Friday, June 10, 2016

ආගමේ (ඇදහිල්ලේ) ඉලෙක්ට්‍රිකල් උදාහරණය සහ අයි ටී උදාහරණය

බුදුන් වහන්සේ ජේසු තුමා නබි තුමා [මාක්ස් තුමා] මේ කිසිවෙක් ආගමක් දේශනා කර නැහැ. ආගම් දේශනා කරන්න බැහැ. දේශනා කලේ දර්ශනයක්. ලෝකය විශ්වය ජීවිතය ගැන කිසියම් වූ දර්ශනයක්. මේ දර්ශනය අහපු මිනිස්සු තමා ආගම් නිර්මාණය කලේ. 

එතැනදී මම සලකන්නේ ආගම කියන්නේ ශ්‍රාවක මනසේ පවතින ප්ලග් බේස් එකක් [ෆීමෙල් සොකට් එකක්]. දර්ශනයක් කියන්නේ ප්ලග් එකක් [මේල් කනෙක්ටර් එකක්] ඔන්න ඔය ප්ලග් එකක් ගානට ශ්රාවකයට ෆිට්වෙලා ප්ලග් බේස් එකට වැදුනම මනුස්සයට ආගමක්තියෙනවා. බොහෝ දෙනෙකුගේ ප්ලග් බේස් කුඩා කල සිට හදනවා මව්පියන් ගහගත්තු ප්ලග් එක ගහගන්න.

ආගම හැරයාම ලෙස බොහෝ දෙන කරන්නේ ප්ලග් එක ගැලවීම. ඒ මොහොතේ එන ජොලියට නිරාගමික නිරාගමික කිව්වට මේ පාර්ශ්වයන් ආගමට පදනම් වන ප්ලග් බේස එක පවත්වාගෙන ඉන්නේ. වෙනත් එකක් ඕකට හයිවෙන්න බැරි නැහැ.

අයිඩියෝලොජියකින් නිදහස ලබන එක සිද්ධ වුනේ තවත් අයිඩියෝලොජියක කියවීමකින් නම් ගැලවුණු එක වෙනුවට අලුතෙන්  කියවපු සවිවීම වලකන්න බැහැ. එසේ ආගමෙන් නිදහස ලබන්නා එකම මොහොතේ එකක් ගලවලා අනික හයි කරගන්නවා. හැබැයි එකක් ගලවපු නිසා කියන්නේ නිරාගමික කියලා. දෙවනුව කියවූ අයිඩියෝලොජිය හයි කරගෙන කියා දන්නේ නැහැ.

මගේ මතය නම් අයිඩියෝලොජියකින් / ආගමකින් / ඇදහිල්ලකින්   නිදහසලැබීම ස්වයං අවබෝධයක් වෙන්න ඕනේ. මොකද ඒ තත්වය ස්වාභාවිකව වටහා ගන්න පුළුවන් දෙයක්. කාගේවත් කියුම් බස් අවශ්‍ය නැහැ.

මේ  කතාවම අයි ටී  උදාහරණයකින්  සැලකුවොත්; සංකල්පයක් ලෙස ඇදහිල්ල හෙවත් ආගම කියන්නේ ක්ලාස් එකක්. බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම්, හින්දු ආගම ආදිය [සමහරුන් අල්ලගෙන ඉන්න හැටියට මාක්ස් ආගම, සිසෙක් ආගම] ඒ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට්ස්. මනසින් ගලවලා අයින් කල යුත්තේ ක්ලාස් එක මිස ඔබ්ජෙක්ට්ස් නෙවි. ක්ලාස් එක මනසේ තියෙනකම් අලුත් ඔබ්ජෙක්ට් හැදෙන්න පුළුවන්.

නිරාගමික වීමේදී අපි ප්‍රහීන කල යුත්තේ මේ ජෙනරික් "ඇදහීම" හෙවත් "ආගම" කියන සංකල්පයයි. එනම් සැබෑ නිරාගමිකත්වය කියන්නේ ප්ලග් බේස් එක ගැලවීම. ඊට පස්සේ ආගම ගැන හෝ ආගමට එරෙහිව ඔය අස්ස වලිප්පු හැසිරීම එන්නේ නැහැ. 


ආගම් හරියට රෝමානු ජුපිටර් ඇදහීම් හෝ ග්‍රීක සියුස් ඇදහීම් වගේ තත්වයකට එන්නේ එතකොට. අපි  දැන්  රෝම  හෝ  ග්‍රීක  දේව  කතා  ගැන  මැරීගෙන  අදහන්න  හෝ  මැරීගෙන  එරෙහි  වන්න  අමාරුවකින්  පෙළෙන්නේ  නැහැනේ.  අපි  අපේ  කතාබස්  තුල  සංස්කෘතික   අවශ්‍යතා  වෙනුවෙන්  ඒවා  ඕනෑතරම්  යොදාගන්නවා.  අපි  ඒ  රටවල  ට්‍රිප්  ගියාම  ඒවායේ  සිද්ධස්ථාන  බලන්න  යනවා.  අපි  ඉපැරණි  විශ්වාසයන්  ගැන  කතාවෙනවා  අපේ  ලේඛන  වල  භාෂා  ප්‍රයෝග  ලෙස  යොදා  ගන්නවා  [By Jupiter, yes !!!] එහෙම  කළා  කියලා  අපි    ඒ  ආගම  අදහන්නන්  වෙන්නෙත්  නැහැ.  ඒ  නිසා අපි  අද  පවතින  ආගම්  අපේ  මනස  තුල පත්කළ  යුත්තේ  අර  රෝම  ග්‍රීක  ආගම්  වල  තත්වයට.

මේ  ඉහල  පරිච්චේදය  ලියන්න  එක්තරා  නිරාගමික  මුහුණු පොත්  කණ්ඩායමක  මගේ  අත්දැකීම්  බලපෑවා.  මේ  පිරිස  බොහොම  හොඳ  පිරිසක්, කිසි  වරදක්  නැහැ.  හැබැයි  එකඟ  වෙන්න  අමාරු  අදහස්  රාශියක්  දැක්කා. සමහරු  තර්ක  කළා  ආගම  හැරගියපු  කෙනෙක්  සිද්ධස්තානයකට  යන්න  හොඳ  නැහැ.  ආගමික  දෙකට  ගරු  කරන්න  එපා.  ආගමත්  එක්ක  දිගටම  ගැටෙන්න  ඕනේ  ආදී  වශයෙන්.  මේ  කට්ටිය  තාම  ප්ලග්  එක  ගලවපු  ප්ලග්  බේස්  එක  වේදනා  කාරී  ලෙස  ඕපන්  තියාගෙන ඉන්න  කට්ටිය.  ආගම  ගැන  මට  කියන්න  තියෙන්නේ  ටේක් ඉට්  ඊසි  කියලා  විතරයි. මම  හිතන්නේ  ප්ලග්  බේස්  එකත්  ගලවා සිත  නිවා  සුවපත් කරගත්තම  ආගම  ගැන  
 රෝමානු ජුපිටර් ඇදහීම් හෝ ග්‍රීක සියුස් ඇදහීම් වගේ සලකන්න  ඔවුන්ට  හැකි  වේවි.  

වැඩේ  තියෙන්නේ  ඔය ප්ලග් බේස් එක ගලවන්න නම් තමන්ම අවබෝධ කර ගන්න ඕනේ. 
වෙන කෙනෙකුගේ කියවීමකින් බැහැ. මාක්ස්  ගෙන්  සිසෙක්  ගෙන්  ඒ  අවබෝධය   ණයට  ගන්න  බැහැ.  එතකොට  ඒ  ආදරණීය  ගුරු  දේවයන් වහන්සේ සෙට්  වෙනවා  ප්ලග්  බේස්  එකට. සමහරු නිරාගමික කියමින්  ඒ ගුරු  දේවයන් වහන්සේලා   කියපුවා අමු අමුවේ අදහන්නේ ප්ලග් බේස් එක නොගලවීම නිසා. ඒ වගේම තම අවබෝධයෙන් තොරව "ණයට ගත්තු දැනුමකින්"   නිරාගමික  වෙන්න හදපු  නිසා.

 බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම්, හින්දු ආගම ආදි දේවල්  වලින්  නික්ම  යන  කොට  අපිට  තියෙනවා ඒවායේ  කාරනා  විවාද   කරන්න.  ඔය  කියන  දේ   ඔහොම  වෙන්න  පුලුවන්ද?  ඕක  තව  මෙහෙම  වෙන්න   බැරිද?  මේ  කාරණයට  මට  එකඟ  වෙන්න  පුලුවන්ද?  ආදී  වශයෙන්.  නමුත්  ඒ  ප්ලග්  එක  ගැලෙව්වට  පස්සේ   ජෙනරික්  ඇදහිල්ල  හෙවත්  ප්ලග්  බේස්  එක  ගැන  අපිට  එහෙම  දේවල්  නැහැ  විවාද  කරන්න.  ඒ  සංවාදය  පටන්  ගන්නේ  "මම  ආගමිකයෙක්  වෙලා උන්නේ  කොහොමද?"  කියන  තැනින්.  ආගමිකයෙක්  කාලේ  මම අහවල්  කාරනා  මෙහෙම  එල්බගෙන  උන්නා.  අහවලා  කියාපුවා  මෙහෙම  අන්ධ  භක්තියෙන්  ඇදහුවා.  මම  තාර්කික  සංවාද  අහවල්  හේතු  මත  නතර  කළා.  සෑම  ඇදහීමක්ම  එහෙමයි.  හෙටත්  මම  දේවල්  එහෙම  එල්බ  ගෙන බදාගෙන  අදහාගෙන  ඉන්න  පටන්  ගනියිද?  ඔන්න  ඔහොම  තර්කනයක්  තමා  මටනම්  තිබ්බේ.


අතුරු ප්‍රශ්න  එනවා.  එකක් තමා: හැමෝම  මොනවා  හරි  විශ්වාස  කරනවා   නේද?  ඔයා  පාර  පනිද්දී  වාහනේක  නොහැපෙයි  කියලා  විශ්වාස  කරන්නේ  නැද්ද?  ඔයා අඩිය  තියද්දි  ඔතන  මහ  පොලොව  කියලා  විශ්වාස  කරන්නේ  නැද්ද?

 මෙතන  එන්නේ  වචනාර්ථ  ගැටලුවක්. විශ්වාස  කියන  වචනයට  අර්ථ  ගොඩයි. මම  දන්නා  අනිත්  බාසාව  වන  ඉංග්‍රීසිය  එක්ක  ගලපා  ගතහොත්  ඇදහිලි මය  විශ්වාසයකට කියන්නේ  faith. මතවාදයක්  කාරනා  නොසොයා  හරි  ඇතැයි  විශ්වාස  කරනවට  belief කියනවා. මොකක්  හරි  දෙයක්  ඔහොම  වෙයි  කියල  අත්දැකීමෙන්  එන  විශ්වාසයට  trust කියනවා. confidence කියන්නේ  තමා  [හෝ  වෙනකෙකු] ගැන  ඇති  විශ්වාසයට.  ආගම  හා  ඇදහිල්ලට  අහුවෙන්නේ 
faith  සහ   belief කියන  දෙක.  අපි  මේ  කතා  වෙන්නේ  ඒ  දෙක  ගැන  පමණයි.

ලෝකේ  හැමෝම  ඉන්නේ  කිසියම් 
අයිඩියෝලොජියක [දෘෂ්ටිවාදයක]  නේද?  මේ  තවත් අතුරු  ප්‍රශ්නයක්.   ශිෂ්ටාචාරය  විසින්  නිර්මාණය  කල  සෑම  දෙයකම  කිසියම්  අයිඩියෝලොජි  ස්වභාවයක්  තියෙනවා.  හැබැයි  ගැටලුව  වන්නේ,  ඒවා කෙතරම්  බදාගෙන  ඉන්නවද  කියන  එකයි.    ඇදහිල්ල  හෙවත්  faith  සහ   belief කියන  දෙක  එන්නේ  ඒවා දැඩිව  බදා  ගත්තම. ඔය  කිසිම  දෙයක්  අදහා  නොගෙන මේ  ශිෂ්ටාචාරය  ඇතුලේ  කිසි  කරදරයක්  නැතුව  ඉන්න  පුළුවන්  සරළ  අවබෝධයෙන්.

ඒ  තර්කයම  දිගු  කරන්න  පුළුවන්  ආගමික  දේශපාලනික  නායකයන්ගේ  උගැන්වීම්  වලටත්. ඕවා  කියවා  තේරුම්  ගෙන  එහි අඩුපාඩු  හඳුනාගෙන  ඒ  ශාස්ත්රූන්  අදහන්නේ  නැතුව  තමන්ට  සුදුසු  යමක්  ජීවිතේට අරගෙන  අගේට  ඉන්න  පුළුවන්  නිරාගමිකයෙක්  වශයෙන්. ඊසොප්ගේ  උපමා  කතා  කියවල  අපි  ජීවිතේට  යමක්  ගත්තට  ඊසොප්  ව  අදහන්නේ  නැහැ නේ  අන්න  ඒ  වගේ.


19 comments:

  1. එක ප්ලග් එකක් ගැලෙව්වා.. අලුත් එකක් ගහගත්තද නැද්ද කියල තවම හරියකට අවබෝධයක් නෑ.. එක්කෝ ගහගන්න ඇති.. ඒ මොකක්ද කියල අවබෝධයක් නෑ..

    ReplyDelete
  2. තව ටිකක් එකතු කළා

    ReplyDelete
  3. කෙටි දහම්පද දෙකක ඔය කියන සේරම තියනවද නේද?
    1. ඵස්ස
    2. සක්කාය දිට්ඨි

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය තියෙන්නේ ඔහොම කියලා බුදු දහමේත් තව ලොරි කීපක කතා දෙනවා අදහන්න. ඒවා ළමයින්ට පුංචි කාලේ ඉඳල වණපොත් කරවල මොළ සෝදලා උගන්වනවා. ඊට පස්සේ අර මම කියූ සේ "බුදුන් වහන්සේ ට වැරදිලා වෙන්න බැරිද?" කියන වැදගත් තාර්කික ප්‍රශ්නේ මලාට අහන්න වෙන්නේ නැහැ. මොකද පවු සිද්ද වෙන නිසා.

      එහෙම නැතුව ශාස්තෘ ව ප්‍රශ්න කල හැකි වාතාවරණයක නම් ඔය වචන දෙකට අර්ථයක් තියෙනවා. එහෙම තැනක ඉන්න කෙනෙක් තව දුරටත් බෞද්ධයෙක් නොවේ. නිදහස් චින්තකයෙක්.

      බුදුන් වහන්සේට බෞද්ධයින් කියල පිරිසක්හදන්න උවමනාවක් තිබ්බද කියන එක වෙනම හිතන්න. මා කී පරිදි කිසිම ශාස්තෘ වරයෙක් ආගමක් හදලා නැහැ. එයාල හදාපු දර්ශන වලින් ආගම් හදාගන්නේ ශ්‍රාවකයින්

      Delete
    2. දහම ගැන කතාකරන්න ගැඹුරු දැනුමක් නෑ..දන්නා බොහොම සරල..මට හොඳයි කියලා හිතෙන මානුෂිය දේවල් විතරයි මට ආගම....

      Delete
  4. මෙතන ඇදහිල්ලක් ගැන කිසිවෙක් කථා කලේ නෑ නේද?
    ඇයි හදිස්සි වෙන්නෙ??
    ප්‍රශ්න කළහම පවු සිද්ධවීමක් වෙනවවනම් "ඒහි පස්සිකෝ" කියල පාඨයක්වත් කාලාම සූත්‍රයක්වත් තියෙන්නෙ නෑනේ නේද???
    මොකක්ද මේ ලොරි කථාව?
    ඇයි මේ බෞද්ධයෙක්ද නිදහස් චින්තකයෙක්ද කියන ලේබල් උඩ වෙහෙසෙන්නේ??
    මම කීවේ සරල දෙයක් - සුජීව වචන හරඹ රාශියක් කරල කීව දේ වචන දෙකකට ලඝු කරල දේශනා කරල තියනව නේද කියලයි ඇහුවේ. ඉස්සෙල්ල ඒ ප්‍රස්නෙට උත්තර දෙන්නකෝ. සාමුහික මිනිස් ක්‍රියාකාරකම් ගැන පසුව කථා කරමු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම තේරුම් ගන්නා ආකාරයට ඔය වචන දෙකෙන් සක්කාය දිට්ටි කියන්නේ නම් කෙනෙක් කිසියම් දෘෂ්ටිවාදයක් දැඩිව අල්ලා ගැනීමේ වරද කියන අර්ථයෙන්.

      එතනට මම කිව්ව ඉතිරි විස්තරය සම්බන්ධ වෙන්නේ ඔහොම කියන බුදු දහමත් දෘෂ්ටිවාදයක් ම නිසා. බෞද්ධයින් මේක පිලි ගන්නේ නැහැ ඔවුන් කියන්නේ එය පරම සත්‍යයක් කියා. නමුත් මම දකින ආකාරයට නම් බුදුදහමත් දෘෂ්ටිවාදයක්. ඉතින් ඒ බෞද්ධ දෘෂ්ටිවාදය මිනිස්සු අල්ල ගන්නේ කොහොමද? ඒ තුල විවේචනයට ඉඩක් දෙනවද? බුදුන් උත්තරීතරද? නැතිනම් තවත් එක මිනිහෙක් විතරද? ඔන්න ඔය කාරණා වැදගත්.

      ඔබ කියන්නා සේ බෞද්ධයා මොකාද නිදහස් චින්තකයා මොකාද වගේ ලේබල් ඕනේ නැහැ. ප්‍රශ්න කරන්න විවේචනය කරන්න පූර්ණ නිදහස තියේනම්, කාටවත් උත්තරීතර පරම ස්වභාවයක් දෙන්නේ නැතිනම්, කෙනෙක් කියූ පමණින් යමක එල්බ ගෙන නැතිනම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මම නිරාගමිකයෙක් කියා පැහැදිලි කරන අවස්තාවමයි. මොකද අපිත් බුදුන් වහන්සේ දාර්ශනිකයෙක් ලෙස දකිනවා +/- එක්ක අපිත් එයාගේ අදහස් වල ඇතැම් කොටස් පිලිගන්නවා, වගේම ඇතැම් කොටස් ප්‍රතික්ෂේප කරනවා. ඒකම මාක්ස් ටත් පොදුයි ජෙසුටත් පොදුයි.

      ඔන්න ඔය ස්ථානයට එනවනම් අපිට සක්කාය දිට්ටි කියලා කියන සැබෑ අර්ථය පිළිගන්න පුළුවන්. නොඑසේ නම් බුදු දහම පරම සත්‍යයකි කියලා දෘෂ්ටිවාදයක එල්බගෙන සක්කාය දිට්ටිය ප්‍රහීන කරන්න කිව්වට තේරුමක් නැහැ.


      ඵස්ස කිව්වේ ස්පර්ශය නම් මම එක මෙතනට සෙට් වෙන හැටි දන්නේ නැහැ.

      ඒහි පස්සිකෝ කියන එක වචනයෙන් නොකිව්වට ලෝකේ ඕනෑම ආගමක හෝ දෘෂ්ටිවාදයක මූලිකම දෙයක් නේ. කැම්පස් එකේ මාක්ස්වාදී තෙල බෙදන්නෙත් ඒහි පස්සිකෝ ක්‍රමයට නොවේද? ඔළුවට කඩුව තියලා පතුරවපු නැති හැම දර්ශනයක්ම යන්නේ ඔහොම තමා. මම එහි ලොකු අර්ථයක් දකින්නේ නැහැ.

      කාලාම සූත්‍රය සම්බන්ධයෙන් මත පල කරන බොහෝ බෞද්ධයින් කියනවා එහි කියන්නේ ඔබට ඕනේ බම්බුවක් අදහාගන්න කියා නෙවි, බුද්ධාදී මූලික සංකල්ප පිළිගත් රාමුවක ඔබට කැමති දෙයක් ප්‍රශ්න කල හැක කියලා. මට තේරෙන හැටියටත් කාලාම් සූත්‍රය අමු ජෙනරික් තැනකට දැම්මොත් කිසිම අර්ථයක් නැතුව යනවා. මම ඒක ඉතුරු කරනවා බෞද්ධ සංවාද රාමුවට.

      හැබැයි ඔබේ ප්‍රශ්න දෙක එනම්, සක්කාය දිට්ටි කියන එකේ අර්ථය වගේම කාලාම සූත්‍රය වචනාර්ථයෙන් ගතහොත් එන අර්ථය තුල කියන්නෙත් මම කියන කාරනාව තමා. එහෙම නොවේ කිව්වේ නැහැ. හැබැයි ඒ අර්ථය බෞද්ධ රාමුව තුල එලෙසින් ගන්න බැහැ කියන එකටයි මම පැහැදිලි කිරීමක් දුන්නේ. මොකද මට අනුව සංසාරෙන් එතෙර වන්න භාවනා කරන කෙනාත් "සක්කාය දිට්ටි" අවස්ථාවේ ඉන්නේ.

      ඔබට නිකමට මතක් කරන්න කැමතියි විචිකිච්චා කියලත් එකක් සක්කාය් දිට්ටියත් එක්කම බුදුන් දේශනා කල බව. ප්‍රශ්න කරන්නා එතැනදී කොටු වෙනවා

      Delete
  5. සිසෙක් ආගම - එහෙම එකක් තිබෙනවද ? පොරවත් කියන්නේ නැහැ තමන්ව අදහන්න කියල. ඊයේ පෙරේද ගියා මිනිහගේ ලෙක්චර් එකකටත්.

    ReplyDelete
    Replies
    1. මේ සටහනේ කියූ පරිදිම මනුස්සයෙක් දේශනා කරන්නේ දර්ශනයක්. ඒ නිසා පොතකින් දේශනාවකින් සිසෙක් දෙන්නෙත් දර්ශනයක්. එහෙත් එය කෙතරම් බදා ගන්නවද කියන කාරණය මත ඒ හරහා ආගමික හැසිරීමක් නියෝජනය කරන ශ්‍රාවකයින් හැදෙන්න පුළුවන්. මම ලාංකීය අවකාශ තුල ඒ හැසිරීම දැකලා තියෙනවා. මේ කට්ටිය සිසෙක්කියන දේ සහතික ඇත්ත කියා අදහනවා පමණක් නෙවි ඒවා ගැන ප්‍රශ්න කිරීම නිසා පුද්ගලික මට්ටමේ ප්‍රහාරයක් දක්වා යන්න පුළුවන්. මේ හැසිරීම ආගමිකයි.

      ලෙක්චර් එකකට යාම ගැන නොවේ මම කියන්නේ.

      Delete
    2. ඒකනම් ඇත්ත තමයි. මමත් zizek ගේ පොත් කිහිපයක් කියෙව්වා. හැම දෙයක්ම සංවාදයට භාජනය කරන එක තමයි හොඳ. ඔයා වුනත් zizek කියවල පොරව විවේචනය කරන්න. පොර එහෙමත් කියනවා. සමහර විටලංකාවේ zizek ගැන කතා කරන දීප්ති වගේ අයට ප්‍රශ්නය වෙන්නේ ලංකවේ අය සාමාන්‍යයෙන් විවේචනය කරන්නේ ඒ පොත් හා දර්ශනවාදියා කියන දේ ගැන හාන්කවිසියක්වත් නොදැන.

      Delete
  6. පට්ට ඕයි ...මේ ඇනලොජිය
    මේකෙන් පුළුවන් ඔය ලකාන් පප්පගේ මනෝවිශ්ලේශනයේ කියන සායනික හිස්ටිරියාව ඕනෑම කෙනෙක්ට තේරෙන විදියට කියල දෙන්න
    හිස්ටරිකයා ඉතා දක්ෂයි ඔහුට/ඇයට පුළුවන් ඕනෑම කෙනෙක් තුල මනසේ පිහිටලා තියන මේ ප්ලග් බේස් එක (සිදුර නැත්නම් ,අඩුව ,හිල ) ටක්කෙටම නිවැරිදිව හඳුනාගන්න . මොකද්ද සයිස් එක මේකේ හැඩය මොකද්ද කියල හිස්ටරිකයා වචන දෙකෙන් තුනෙන් හොයා ගන්නවා.
    හිස්ටරිකයා මාර ෆ්ලෙක්සිබල් චරිතයක් . මේ ප්ලග්බේස් එකේ සිදුරට හරියටම මැච් වෙන පල්ග් එක බවට තමන්ව හරවාගන්න රුපන්තාරණය වෙන එක ඔහුට/ඇයට සිම්පල් වැඩක් ඔහු අනෙකාට අවශ්‍ය ප්ලග්එක වෙලා ඕනෑම කෙනෙක් ඉස්සරහ පෙනීසිටින එක කරන්නේ.
    මිනිස්සු හිස්ටරික චරිත එක්ක ආශාවෙන් බැඳෙන්නේ ඒකයි. කෙනෙක්ට හිස්ටරිකයෙක් මුණ ගැහුණම වෙන්නේ මේකයිඔහුට හිතෙන්නේ මගේ මානසික අඩුව පුරවන කෙනා දෙවියෝ දුන්න වගේ මං ඉදිරිපිට පහලවෙලා කියල. ඉතින් පිස්සුවෙන් වගේ මිනිස්සු අර ප්ලග් එක පස්සේ වශීවෙලා යනවා. තමන්ගෙ බේස් එකට ගහ ගන්න හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නේ මගේ සටහනේ නොකියවෙන දෙයක් තමා හුදෙක් ප්ලග් එකක් හදලඅඔහේ වාතයේ පාකර නොහැර මිනිස්සුන්ගේ ප්ලග් බේස් වල මෙෂර්මන්ට් හොයා හොයාඅතමන්ගේ ප්ලග් ගානට හදන දාර්ශනිකයා ගේ කර්තව්‍ය. සමහර දාර්ශනිකයන් එහෙම නැහැ උදාහරනේකට් සොක්රටීසම් ප්ලේටෝස්ම් වගේ ආගම් නැහැ. මොකද උන් උන්ගේ සිතැඟි පරිදි ප්ලග් හදාගෙන ආතල් එකේ උන්න මිසක් මිනිස්සුන්ගේ බේස් එක්ක ෆිට් වෙනවද කියලා වොරි නොවුණු නිසා.

      Delete
    2. උදිතයෝ බ්ලොගක් පටන් ගනින්කෝ ඔය වටින අදහස් දාල . අපට ඇවිල්ල බනින්නත් පුළුවන් එතකොට. හේ හේ . නැහැ ඇත්තටම ලිවීමේ හැකියාවක් තියෙන මිනිස්සු ඒවා කරන්න ඕනේ.

      Delete
    3. උදිතට බ්ලොග් එකක් තියෙනවා උදිතගේ අන්තර්ජාල සටහන් වගේ නමකින්. සැහෙන පරණ බ්ලොග්කාරයෙක්.

      Delete
  7. ප්ලග් එක ගලවලනම් ගොඩක් කල්. එත් බේස් එක තියාගෙන ඉන්නවා. වැඩක් ගන්නනම් ආයෙ කිසි අදහසක් නැති උනත් උපතින් ආසියාතික උන අපිට දෙමාපියන් සමග ජිවත් වීමට නම් අකමෙත්තෙන් උනත් බේස් එක පෙනෙන මානයේ තියාගත යුතුය කියා හිතනවා. එකෙන් මම අදහස් කරන්නෙ නෑ 100% නිරාගමික නොවෙයි කියල. ටිකක් තේරුම් කරන්නනම් අමාරුයි. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අම්මලාගේ හිත සතුටු කිරීමට පන්සල් යෑම..නිරාගමික හැසිරීම ආගම විවේචනය ඔවුන්ගේ හිත රිදවනවා සහ අවබෝධ කරගැනීම වලට ගොඩක් ඈතින් තියෙනා දෙයක්. ඊට හොඳයි පුළුවන් තරමින් ඔවුන්ගේ හිත සතුටින් තියන්න පොඩ්ඩක් ප්ලග් බේස් එක තියාගෙන ඉන්න එක..

      Delete
  8. Podi kale game pansale hamuduruwo Sujeewata ayyata godak lingika adanthettam kala. Eka Ambalangoda game kauruth dannawa. Sujeewa ayya paw. Eya hari dukin tharahin inne, thamage lamaa kalaya ahimi karapu ekata. Anika blogs wala talks deela pora wenna haduwath me manussaya reddak adagena gamata yanne kohomada? Wayasaka upasaka ammala dekka gaman ahanne Sujeewa puthe thamath puke ridenawada kiyala. Ane apoi.

    ReplyDelete
  9. බාහිරින් ලැබෙන දැනුම විවේචනය ගැන මෙහි කතා කරලා තියෙනවා. එ්ත් මේ ලිපිය සම්පූර්ණ වෙන්න නම් ස්වයං විවේචනය ගැනත් කතා කරනකරන්න ඔ්නෙ කියලා හිතෙනවා. එ් ගැන ඔබේ අදහස් දැන ගැනීම වටිනවා.

    ReplyDelete