්නන් පරිසරය  ගැන  ම  හිතල  නිශ්පාදන  අඩු  කලොත්  මොකද  වෙන්නෙ.  හිගයක්.  ඉල්ලුමක්.  ඒ  හිගය  දකින  මොහොතෙම  ට්‍රිගර්  වෙන  නව  ව්‍ය්වසායකයෙක්  ඒ භාණ්ඩ  හා  සේව  නිපදවන්න  පටන් ගන්නව.  ඒක  තමා  අපි  ඉන්න  ආර්තික ක්‍රමය.  ඒකට වෙනස්  එකක් ලෙස  මධ්‍යගත බලධිකාරයකින් ඒව  නිපදවීම  තහනම්  කලොත්  තමයි  අර  සෝවියට්  චීන  වගේ  රටවල්  වල  හැදුනු  හිගය  සහ  පෝලිම්  හැදෙන්නෙ [නෝට්:  ඒ  රටවල්  හිග  සහ පෝලිම්  හැදුනෙ  ආන්ඩු  පරිසරේ ගැන  හිතල  නිශ්පාදන  තහනම් කර නෙවි  විකාර  අසාර්තක  ක්‍රම  නිසා පරිසරේට කෙල  වුනාට මිනිසුන්ට  ඇති වෙන්න  දේවල්  නිපදවා  ගන්න බැරි  වීමෙන් - එක  වෙනම  කතාවක්]

කෝම හරි  ඔබෙ ඒ පනිවුඩය  දැනට  ඉන්න  ව්‍යාපාරිකයන් දැකල  ඒ  අනුව  කටයුතු  කලොත්  වෙන්නෙ  අලුතෙන්  තව 
ව්‍යාපාරිකයෙක්  හැදෙන  එක.  ඒකා  බොහෝ විට  චීනය  ඉන්දියාව  වගෙ රටක  වෙන්නත්  පුලුවන්. කාබන් නිකුතුවේ  ලොකු  පටලැවිල්ලක්  වෙන්නෙ  බටහිර  මේ සන්වාද කරන  පරිභෝජන  ලොකයට නිශ්පාදන  වෙන්නෙ  වෙනම තැනක  වීම. පලමු  ලෝකය  තමන්ගෙ එ කාබන්  නිකුතුව  අඩු  කරන්න නීති දැම්මම  ඒ රටවල් නිශ්පාදනය  අඩුවෙනවා.  ඊට  සමගාමිව  පරිභෝජනය  අඩුවෙන්නෙ  නැහැනෙ  මොකද  ඒකට  නීති දාන්න  බැහැ.  ඒ  නිසා  වෙන්නෙ  ඒ  අඩුවෙන කාබන්  ඉන්දියාව  චීනය  වගෙ  නිශ්පාදක  රටක් ලවා පුච්චල  ඒ  භාන්ඩ එහෙන්  ගෙන්ව  ගන්න එක. රටක  කාබන් ෆුට් ප්‍රින්ට් එක  බලද්දි  ඒ  රටේ  කර්මාන්ත  වලින්   නෙවි හරිනම් බලන්න ඕනෙ  පරිභෝජනයෙන්. 

මේ කතාව  යන්නෙ  කිසිම  භාණඩයක්  හෝ සේවාවක්  භාවිත කරන්න එපා  කියන  තැනට  නෙවි.  නො  එසේනම් මගේ  වාමාන්ශික  හෝ කොමිනිස්ට්  කියන මිතුරන් කීපයක් කියන ආහාර  ඇදුම් බෙහෙත්  වගේ ගල් යුගයේ  විතර සම්මුතියකින්  නම් කළ මූලික  අවශ්‍යතා  කියල එයාල කියන දේවල් දෙක  තුනක්  දීල  ඔය  ටීවී  කාර් ෆෝන් කම්පියුටර්  වගේ "ලක්සරි"  සමාජයෙන්  අයින් කරන්න කියන  තැනටත්  නෙවෙයි.  මේ කතන්දර  අසාර්තක  කතා.

මම කියන්නෙ ඔබෙ පරිභෝජනයේ  සදාචාරයක්  හදා  ගන්න.  ඔබ  මිලට ගත්  යමක්  වේ  නම් එය පට්ට  ගහල  ඉවර  වෙලා  ගන්නම දෙයක් නැති වෙනකම් පාවිච්චි කරන්න. හැම  දේටම  එහෙම බැරිනම් අඩුම  ගානෙ  පුලුවන්  ටිකටවත්  කරන්න.  භාන්ඩයක් හෝ සේවාවක්  පරිභෝජනය  කරන්න කලින් හිතන්න මෙක  මට ඕනෙමද කියල.

ඔබ  දුක් විදින්න එපා.  ඒත්  ඔබ  දැනුවත්ව  මදක්  සිතා  කටයූතු  කරනවා නම් ප්‍රමාණවත්.  
ඒ  සදහා  ඔබට  බාධාවක්  වෙන  එක  ප්‍රධාන සිතිවිල්ලක්  තමා,  ගෙවන්නෙ මම ඒ නිසා මම ගන්නව මට  ගෙවිය  හැකිනම් කියන එක.  ඕක  අවුල් චින්තනයක්.  ගෙවන  මොහොතෙ ඔබ  ගෙවන මිලේ  එහි පරිසර  භාරය  නැහැ. ඒ පරිසර  භාරය  ඊ ගාව පරපුරේ  කර  මත.  ග්‍රේටා  කෙල්ල  ඇගිල්ල  දික්  කරල  හව්  ඩෙයා  යු  කියල  අහන්නෙ  ඒ වෙලාවට.  මෙහෙම  සාවධානව  කියන එක  අමතක  වෙනවනම්,  මම  එතරම් කැමති නැති  ග්‍රේටා  ගෙ ඒ  වෙදනාත්මක  ඉරියව්ව වත් මතක්  කර ගන්නකො.

මේකෙන් ක්‍යෝටෝ හෝ පැරිස්  වල  එකග  වෙච්ච ඉලක්ක සපිරෙන්නෙ  නැහැ. ඒ  වගේම  උශ්නත්ව  වැඩිවීම අන්ශක  දෙකේ  නතර  වෙන  එකකුත්  නැහැ.  පරිසරේට කෙල  වෙන එක  වෙයි.  ඒත්  අඩුම  ගානෙ  ඒ බලපෑම අඩු  වෙයි.  හැබයි දැනට කියල ඔය පෙර කී කිසිවක් කවුරුත් කරන්නෙ  නැහැනෙ.  හැමෝම මේක ෆේස්බුක් එකේ  දාල  හිතේ  කහට  හෙවත් ගිල්ට  පමණක්  මකාගෙන  මාර  ලෙස පරිසරේට  ආදරේ වගේ  සන්තෝසෙන්  ඉන්නව.

අපි තව අඩියක් යන්. 
ලෝක  නායකයින්ට  මේක  කරන්න බැහැ.  මේක  ඔබ  අප  සියලු  දෙන කරන්න ඕනෙ එකක්.   

මන් උදාහරන දෙන්නම්.

ඇදුම්  විලාසිතා ගැන ලොකුවට නොහිතන මම ඇදුමක් ගත්තොත් ඉරෙනකම්ම අදිනවා. සමහර  ඇදුම්  අනුව  දශකෙ  ගත්ත  එව්ව තාම තියෙනව. මට  සැහෙන්න ඇදුම් තියෙනවා  මිනිමලිස්ටික් අයිඩියා  එකක් නෙවි.  එකම දේ පරිසරේට කෙලවල හදාපු මගේ ඇදුම්  එකක්වත්  අදින්න  පුලුවන්  තත්වෙන්  බින් එකකට  දාන්නෙ හෝ ඔය  කොහෙ  හරි ඉන්න වෙන හිගන්නෙක් මන් වෙනුවෙන් කරයි කියල  චැරිටි බින්  එකකට  දාන්නෙ  නැහැ.  මම  ඇදලම  ඉවර කරනවා.  ඒ  ඇරෙන්න  සෙසු  දේවල් ගැනත් මම කන්සවේටිව්.  මට තේරෙන්නෙ නැහැ මිනිස්සු අවු දෙක  තුනකින් කාර්  එක  විකුනල  ආයෙ  අලුත්  එකක් ගන්නෙ ඇයි  කියල.  මම ස්මාට්  ෆෝන් එකක් ගත්තෙ 2017 වසරෙ  ඒකත් වයිෆ්ගෙ ෆෝන් එක  ස්ක්‍රීන් ක්‍රැක්  වෙලා  විසික් කරන කොට.  එතකල් ෆීචර් ෆෝන් ලඩියක් තිබ්බෙ.  මට හේතුවක්  තේරුන් නැහැ  ස්මාට් ෆෝන් එකකට.  ගත්තමත් මම දැක්ක එකම හේතුව තමයි පාර හොයාගන්න එක, අනිත් ෆීචර්ස්  එකක්වත් මෙලෝ වැඩක්  නැහැ. 
පාර හොයන සීන්  එක  නිසා අර කැඩුනු ෆෝන් එක  අක්‍රිය වෙද්දි  සහ 4G එද්දි මම ස්මාට් ෆෝන් එකක් අලුතෙන් ගත්ත.

ඉතින්  හිතන්නකො ඇපල් හෝ සැම්සුන්  අලුත් ෆෝන් එකක් රිලිස්  කරන දවසෙ උදේ 
පාන්දර  මේ බුද්ධිමත් කියන පලවෙනි ලොකෙ  නගරෙ    කිලෝමීටර් ගනන් දිග  පෝලිම් වල  මිනිස්සු  ඉන්නකොට මට හිතෙන  එක.  ඒ ෆෝන් එක  අරගෙන  තිබ්බ යසට  වැඩ කරන එක  බින්  එකට  දානවා.  ඔය  ෆෝන්  එකේ  ඕක  හදන ඛණිජ  ගත්ත පතල්  වල  පරිසර  හානි, මිනිස්සුන්ගෙ  ශ්‍රම  වේදනා, කොන්ගෝ ජනරජයේ කොල්ටැක් වහල් බිම්වල ලේ  කදුලු  ජීවිත, ඕකට නිදිමරන්  පාඩම් කල ඉන්ජිනෙරුවන්ගෙ  ගෙවල් වල පිච්චුනු  ලයිට් ඔය ඔක්කොම හදන්න නිකුත් කල කාබන්....  ඔය  සේරම තියෙනවා.  යසට වැඩ කරද්දි  ඕක බින් එකට දානව ඒ ඔක්කොම දේවල් එක්ක අලුත් ෆෝන් එකේ  ස්ක්‍ර්‍රින්  කලර් පොඩ්ඩක්  වෙනස් නිසා  හෝ වෙනත් කිසියම් "ස්මාට්"  ප්‍රගමනයකට.

අන්න  ඒ අලුත්  ෆොන්  එකෙන් ෆේස්බුක් ගිහිල්ල  ග්‍රේටා තුන්බර්ග්  ගෙ පරිසර පනිවුඩ ශෙයා කරනවා.



Monday, September 16, 2019

අපි දන්නෙ නෑනෙ

කතරගම  දෙයියන්ගෙ  බලේ නිසා  පේවිලා  ගිනි  පාගන  මිනිස්සුන්ගෙ  කකුල්  පිච්චෙන්නෙ  නැහැල්ලු. මිනිස්සු  එහෙම කියනවා - ඒ  වුනාට  අර  කාලෝ  ෆොන්සේකා  පේවෙන්නෙ  නැතුව නීති  කඩල  ගිනි  පෑගුවෙ, එයාට  අවුලක්  වුනේ  නැහැනෙ - ඒක  හරි.  එයා  පෙන්නුවෙ  පේවෙන්නෙ  නැතුවත්  ගිනි  පාගන්න පුලුවන්  කියල.  ඒත්  දේව  බලෙනුත්  ගිනි පාගන්න තව  කෙනෙකුට  පුලුවන්  නේද?  අපි  දන්නෙ  නෑනෙ.

රාමනුජාන්  ගණන් හැදුවෙ නාමගිරි දේව  බලයෙන්.  එයා එහෙම  කියනව. ඒකත්  එක  දැනුම් පද්ධතියක් -  යමක්  දැනුම් පද්ධතියක්  වෙන්න  නම්  එක  මිනිහෙක්  හිතට  එන  කතාවක් කියල  මදිනෙ.  තව කී දෙනෙකුට 
නාමගිරි  දේව  බලයෙන්  ගණන්  හදන්න  හැකි  වුනාද? - ඇයි  ඉන්දියාවෙ  තව  ගණිත විශාරදයො  කීයක්  උන්නද? -  එයාල  කිව්වද  එයාලටත්  නාමගිරි  දේව  බලෙන්  ගණිතය  ලැබුනෙ කියල? -  එහෙම කියල  නැහැ.  ඒ වුනාට  කිව්වෙ නැති පමණීන්  දේව  බලයෙන්  නොලැබුනා  කියන්න බැහැනෙ.  අපි  දන්නෙ  නෑනෙ.

බිත්තරේ  කැරකුනේ  ප්‍රාණාසාදුගෙ  බලයෙන් ලු  අර  කියන්නෙ -  ඒ වුනාට අර  වෙන කොල්ලෙක්  මොන  සාදු  කෙනෙක්  වත්  නැතුව බිත්තරේ  කරකල පෙන්නුවෙ - ඒක  හරි  එහෙමත්  කරකවන්න  පුලුවන්.  ඒ  වුනාට අනිත් බිත්තරේ  කරකවන්න  ප්‍රාණ  සාදු  බලපානව වෙන්නත්  පුලුවන්  නේද?  අපි  දන්නෙ  නෑනෙ.

කනප්පුව  ඇවිදිනවා  ඕයි.  අර මිනිස්සු කියන්නෙ - කිසිම  ගුප්ත  බලයක්  නැතුව  නිකම්ම  කනප්පුව  කැරකුවමත් ඔහොමම  යනව  නේද? -  එහෙමත්  යනවා  තමා.  ඒ කනප්පුව  එහෙම වුනාට  මේ  කනප්පුව  ඇවිදින්නෙ  ගුප්ත  බලයකින් වෙනත්  පුලුවන්නෙ. අපි  දන්නෙ  නෑනෙ.

කාමරේ  රෑ තිස්සෙ  හොල්මන් -  පිස්සුද  ඕයි  මේ  කාමරේ  උන්නෙ  හිරවෙච්ච පූස්  තඩියෙක්  නෙ -  කාමරේ ඇතුලෙ උන්නෙ  පූසා  තමා,  ඒත්  පූසගෙ   ඇතුලෙ උන්නෙ  කවුරු  වෙන්න  පුලුවන්ද? අපි  දන්නෙ  නෑනෙ.

ඉවරයි  කියලද  හිතුවෙ.  නෑ නෑ  තව තියෙනෝ.  මේ  පුන්චි කාලෙ

ඔවා  දන්නෝද  මගෙ  සූටි  දත  වැටුනම  ලේන්  හාමි  තමා  ලොකු  දත  දුන්නෙ - පිස්සුද  අනේ  ඔව්ව බොලු කතා. දත්  නිකම්මලු  එන්නෙ -  එහෙම  දත්  නිකමුත්  එනව  ඇති  ඒ  වුනාට  මේක දුන්නෙ ලේන්  හාමි.   - ඔයා  දැක්කද? - 
සෑට  දුන්නෙ  අපි  දොයි. හා  වෙන්න  බැලිද? අපි  දන්නෙ  නෑනෙ.

තාත්තා  ඇද  යට  මකරෙක් ඉන්නෝ  දොයියන්න  බැරියෝ - හරි  ඔන්න පුතා  මම  ටෝච්  එක  ගහල  බලනවා  කෝ නෑනෙ -  ඒම  බෑ  ලයිට්  එලියට  ඌ  පේන්  නැතුව  යනවා.  කලුවර  උනාම  එලියට  එනවා - මොන පිස්සුද? -  ඇයි  ඒම  ඉන්න  බැරිද?  අපි  දන්නෙ  නෑනෙ.

----------------

මේ  හැම කතාවකම තියෙන්නෙ  එකම  පදනමක්.

-  කිසියම්  විශ්වාසයක්

-  ඒක  සත්‍ය  බවට  අමුතු  ශාක්ශියක්

-  ඒ  මත  විශ්වාසය  තහවුරු වීමක්

-  එතකොට  කෙනෙක්  ඇවිත්  එසේ  තහවුරු  නොවෙන  පරිදි  ඒ  අමුතු  ශාක්ශිය  කරල  පෙන්නනව

- එතකොට  කියනව  එයා ඒම කලාට  මේකත්  වෙන්න පුලුවන්  නෙ.  "අපි  දන්නෙ  නෑනෙ"  කියල.

මේ "අපි දන්නෙ  නෑ" කියන්නෙ  තව  දුරටත්  ඊට  ශාක්ශි  නැහැ  කියන  එක. එතනින් එහාට  ඉතින්  සම්පුර්නයෙන්ම  නොදන්නා  තත්වයක්.  එහෙම  පසුබිමක  කතාව ඔප්පු  කරගන්න  ඕනෙ  විශ්වාසය  යෝජනා  කරන  අය.  නැතුව  ඉතින්  කිසිම  ශාක්ශියක් නැති  කතන්දරයක් බොරුයි  කියල  මලාට  ඔප්පු  කරන්න  පුලුවනෑයි.

"අපි  දන්නෙ  නෑනෙ" හලෝ. මොකෙක්වත්  දන්නෙ  නෑනෙ.  දැනගන්න  දීපු  ශාක්ශියත්  එකෙක්  නිකම්ම කරල  පෙන්නුවනෙ.  ඔයාට  ඇත්තයි  කියන්න තිබ්බ  එකම එකත්  අහිමි  වෙච්චට  පස්සෙ ඔයත්  නොදන්න  එකක්  අපි  කෝමද  බොරුයි   කියන්නෙ.

අපි කවුරුත්ම  දන්නෙ  නෑනෙ.

 

Tuesday, September 3, 2019

කාලෝ ෆොන්සේකාගේ නික්ම යාම සහ නිරාගමික ඩොග්මාව

කාලෝ  ෆොන්සේකා  මහතා  මිය  ගිහින්.  සමහර මිනිස්සු  ජීවිත  කාලෙදි  කරන දේවල්  ඒ  අයගෙ  මරණෙදිත්  ඉස්මතු  වෙනවා.  කාලෝගේ  මරනය  සමග නැවත  කතිකාවට  එන්නෙ  ඔහු  ජීවත්ව  උන්නු කාලෙ  සිද්ධ  වෙච්ච  නිරාගමිකත්වය  සහ  දර්ශනවාදය  ගැන  කතිකාව මයි.

බොහෝ දෙනෙක්  කාලෝගේ මරණය  එක්ක  ප්‍රාර්තනාත්මක  ශෝක  ප්‍රකාශ  ලියල  තිබ්බ. ඒ සමගම කාලෝ ගේ මරණය ගැන ශෝක ප්‍රකාශ ලියන හැටි ගැන වාදයක්  පටන්  ගත්ත. මම ඔය වගේ ප්‍රශ්න ඒ හැටි සීරියස් ගන්නෙ නැහැ. මේක ලියන්නෙ ඒ ගැනම නෙවි ආසන්නයෙ වෙනත් යමක් ගැන.

පලමුවෙම්ම ඕවයෙ අගමුලක් ලොජික් එකක් නැහැ. කෙනෙක් මලාම කියන්න ඕනේ මේ ආකාරයේ දේවල් ය කියන එකට සම්මුති නිර්නායක නැහැ. ඒ නිසා ඔය වාදයේ කවුරු කවුරුත් තම කදවුර සුරක්ශිත කරගන්න වටේටම වෙඩි තියනවා විනා වෙන මොකුත් සදාචාරමය හර පද්ධතියක් නිර්මානය කරන්නෙ නැහැ.

දෙවනුව මට ඕක කෝම කලත් වෙනසක් පේන්නෙත් නැහැ. ඒ ඒ ආගම් අනුව ගත්තත් මරනය ලබන සැනින් කිසිවෙක් නිවන් යන්නෙත් නැහැ ටක්කෙටම ස්වර්ගයට යන්නෙත් නැහැ ඔය කියන වෙන එව්ව එකකවත් ඒ ලෙසින්ම වෙන්නෙත් නැහැ. වෙන්නම කියල හිතන්නෙත් නැහැ ප්‍රාර්තනය කරන කෙනා. මේක භාශාමය ප්‍රයෝගය්කින් කෙනෙක් අනිකාට ගෞරව දැක්වීමක්. ඒ සිතිවිල්ල තමා වැදගත් යන්න කිව්ව ඩෙස්ටිනේශන් එක අදාල නැහැ.

තෙවනුව විශ් කරන කෙනා නිසා ක්‍රියාව කරන්නෙ මම හිතන්නෙ ඒක ඒ කෙනාගෙ අයිතියක් එයා කැමති ලෙසින් විශ් එක කරන්න. මම හිතන්නෙ මේක අදහස් ප්‍රකාශනයේ අයිතියක් කියල.

හැබැයි මේ සන්වාදෙ සහ මීට පෙර සිදුවු සමාන සුබ පැතුම් අස්සෙ තියෙන එක පරස්පරයක් ප්‍රශ්න කරන්න වෙනවා. මේක අනික්වා වගේ නෙවි ලොජිකල් පරස්පරයක්. නිරවුල්ව පෙනෙන එකක්.

දැන් මෙතන විශ් එක කරන ක්‍රම දෙකක් තියෙනවනෙ. එකක් තමා පතන්නාගෙ ඇදහිල්ල අනුව, අනික තමා මියගිය කෙනා ඇදහුවා කියල අපි හිතන එක අනුව

එතකොට ආගම් අදහන මිනිසුන් මලාම මම දැකල තියෙනවා නිරාගමිකයන් ඔවුන්ට "සුබ ගමන්", "සුභ රාත්‍රියක්" වගේ නිරාගමික මෙත්ඩ්ස් වලින් විශ් කරනව. එතනදි ඒ නිරාගමිකයන් ඉන්නෙ අපි විශ් කරන්න ඕනෙ සුබ පතන්නාගෙ මතය අනුව කියල. ඒක එහෙමනම් කාලෝ වගේ නිරාගමිකයෙක් මලාම බෞද්දයින් නිවන් සුව පැතුවම ඒ නිරාගමිකය්න් අවුල් යන්නෙ ඇයි? ඒ අවස්තාවෙත් පෙර තිය්‍රිය අනුව පතන්නාගෙ ආගමෙන් නේ විශ් එක එන්නෙ.

එහෙම නැතුව කාලෝ නිරාගමික නිසා ඔහුට නිවන් සුව පැතීම අවුල්නම්, නිරාගමිකයන් සූදානම් ද ආගමිකයන් මලාම නිවන්සුව මොක් සුව වගේ එව්ව පතන්න? මොකද කාලෝ ගැන නිරාගමික මතය අනුව වෙන්න ඕනෙ එහෙම.

අන්න එතන පැහැදිලි අවුලක් තියෙනවා. මේක මම හයිලයිට් කලේ, මෙතන අසමානතාවයක් තියෙනවා. අපි තරමක් උසස් ඒ නිසා උඹල මලාම අපි අපේ එව්වයෙන් විශ් කොරන්න්නෙ අපි මලාමත් අපේ එව්වයෙන්ම තමා කෙරෙන්න ඕනෙ මොකද අපි ටිකක් ලොකු නෙ කියන එක ඕක යට තියෙනව. හෙවත් අපි තොපේ ප්‍රාතමික එව්ව තොපිට කියන්නෙත් නැහැ තොපි අපිට කියන්නත් එපා කියල.

මිත්‍රවරුනි මේ වගේ හැසිරීම් වලට් අපි ඩොග්මාවක් කියල කියනවා. අතීතයේ ආගම්වල ඩොග්මාවන් කාලය එක්ක ක්‍රමයෙන් ප්‍රහීන වෙද්දි නිරාගමික ඩොග්මාවක් හැදෙන්න පටන් ගෙන. මේක කොහෙත්ම නිදහස් චින්තනයකට යන පාරක් නෙවි. ආගම, ඇදහිල්ලට වඩා ඩොග්මාව අතිශයින් භයානකයි. ආගමේ නාමයෙන් වෙච්ච බොහෝ නොපණත් ක්‍රියා වුනේ ඩොග්මාව නිසා. ආගමික පද්ධති බුද්ධියෙන් වැහැරුනේ ඩොග්මාව නිසා.

ඒ වගේම ඔබ ලිබරල් මත දරන්නෙක් නම් ඉතාම පැහැදිලි වෙන්නඕනෙ මේක විශ් කරන්නාගෙ ලිබරල් නිදහසක් කියල, ඒත් අවාසනාවට ලිබරල් කියන බොහෝ දෙනා අධිකාරිවාදි ලෙස පව්ත්වා ගන්න සන්කල්පයක් සම්මත ලිබරල් චින්තනය ලෙස සලකා ඒකාධිපතින් ලෙස කටයුතු කරන්නන්.


මාතෘකාව "කාලෝ  ෆොන්සේකාගේ   නික්ම  යාම  සහ  නිරාගමික  ඩොග්මාව" කියල  දැම්මට  කාලෝ  ඒ ඩොග්මාව  හැදුවා  කියල  කියවෙන්නෙ  නැහැ.  හැබැයි  ඒ  අර්තයෙන්  එය  ක්ලික්  බේට්  එකක්  වේනම්  එසේ  වුනාවේ.

කෙසේ   වෙතත්  කාලෝ   ෆොන්සේකා  ගෙ  නික්ම  යාම  දාර්ශනික  සන්වාද  රාමුව  තුල  විශාල  හිඩසක්  නිර්මාණය  කරනවා. 
කාලෝ ෆොන්සේකාගේ දර්ශනික මතවදයන් එක්ක එකග වීමට වඩා එහි වැදගත්කම පවතින්නෙ වෙනත් රාමුවක උන්නු දාර්ශනික මතවාද තලය අලුත්ම දිහාකට ඇදගෙන යාමට ඔහු කල මෙහෙවර නිසා. දර්ශන වාද කිසිවක් නිරවද්‍ය යයි අපට සිතිය නොහැකියි එහෙත් පුලුල් වපසරියක විසිරෙන දාර්ශනික සන්වාදයක ප්‍රතිපලය වඩාත් පුලුල් එකක්. කාලෝ සමග එකග නොවුවද ඒ දාර්ශනික වපසරිය පුලුල් කිරීමට කාලෝ එය ගෙන ගිය පරාසය බෙහෙවින්ම උපකාරි වුනා. 

ඔහුට වගේම පෙර පරිච්චේදයේ කී සියල්ල එලෙසින්ම නලින් ද සිල්වාට ද වලන්ගු වෙනවා.

දර්ශනය තලයක් නම් අප ඉන්නෙ එහි මැද්දක. ඒත් ඒ ස්ටේජ් එක හදන කනු ටික නොවෙන්න සමහරවිට අප එහි කොතැනකවත් නොසිටිනවා  වෙන්න පුලුවන්.