නිදහස් චින්තනය එහෙමත් නැතිනම් සිතීමේ නිදහස කියන්නේ බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. නිදහස් නිසාම එය විවිධ අයට රිසි සේ අර්ථ දක්වා ගන්න පුළුවන්. එහෙත් නිදහස් චින්තනය කියන එකෙන් මූලිකවම අදහස් කරන්නේ කිසියම් රාමුවක හෝ මතවාද පද්ධතියක හිරවූ සිතුවිලි සහමුලින්ම ඉන් නිදහස් කර ගන්න එක.
ජීව විද්‍යාත්මකව ගත්තොත් එහෙමත් නැතිනම් මනෝ විද්‍යාත්මකව ගත්තොත් මිනිසා තුල පරිපූර්ණ නිදහස් චින්තනයක් හට ගන්න පුළුවන් ද කියන එක විවාදාත්මකයි. මොකද මිනිස් මනස හැදිලා තියෙන්නේ මොකක් හෝ මතවාද රාමුවක හිඳ සිතන්න. ලෝකය ගැන අපේ අදහසක් පහල වන්නේ මොලයේ ඇති වන intuition එකක් නිසා. විශ්වය කියන දැවැන්ත යන්ත්‍රයේ මීටරයක් කියවන එකක් නොවේ intuition එක. එය ලෝකය මෙහෙමයි කියා සිතා ගැනීමක්. උෂ්ණත්වමානයක් නැතුව කාමර උෂ්ණත්වය හිතලා කිව්වා වගේ. ඉතින් මිනිසා හැම විටම ඉන්නේ ඒ මවාගත් පරිකල්පනයක. මොකක් හෝ රාමුවක.
මිනිසාගේ සිතුවිලි කියන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමක්. ලෝකය ගැන අපි මවා ගත්තු එහෙමත් නැතිනම් හිතා ගත්තු දෙයකින් ලෝකය විස්තර කරනවා. මේ විස්තරය සැහෙන්න හරි යන්න ඉඩ තියෙනවා. මොකද අපි මේ විස්තරය දෙස බොහොම විචාරශීලීව බලන නිසා. හැබැයි කොයි තරම් හැඩ කලත් ඒක ගෙස් එකක් විතරයි. ඒ ගෙස් එකට අපි ආගම, දර්ශනය, විද්‍යාව කියා කියනවා.
මනෝ විද්‍යා සීමා ඉක්මවා සිත නිදහස් කර ගත හැක්කේ මේ ගෙස් එක ගෙස් එකක් හැටියට සළකා කටයුතු කිරීමෙන්. එහෙමත් නැතිනම් මේ intuition එකකින් බිහිවන සංකල්ප පරම සත්‍ය ලෙස නොඅදහීමෙන් පමණයි. එතැනදී අපි කරන්නේ intuition එකේ එල්බ ගෙන නොහිඳ අලුත් අදහස් වලට සූදානම් වී සිටීම.
මිනිස් සිතක් නිදහස් වන්නේ එහෙමයි. නැතිව කිසියම් ඉගැන්නුම් පද්ධතියක එල්බ ගැනීමෙන් නොවේ.

නිදහස් ච්න්තනය යනු තවත් එක කූඩුවකි.
ReplyDeleteමා ගැන එහෙම හිතුවට කමක් නැහැ. ඔබ හරි වෙන්නත් පුළුවන්.
Deleteඑහෙත් කූඩු මිස කූඩුවක් නැති තත්වයක පැවැත්ම ගැන ඔබට තේරුම ගන්න පුළුවන් ද? දෙන්න ඕනේ පණිවුඩය එපමණයි.