[කතාවට පදනම සැකසු නදීෂා හා රේශිකා දෙදෙනාටත්, මගේ මුල් ලියමනේ ඇද අරින්න උදව් කළ සැමටත් ස්තුතිය]
කාලේන ධම්ම සාකච්චා කියාගෙන සයිබරයේ නැගලා යන සංවාදයක් තිබ්බා. එක්තරා බෞද්ධ උපනිකායක [හෝ වෙන මොකද්ද එකක] හාමුදුරු කෙනෙක් කිව්වලු හරියට වැන්දේ නැත්නම් ඒ පාපයට අඩුකුලේ වෙලා උපදිනවා කියලා.
කෙනෙක් මේකට විරෝධය පල කරනවා. ප්‍රතිවාදී පාර්ශ්වය කියනවා ඒක එහෙම්ම බුදුහාමුදුරුවොමත් කියලා තියෙන එකක්ලු. ඉතින් බුද්ධ භාෂිතය හාමුදුරු කෙනෙක් දේශනා කිරීමේ අවුලක් නැහැල්ලු. එතකොට ආයිත් එනවා කතාවට ඒ වුණාට මේක වැරදි කතාවක් නේද බුදු හාමුදුරුවෝ ඒ කාලේ එහෙම කිව්වනම් එයත් වැරදියි කියලා. එතකොට එන උත්තරේ, එහෙම වෙන්නේ කොහොමද බුදු හාමුදුරුවෝ කිව්ව දේ අකාලිකයි ඒ නිසා මේක හරි වගේ අදහසක්.
මගේ අදහස් දැක්වීම මේ බුද්ධ භාෂිතයක් ද නැද්ද කියන බෞද්ධ මතවාදය ගැන නොවේ. ඒ නිසා මේක ඒ පෝස්ට් එකේ "ඉඟුරු දෝෂියක් වඩේකක් පොඩි චුවින්ගම් එකක්" වගේ විකිණීමක් ලෙස සැලකුවත් කමක් නැහැ. මේක ටිකක් හොලිස්ටික් කතාවක්.
ආගම් සියල්ලකම පවතින මූලික ලක්ෂණයක් තමයි ශාස්තෘ කේන්ද්‍රික භාවය. ශාස්තෘ මත හැමවිටම උත්තරීතර සර්වඥ බවක් ආරෝපණය කර ශාස්තෘ ගේ තීරණය අවසාන තීරණය ලෙස සලකන ගතිය. නමුත් අප දැනුම එකතු කිරීමේ ක්‍රියාවලියේදී කරන්නේ දැනුම නිර්මාණය කිරීම. ඊට ශාස්තෘන් නැහැ. දැනුම ලබාගත් පසු එහි හිමිකරුවා අපමයි. ඕවරයිඩ් කරන බලයක් ඉස්සර උන්නු මිනිහෙකුට නැහැ. අප හා වෙන ඕනේ එකෙක් සමානයි.
ඉතින් මේ දෙක ආකෘතික ව දෙකක්. ඉස්සරින්ම ඒක වටහා ගන්න ඕනේ.
ආගම් බිහිවුනේ ඇතැම් පර්ස්පෙක්ටිව් වලින් පසුගාමී හෝ නොදියුණු කාලෙක. ස්ථිරවම දැනුම හා බුද්ධි වර්ධනය අතින් පොදු සමාජය උන්නේ වර්තමානයට පහළ. ඒකයි ආගම් වල සුන්දර දේවල් ඔක්කොම අතීතකාලින ගූඩ ලෝගුවල එතුණු මූසල ලුකින් තැන් වෙන්නේ. දිවියලෝක හොඳ උදාහරණයක්. ඒ ආකරයටම ආගම නිර්මාණය කරන චින්තන පරිසරයත් අතීත කාලීනයි. අවුට්ඩේටඩ්. එව්වයේ සම්මුති හොඳ නරක ආදියත් එහෙමමයි. ආගමික නායකයාගේ ලෝක දැක්මත් එහෙමමයි.
අකාලික ලෙස හැමදේටම යෙදිය හැකි ආගමක් නැහැ. අකාලික බව කියවන්න ඕනේ බුදු දහමේ කියලා තියෙන කතාව තුල පමණයි. එනම් එහි කියවෙන මූලික ජීවන හරය තුල. අකාලික කිව්වේ එයට. හැබැයි අකාලික ලේබලය යටතේ බුදුන් කියපු ඔක්කොම එව්වා ඕනෙම දේකට දාන්න බැහැ.
කොටින්ම මේක ලිව්ව ගමන් කට්ටිය මට ඉන්බොක්ස් කරනවා බලන්න අභිධර්මයේ පරමාණු ගැන කියලා තියෙනවා තව අරක මේක ඔය විද්‍යා කතා කියලා තියෙනවා ආදී ලෙස. අවුල මේ මිනිස්සු සර්වඥ අකාලික කතාව වචනාර්ථයේ එල්බ ගෙන ඉන්න එකයි.
සර්වඥ කියන්නේ ලෝකේ පවතින හැම හූණු බිකක්ම බුද්ධ ඥානයේ කියවා තිබ්බ බව නොවේ. අකාලික කියන්නේ ලෝකේ සමාජයේ වෙන හැම කෙහෙම්මලකටම බෞද්ධ කියවීමක් ඉගැන්වීමක් තියෙන බව නොවේ. ඒ වචන වැලිඩ් වෙන්නේ බුදුන් වහන්සේ කතා කරන්න උත්සහ කල මාතෘකාව ගැන. ඉතිරි වල්පල් උන්වහන්සේට වැඩක් නැහැ. සර්වඥ අකාලික කතාව අදාළ වන්නේ ඒ හරයට පමණයි.
ඒ වගේම ඊ ළඟ කතාව තමයි බුදුදහමේ කියන ඔය හරය හරිද? අකාලික වෙන්න තියා ඕක නිවැරදි දෙයක්ද? ඔකේ වැරදි නැද්ද ආදී කතා. මෙන්න මෙතැනදී අපි අර කලින් කිව්ව ප්‍රශ්නේ එනවා. බෞද්ධයා ගන්නේ ශාස්තෘ හරි කියලනේ. ඒ නිසා සෙසු සංවාදය කෙරෙන්නේ බෞද්ධ නොවන හෝ ආගම හැර යමින් ඉන්න රාමුවක. මම එහෙම කෙනෙක්. මට බයනැතුව හිතන්න පුළුවන් බුදු හාමුදුරුවෝ කිව්ව එක හරිද වැරදිද කියලා. අපාගත වේවි කියලා එහෙම හිතන්නවත් බයේ ඉන්න අර්බුදය මට නැහැ.
ඒ වගේම දාර්ශනික නිවැරැද්ද ඉක්මවන කුල කතාවක් වගේ සාමාජිය දේකදී ඒක විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා බෞද්ධ උනත් නැතත්. බුදු හාමුදුරුවෝ කිව්වා කියලා ඉමියුනිටි දෙන්න බැහැ. එහෙනම් ඉතින් නබි තුමාගේ දේශනා අමු අමුවේ කොපි කරනවා කියන සමහරු කරන දේවලුත් හරි වෙන්න එපයි. සාමාජියව වැදගත් වෙන තැනකදී අපිට අහවලාගේ දේශනා ඒ අහවලාගේ මොන ලොකුකමටත් උඩින් විවේචනය කරන්න අයිතිය තියෙනවා.
දැන් මෙතැනදී තව වැදගත් දෙයක් කියන්න ඕනේ. අපි මුලින්ම කිව්වා ආගමික නායකයාගේ ලෝක දැක්මත් අවුට්ඩේටඩ් කියලා. ඒ නිසාම් අපි පිළිගන්න ඕනේ ඒ අතීත යුගයේ සමාජ රාමුවලින් හිතලා කියපුවට වර්තමාන රාමුවලින් මැනලා බණින එක වැරදි බවත්. පළමුවෙන්ම එකල සමාජයේ සාමාන්‍ය තත්ත්ව වන කුල වාදය වහල් භාවය වගේ දේවල් ගැන ඒ ආගම් වලට කතා කරන්න වෙනවා. ඒ වගේම ඒවාට සම්මුති නීති හදන්න වෙනවා. එබ්‍රහමික ආගම් වහලුන්ට හොඳින් සලකන හැටි උගන්වලා තියෙනවා. එපමණකින් අපිට බණින්න බැහැ ඒ ආගම් වහල් මෙහෙය ප්‍රොමෝට් කළා කියලා. බුදු දහම කුල වාදය ප්‍රතික්ෂේප කළත් එකල සමාජයේ සරල සිද්ධි වන කුල කතා බුදු දහමේ අඩංගු වෙනවා.
අවුල තියෙන්නේ මේ පැරණි ජාගන් හලලා ආගමේ හරය නොගෙන අපේ දහම අකාලිකය එබැවින් එහි සියලු ජාගන් ද පරම සත්‍ය වේ කියලා දැඩිව එල්බ ගැනීමෙහි. මෙහෙම කරන සමහර මුස්ලිම්මු අන්‍යාගමිකයන් වහල් කමට ගන්නවා සිරියාවේ. අන්න ඒ වගේ වැඩක් තමයිමේ හාමුදුරුවො කළ බව කියන කතාවෙනුත් පෙනෙන්නේ. බුදුන් ගේ දේශනාවක තිබ්බ කියලා අදට නොගැලපෙන කුලවාදයක් පතුරන එක.
හැබැයි අපට මේ කතිකාවේ කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ ශාස්තෘ වරයා සුවීට්. එයාගේ සුප්රිමසි එක අකාලික බව සර්වඥ බව 100% හැම දේටම වලංගුයි. මෙව්වා පස්සේ ආපු අමනයින්ගේ කතා කියලා උන්ට විතරක් බනින්න. අපි ආගමික ව්‍යුහය ප්‍රශ්න කරනවා නම්, ආගමික ඉගැන්වීම් විවේචනය කරනවානම් ආගමික නායකයාට සුවීට් බබා හෝ උත්තරීතර තැන දෙන්න බැහැ. ආගමේ ඉඳගෙන ඒක කරන්නත් බැහැ. එදාට තමන් නොදැනම තමන් නිරාගමිකයෙක් නිදහස් චින්තකයෙක් වෙලා ඉවරයි.
සැබෑ නිරාගමිකත්වය නිදහස් චින්තනය කියන්නේ ඕකට මිසක් ශ්‍රී මහා බෝධිය දරට විකුණන්න, දළදාමාලිගාවේ හෝටලයක් හදන්න ලොරි ටෝක් දෙන ජනප්රියවාදයට නොවේ. ආගමික නායකයාගේ රොම්බ දාර්ශනික කතා බය නැතිව ඩයිසෙක්ට් කරන එකට.
එන්න එලියට. කතාකරන්න නිදහසේ. මේ ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශය.