Friday, June 10, 2016

ආගමේ (ඇදහිල්ලේ) ඉලෙක්ට්‍රිකල් උදාහරණය සහ අයි ටී උදාහරණය

බුදුන් වහන්සේ ජේසු තුමා නබි තුමා [මාක්ස් තුමා] මේ කිසිවෙක් ආගමක් දේශනා කර නැහැ. ආගම් දේශනා කරන්න බැහැ. දේශනා කලේ දර්ශනයක්. ලෝකය විශ්වය ජීවිතය ගැන කිසියම් වූ දර්ශනයක්. මේ දර්ශනය අහපු මිනිස්සු තමා ආගම් නිර්මාණය කලේ. 

එතැනදී මම සලකන්නේ ආගම කියන්නේ ශ්‍රාවක මනසේ පවතින ප්ලග් බේස් එකක් [ෆීමෙල් සොකට් එකක්]. දර්ශනයක් කියන්නේ ප්ලග් එකක් [මේල් කනෙක්ටර් එකක්] ඔන්න ඔය ප්ලග් එකක් ගානට ශ්රාවකයට ෆිට්වෙලා ප්ලග් බේස් එකට වැදුනම මනුස්සයට ආගමක්තියෙනවා. බොහෝ දෙනෙකුගේ ප්ලග් බේස් කුඩා කල සිට හදනවා මව්පියන් ගහගත්තු ප්ලග් එක ගහගන්න.

ආගම හැරයාම ලෙස බොහෝ දෙන කරන්නේ ප්ලග් එක ගැලවීම. ඒ මොහොතේ එන ජොලියට නිරාගමික නිරාගමික කිව්වට මේ පාර්ශ්වයන් ආගමට පදනම් වන ප්ලග් බේස එක පවත්වාගෙන ඉන්නේ. වෙනත් එකක් ඕකට හයිවෙන්න බැරි නැහැ.

අයිඩියෝලොජියකින් නිදහස ලබන එක සිද්ධ වුනේ තවත් අයිඩියෝලොජියක කියවීමකින් නම් ගැලවුණු එක වෙනුවට අලුතෙන්  කියවපු සවිවීම වලකන්න බැහැ. එසේ ආගමෙන් නිදහස ලබන්නා එකම මොහොතේ එකක් ගලවලා අනික හයි කරගන්නවා. හැබැයි එකක් ගලවපු නිසා කියන්නේ නිරාගමික කියලා. දෙවනුව කියවූ අයිඩියෝලොජිය හයි කරගෙන කියා දන්නේ නැහැ.

මගේ මතය නම් අයිඩියෝලොජියකින් / ආගමකින් / ඇදහිල්ලකින්   නිදහසලැබීම ස්වයං අවබෝධයක් වෙන්න ඕනේ. මොකද ඒ තත්වය ස්වාභාවිකව වටහා ගන්න පුළුවන් දෙයක්. කාගේවත් කියුම් බස් අවශ්‍ය නැහැ.

මේ  කතාවම අයි ටී  උදාහරණයකින්  සැලකුවොත්; සංකල්පයක් ලෙස ඇදහිල්ල හෙවත් ආගම කියන්නේ ක්ලාස් එකක්. බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම්, හින්දු ආගම ආදිය [සමහරුන් අල්ලගෙන ඉන්න හැටියට මාක්ස් ආගම, සිසෙක් ආගම] ඒ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට්ස්. මනසින් ගලවලා අයින් කල යුත්තේ ක්ලාස් එක මිස ඔබ්ජෙක්ට්ස් නෙවි. ක්ලාස් එක මනසේ තියෙනකම් අලුත් ඔබ්ජෙක්ට් හැදෙන්න පුළුවන්.

නිරාගමික වීමේදී අපි ප්‍රහීන කල යුත්තේ මේ ජෙනරික් "ඇදහීම" හෙවත් "ආගම" කියන සංකල්පයයි. එනම් සැබෑ නිරාගමිකත්වය කියන්නේ ප්ලග් බේස් එක ගැලවීම. ඊට පස්සේ ආගම ගැන හෝ ආගමට එරෙහිව ඔය අස්ස වලිප්පු හැසිරීම එන්නේ නැහැ. 


ආගම් හරියට රෝමානු ජුපිටර් ඇදහීම් හෝ ග්‍රීක සියුස් ඇදහීම් වගේ තත්වයකට එන්නේ එතකොට. අපි  දැන්  රෝම  හෝ  ග්‍රීක  දේව  කතා  ගැන  මැරීගෙන  අදහන්න  හෝ  මැරීගෙන  එරෙහි  වන්න  අමාරුවකින්  පෙළෙන්නේ  නැහැනේ.  අපි  අපේ  කතාබස්  තුල  සංස්කෘතික   අවශ්‍යතා  වෙනුවෙන්  ඒවා  ඕනෑතරම්  යොදාගන්නවා.  අපි  ඒ  රටවල  ට්‍රිප්  ගියාම  ඒවායේ  සිද්ධස්ථාන  බලන්න  යනවා.  අපි  ඉපැරණි  විශ්වාසයන්  ගැන  කතාවෙනවා  අපේ  ලේඛන  වල  භාෂා  ප්‍රයෝග  ලෙස  යොදා  ගන්නවා  [By Jupiter, yes !!!] එහෙම  කළා  කියලා  අපි    ඒ  ආගම  අදහන්නන්  වෙන්නෙත්  නැහැ.  ඒ  නිසා අපි  අද  පවතින  ආගම්  අපේ  මනස  තුල පත්කළ  යුත්තේ  අර  රෝම  ග්‍රීක  ආගම්  වල  තත්වයට.

මේ  ඉහල  පරිච්චේදය  ලියන්න  එක්තරා  නිරාගමික  මුහුණු පොත්  කණ්ඩායමක  මගේ  අත්දැකීම්  බලපෑවා.  මේ  පිරිස  බොහොම  හොඳ  පිරිසක්, කිසි  වරදක්  නැහැ.  හැබැයි  එකඟ  වෙන්න  අමාරු  අදහස්  රාශියක්  දැක්කා. සමහරු  තර්ක  කළා  ආගම  හැරගියපු  කෙනෙක්  සිද්ධස්තානයකට  යන්න  හොඳ  නැහැ.  ආගමික  දෙකට  ගරු  කරන්න  එපා.  ආගමත්  එක්ක  දිගටම  ගැටෙන්න  ඕනේ  ආදී  වශයෙන්.  මේ  කට්ටිය  තාම  ප්ලග්  එක  ගලවපු  ප්ලග්  බේස්  එක  වේදනා  කාරී  ලෙස  ඕපන්  තියාගෙන ඉන්න  කට්ටිය.  ආගම  ගැන  මට  කියන්න  තියෙන්නේ  ටේක් ඉට්  ඊසි  කියලා  විතරයි. මම  හිතන්නේ  ප්ලග්  බේස්  එකත්  ගලවා සිත  නිවා  සුවපත් කරගත්තම  ආගම  ගැන  
 රෝමානු ජුපිටර් ඇදහීම් හෝ ග්‍රීක සියුස් ඇදහීම් වගේ සලකන්න  ඔවුන්ට  හැකි  වේවි.  

වැඩේ  තියෙන්නේ  ඔය ප්ලග් බේස් එක ගලවන්න නම් තමන්ම අවබෝධ කර ගන්න ඕනේ. 
වෙන කෙනෙකුගේ කියවීමකින් බැහැ. මාක්ස්  ගෙන්  සිසෙක්  ගෙන්  ඒ  අවබෝධය   ණයට  ගන්න  බැහැ.  එතකොට  ඒ  ආදරණීය  ගුරු  දේවයන් වහන්සේ සෙට්  වෙනවා  ප්ලග්  බේස්  එකට. සමහරු නිරාගමික කියමින්  ඒ ගුරු  දේවයන් වහන්සේලා   කියපුවා අමු අමුවේ අදහන්නේ ප්ලග් බේස් එක නොගලවීම නිසා. ඒ වගේම තම අවබෝධයෙන් තොරව "ණයට ගත්තු දැනුමකින්"   නිරාගමික  වෙන්න හදපු  නිසා.

 බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම්, හින්දු ආගම ආදි දේවල්  වලින්  නික්ම  යන  කොට  අපිට  තියෙනවා ඒවායේ  කාරනා  විවාද   කරන්න.  ඔය  කියන  දේ   ඔහොම  වෙන්න  පුලුවන්ද?  ඕක  තව  මෙහෙම  වෙන්න   බැරිද?  මේ  කාරණයට  මට  එකඟ  වෙන්න  පුලුවන්ද?  ආදී  වශයෙන්.  නමුත්  ඒ  ප්ලග්  එක  ගැලෙව්වට  පස්සේ   ජෙනරික්  ඇදහිල්ල  හෙවත්  ප්ලග්  බේස්  එක  ගැන  අපිට  එහෙම  දේවල්  නැහැ  විවාද  කරන්න.  ඒ  සංවාදය  පටන්  ගන්නේ  "මම  ආගමිකයෙක්  වෙලා උන්නේ  කොහොමද?"  කියන  තැනින්.  ආගමිකයෙක්  කාලේ  මම අහවල්  කාරනා  මෙහෙම  එල්බගෙන  උන්නා.  අහවලා  කියාපුවා  මෙහෙම  අන්ධ  භක්තියෙන්  ඇදහුවා.  මම  තාර්කික  සංවාද  අහවල්  හේතු  මත  නතර  කළා.  සෑම  ඇදහීමක්ම  එහෙමයි.  හෙටත්  මම  දේවල්  එහෙම  එල්බ  ගෙන බදාගෙන  අදහාගෙන  ඉන්න  පටන්  ගනියිද?  ඔන්න  ඔහොම  තර්කනයක්  තමා  මටනම්  තිබ්බේ.


අතුරු ප්‍රශ්න  එනවා.  එකක් තමා: හැමෝම  මොනවා  හරි  විශ්වාස  කරනවා   නේද?  ඔයා  පාර  පනිද්දී  වාහනේක  නොහැපෙයි  කියලා  විශ්වාස  කරන්නේ  නැද්ද?  ඔයා අඩිය  තියද්දි  ඔතන  මහ  පොලොව  කියලා  විශ්වාස  කරන්නේ  නැද්ද?

 මෙතන  එන්නේ  වචනාර්ථ  ගැටලුවක්. විශ්වාස  කියන  වචනයට  අර්ථ  ගොඩයි. මම  දන්නා  අනිත්  බාසාව  වන  ඉංග්‍රීසිය  එක්ක  ගලපා  ගතහොත්  ඇදහිලි මය  විශ්වාසයකට කියන්නේ  faith. මතවාදයක්  කාරනා  නොසොයා  හරි  ඇතැයි  විශ්වාස  කරනවට  belief කියනවා. මොකක්  හරි  දෙයක්  ඔහොම  වෙයි  කියල  අත්දැකීමෙන්  එන  විශ්වාසයට  trust කියනවා. confidence කියන්නේ  තමා  [හෝ  වෙනකෙකු] ගැන  ඇති  විශ්වාසයට.  ආගම  හා  ඇදහිල්ලට  අහුවෙන්නේ 
faith  සහ   belief කියන  දෙක.  අපි  මේ  කතා  වෙන්නේ  ඒ  දෙක  ගැන  පමණයි.

ලෝකේ  හැමෝම  ඉන්නේ  කිසියම් 
අයිඩියෝලොජියක [දෘෂ්ටිවාදයක]  නේද?  මේ  තවත් අතුරු  ප්‍රශ්නයක්.   ශිෂ්ටාචාරය  විසින්  නිර්මාණය  කල  සෑම  දෙයකම  කිසියම්  අයිඩියෝලොජි  ස්වභාවයක්  තියෙනවා.  හැබැයි  ගැටලුව  වන්නේ,  ඒවා කෙතරම්  බදාගෙන  ඉන්නවද  කියන  එකයි.    ඇදහිල්ල  හෙවත්  faith  සහ   belief කියන  දෙක  එන්නේ  ඒවා දැඩිව  බදා  ගත්තම. ඔය  කිසිම  දෙයක්  අදහා  නොගෙන මේ  ශිෂ්ටාචාරය  ඇතුලේ  කිසි  කරදරයක්  නැතුව  ඉන්න  පුළුවන්  සරළ  අවබෝධයෙන්.

ඒ  තර්කයම  දිගු  කරන්න  පුළුවන්  ආගමික  දේශපාලනික  නායකයන්ගේ  උගැන්වීම්  වලටත්. ඕවා  කියවා  තේරුම්  ගෙන  එහි අඩුපාඩු  හඳුනාගෙන  ඒ  ශාස්ත්රූන්  අදහන්නේ  නැතුව  තමන්ට  සුදුසු  යමක්  ජීවිතේට අරගෙන  අගේට  ඉන්න  පුළුවන්  නිරාගමිකයෙක්  වශයෙන්. ඊසොප්ගේ  උපමා  කතා  කියවල  අපි  ජීවිතේට  යමක්  ගත්තට  ඊසොප්  ව  අදහන්නේ  නැහැ නේ  අන්න  ඒ  වගේ.