Friday, March 2, 2012

මාක්ස් හා ලෙනින් ශ්‍රේෂ්ටයින් ද දුෂ්ටයින් ද?

මාක්ස් ලෙනින් වගේ මිනිසුන් ඒ අයගේ කාලවල තිබ්බ සමාජ පරිසරය තුල ඒ අයට කල හැකි දෙයක් කළා. ඒක ඒ මිනිසුන්ගේ සාමාජිය  මෙහෙවරක්. අනික මාක්ස් මාක්ස්වාදේ කියන කොට කවුරුත් උන්නේ රදල වාදී ක්‍රමයක. ඇමරිකාව විතරක් පන්තිවාදී රදල වාදයක. ලෝකයේ අද පවතින ධනවාදී රාමුව වත් හැදිලා තිබ්බේ නැහැ. ඒ යුගයේ උන්නේ ධනපති කර්මාන්ත ඉඩම් හිමියා සහ උගෙන් කස පාර කාපු නිර්ධන කම්කරුවා හෝ අඳ ගොවියා පමණයි. ඒ මිනිසුන් කලේ මෙන්න මේ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටීම.

අපි අද භුක්ති විඳින ඇතැම් නිදහසක් අපට ලැබුනේ මේ අය කල කතිකාවේ ප්‍රතිපලයක් ලෙස. මාක්ස්වාදීන් කල ලොකුම දේ විප්ලව කර මාක්ස්වාදී රටවල් හදන එක නොවේ. සමාජවාදී චින්තනය සමාජගත කර, ධනවාදියා පවා එයින් යමක් අර ගන්නා තැනට ගෙන ඒම. යැංකි ඩිකීටත් පාසල් පොත් ටික නිකම් දෙන්න හිතෙන්නේ මේ නිසා. එදා ඒ දේ නොවෙන්න ලෝකය තිබ්බේ දරදඬු රදලවාදයක. එමෙන්ම නරුම පන්තිවාදයක. සමාජවාදීන් ගෙනා අදහස් නිසා තමයි ක්‍රමයෙන් මේවා නියාමනය වෙමින් අද තියෙන සුමට රාමුව දක්වා එන්නේ.

අද ධනවාදයේ පිනකල් එක වන ඇමරිකාව හදන්නේ එළිපිටම සමාජවාදී අදහස් දැරූ රූස්වෙල්ට්. රූස්වෙල්ට් ට පෙර ඇමරිකාව අද අප්‍රිකාව වගේ. මිනිසුන් බඩ ගින්නේ මියගිය කාලකන්නි දේශයක්.

ඇත්තටම මාක්ස්වාදී අන්තවාදීන් මෙන්ම ධනවාදී අන්තවාදිනුත් අද මේ තියෙන ක්‍රමයට විරුද්ධයි. ඒ ධනවාදී අන්තවාදීන්ට එහෙම හිතෙන්නේ අපි නොදන්නවා වුනාට සැහෙන්න සමාජවාදී සංකල්ප සමාජගත වී ඇති නිසා.රැන්ඩියානු ධනවාදියෙක් එක්ක කතා කර බලන්න.

ඒ ක්‍රියාවලිය තුල මග හැරෙන එක දෙයක් විප්ලවය. අන්තවාදී මාක්ස්වාදිය හැමදාම හීන මැව්වට විප්ලවය වෙන්නේ නැහැ. විප්ලවය නොවෙන්න හේතුව අර වසුරිය වෙනුවට ගව වසුරිය වගේ මාක්ස්වාදය වෙනුවට සමාජ යාමනයක් නොතේරීම සමාජගත වීම. දැන් ඉන්නේ කසය ගත්තු ධනපතියයි තැලුම් කන නිර්ධනයයි විතරක් නොවේ. ඒ  යුගයෙන් ලද  ආභාශය නිසා තව සුවිශාල සමාජ ස්තර ගානක් හැදිලා. ඒ තුල ඉහල පහල යාම තවදුරටත් සිහිනයක් නොවේ. විප්ලවයක් වෙන්නේ නැති මූලික හේතුව මේකයි. මේ කත්ත්වය  හදන්න මාක්ස්  ලත් දායක  වෙනවා. 

අද මාක්ස් හා ලෙනින් බදා ගෙන ඉන්න මිනිසුන්ට පිස්සු, ඒ මිනිසුන් එදා සමාජය ගැන කල විවරණ අදට වලංගු නැහැ. මාක්ස් ලා ලෙනින් ලා සදාකාලික සත්‍ය දේශනා කල මුනි වරුන් නොවේ. ඔබ අප මෙන්ම හිතු සාමාන්‍ය මිනිසුන්. ඒ මිනිස්සු ඔව්වා කියන්න ඇත්තේ මේ විසි එක් වෙනි සියවසේ එවුන්ට අදහන්න නොවේ වෙන්න ඇති. අද හිටිය නම ඔවුන් වෙනස් කතාවක් කියයි.

අනික මේගොල්ලන්ටත් වැරදුනා. මාක්ස් කෙතරම් වරදා ගත්තද කිව්වොත් ඔහු රුසියාවට විප්ලවයක් කල හැකි බව පිලි ගත්තෙත් නැහැ. ඔහු හිතුවේ උගත් කම්කරුවන් ඉන්න බටහිර යුරෝපය මේක කරාවි කියා මිස මෝඩ ගොවින් ඉන්න රුසියාවට ඒ ශක්‍යතාවය ඇති බවක් ඔහු දුටුවේ නැහැ. එහෙත් මාක්ස්ට පස්සේ සියවසේ ලෝකයේ ඇතිවන තත්ව මත අර බටහිර යුරෝපේ කම්කරුවා වෙනුවට බිහි වන්නේ සම අවස්ථා තියෙන ධනවත් වෘත්තික පිරිසක්. මාක්ස් ගේ අනාවැකිය බිඳ වැටෙන්නේ එතන.

අනික මේ මතවාද තාක්ෂණික විප්ලවය දකින්නේ නැහැ. ඒක වෙන්නේ ඔවුන්ට පස්සේ, ඒ තුලින් ලෝක ආර්ථිකය වෙනස් වෙන හැටි දකින්නේ නැහැ.

මට මාක්ස් එක්කවත් ලෙනින් එක්කවත් අවුලක් නැහැ. ඔවුන්ගේ කාලවල කල හැකි දේ ඔවුන් කළා. මොකුත් නොකරන අපිට වඩා ඔවුන් ශ්‍රේෂ්ටයි. එමෙන්ම ඒ අයගේ ක්‍රියා වල ප්‍රතිපල අපි අද භුක්ති විඳිනවා.එහෙත් ඒ මිනිසුන්වත් නොන්ඩි කරමින් තවමත් ඒ අන්ධ භක්ති වල එල්ලී ගෙන ඉන්න අය නම අවුල්. අද ලෝකෙට අවශ්‍ය දේ අපි අලුතින් හිතන්න ඕනේ. පැරණ දේවලින් ආභාෂයක් ගත්තට කමක් නැහැ. එල්බ ගෙන ඉන්න නරකයි.

6 comments:

  1. හැමදාම ව‍ගේ හොඳ ලිපියක් සුජීව අයියෙ :)

    ReplyDelete
  2. මචං මේ හුඟක් කරුණු ඉවසීමකින් හිතුවෙ නැත්තන් එලඹෙන්න බැරි දේවල්. අපේ අයියල මාක්ස්ට මොනවත් කිව්වත් මල පන්නගන්නව හැබැයි ඒ කටින්ම රාජපක්ෂගෙ ජනප්‍රියවාදෙට හූමිටිය තියනව. මරා නියම දේශපාලකයෙක් කියල කවුද කිව්ව එකට එකඟ වෙන්න පුලුවනුත් ඒකයි. අන්තවාදී විදියට මැදහත් වෙන්න හදන අය ගොඩක් ඉන්නව. උඹ හොඳ නහරයක් ඒ අතින් අල්ලල තියෙනව.

    මගේ අදහසට අනුව මාක්ස්ල රෑන්ඩ්ල කරන්නෙ ඇබ්ස්ට්‍රැක්ට් චින්තනයක් හදන එක. මාක්ස්ගෙ අදහස් ඒ මට්ටමේදි අදටත් වලංගුයි. ඒ මට්ටමේදි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඇබ්ස්ට්‍රැක්ට් චින්තනේ ඉම්ප්ලිමෙන්ට් කරන්න ගියාම. ලෙනින් ඒක කරේ කපටි කමිනුයි පස්සෙ තද කමියුනිස්ට් උපක්‍රමේකිනුයි. ප්‍රති විප්ලවේදියි ඒක පෙරලපු රතු ආක්‍රමණයෙනුයි වෙච්ච හානිය බරපතලයි. ඒ දේමයි චීනෙටත්. සංස්කෘතික විප්ලවයෙ හානියෙන් උන් අදටත් විඳිනව. Great Leap එකේදි මිලියන ගාණක් මැරුණ කියනව ඇත්තද බොරුද දන්නෑ. පොල්පොට් ගැන කතා නොකර ඉමු. ජෙප්පො? වැඩේ අත ඇරල දාමු.

    උදාහරණෙකට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නෙ ගත්තොත් ජෙප්පො කියනව වගේ සුබ සාධනෙන් විතරක් රටේ අධ්‍යාපනය ගෙනියන්න බැහැ. හැබැයි ඒක මේ වගේ මට්ටමක තියෙද්දි ඕපන් කරලත් බැහැ. ඇබ්ස්ට්‍රැක්ට් මට්ටමේදි කතා කරන කලු සුදු ෆ්‍රේම්වර්ක් එක ප්‍රායෝගික මට්ටමේදි ඇප්ලයි කරන්න බැහැ. මෙතනදියි කට්ටිය වරද්ද ගන්නෙ. මේව මාක්ස්ගෙ වැරදි නෙමෙයි. මාක්ස්වාදීන්ගෙ වැරදි. අනින් උන්ටත් එහෙමයි.

    ReplyDelete
  3. මෙම ලිපියේ මාතෘතාව තුලට දුෂ්ඨකම කියන වචනය ඉබේම යෙදිලා තියන එකෙන් මෙම කතුවරයායේ මාක්ස්වාදය කෙරෙහි ඇති කුහක හැඟීම එලියට පනී. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ මේවාටයි. මෙම ලිපියේ මාක්ස් හා එංගල්ස් දුෂ්ඨ ඇයි කියා කිසිදු සඳහනක් නැත. ඇත්තේ ඔවුන් ශ්‍රේෂ්ධයන් කියායි. එනිසා දුෂ්ධයන් යන වදන වෙනුවට සමලිංගිකයන් යන වදන ආදේශ කරන මෙන් ඉල්ලා සිටිමි. එවිට එම මාතෘකාවත් මෙම මාතෘකාව සේම හරසුන් වේ.

    ReplyDelete
    Replies
    1. නැහැ ඔය මාතෘකාව මුහුණු පොතෙන් උකහා ගත්තු අදහසක්. එ නිසා මම මගේ මතය කිව්වේ. මම මේ දෙන්න දුෂ්ටයින් කියා හිතන්නේ නැහැ.

      ඔබතුමා මෙතන ලියන්නේ හිත් අමනාපෙකින්දෝ මන්දා. අග මුල නැතුව බුරා පනින්නේ ඒකනේ.

      Delete

  4. මාක්ස්වාදයට විරුද්ධව මොනව හරි දැකපු හැටිය පැනල අරන් තමන්ගෙ ලිපියක් වගේ දාන්නෙ කුහක කම නිසා නොවේද ? :ඩ් - ඇඩම්

    ReplyDelete