"බුද්ධිය කෙළවර නොදැනුවත්කම" කියලා මම සිංහලට නැගුවේ The Perimeter of Ignorance කියන එක. හරිම හරි පර්වර්තනයක් නොවේ. එහෙත් අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා.
මෙහි අරමුණ මූලික වශයෙන් දේශනයක් හඳුන්වා දෙන්න. ඒ නිසා මේ අදහස මගේම අදහසක් නොවේ. එක්තරා දේශනයක අන්තර්ගතයෙන් මට වැදගත් කියා හිතෙන කොටස උපුටා ගන්න එක කරන්නේ. මෙය මිනිසා විශ්වය පැහැදිලි කිරීමේදී හැසිරෙන එක්තරා මනෝ විද්‍යාත්මක ස්වරූපයක් ගැන හෙවත් විද්‍යාර්ථින් ගේ ඇදහිලි ගැන කතාවක්.
ලෝකය විශ්වය ගැන සංකීර්ණ ක්‍රියාදාමයක් පැහැදිලි කරන මනුස්සයෙක් තම බුද්ධියෙන් ගණිතමය හැකියාවෙන් ඔප්පු කල හැකි දේ බොහොම විද්‍යාත්මකව ඔප්පු කරනවා. එතැනදී ඔහු/ඇය මැවුම්කරුවෙකු, අද්භූත බලවේගයක් නැතුව සරළ ගණිතමය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ මොකද අර වගේ සුපිරියර් දෙයක් අමුතුවෙන් ඕනේ නැහැ, තම බුද්ධි හැකියාව ප්‍රමාණවත්
හැබැයි ඒ විද්‍යාඥයාගේ හැකියාවේ සීමාවට, බුද්ධියේ උපරිමයට ආවාම විශ්වයේ ක්‍රියාවලින් ඒ මට්ටමත් ඉක්මවා යද්දී මෙයාට හිතෙනවා, "මේක වෙන හැටි මට වැටහෙන්නේ නැහැ. හැබැයි මම මාර ලොකු පොරක්. ඒත් මටත් ගණිතයෙන් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ. එහෙනම් මේක එකත් එකටම මැවුම්කරුවෙකුගේ මැවුමක්, අද්භූත බලවේගයක පලයක් වෙන්නම ඕනේ". ඒ නිසා තම නොහැකියාව ඉස්මතු කරවන තරම් සංකීර්ණ දේවල් දෙවියන්ට පවරනවා. ඔන්න ඔහොම තමයි බුද්ධියේ කෙලවරේ ඇති නොදැනුවත්කම තුලින් දෙවියෙක් බූතයෙක් ඉස්මතු වන්නේ.
මෙය බොහෝ දෙනෙකුට පොදු අවුලක්. සාමාන්‍ය මිනිසුන්ට වගේ ම මහා විද්‍යාඥයින්ට පවා. දේශක නීල් ටයිසන් කියනවා, ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුන්ගෙන් 90% ක් දෙවියන් වහන්සේ අදහනවලු. හැබැයි මේ ප්‍රතිශතය උසස් විද්‍යාර්ථින් අතර 15% වගේ අඩු ලු . හැබැයි අර 90% නොවේ ඔහුගේ ගැටලුව. ඔහුගේ ගැටලුව නම් උසස් විද්‍යාර්ථින් අතර 15% ක් තවමත් ඇයි දෙවියන් අදහන්නේ කියන එක. ටයිසන් කියන්නේ ඊට හේතුව මේ බුද්ධියේ කෙළවර ඇති නොදැනුවත්කම තුලින් දෙවියන් දැකීම කියන එකයි.
අයිසැක් නිව්ටන් ස්කන්ධ දෙකක් අතර ගුරුත්වාකර්ෂණය ගැන කියලා, ඊට පස්සේ ඒ වගේ ස්කන්ධ රාශියක හැසිරීම එවකට දුබල ගණිතය තුලින් පැහැදිලි කරන්න බැරි වුණාම, සොර ග්‍රහ මණ්ඩලය වගේ දෙයක් නම් මවන්න ඇත්තේ දෙවියෙක් කියා කිව්වා ලු. තවත් කෙනෙක් පස්සේ එය පැහැදිලි කලත් ඔහුටත් තමන්ට නොහැකි තත්වයට ආවාම දෙවියන් ගෙන් ඒ අඩුව පුරවන්න හිතෙනවා. අදටත් සමහරු ජීවයේ සම්භවයේ පවතින විවාදාත්මක කරුණු කීපයක් එතරම් නිරවද්‍ය නොවන උපකල්පන එක්ක එකතු කරලා හදනවා මතයක් ජීව සම්භවය සුපිරි බුද්ධියක නිර්මානාත්මක වැඩක් බව - බුද්ධිමත් නිර්මාණවාදය හෙවත් Intelligent Design. මේක දැනුම නිර්මාණයක් නොවේ. නොහැකියාව, නොදැනුවත්කම වසා ගන්න දෙවියෙක් නිර්මාණය කිරීමක්.
බලන්න මුළු කතාවම: The Perimeter of Ignorance
මේකටම අපි කියනවා දැනුමේ හිඩැස දෙවියන්ගෙන් පිරවීමක් ලෙස. විශ්වය තුල පවතින ගතියක් තමයි දකින හැම මානයකින්ම අනන්ත අපරිමිත ස්වභාවයක් පෙන්වීම. දිගට දිගට යන්න ගියත්, පොඩියට පොඩියට කඩාගෙන ගියත්, ලොකුවට ලොකුවට එකතු කරගෙන ගියත් අපි ඒ අනන්ත ස්වභාවය දකිනවා. අවාසනාවකට මනුෂ්‍ය අපි පරිමිතයි. අපේ මොලයේ හැකියාව, බුද්ධියේ හැකියාව, සිතීම යන සියල්ල පරිමිත සීමාවක හිර වෙලා තියෙන්නේ. මේ පරිමිත මිනිහා අපරිමිත විශ්වය පැහැදිලි කරද්දී කෙරෙන්නේ ඒ ගැන මොඩලයක් හදන එක. එනම් පින්තුරයක් පික්සල් ගොඩකින් නිර්මානය කරනවා වගේ සන්තතික (continuous) විශ්වය විභින්න (discrete) කැබලි ගොඩකින් තමා පැහැදිලි කරන්නේ.
නොදනුමේ කුඩා පෙට්ටි ගොඩකින් දැනුම හදනවා. මුලදී බොහොම ලොකු කන්ටේනර් සයිස් නොදනුමේ පෙට්ටි කීපයක්. විද්‍යාවේ ප්‍රගමනය කියන්නේ මේ විශ්වය පැහැදිලි කරන නොදනුමේ පෙට්ටි වල සයිස් එක පුංචි කරන එක. ඒ සමග මොඩලය වඩාත් තාත්විකව සහ විද්‍යාත්මකව නිර්මානය වෙනවා.
හැබැයි හැමදාමත් අර නොදනුමේ පෙට්ටිය ඉතුරුයි. ඒ පෙට්ටිය තුලට දෙවියන් බස්සන්නට ඇතැමුන් පෙළඹෙනවා. ඒ තමයි දැනුමේ හිඩැස. මේ පදනමින් සමහරු කියනවා ඩාවින්ගේ පරිනාම සංකල්පය හා පසුව සොයාගත් ඩී එන් ඒ ඔක්කොම ඇත්ත හැබැයි ජාන මියුටේෂන් කරන්නේ කවුද? අන්න එතනයි දෙවියන් ඉන්නේ කියලා. ඔහොමම ජීවය කියන භෞතික සිරුර මත වන ඉමර්ජන්ස් එකත් ආත්මය නම් මවාගත් සංකල්පයක් දාගෙන පැහැදිලි කරනවා. බුද්ධියේ කෙළවර ඇති නොදැනුවත්කම තමා හොඳම මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම මේ ගැන දෙන්න තියෙන.
මෙම සටහන නීල් ටයිසන් ගේ දේශනාවේ රාමුව තුල තියන්න මම උත්සහ කළා. එහි කියවෙන සංකල්ප බටහිර බුද්ධි පද්ධතිය තුල වන පැහැදිලි කිරීමක්. ඒ වගේම දේවවාදය සහ අදේවවාදය අතර ගැටුමේ දිගුවක්. එහෙත් ලෝකයේ සෙසු දැනුම් පද්ධති ගත්තොත් මේ මුළු ගැටුමම පටු තැනක හිර වෙනවා. දේවවාදය සහ අදේවවාදය අතර ගැටුම බෞද්ධ හෝ හින්දු සංකල්ප එක්ක ගලපන්නේ කෙසේද? ආදී ලෙස විශාල ප්‍රශ්න ගණනක් ඇසිය හැකියි. බටහිර බුද්ධි පද්ධතිය දේවවාදය සහ අදේවවාදය අතර ගැටුම කියන පටු කතාවේ හිරවීම මහා අවාසනාවක්. හරිනම් විද්‍යාව දෙවියන්ට බම්බු ගහගන්න කියලා ඉස්සරහට යන්නයි ඕනේ. එහෙත් දෙවියන් හා විද්‍යාව එකට පැටලෙන එකත් දෙවියන්ට පක්ෂ හෝ විපක්ෂ කියා දේව/අදේව වාදයකම දිගටම හිරවෙන එකත් අවාසනාවන්ත තත්වයක්. බටහිර දර්ශන වාදය පවා එහෙමයි. ටයිසන්ගේ කතාවට පරිබාහිර වූ ඒ මාතෘකා මම මේ පෝස්ට් එකේ ග්‍රහණය කරන්නේ නැහැ. ඒක වෙනත් දවසකට.
සැහෙන පරණ සංවාදයක් නැවත ඉස්මතු කළ ලක්ෂාන් වික්‍රමට ස්තුතිය. ඒ වගේම වචන පරිවර්තනය නිවැරදි කරන්නට දුන්නු දායකත්වයටත්

ඉතා වටනා අදහස් ගොනුවක්! මේ වගේ පොස්ට් දාන්න හොදම site එකක් තියෙනවා! http://liyamu.lk/
ReplyDeleteමම අදාළ කතාවට සම්බන්ධ ලිපිය මීට කලකට ඉහත කියෙව්වා - මම හිතන්නේ “මෝඩකම“ කියන එක ටිකක් සැර වැඩියි - “අවිද්‍යාව“ වගේ යෙදුමක් වඩා ගැලපෙයි කියල හිතනවා
ReplyDeleteඑකඟයි. මම එක හැදුවා "නොදැනුවත්කම" ලෙස. ස්තුතියි
Deleteමුලින්ම වැස්ස, අව්ව දෙන්නේ දෙවියෝය කියල කිව්ව. සුළං, නියං දෙන්නේ දෙවියෝ කිව්ව. ලෙඩ රෝග ගෙන එන්නේ දෙවියෝය කියල කිව්ව. ඒවා පාලනය කරන්නේ දේවබලවේග කියල හිතාගෙන යාතිකා කලා. බිලි පූජා තිබ්බ. පස්සේ ඔය එකින් එක මිනිහා අවබෝධ කරගද්දි එන්න එන්න දෙවියෝ කුඩා වුනා. දෙවියන්ගේ කාර්‍යභාරය කුඩා වුනා. දැන් ඇත්තටම දෙවියන්ට පුරවන්න වෙලා තියෙන්නේ ජීවයේ ආරම්භය කියන හිඩස විතරයි. ඕකට නෙ කියන්නෙ god of the gaps කියල.
ReplyDeleteඔය ඩාවින්ගේ පරිනාමය පිළිගත්තත් ඒක අස්සට Intelligent Design කියන සංකල්පය ඔබන අය හිර වෙන තැන තමා ආත්මය කියන සංකල්පය ඒ හරහා පැහැදිළි කරන්න සිද්ධ වෙන එක. ඒ කියන්නේ දෙවිකෙනෙකු විසින් පරිනාමීය ක්‍රියාවලිය පාලනය කලත් සතෙක්ට නැති, මිනිසෙක්ට ඇති ආත්මය කොතනින්ද පටන් ගත්තේ කියන එක. මොකද පළමු මිනිසා මූය, මූ මිනිසා වුනාට මුගේ තාත්තා වානරයාය කියලා ඇඟිල්ල දික් කරල පෙන්නන්න පුළුවන් පොයින්ට් එකක් නැහැ. මේ ක්‍රියාවලිය ඉතාම සෙමින් දීර්ඝ කාලීනව වෙච්චි දෙයක් නිසා.
කොහොමත් ටයිසන්ම ඔය දේශනයේ කියනව වගේ, නිවුටන් වගේ මනුස්සයෙකුත් ඔය උගුලට අහු වුනානම් අනිත් බහුතරයක් අහු වෙන එක ගැන එච්චරම පුදුමයක් නැහැ.
We were all born atheists, until someone start telling us lies
කියල ජනප්‍රිය නිර්- ආගමික වැකියක් තිබ්බට ඒ කතාව 100%ක් හරියි කියන්න ටිකක් අමාරුයි. මොකද අපේ ඩීෆෝල්ට් ස්ටේටස් එක තියෙන්නේ තර්කානුකූල වීමට වඩා විශ්වාස කරන්න. Bias වෙන්න. ප්‍රශ්න කරන්නට වඩා විශ්වාස කරන්න. එනිසයි මිනිස්සු බහුතරයක් මේ වගේ හැසිරීමේ යථාර්තය එක්ක ඩීල් කරන්න බැරි කමක් අසාර්ථකත්වයක් වෙන්නෙ. දේව සංකල්පය වගේම ආගම් මිනිසා තුළ ඇතිවෙන්නටත් ස්වභාවික හේතු තියෙනවා. මේ ගැන තියරි කීපයක්ම තිබ්බත් හරියටම මේකය කියලා කියන්න තරම් තවම දැනුමක් මට නැහැ. ඒ ටික පසු කාලයේදී පුළුවන් වුනොත් කතා කරමු.
මිනිස්සුන්ගේ මූලික ස්වරූපය ආගමිකයි තමා. කොටින්ම මේ ආගම් කියන්නෙත් එක එක මනුස්සයා දේශනා කල කතන්දර දර්ශන තොගයක් නේ. එව්වා අහලා ආගම් කරගත්තේ ශ්‍රාවකයින්. බේසිකලි දර්ශනවාද කියන ප්ලග් එකට මොලේ තියෙන සොකට් එක තමා ආගම. දර්ශනය ගැහුවම දැනෙන්නේ ආගමක් ලෙස. ඉතින් පෙරලි පෙරලි වන්දනාව.
Deleteඅවිද්‍යාව (නොදැනුම) තියෙන්නේ බුද්ධියේ කෙළවර නෙවෙයි. දැනුම නිර්මාණය කරන්නේ ම අවිද්‍යාව නිසයි. බුදු දහමේ කියවෙන්නේ දැනුම නිර්මාණය කිරීම පුහුදුන් මිනිසා තම අවිද්‍යාව(අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අනවබෝධය) නිසා කරන දෙයක් හැටියටයි. අවිද්‍යාව දුරු කරපු කෙනෙකුට දැනුම නිර්මාණය කිරීමේ නිසරුකම වැටහෙන හින්දා තවදුරටත් දැනුම නිර්මාණය කරන්නේ නැහැ.
ReplyDeleteමම ලිව්වේ බුදු දහමේ කියන අවිද්‍යාව ගැන නොවේ
Delete