Friday, November 16, 2012

මාක් සකර්බර්ග් ලාංකිකයෙකු නොවන්නේ ඇයි?


අපේ රටේ බහුතරයක් ජනයා දර්ශන දෙකකින් නොමග යවා තිබේ.

පළමු වන්න බෞද්ධ කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනය නොහොබිනා දෙයකි. දානය උතුම් වේ. මුදලට වහල වීම වරදකි. වැඩිය හම්බු කරන්න නොහොබී. ලද දෙයින් සතුටු විය යුතු වේ. තව ටිකක් මහන්සි වුනොත් ලැබෙන දෙය වැඩි කර ගන්න පුළුවන් කියා හිතන්නේ නැත. ඊරිසියාව මෙහි එක බල කණුවකි. මට නැති නිසා තෝත් ලද පමණින් සැනසිය.

දෙවැන්න මාක්ස්වාදය කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනපතියා දුෂ්ටයෙකි. ව්‍යාපාරයක් යනු සේවක පිරිස පන්ති වෛරයෙන් හිමිකරු දවන තැනකි. විප්ලවය හා සටන ඕනෑම මොහොතක කල හැකි දේවල් වේ. ලාභ ලැබීම වරදකි. ධනපතියා පමණක් නොව ෆැක්ටරියේ යන්ත්‍ර පවා පුළුස්සා දැමිය යුතුය.ඊරිසියාව මෙහිද බල කණුවකි. මට නැති නිසා තොටත් නොලැබේවා.

1948 ලංකාවේ මහ මැතිවරණයේ සැලකිය යුතු ආසන ගණනක දිනා ගත්තෝ වම්මුය. මෙය සමහරවිට ආසියානු දේශයක වම්මු පිරිසක් වැඩිම ආසන ගණනක් දිනු අවස්තාව විය හැක.ලංකාව තුල මේ මතවාද පෝෂණය කරන 5% පමණ පිරිසක් හැමදාමත් උන්හ. 56 බන්ඩා පැමිණ ඉහත දර්ශන දෙකේ මිශ්‍රණයක් කියා කියමින් ජනයා රවටා නොගන්නට මෙය 25% පමණ විය හැක.

මේවායේ ප්‍රතිපල අපි අද භුක්ති විඳිමු. අපේ රටේ ප්‍රාග්ධනය කියා දෙයක් වෙනුවට ඇත්තේ විදේශ නය ඉල්ලා හිඟා කෑමයි. ආයෝජන කියන්නේ කළු සල්ලිය. දේශීය ව්‍යවසායකයා කියන්නේ කසිප්පු මුදලාලිටයි. ඊටත් එහා නම් ඊටත් ලොකු ජාවාරම් කරන එකෙකි. ආණ්ඩුව කලක ජනසතුකරණය කියා නිෂ්පාදන රාජ්‍ය ඒකාධිකාරයකට ලක් කළේය [ඇතැම් සේවා රජයට ගැනීම තරමක නිවැරදි දෙයකි] ඊට පසු ජනතාකරණය කියා ඒවා තම හිතවතුන්ට බෙදා දුන්හ. කවුරුත් ජනතාව නිසා එටිමොලොජි වල අවුලක් නොපෙනේ. එහෙත් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත අවුලක් පෙනේ.

මේ දර්ශන දෙකේ අනුසාරයෙන් අපි අද සුවිසාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් හා ගජමිතුරු දූෂිත පුද්ගලික ප්‍රාග්ධනයක් සමග ඔට්ටු වන්නෙමු. ලංකා දේශපාලනයේ සියලු අර්බුධ වල මූලික හේතුව මෙන්න මේ දෙපාර්ශ්වයයි. අපට ටාටා කෙනෙක් හුන්ඩායි හෝ සෝනි කෙනෙක් නැත්තේ එබැවිනි. අපේ තරුණයින් අතරින් බිල් ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස් ලා, ලැරීපේජ්, සර්ජි බ්රින් සකර්බර්ග් වැන්නන් ඇති වන්නේ නැත. තවම එලියට එන්නේ චේ ලා පමණි.

ඒ සියල්ලේ මූලය ඉහත සඳහන් කල දර්ශන දෙකයි.

සාදුකින් පෙළෙන උන් තෙරුවන් සරණින් දැන් ඉතින් වත් නැගිටියවූ

12 comments:

  1. සම්පූර්ණ ලිපිය ගැනම නෙවෙයි මෙන්න මේ ටික ගැන වචනයක් කියන්නම්...

    //පළමු වන්න බෞද්ධ කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනය නොහොබිනා දෙයකි. දානය උතුම් වේ. මුදලට වහල වීම වරදකි. වැඩිය හම්බු කරන්න නොහොබී. ලද දෙයින් සතුටු විය යුතු වේ. තව ටිකක් මහන්සි වුනොත් ලැබෙන දෙය වැඩි කර ගන්න පුළුවන් කියා හිතන්නේ නැත. ඊරිසියාව මෙහි එක බල කණුවකි. මට නැති නිසා තෝත් ලද පමණින් සැනසිය.//

    අල්පේච්ඡතාවය ගැන හරියට නොදන්න...තේරුම් නොගත්ත.. ටාගට් පසුපස දුවන උදවියට මේක මෙහෙම පේන්න පුළුවන්... ඒකේ වරදක් නැහැ. නමුත් බුදු හාමුදුරුවෝ කිසිම තැනක කියලා නැහැ ගිහියාට ධනය රැස් නොකරන්න කියලා... හරියට බැළුවොත් ධනය හම්බ කිරීමත් ඒවා කලමනාකරණය ගැනත් බුද්ධ දේශනාවේ සෑහෙන්න හොඳින් පැහැදිලි කෙරෙනවා. ඒ අතරේම මිනිසා ගොඩ ගසා ගැනීම් වලින් වලක්වන ධනයේ ඇති සතුට ගැනීමම නොව දීමත් එහි කොටසක් කියන ටික පැහැදිලි කරනවා. එහෙම නැතිව හිගා කාපියවු කියන තියරියක් බුදු දහමේ නැහැ.නමුත් දේශනාවල ඇති දේ උඩින් පල්ලෙන් ගැනීම නිසා හෝ... බුදු දහමට අනුකූලව ජිවත් වෙනවා යැයි තමන් සිතන කෙනෙක් හැසිරෙන ආකාරය දෙස බලා දහම මෙහෙමයි කියලා තීන්දු කිරීම මත ඔවැනි අදහසක් මතු විය හැකියි. නමුත් ඒ බුදු දහම නෙවෙයි... බුදු දහම යනු උපයන්න..එලෙසින්ම උපයනා දේට නොඇලෙන්න යන කාරණාව පැහැදැලි කරවන දහමක්... පින් කරන්න..දාන දෙන්න..අනිකුත් අයට යුතුකම් ඉටු කරන්න උපයන්නේ නැතිව කොහොමද...?

    ඒත් එක්කම තව දෙයක් කියන්න පුළුවන්.. හැබැයි මේක වර්ථමාන සමාජයේ විහිළුවට භාජනය වෙන දෙයක් නිසා සහ වාදයට හොඳ කාරණයක් නිසා ප්‍රසිද්ධියේ කියන්න ගියාම කරදර ඇති වෙන දෙයක්... ධනවතුන් කියන්නේ පෙර පින් ඇතිව උපන් අය.. ඒ අයට ඊර්ෂ්‍යා කරන්න කියලා බුදු දහමේ දේශනාවෙලා නැහැ... එසේ ලැබීමට නම් තමනුත් පින් කල යුතුයි කියා මිස... දහම එකක් දහම අදහන මුවාවෙන් කටයුතු කරන අයගේ දහම තව එකක්...

    ධනවතාට ඊරිසියා කිරීම හෝ ධනවතා භංග කිරීම බුදු දහමේ නැත... ඒ ඔබ කියනුයේ බුදු දහම ගැන නොව දහම පටලවා ගත් අය ගැනය... එහෙයින් බුදු දහම දියුණුවට බාධකයක් කියා නොමඟ යවා ඇතැයි කීම සාධාරණ නැත...

    //බෞද්ධ කියා අප හිතන දර්ශනයයි//

    බෞද්ධ කියා අප සිතන දර්ශනය වැරදි වූවාට බුදු දහම ඊට පලි නැත...

    ReplyDelete
    Replies
    1. වැඩිය හම්බු කිරීම නරක යයි බුදු දහම කියා "අපේ රටේ උන් සිතා සිටින" එකේ තිබේ. එහෙම හිතන මිනිසුන්, කියන මිනිසුන්, දේශනා කරන හාමුදුරුවන් මා දැක තිබේ. එවැනි වෙලාවක එසේ නොවේ යයි කියා නිවැරදි කරන කවුරුත් ප්‍රසිද්ධ සන්දර්භයක දැක නැත.

      මෙතන මා කතා කරන්නේ බුදු දහම හා මාක්ස්වාදය කියා "අප රටේ උන් සිතා සිටින" මත ගැනයි. එතනින් ඔබ්බට තියෙන ඒවයේ කොහොම තියේද, මෙහෙම උනේ ඒ දර්ශන වල වරදින්ද, මේක කොරලේෂන් ඉෆෙක්ට් එකක් පමණක් ද, මීට පරිබාහිර වූ නිවැරදි බෞද්ධ හෝ මාක්ස් දර්ශන තිබේද යනාදී කිසිම දෙයක් මා මෙතන කතා කරන්නට ගන්නේ නැත.

      ඒ නිසාම මේ මූලික දර්ශන රාමු සමග මගේ පෝස්ටුවේ ඇති වන ගැටුම වලකන අටියෙන් "අප සිතා සිටින" දර්ශන පමණක් ගැන කතා කරමි. "අප" යන්නෙන් ලංකාව අදහස් වන අතර, පොදු ජන විඥානය පමණක් නියෝජනය කරයි.

      Delete
    2. හුකෑස්. හැම දේම විවේචනය කරමින් තමන් පොරක් වගේ සමාජයට පෙන්නුවාට කොකාවල මොන තරම් මෝඩයෙක්ද කියල පෙනුනා. මාරයා කොකාවලගේ ජංගිය ඔලුවෙන් ගලවලා. කූජීතයි ඕයි. හුකෑස්

      Delete
  2. ධනපතින්ට විරුද්ධව බුදු සාදු මොකුත් කීවේ නෑ. කීවානං අනේපිඬු ලා, විශාකලා පන්සල පැත්ත පලාතේ නොඑන්න ඉඩ තිබුණා.

    වැඩපසම් ක්‍රමේ ගැනත් විරුද්ධ වුනේ නෑ.

    ධනය ඉපයීම ගැන බුද්ධාගම්කාරයින් ගේ කහටක් තියෙනවා නං එයට හේතුව සමකාලීන ධනපතියෝ සේරම අසාධාරණයෙන් හම්බකරගත් උන් බව දන්න නිසා.

    ReplyDelete
    Replies
    1. නැහැ කකා. මට ඇහිලා තියෙනවා බණට කියනවා හාමුදුරුවරු ධනය උපයන මිනිසුන් නරක දෙයක් කරන බව, අනිත්‍ය සංකල්පය දාලා ඔව්වයේ තේරුමක් නැති බව. මේ කතාව ඇත්ත වෙන්න ඇති. එහෙත් අනිත්‍ය අනුව බැලුවොත් ඔක්කොගෙම තේරුමක් නැහැ. වහාම විදර්ශනා වඩන්න ඕනේ.

      සාමාන්‍ය බෞද්ධයා ධනය උපයා ගත්තු එකා දිහා බලන්නේ වපර ඇහින්. ඒ ඔක්කොම වන්චාකාරයින් නොවේ.

      Delete
    2. බුදු සාදු මේ කතාවේ නැහැ. එයා ලාංකිකයාට බන කියලා නැහැ. අනික මේ කතා කරන්නේ පහුගිය හා මේ සියවසේ ලාංකිකයා ගැන.

      Delete
  3. සකර්බග් ලා ගේට්ස් ලා කෙසේවෙතත් තමන්ගෙ කියා පෙට්ටි කඩයක් හරි දා ගෙන අවංකව ජීවත්වෙන්න දඟලන එවුන්ට සහනයක් වෙන, අර ගස්ලබු කොල වලින් හරි කමන්නෑ ඩෙංගු වලට බේත් හේත් හදන්න මහන්සිවෙන එවුන්ටිකවත් රැක ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. කරුමෙ කියන්නෙ ලංකාවෙ එවුන්ට සමාජවාදෙ ප්‍රතිලාභ වත් ධනවාදෙ ප්‍රතිලාභවත් දෙකම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ලංකාව කලේ ප්‍රකට "මිශ්‍ර ක්‍රමය" කියන එකනේ. ඇත්තෙන්ම ඒක තමා හොඳම විදිහ. වැඩේ තියෙන්න නමින් මිශ්‍ර වුනාට අපි මිශ්‍ර කරන්නේ වැරදි සංඝටක.ඉතින් හැම සන්ඝටකයකම තියෙන යහ ගුණය නැති වෙලා අපට දැනෙන්නේ තිත්ත රහ විතරයි.

      චන්තක ද මේල් කියන කෙනා මේ සම්බන්ධ සංවාදයකදී මුහුණු පොත් සංවාදයකදී කී පරිදි, ආර්ථිකයේ ධනවාදය අක්සලරෙටරය වී සමාජවාදය බ්රේක් ඒක වුනා නම් අගෙයි. ඒත් අපේ කට්ටිය අක්සලරේට් කරන්නේ මාරු කරගෙන.

      අපේ උන කලේ සමාජවාදය කියලා දේශීය පුද්ගලික ප්‍රාග්ධනය යොදවූ ව්‍යාපාර වන්දි නැතුව බලෙන් ආණ්ඩුවට අරගෙන ඒක කාබාසිනියා වෙනකම් පිස්සු නටලා ලිබරල් ලේබලය යටතේ සොච්චම් මුදලට ඒවා තමන්ගේ හිතවත්ටුන්ට දීපු ඒක. අන්තිමේදී ඒ මුළු ප්රාග්ධනයම නාස්ති වෙලා දැන් කරු කුරු ගානවා ආයෝජන නැහැ කියලා. සල්ලි පුච්ච ගත්තම ආයෝජනය කරන්නේ කොහොමද.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Leapset, WS02 kiyanneth silicon valley wala tech giants companies .. ewa lankawe aya mul wela patan gaththe ... FB eke Mobile head wela hitiya Chamitha lankawe kenek ... thawa ... ona tharam example thiyanawa ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තින්කින් එක හැරදා ගිය අය. වෙනත් සිස්ටම් එකක් ඇතුලේ වැඩේ කරපු. ඒකම තමා ලංකාවේ අවුලත්.

      Delete
  6. සුජීවගේ කථාවේ ටිකක් හැබෑ මුත් ඉතිරිය පට්ට පල් බොරු වලින් සමන්විත වෙයි.

    ව්‍යවසායකයාගේ අගය නොදකින මාක්ස්වාදය රටේ ආර්ථික දියුණුව අහුරන බව ඇත්තයි. එපමණක් නොව නිර්ධන පන්තියේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය ද වපුරන මේ විනාශකාරී දහම අපගේ වැනි රටවලදී ඒ ඒ රටවල ජාතිකත්වයට එරෙහිව යමින් අද සේවය කරන්නේ නව යටත් විජිතවාදය වෙනුවෙන් බවත් ඇත්තයි.

    හැබැයි "ආනන්ද සර්පයා දුටුවාදැ"යි පැවිද්දන්ට දෙසූ මුත් බුදු හාමුදුරුවෝ ධනය නරකයි කියා කොතැනකවත් ගිහියන්ට දෙසුවේ නැත. ඒ වෙනුවට කාමභෝගී ගිහියන්ට උන්වහන්සේ දෙසුවේ සමාජයට අහිතකර නොවන ලෙස දැහැමින් ධනය උපයන ආකාරයත් පමණ දැන තම සමාජීය වගකීම් යුතුකම් ඉටු කරමින් ඉපැයූ ධනය පරිභෝජනය කරන ආකාරයත් ගැන උපදෙස් ය. අණන සුඛය ගැන දෙසූ මුත් පරිභෝජනය පිණිස නොව ආයෝජනය පිණිස ණය ගැනීමේ වරදක් ද උන්වහන්සේ වදාළේ නැත.

    මේ රටේ ජාවාරමුන් මිස සාර්ථක ව්‍යාපාරිකයන් බිහිවී ඇත්තේ ම නැතැයි කීම ද ඇත්ත සේ බැලූ බැල්මට පෙනුණත් ඇත්තක් ම නොවේ. උපාලි විජේවර්ධන මහතා මේ රටින් බිහිවුණු ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරිකයෙකි. ඇවන්ත්ගාඩ් සමාගම ජාත්‍යන්තර කීර්තිය දිනූ සමුද්‍රාරක්ෂක සේවාවකි. ගුණාත්මක භාවය අතින් දැවැන්ත විදෙස් ව්‍යාපාර ඉක්මවන දේශීය ව්‍යාපාර මේ රට තුළ ආහාර නිෂ්පාදන, ඉදිකිරීම්, ඇඟළුම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල කෙතරම් නම් තිබෙනවාද? අපේ රටේ පරිමාණයේ හැටියට මේ රටේ ව්‍යාපාරිකයන්ගේ/ ව්‍යවසායකයන්ගේ ලොකු අඩුවක් නැත. අතීතයේ ද අපේ රටේ වෙළෙන්දෝ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි දක්ෂයන් වූ බවට ඓතිහාසික සාධක ඇත. බුදු දහමින් ව්‍යාපාරිකයන්ට පසුබෑමක් ද අදවත් අතීතයේ වත් සිදු වී ඇති බවට සාධක නැත.

    හැරත් පොහොසතෙකුට ස්වර්ගයට යාම ඔටුවෙකු ඉදිකටු සිදුරක් තුළින් රිංගවීමටත් වඩා දුෂ්කර යයි කියනා කිතු දහමෙහි නම් ධනවත් බව හෙළා දැකීමක් පෙනෙන්නට ඇතත් කිතු දහම රජයන බටහිර රටවල මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අඩුවක් ද නැත. ධනය/ ධනවතුන් හෙළා දකිනා ආගමක බලපෑම මහා පරිමාණ ව්‍යාපාරිකයන් බිහිවීමට බාධාවකැයි යන ඔබේ නිගමනය මෙහිදී ද අනාථ වෙයි.

    ReplyDelete