ගෝලීය දේශගුණ වෙනස්වීම් ගැන ලංකාවේ සයිබර් කතිකාවක් පටන්ගෙන තියෙනව. අවාසනාවකට ඒක මූලික වශයෙන් කතාවට ගන්නෙ ධනවාදි සමාජවාදි ගුරුකුළ බදාගෙන නිසා ඒකෙ අවලාද සහ චෝදනා ඉක්මවන ලොකු දෙයක් නෑ. ගෝලීය දේශගුණ වෙනස්වීම් කියන කතිකාව ඔය දාර්ශනික ගුරුකුල වලට වඩා ඉහළ මට්ටමකට යන දෙයක්. හොලිස්ටික් කතාවක්. ඒක ඕව බදාගෙන ඒවට භක්තියෙන් ප්‍රතිවාදි එකට වෛරයෙන් කතා කළ හැකි එකක් නොවේ.
දේශගුණ වෙනස්වීම් කතිකාව තුල ලෝක මට්ටමින් තියෙන මිත්‍යා කීපයක් කතාවට ගන්න වටිනව.
1. ගෝලීය දේශගුණ වෙනස්වීම් ඇති වන්නේ ධනවාදය නිසාවෙනි, ධනවාදයේ සමාගම් වල ලෝභය/ලාභය නිසාවෙනි කියන මතය. මේක වැරදි මතයක්. දේශගුණ වෙනස්වීම් වලට මූලික හේතු දෙකක් තියෙනව. එකක් තමා ලෝක ජනගහනයේ පහුගිය වසර සීයෙ විතර සිදු වූ අසාමාන්‍ය ප්‍රසාරණය. 1900 ලෝක ජනගහනය වගෙ පස් ගුණයකට වඩා දැන් ඉන්නව. අනික තමා පහු ගිය අඩ සියවසේ පමණ ඒ වැඩිවන ලොකු ජනගහනයන් ඊට කලින් පලවෙනි ලෝකෙට සීමා වෙච්ච උසස් ජීවන තත්වයන් උදා කරගන්න සමත්වීම. ඉතින් මෙන්න මේ ලොකු ජනගහනයක හැමෝම යහපත් ජීවිත ගෙවන එක නඩත්තු කරගන්න මිහිතලයට බෑ.
2. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල ගෝලිය දේශගුණ වෙනස්වීම් වලට පිළීතුරු තිබේ කියන මතය. තව වැරදි මතයක්. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල කිසිම ප්‍රශ්නයකට එහෙම පිළිතුරු නෑ. එය හුදෙක් ආර්තික මෙහෙයුම් ක්‍රමවේදයක්
3. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් හෙවත් ග්‍රීන් ග්රෝත් කියන සන්කල්පය. ඒ කියන්නෙ කිසියම් ක්‍රමවේදයන් අනුගමනය කලොත් ආර්තික වර්ධනය එලෙසින්ම පව්ත්වා ගනිමින් කාබන් විමෝචනය ගෝලිය දේශගුන වෙනස්විම් ඇති නොවන ගානට පාලනය කල හැකි කියන එක. මේක තව මිත්‍යාවක්. නියත වශයෙන්ම ආර්තික වර්ධනය ඍණ කරන්න වෙනව උශ්ණත්ව ඉහළ යාම පාලනය කරන්න නම්
5. ලෝකෙ ඉන්න ඉහළම ධනපතින් කීප දෙනාට දේශගුණ වෙනස්වීම් සම්බන්ධ දැනුමක්, සැලසුමක්, පිලිතුරක් හෝ එවන්නක් කිරීමට දැඩි උනන්දුවක් තිබේ කියන මතය. එහෙම නෑ. ඔවුන්ට කිසියම් දෙයක් කරනන් ඔනෙ කමක් තියෙනව ඒත් ඒ වෙනුවෙන් තම ව්‍යාපාර පාඩු ලබන තැනට ගෙනේවි කියා මන් හිතන්නෙ නෑ
6. නිශ්පාදනය මත පදනම් වන පරිභෝජනය අමතක කරන කාබන් පියසටහන්. මේක තමා මන් හිතන්නෙ තියෙන ලොකුම අවුල. කිසියම් රටක කාබන් පියසටහන සකසන කොට ඒ රටේ කෙරෙන නිශ්පාදන කටයුතුවල කාබන් විමෝචන මත ඒක සකසන එක වැරදියි. මොකද ධනවත් රටවල් නිශ්පාදන කටයුතු වෙන කාඅහරි තනිකරම අවුට්සෝස් කළ හැකි නිසා. ඇත්තෙන්ම වෙන්නෙ ඒකයි. පළමු ලෝකය නෙට් සීරෝ ඉලක්ක සකස් කරද්දි ඉබේම ඔවුන්ගෙ සමාගම් නිශ්පාදන චීනය වගෙ රටකින් කරගන්නව. එතකොට චීනෙ පියසටහන හොදටම වැඩි වෙනව. ඒත් එහෙම වෙන්නෙ අර ධනවත් රටවල් ම වෙළදපොලක් වෙලා ඉල්ලුම හරහා නිශ්පාදනය් මෙහෙයවන නිසා. පියසටහන් හදන්න ඕනෙ පරිභෝජනයට
7. ප්‍රතිචක්‍රීකරණය. මෙය සාර්තකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නොවේ. දැනට අපි රිසයිකල් කියල එකතු කර යවන දේවල් නැවත නිශ්පාදන ක්‍රියාවලියේ අමුද්‍ර්ව්‍ය බවට හරවන්න ලේසි ක්‍රමවේද නෑ. ඒ වගේම පළමු ලෝකෙ රටවල ඊට අවශ්‍ය ශ්‍රම සම්පත නෑ. ඉතින් එයාල කරන්නෙ සල්ලි දීල දුප්පත් රටවලට ඒ රිසයිකල් ද්‍රව්‍ය යවන එක. දුප්පත් රටවල් සල්ලි ටික ගන්න ඒ කුනු ලෝඩ් එක ගත්තට ඒකෙ ද්‍රව්‍ය රිසයිකල් කරන්න එතරම් උනන්දු නෑ. ඔවුන් ඒව බොහො වෙලාවට ඩම්ප් කරනව. එතනදි අර පලවෙනි ලෝකෙ රටේ ස්ටැන්ඩර්ඩ් එක්ක කරන ඩම්ප් කිරීමවත් වෙන්නෙ නෑ. නිකම්ම ගන්ගා ඇලදොල මුහුද වගෙ තැන්වලට දාන්නෙ.
8. මිනිස්සුන්ගෙ ජීවිත වලට ඉපයීම් වලට ලොකු වේදනාවක් නොවී ගෝලිය දේශගුණ වෙනස්වීම් වල අර්බුද විසදන්න පුලුවන් කියන මතය. මේකත් වැරදියි. ඇත්තෙන්ම මෙතන දෙපැත්ත කැපෙන කඩුවක් තියෙන්නෙ. ගෝලිය දේශගුන වෙනස්වීම් වල අර්බුද නවතන්න තරමෙ තදබල වෙනසක් ගෙනාවොත් ආර්තිකයන් කඩා වැටිල මිනිසුන්ට විශාල අර්බුද වලට මුහුන දෙන්න වෙනවා. ඒත් එහෙම නොකලොත් දේශගුන වෙනස්වීම් හා සාගර ජල මට්ටම ඉහල යාම නිසා මිනිසුන්ට විශාල අර්බුදවලට මුහුන දෙන්න වෙනවා. ඔය දෙක අතර ට්රේඩෝෆ් එකක් තමා කරන්න වෙන්නෙ. කොහෙන් බැලුවත් පරාදයි.
9. ඔය අන්ක අටේ සිදුවිම වෙන්නෙ ධනවාදය හා අධිපරිභෝජනය නිසා කියල මිත්‍යාවක් තියෙනව. අන්ක එකේ කිව්ව වගෙ මේ ඉන්න ජනගහනයට යන්තම් හෝ හොද ජීවන තත්වෙක ඉන්න අවශ්‍ය නිශ්පාදනය ධ්නවාදෙන් කලත් වෙන මොන වාදෙන් කලත් මේ පරිසර අර්බුද හටගන්නව.
10. ගෝලිය ආර්තික අර්බුදය වෙන්නෙ සමාගම් ලාබ ගන්න හිතන් මිනිසුන් ගොනාට අන්දල සපයන කොහෙත්ම අවශ්‍ය නැති නිශ්පාදන නිසා කියන මතය. මේකට සමගාමිව මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා කියන්නෙ ආහාර ඇදුම් වගෙ කීපයක් කියල මතේකුත් තියෙනව. ඒ දෙකම වැරදියි. මිනිස් ශිස්ටාචාරය ලබාගත් දියුනුව තුල තියෙන බොහෝ දේවල් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් බවට පත්වෙලා, නොවේනම් ඔවුන්ට ආයෙ යන්න වෙනව මිට වඩා බෙහෙවින් පහත් මට්ටම්ක ජීවන තත්වයක් ගෙව්ව කාලෙට. අනික ඔය කියන ආහාර ඇදුම් වගෙ මූලිකයි කියන අවශ්‍යතා තමා අධිකම කාබන් විමෝචන වලට හේතුව. ආයිත් කියන්න තියෙන්නෙ මේ ඉන්න ජනගහනය පව්ත්වා ගන්න බෑ මිහිතලෙ රත්නොකර.
11. විද්‍යාවට මේ ප්‍රශ්නෙට උත්තර තියෙනව කියන මතය. නෑ විද්‍යාවට උත්තරයක් නෑ. ඔවුන්ට තියෙන එකම උත්තරේ ආර්තිකයන් කාබාසිනියා කරල මිනිස් ජීවිත වලට සුවිසල් අර්බුදයක් දාල කරන විමෝචන නතර කිරීමක්. ඒක කරන්න බැරි නිසා තම තමන් රවටා ගන්න එක තමා ඔය ක්යෝටෝ පැරිස් ග්ලාස්ගෝ සමුලු වල කරන්නෙ. විද්‍යා-වාදින් ඉන්නව හරි එහෙනම් අපි මිනිසුන්ට ඉන්න පුලුවන් වෙන ග්‍රහලෝකෙකට යනව වගෙ බොලද කතා කියන. නෙවිනම් අගහරු ටෙරාෆෝම් කරනව වගෙ කතා. මේව ඉතින් හොලිවුඩ් වලින් සයන්ස් ඩිග්රි ගන්න අයට හොද සුරන්ගනා කතා
12. සාගර ජල මට්ටම 2100 වෙද්දි ඉහල යයි කියන්නෙ අඩි කීපයක්. ඒකෙන් ලොකු ප්‍රදේශයක් යටවෙන්නෙ නෑ. ඒ නිස ලොකු ප්‍රශ්නයක් නෑ කියන මතය. මෙය අනවබෝධයෙන් කරන ප්‍රකාශයක්. මේ අය සලක්න්නෙ නෑ සාගර මට්ටම් ඉහල යාමත් එකක් වෙන ගොඩබිම් ඛාදනය ගැන. ඒ වගේම සමහර ක්‍රියාකාරකම් කීපයක් ටිපින් පොයින්ට් එක පැන්නොත් ඊට පස්සෙ මිනිසුන්ට පාලනයක් නෑ ගෝලිය ව්‍යසනය මහා පරිමානෙන් වෙන්න ගන්නව. උදාහරන කිපයක් දුන්නොත්, තව සෙල්සියස් දශම ගානක් වැඩි වුනොත් ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව ඉවර වෙනකම් දියවෙන එක නවතන්න බැහැ. ෆ්ලොරිඩාව පමන ලොකු කිමි ගානක් ගනකම ඇන්ටාක්ටික් ත්වේට්ස් ග්ලේසියරය මූදට ලිස්සා යාම නවතන් ඉන්න අයිස් තට්ටුව තව සෙල්සියස් දශම ගානකින් දියවෙන්න පුලුවන්. ඊට පස්සෙ ඒක එක පිටිම්ම ලිස්සා යන්න ඉඩ තියෙනව. සාගරික හයිඩ්‍රේට දියවෙන්න ගත්තොත් ඒකෙන් මිනිසාට හිතාගන්න බැරිතරම් කාබන් නිකුත් කරන්න පුලුවන්. පර්මෆ්රොස්ට් භුමින් වල අයිස් දියවුනොත් ඒකෙනුත් එවැනිම ලොකු කාබන් කිකුතු වෙන්න පුලුවන්. මේව වෙන්න තව සෙල්සියස් දශම ගානක් ගියාම ප්‍රමානවත්. වෙන්න පටන් ගත්තාම් ඒව නවතන්න බෑ ඒව නිසා ගොලිය දේශගුනේ වෙනස්වෙන එකත් නවතන්න බෑ.
13. ධනවත් රටවල් පලමු ලෝකෙ රටවල් කාබන් පුලුස්සා පරිභෝජන කරන රටවල් මේ ගෝලිය අර්බුදේ අනාතයින් බාරගනී කියන මතය. නෑ ඒ වෙද්දි ඒ රටවලත් ලොකු ආර්තික සහ සමාජිය අර්බුද ඇවිත් තියෙන්නෙ. ඔවුන් ට වෙන අය බලන්න බැරිවෙයි.
තව මතක් වුණොත් එකතුකරන්නම්. මේ ප්‍රශ්න වල බරපතල කම හුදෙක් ආර්තික න්‍යායක වරදක් වගෙ සරල දේකට එහා යනව. මේවාට උත්තර හුදෙක් අධිපරිබෝජන නවතා හෝ සුවදායි ජීවිතේ පුන්චි පුරුදු කීපය වෙනස් කර ලබා ගන්න බෑ. කාටවත් මේකට උත්තරයක් නෑ.