"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.”
අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ.
"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ"
මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න.
ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත.
ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද?
ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක.
එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ.
මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව.
ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ.
සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ.
ඇත්තෙන්ම මේ කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්. පරිභෝජනය අඩුවීම - කෙතරම් කුරිරු ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්.
රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්;
"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?"
කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.