Sunday, September 29, 2019

පරිභෝජනයේ සදාචාරය 3 - ෆේස්බුක් එකෙන් පරිසරය සුරකින්නෝ

උද්වේගකර  ප්‍රකාශ  කරන පාසල්  දැරියක්  වන ග්‍රේටා  තුන්බර්ග් [ටක්කෙට  කිව්වොත් ග්‍රෙයෙටා තුන්බයෙග්] ලෝක  මට්ටමින්  විශාල  රැල්ලක්  වෙලා.  ග්‍රේටා මෙතෙක්  ආ  ගමන  ගැන  මට  යම් විවේචන  තිබ්බත්, දැන්  ඇය  පරිසරය  වෙනුවෙන් කාබන් නිකුතුව බින්දුව  කරන්න  දරණ  වෑයම වෙනුවෙන්  ජීවිතෙම  කැප කරල  තියෙන්නෙ.  මාර ලොකු  චරිතවලට බැරි වූ මට්ටමින් ලෝක  ජනගහනය  තමා පස්සෙ එක්කන්  යන්න ඇය සමත්.  ඉතින් අතීතය  පසෙක තියල  ඇගේ  අනාගත  කාරයභාරය  තමා අපි  දැන්  කතාවට  ගන්න ඕනෙ.

ඒ සමග  ග්‍රේටා  ගේ  වීඩියෝ  හැම  තැනම  ශෙයා වෙනව. 
ලොව පුරා විවිධ  පාරිසරික කතා යනව.  එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු  ෆේස්බුක්  එකෙ  ග්‍රේට ගේ  කතාවක්  දාල  හරි අපි පරිසරේ වෙනුවෙන් කලා කියල නිකම්  ඉන්නව  සතුටු වෙනවා. දැන් අදාල  පුද්ගලයින්  පරිසරේ  රකියි.  ප්‍රශ්නය  කවුද  මේ  අදාල පුද්ගලයින්.

ඒ කතා  ඉලක්ක වෙන්නෙ "ලෝක  නායකයින්ට".  ඒ කිව්වෙ ලිහිල්ව රට  රටවල  නායක  දේශපාලකයන්, සහ සමාගම්  වල  ව්‍යාපාරිකයන්. ඒ  අනුව අප ශෙයා කල  ඒ  කතන්දර  දේශපාලක ව්‍යාපරික  ප්‍රජාවල නෙත ගැටිල  උන් පරිසරය  අප වෙනුවෙන් සුරකීවි.

ඇත්තටම  මේ පාර්ශ්ව  වැදගත්  මොකද පරිසරය සම්බන්දයෙන් නෛතිකව  ප්‍රතිපත්ති ලෙස  සහ  තාක්ශ්නික නිර්මාණ  ලෙස  වැදගත්  වැඩ කොටසක්  වෙන්න  ඕනෙ.  ඒ නිසා  ඒ පාර්ශ්ව  අතේ ලොකු  කාර්‍යයක් තියෙනවා.  හැබැයි  ඒකද ප්‍රධානම  දේ. දැන්  අපි  කාබන් නිකුතුව  අඩු  කරල  දෙන්න කිව්වම  ආන්ඩු  සහ  සමාගම්  අඩු  කර  දෙයිද? 

ඉස්සරින්ම මේ කාබන් නිකුතුව  වැඩි  වෙලා  තියෙන්නෙ  ඇයි? අපි  හුස්ම  ගන්න නිසාද?  නැහැ  කවදාවත්  එහෙම  කියනව  ඇහිලම  නැහැ.  මොකද්ද  මේකට  හේතුව?  කාර්මික  විප්ලවය   ධනවාදය  වගෙ බර වචන  වලින් කිව්වට  ඇත්තටම හේතුව  මොකද්ද?

පරිභෝජනය.

කාබන්  දහනය  කර  නිපදවෙන  භාණ්ඩ  සහ  සේවා පරිභෝජනය.

ඒ  මොනවද?  අපි  භාවිතා කරන  ඔක්කොම  වගේ.  ආහාර  ඇදුම්  බෙහෙත්  වාහන  නිවාස  ක්‍රීඩා  භාන්ඩ ... බේසිකලි  අපි  දන්න  සියල්ල.  මේ  නිශ්පාදන  ක්‍රියාවලිය  තුල කාබන් දහනයෙන්  ශක්තිය  නිපදවීම  සහ කාබන්  අධික  හරිතාගාර  වායුන්  මුදා  හැරීම  ට  අමතරව පොලොවේ ඇතැම්  ද්‍රව්‍ය ඉවර  වීම පතල්  හෝ  වෙනත්  අමුද්‍රව්‍ය නිපදවන  ක්‍රියා වෙනුවෙන්  ඉඩකඩ  වැයවීම  ඒවායෙ  
පරිසර අර්බුද  වගේ  කාබන්  නොවන  වෙනත්  අර්බුද ත් රාශියක්  හැදිල

හැබැයි  මේ භාණ්ඩ  සහ  සේවා ලෙස  අප  පරිහරණය  කරන  දේවල්  වලින්  වැඩි  තරමක් අපට  අවශ්‍ය ම නැහැ.  අඩුම  ගානෙ  අත්‍යාවශ්‍ය   නැහැ. බොහෝ ඒවා  අපි  නියමිත  කාලය  ගෙවිල  කැඩෙන්න  කලින්ම  ඩම්ප්  කරනව  අලුත්  දෙයක්  ගන්න.  ඒ  වගේම  අපි  අපට  අනවශ්‍ය  දේවල්  ගන්නව.  මේ  මුලු  ක්‍රියාවලිය  තුලම  අපි අපිට  ගන්න  ඕනෙ  භාණ්ඩ  හා සේවා  ඉක්මවා විශාල  ලෙස  වැඩියෙන්  ගන්නව.  පරිභෝජනය  අධි පරිභෝජනයක්  වෙන්නෙ මෙතන.

අර  කලින් ග්‍රේටා පනිවුඩ  යැව්ව  ඔබ  ශෙයා  කරමින් ඉලක්ක කල  ලෝක  නායකයින්  මේ  භාණ්ඩ  සහ  සේව  බලෙන්  අපේ  ඇගේ  ගහන්නෙ  නැහැ,  ඒත් උන්  ප්‍රචාරනය  හරහා ගන්න පෙලබීමක් කරනවා.  ඒ  මොකා  මොක  කලත්  ගන්නෙ  ඔබ.  ඔබ  ඒ තීන්දුව  ගන්නෙ ඔබේ  උවමනාවට. ග්‍රේටා  ගේ කතා  ෆේස්බුක්  එකෙ  දැම්ම  කියල ඔබ  නොගෙන  ඉන්නවද  නැහැනෙ.

දැන්  ඔබ  මේව  මිලට  ගන්නකම්  වෙලදපොලේ  ඊට  ඉල්ලුමක්  තියෙනවා. එතකොට  ඔබෙ  ෆේස්බුක් පනිවුඩ  දැකල ඒ භාණ්ඩ  සහ  සේවා නිපදවන්නන් පරිසරය  ගැන  ම  හිතල  නිශ්පාදන  අඩු  කලොත්  මොකද  වෙන්නෙ.  හිගයක්.  ඉල්ලුමක්.  ඒ  හිගය  දකින  මොහොතෙම  ට්‍රිගර්  වෙන  නව  ව්‍ය්වසායකයෙක්  ඒ භාණ්ඩ  හා  සේව  නිපදවන්න  පටන් ගන්නව.  ඒක  තමා  අපි  ඉන්න  ආර්තික ක්‍රමය.  ඒකට වෙනස්  එකක් ලෙස  මධ්‍යගත බලධිකාරයකින් ඒව  නිපදවීම  තහනම්  කලොත්  තමයි  අර  සෝවියට්  චීන  වගේ  රටවල්  වල  හැදුනු  හිගය  සහ  පෝලිම්  හැදෙන්නෙ [නෝට්:  ඒ  රටවල්  හිග  සහ පෝලිම්  හැදුනෙ  ආන්ඩු  පරිසරේ ගැන  හිතල  නිශ්පාදන  තහනම් කර නෙවි  විකාර  අසාර්තක  ක්‍රම  නිසා පරිසරේට කෙල  වුනාට මිනිසුන්ට  ඇති වෙන්න  දේවල්  නිපදවා  ගන්න බැරි  වීමෙන් - එක  වෙනම  කතාවක්]

කෝම හරි  ඔබෙ ඒ පනිවුඩය  දැනට  ඉන්න  ව්‍යාපාරිකයන් දැකල  ඒ  අනුව  කටයුතු  කලොත්  වෙන්නෙ  අලුතෙන්  තව 
ව්‍යාපාරිකයෙක්  හැදෙන  එක.  ඒකා  බොහෝ විට  චීනය  ඉන්දියාව  වගෙ රටක  වෙන්නත්  පුලුවන්. කාබන් නිකුතුවේ  ලොකු  පටලැවිල්ලක්  වෙන්නෙ  බටහිර  මේ සන්වාද කරන  පරිභෝජන  ලොකයට නිශ්පාදන  වෙන්නෙ  වෙනම තැනක  වීම. පලමු  ලෝකය  තමන්ගෙ එ කාබන්  නිකුතුව  අඩු  කරන්න නීති දැම්මම  ඒ රටවල් නිශ්පාදනය  අඩුවෙනවා.  ඊට  සමගාමිව  පරිභෝජනය  අඩුවෙන්නෙ  නැහැනෙ  මොකද  ඒකට  නීති දාන්න  බැහැ.  ඒ  නිසා  වෙන්නෙ  ඒ  අඩුවෙන කාබන්  ඉන්දියාව  චීනය  වගෙ  නිශ්පාදක  රටක් ලවා පුච්චල  ඒ  භාන්ඩ එහෙන්  ගෙන්ව  ගන්න එක. රටක  කාබන් ෆුට් ප්‍රින්ට් එක  බලද්දි  ඒ  රටේ  කර්මාන්ත  වලින්   නෙවි හරිනම් බලන්න ඕනෙ  පරිභෝජනයෙන්. 

මේ කතාව  යන්නෙ  කිසිම  භාණඩයක්  හෝ සේවාවක්  භාවිත කරන්න එපා  කියන  තැනට  නෙවි.  නො  එසේනම් මගේ  වාමාන්ශික  හෝ කොමිනිස්ට්  කියන මිතුරන් කීපයක් කියන ආහාර  ඇදුම් බෙහෙත්  වගේ ගල් යුගයේ  විතර සම්මුතියකින්  නම් කළ මූලික  අවශ්‍යතා  කියල එයාල කියන දේවල් දෙක  තුනක්  දීල  ඔය  ටීවී  කාර් ෆෝන් කම්පියුටර්  වගේ "ලක්සරි"  සමාජයෙන්  අයින් කරන්න කියන  තැනටත්  නෙවෙයි.  මේ කතන්දර  අසාර්තක  කතා.

මම කියන්නෙ ඔබෙ පරිභෝජනයේ  සදාචාරයක්  හදා  ගන්න.  ඔබ  මිලට ගත්  යමක්  වේ  නම් එය පට්ට  ගහල  ඉවර  වෙලා  ගන්නම දෙයක් නැති වෙනකම් පාවිච්චි කරන්න. හැම  දේටම  එහෙම බැරිනම් අඩුම  ගානෙ  පුලුවන්  ටිකටවත්  කරන්න.  භාන්ඩයක් හෝ සේවාවක්  පරිභෝජනය  කරන්න කලින් හිතන්න මෙක  මට ඕනෙමද කියල.

ඔබ  දුක් විදින්න එපා.  ඒත්  ඔබ  දැනුවත්ව  මදක්  සිතා  කටයූතු  කරනවා නම් ප්‍රමාණවත්.  
ඒ  සදහා  ඔබට  බාධාවක්  වෙන  එක  ප්‍රධාන සිතිවිල්ලක්  තමා,  ගෙවන්නෙ මම ඒ නිසා මම ගන්නව මට  ගෙවිය  හැකිනම් කියන එක.  ඕක  අවුල් චින්තනයක්.  ගෙවන  මොහොතෙ ඔබ  ගෙවන මිලේ  එහි පරිසර  භාරය  නැහැ. ඒ පරිසර  භාරය  ඊ ගාව පරපුරේ  කර  මත.  ග්‍රේටා  කෙල්ල  ඇගිල්ල  දික්  කරල  හව්  ඩෙයා  යු  කියල  අහන්නෙ  ඒ වෙලාවට.  මෙහෙම  සාවධානව  කියන එක  අමතක  වෙනවනම්,  මම  එතරම් කැමති නැති  ග්‍රේටා  ගෙ ඒ  වෙදනාත්මක  ඉරියව්ව වත් මතක්  කර ගන්නකො.

මේකෙන් ක්‍යෝටෝ හෝ පැරිස්  වල  එකග  වෙච්ච ඉලක්ක සපිරෙන්නෙ  නැහැ. ඒ  වගේම  උශ්නත්ව  වැඩිවීම අන්ශක  දෙකේ  නතර  වෙන  එකකුත්  නැහැ.  පරිසරේට කෙල  වෙන එක  වෙයි.  ඒත්  අඩුම  ගානෙ  ඒ බලපෑම අඩු  වෙයි.  හැබයි දැනට කියල ඔය පෙර කී කිසිවක් කවුරුත් කරන්නෙ  නැහැනෙ.  හැමෝම මේක ෆේස්බුක් එකේ  දාල  හිතේ  කහට  හෙවත් ගිල්ට  පමණක්  මකාගෙන  මාර  ලෙස පරිසරේට  ආදරේ වගේ  සන්තෝසෙන්  ඉන්නව.

අපි තව අඩියක් යන්. 
ලෝක  නායකයින්ට  මේක  කරන්න බැහැ.  මේක  ඔබ  අප  සියලු  දෙන කරන්න ඕනෙ එකක්.   

මන් උදාහරන දෙන්නම්.

ඇදුම්  විලාසිතා ගැන ලොකුවට නොහිතන මම ඇදුමක් ගත්තොත් ඉරෙනකම්ම අදිනවා. සමහර  ඇදුම්  අනුව  දශකෙ  ගත්ත  එව්ව තාම තියෙනව. මට  සැහෙන්න ඇදුම් තියෙනවා  මිනිමලිස්ටික් අයිඩියා  එකක් නෙවි.  එකම දේ පරිසරේට කෙලවල හදාපු මගේ ඇදුම්  එකක්වත්  අදින්න  පුලුවන්  තත්වෙන්  බින් එකකට  දාන්නෙ හෝ ඔය  කොහෙ  හරි ඉන්න වෙන හිගන්නෙක් මන් වෙනුවෙන් කරයි කියල  චැරිටි බින්  එකකට  දාන්නෙ  නැහැ.  මම  ඇදලම  ඉවර කරනවා.  ඒ  ඇරෙන්න  සෙසු  දේවල් ගැනත් මම කන්සවේටිව්.  මට තේරෙන්නෙ නැහැ මිනිස්සු අවු දෙක  තුනකින් කාර්  එක  විකුනල  ආයෙ  අලුත්  එකක් ගන්නෙ ඇයි  කියල.  මම ස්මාට්  ෆෝන් එකක් ගත්තෙ 2017 වසරෙ  ඒකත් වයිෆ්ගෙ ෆෝන් එක  ස්ක්‍රීන් ක්‍රැක්  වෙලා  විසික් කරන කොට.  එතකල් ෆීචර් ෆෝන් ලඩියක් තිබ්බෙ.  මට හේතුවක්  තේරුන් නැහැ  ස්මාට් ෆෝන් එකකට.  ගත්තමත් මම දැක්ක එකම හේතුව තමයි පාර හොයාගන්න එක, අනිත් ෆීචර්ස්  එකක්වත් මෙලෝ වැඩක්  නැහැ. 
පාර හොයන සීන්  එක  නිසා අර කැඩුනු ෆෝන් එක  අක්‍රිය වෙද්දි  සහ 4G එද්දි මම ස්මාට් ෆෝන් එකක් අලුතෙන් ගත්ත.

ඉතින්  හිතන්නකො ඇපල් හෝ සැම්සුන්  අලුත් ෆෝන් එකක් රිලිස්  කරන දවසෙ උදේ 
පාන්දර  මේ බුද්ධිමත් කියන පලවෙනි ලොකෙ  නගරෙ    කිලෝමීටර් ගනන් දිග  පෝලිම් වල  මිනිස්සු  ඉන්නකොට මට හිතෙන  එක.  ඒ ෆෝන් එක  අරගෙන  තිබ්බ යසට  වැඩ කරන එක  බින්  එකට  දානවා.  ඔය  ෆෝන්  එකේ  ඕක  හදන ඛණිජ  ගත්ත පතල්  වල  පරිසර  හානි, මිනිස්සුන්ගෙ  ශ්‍රම  වේදනා, කොන්ගෝ ජනරජයේ කොල්ටැක් වහල් බිම්වල ලේ  කදුලු  ජීවිත, ඕකට නිදිමරන්  පාඩම් කල ඉන්ජිනෙරුවන්ගෙ  ගෙවල් වල පිච්චුනු  ලයිට් ඔය ඔක්කොම හදන්න නිකුත් කල කාබන්....  ඔය  සේරම තියෙනවා.  යසට වැඩ කරද්දි  ඕක බින් එකට දානව ඒ ඔක්කොම දේවල් එක්ක අලුත් ෆෝන් එකේ  ස්ක්‍ර්‍රින්  කලර් පොඩ්ඩක්  වෙනස් නිසා  හෝ වෙනත් කිසියම් "ස්මාට්"  ප්‍රගමනයකට.

අන්න  ඒ අලුත්  ෆොන්  එකෙන් ෆේස්බුක් ගිහිල්ල  ග්‍රේටා තුන්බර්ග්  ගෙ පරිසර පනිවුඩ ශෙයා කරනවා.



3 comments:

  1. Thank you for this interesting idias

    ReplyDelete
  2. Very nice article, learned something, shared in my Facebook. Thanks.

    ReplyDelete
  3. එකෙන්ම එකඟයි සුජීව. අලුතෙන් release කරන ස්මාර්ට් phone එකක් ගන්න උදේ පාන්දර ගල් හීතලේ පැය ගනන් පොලින් වල තපින අපේ අයියලා ගැන මටත් හිතෙන්නේ ඔය වගේම දෙයක්. අපි දැන් මාර දියුණුයි කිව්වට common sense කියන එක වල පල්ලට යන (නිවැරදිව කියනවනම් 'යවන') කාලයක්. ශිෂ්ටාචාරයේ දියුණුව ඇතුලෙම එකේ කෙලවීමත් hardcode වෙලා තියෙනවා කියල තමයි මට හිතෙන්නේ.

    ReplyDelete