Wednesday, November 22, 2017

ජෙහාන් නම් බටහිර විද්‍යාර්ථියා සහ පියන්ත නම් පෙරදිග විද්‍යාර්ථියා

බටහිර විද්‍යාව ගැන කතාව සරළ උදාහරණයකින් පෙන්විය හැකිය. එය හරියටම මේ දිනවල ජනප්‍රිය කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් සහ පියන්ත වැනි ය.

ජෙහාන් සහ පියන්ත දෙන්නම උපන්නේ ගමේය. දෙන්නම හැදුනේ ගමේ තාලෙටය. එහෙත් ජෙහාන් නගරයට පැමිණ නගරේ ජීවිතය අසීරුවෙන් එහෙත් තනියෙන් අල්ල ගත්තෙකි. ගැමි තරුණයෙක් ලෙස නගර ජීවිතයක් හදාගන්න ලෙහෙසි නොවීය. එහෙත් ජෙහාන් තනියම ඒ කට්ට කා නගරය ගැන තනිව තේරුම් ගත්තේය.

පියන්ත ජෙහාන් හමුවන්නේ පසුවයි. ඒ වෙද්දී ජෙහාන් නගර ජීවිතේ පාර කපාගෙන එස්ටබ්ලිෂ් වී සිටියි. පියන්ත කරන්නේ ජෙහාන්ගේ ස්පොට් එකට සෙට් වී ජෙහාන්ගෙන් යැපෙමින් ජෙහාන්ගේ දැනුම ඉගෙන ගැනීමයි. එයද සරළ කර කියා දෙන්නට ජෙහාන් සමත්ය.

බටහිර විද්‍යාව ජෙහාන් වගේ එකකි. මුලින් ආගමික සහ ප්‍රාථමික සමාජයක සිට තනියෙන් අමාරුවෙන් බිහිකරගත් එකකි. එහෙත් අද එය තනිව නැගී සිටියි. කාරණා මනාකොට අවබෝධ කරගනියි. එය පෙරදිග ජනයා කරා එන්නේ පසුවයි. එය සරළ ලෙස උන්ට උගන්වන ක්‍රමවේද පවා බටහිර විද්‍යාව සමග පැමිණේ. පෙරදිග විද්‍යාර්ථින් එහි පදිංචිව එය ටික ටික අසා දැනගන්න පියන්ත වැන්නෝ ය.

ජෙහාන් තමා ගහන ගේම දනී. එහි හොඳ මෙන්ම නරකත් දනියි. ඇත්තෙන්ම එය ගේමකි. කොන් ආට් එකකි. එහෙත් එදිනෙද ගැටළු රාශියකට එහි භාවිත විසඳුම් ඇත. ජෙහාන් ප්‍රශ්න විසඳයි. බටහිර විද්‍යාව ආක්රුතිකව මෙවැන්නකි.

පියන්ත ජෙහාන් ව ප්‍රශ්න කරයි. "අයියේ මේවා මහා තේරුමක් නැති වැඩ නේද?" කියයි. ජෙහාන් ගේ කොන් ආට් වලට අකමැති වෙයි පරමාදර්ශී වෙන්න දඟලයි. එහෙත් පියන්තයා විසඳන ප්‍රස්නයක් නැත. තනියම ඌට කළහැකි බක්කක් නැත. කරන්නේ යමක් කරන එකා විවේචනය කිරීම පමණි. එසේ කරමින් ඌම එයින් යැපේ. එහිම දේවල් වලට සහය වෙයි. වෙන ගමන් බර බරේ දමයි. නිතර පරමාදර්ශී ධර්ම ටෝක් ඉශු කරයි.

පියන්ත මවාගත් සිහිනයක් ඇත. එනම් නගරයට පැමිණ ඉංගීසි සමාජයකට වැටී ධනය උපයා ගම්මුන් ඉදිරියේ දැවැන්තයෙක් වෙන්නයි. ඌට කරන්න ඕනේ එයයි. ඕක කෙතරම් ප්‍රායෝගික ද කරන්නේ කෙසේද කියා ඌ දන්නේ නැත. ඌ ඒක නොවෙන එකට තැවෙයි. ජෙහාන් ට සෙට් කරගත් සිහින නැත. බෝලය පෙරලෙන අතට ගේම ගහයි. ඌ ලෝකය අවබෝධ කරගත් ලෙසින් මනෝරාජික සිහින වෙනුවට පවතින දෙය අවබෝධ කරගැනීම අගයයි.

පියන්ත ජෙහාන් ට වරදින හෝ වැරදුනු සෙයක් පෙනෙන සෑම විටම සිය අතීත ගමේ ජීවිතයේ සීන් එකක් කියා අපරාදේ මම ආවේ කියයි. ["අපේ ලොකු ආත ගමේ නඩු විසඳුවේ"]. ඒත් ඌ මළාට ආපසු නොයයි. ගිහින් ඌට පැවැත්මක් නැත. ගමේ මහා ලොකු එකක් නැතිබව ඌ දනියි. එහෙත් ජෙහාන්ගේ වැඩ විවේචනයට ගමේ නැති එහෙත් මවාගත් ලොකු ටෝක් ඉශු කරයි.

ජෙහාන් කරන දේ දනියි. එහි හොඳ මෙන්ම නරකත් දනියි. පියන්ත එවැනි අවබෝධයක නැත. කියන දේ කිරීම සහ කොපියෙන් එහා දෙයක් නැත. ඒ නිසා පියන්ත එක්කෝ දිගටම ජෙහාන් ගැන ස්කෙප්ටිකල් ය. නොවේනම් වන්දනීය ය.

බටහිර විද්‍යාව ගැන බොහෝ පෙරදිග විද්‍යාර්ථින් දරන්නේ ද ඔය ස්ටාන්ස් දෙකෙන් එකක් පමණි.

4 comments:

  1. මේක මම ෆේස්බුක් එකෙත් දැක්ක. හොඳ විග්‍රහයක්. ජෙහාන් ජිවත් වෙන්න දන්නවා. ප්‍රියන්ත සමහර වෙලාවට ඔය හිටපු ගමන් ඇහැරිලා වමේ දේශපාලනයට ගිය පොඩි මල්ලි කෙනෙක් වගේ.

    ReplyDelete
  2. මට නැගලා ගිය සීන් එකක් තමයි piyantha ජෙහාන් හා සම තත්ත්වයට ඒමට සිතා අයියේ අයියේ කියා ඇමතීම සහ ජෙහාන්කාරයා එය ගණනකට නොගෙන උඹ කියා මිසක කිසිදිනක මල්ලි කියා නොකීම.

    ප්‍රියන්තගේ ඒ අයියා කීම නම් අනුර විජිත ටිල්වින් අයියලා ගැන කතා කරන ජේවීපී මල්ලි කෙනෙක් සිහි කරනවා තමයි ඔය උඩින් අජිත් කියලා තියෙන විදිහට

    ReplyDelete