මේ අහම්බෙන් කියවන්න ලැබුණු ලිපියක සරල සිංහල සාරාංශයයි.
"වර්තමානයේ අප ලබාගෙන යන ආර්ථික වර්ධනය තාවකාලික එකකි. මන්ද යත් සම්පත් හා අවශ්‍යතා සීමිත බැවිනි. ඒ නිසා ඉදිරි සියවස් කීපයකට ලෝකය මෙවැනි ආර්ථික වර්ධනයක් පවත්වා ගතහොත් ඊට අවශ්‍ය සම්පත් දායකත්වය සැපයීමේ සම්පත් හිඟයක්ද බලශක්ති අවශ්‍යතා සැපයීමේ පාරිසරික අර්බුදයක් ද පැන නගිනු ඇත. ලෝක ආර්ථිකයේ ප්‍රසාරණය අරුත් විරහිත වූ කල ආර්ථිකයන් මීට වඩා විශාල ලෙස කඩා වැටෙමින් එහි සමතුලිතභාවය රැකගනු ඇත. මේ නිසා අදට අවශ්‍ය ප්‍රාග්ධනයේ හෝ මුදලේ හෝ පරිභෝජනත්වයේ ප්‍රසාරනයකට වඩා දිළිඳුකම පිටු දැකීමේ, ජීවන තත්වය උසස් කිරීමේ හා එකිනෙකා කෙරෙහි හොඳහිත වැඩිකිරීමේ ප්‍රසාරණයකි. ලෝකයේ දියුණුව මේ අලුත් මංපෙත් වලින් අරුත් ගැන්විය යුතුය."
වැඩිපුර මෙතනින් කියවිය හැකිය.
මගේ මතය නම් මෙය අසම්පුර්ණ හා එතරම් නිරවද්‍ය නොවන එහෙත් ඉතා වැදගත් අදහසක් බවයි. තවමත් 1950 දශකයේ පල්වන සමාජවාදයට එරෙහි ධනවාදයේ ශ්‍රී ලාංකීය ෆොසිල සංවාද අවකාශයට මෙය නව පැරඩියමකි.
ලේඛකයා හා අදහස් පල කරන අය නොදකින එක දෙයක් නම් ආර්ථික ප්‍රසාරණය වන්නේ භාණ්ඩ හා සේවා ගැන පැවතී ආදිකල්පිත දිශානතියේ පමණක් නොවීමයි. උදාහරණයකට ඉලෙක්ට්‍රොනික උපාංග වල සිට සයිබරය දක්වා වූ වෙනස් මානයක ප්‍රසාරණය ආර්ථිකයට එකතු කල පුළුල් පරාසය ඊට වැය වූ සම්පත් හා බලශක්ති ප්‍රමාණය මෙන් විශාල ගුනාකාරයකි.
අනික් අතට මේ නව්‍ය මංපෙත් විසින් සම්පත් හා බලශක්ති වැනි ක්ෂේත්‍ර වලට වාසියක් අත්කර දෙයි. අතත්‍ය අවකාශයේ සංවර්ධනය විසින් දිනෙක එදිනෙදා ගමනාගමනය අවම කළහොත් ඉන් ඉතුරුවන ශක්ති ප්‍රමාණය අතිවිශාලය.
තෙවනුව මෙය තවමත් විශ්ෆුල් සිතුවිල්ලකි. බොහෝ රැඩිකල් මතධාරීන් කියන්නා සේ සංවර්ධනයට හදවතක් අවශ්‍යය. වල්බූරු පරිභෝජනයට බුද්ධිමත් තිරිංග අවශ්‍යය. එහෙත් මේවා ප්‍රධාන ධාරාවේ නිෂ්පාදන ක්‍රමවේද සමග බද්ධ කරන ආකාරය ගැන තවම කිසි අදහසක් නැත. බොහෝ දෙනා උත්සහ කරන්නේ මිනිසුන් බුද්ධියෙන් සන්නද්ධ කර යහපත් ලෙස ජීවත් වන තනි මිනිසුන් තැනීමටයි. ඒ මිනිස්සු අප්‍රිකාවේ දිළිඳුකම පිටු දැක ඉන්දියාවේ වනාන්තර ද රකිමින් සීමාසහිත පරිභෝජනයකට බුද්ධිමත් දායකත්වයක් දී ලෝකය පරිසරය හා එහි ආර්ථිකය තනි තනිව රකිනු ඇතැයි සිතති. එහෙත් ආර්ථිකය වැනි පොදු මානව ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන ඉපිලුම් ආචරණයක් [emergent effect] එක එකා තනි තනිව වෙනස් කිරීම ලෙහෙසියෙන් වන්නක් නොවේ. පද්ධතියට ක්‍රමික වෙනසක් දෙන්නට ඒ තනි මිනිසුන් වැදගත් වන නමුත් ඔවුන් හැමදාමත් සුළු පිරිසකි. සමාජය ම මේ කියන තැනට එන්නට නම් ආර්ථික ක්‍රමවේදය හෙවත් ආර්ථිකය නම් පැටර්න් එක වෙනස් විය යුතුවේ. එය පුද්ගල වෙනස ඉක්මවා යන්නකි.
අනික සියලු මිනිසුන් හොඳ කර සිදු කරන යුටෝපිය දියුණුවක් කවදාවත් සිදු නොවන්නකි.
අවශ්‍ය වනුයේ මේ වැදගත් ගති ලක්ෂණ පද්ධතියෙහි නිසර්ග ගතිගුණ බවට පත්කිරීමයි. පරිභෝජනය සීමා කරගෙන අප්‍රිකාවේ දිළින්දන් ඉස්සරහට අදිමින් පරිසරය සුරකින පද්ධතියක් සැකසීමයි. අපට තවම නිසි ක්‍රමවේදයක් නොමැත්තේ ඒ උදෙසාය. මුදල ලාභය වැනි සරල රාමුවකින් ඔබ්බට මේ සඳහා අපට ඇත්තේ පින/පව හෝ දෙවියන් හදවතේ ජීවත් කරවීම වැනි ක්‍රමයෙන් අභාවයට යන ආගමික සංකල්ප පමණි. ඒ නිසා සිදුවිය යුත්තේ යහපත් දේ හා සමාජයේ කලයුතු දේ මරණින් මතු දිවියේ නොව පුද්ගලයාගේ ආර්ථික සංවර්ධනයේ ෆ්ලයි බයිස් බවට පත් කිරීමයි.
කරන හැටි ගැන කතිකාවක් තවම දැක නැත.