ආගම කියන්නේ මධ්‍යගත දැනුම් පද්ධතියක්. එතන දේශකයා බොහෝ විට පරම සත්‍ය කියා දෙයක් දේශනා කරන්නෙක්. ඒ නිසාම ආගමක් සාර්ථක වෙන්න එහි ආරම්භක දේශකයා අතිශයින් සාධාරණ වූත් විචාරයන් වලට සාර්තකව මුහුණ හැකිවූත් දෙයක් දේශනා කල යුතුයි. එසේ නොකලොත් ඔහුගේ ම අනුප්‍රාප්තිකයෙක් ඔහු ඉක්මවා යන වඩාත් සාධාරණ දෙයක් දේශනා කරන්න ගන්නවා. දෙවියන් කියුවා කියා වහල් සමාජයක චින්තනයෙන් මොසෙස් ලිව්ව ටෝරාව ක්‍රිස්තුන් අතින් බයිබලයක් හැටියට එලියට එන්නේ මෙහෙමයි.
ආගමක දේශකයා මෙහෙම උසස් දෙයක් දේශනා කලාම එයා අනෙකුත් මිනිසුන් අතර පූජනීය වෙනවා. මේ පූජනීයත්වය නිසාත් එය පරම සත්‍යයක් කියා සමාජ ගත වන මතය නිසාත් ආගමකට නිවැරදි කිරීම් කරන්න, යාවත්කාලින කරන්න බැහැ. ප්රෝතෙස්තන්තකරණය වැනි ආගමක සංස්ථා පද්ධතිය වෙනස් කිරීමක් වගේ කලාට එහි මූලික හරය වෙනස් නොවන්නේ ඒකයි. අනික ආගම හිතට ඇතුළු වන්නේ විචාර හැකියාව අඩු ලාබාල වියේදී. බොහෝ දෙනෙක් ආගම තම අම්මා තාත්තා වගේ සලකනවා. "ඔබේ පියා ඔය උදේ හවා වඳින මිනිහා නොවේ" කියන අවලං කතාවට ප්‍රතිචාර දක්වන ආකාරයට තමයි ආගමට එරෙහි විවේචන දිහා බලන්නේ. මෙය අතිශයින් ම සාමාන්‍ය මිනිස් ගතියක් වුනාට ඒ හිත් නිදහස් නැහැ.
දර්ශනයත් මේ ආකාරයටම කේන්ද්‍රීය දැනුමක්. කොටින්ම ආගම හා දර්ශනය එකට හා වුනු ගංගා දෙකක් වගේ. හරි පැහැදිලි වෙන් වීමක් නැහැ. හැබැයි දර්ශනය ආගමට වඩා තරමක් නිදහස්. ඒ වගේම දර්ශනයක් දේශනා කරන්නා එය පරම සත්‍යයක් කියා කියන්නේ නැහැ. තමන් කිසිවක් නොදන්නා බව කී සොක්‍රටීස් අද ලොව පිළිගත් මහා දාර්ශනිකයෙක්. දර්ශනය පරම සත්‍යයක් නොවන නිසා දාර්ශනිකයින් පෙරහුන් දාර්ශනිකයින්ගේ මත වලට කොටස් එකතු කරනවා. ඒ නිසා යම්කිසි ලෙසකින් වැඩි දියුණු වී යාමක් දර්ශනය තුල තියෙනවා. හැබැයි ගැටලුව වන්නේ කොයි කොටස හරි කියා බාර ගන්නද කොයි කොටස වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්න ද කියන එක. මෙතැනදී දාර්ශනිකයන් කරන්නේ ඔක්කොටම ඉඩ දෙන එක.
දර්ශනයක මේ වැඩි දියුණු වෙන ගතිය පවත්වා ගන්නා නමුත් එහි සියල්ල බාර ගැනීමට ඇති අසම සම නිදහස වෙනුවට යමක් පිලි ගන්නට යම්කිසි ක්‍රමවේදයක් යොදා ගන්නා දැනුම් පද්ධතියක් විද්‍යාව. මේ නිසා විද්‍යාව අවස්තානොචිතව මතයක සත්‍යාසත්යතාවය මනින්න විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා.
මේ වෙනුවෙන් විවිධ මිනුම් ගන්නවා. අන්න ඒවා නම් ලෝකය ගැන කරන මනු කියවුම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මනු කියවුම් වලින් කොහොමද කිසියම් අර්ථයක් ගන්නේ කියලා, ආයිත් පනින්නේ අපේ intuition එක. නැවත අපි මවා ගත් චිත්‍රයකින් එනම් ගෙස් එකකින් මනු කියවුම තේරුම් ගන්නවා. සෑම නිරීක්ෂණයක් ම සිත යට තියෙන අරමුණකින් පෙරිලා එන බව කාල් පොපර් මතු කල අදහසක්. කිසිම අරමුණක් නැතිව නිකම්ම “නිරීක්ෂණය කරන්න” කීවාම පොපර් ගේ සිසුවන් දැන හිටියේ නැහැ මොනවා නිරීක්ෂණය කරන්නද කියා. විශ්වය ගැන මනු කියවුම් තිබ්බට ඒවා තේරුම් ගන්න බැහැ. තේරුම් කරන්නේ මනසින්. විද්‍යාවත් ගෙස් එකක් වන්නේ මෙහෙමයි.
විවිධ අයට සර්ව බලධාරී දෙවියන්ගේ දැනුම [ඒ කියන්නේ පරම සත්‍ය], ලෝකය ගැන අනන්ත වූ සත්‍යාවබෝධය ලැබුනා කියා කියනවා. තවත් අය ඉන්නවා මෙතෙක් දන්නා සෑම පරීක්ෂණයකින් ම තම මතය සමත් කරගත් බැවින් එය සත්‍ය කියා හිතන. කියුමෙන් මේ අය විශ්වයේ මනු කියවන්නන් කියා පෙනුනත් එය වැරදියි. මේ ඔක්කොම පෙර කී ලෙසම intuition එකකින් ක්‍රියාත්මක වන්නන්. ඒ කියන්නේ ලෝකය විශ්වය ගැන මිනිස් මොලයක ඇතිවන මවා ගැනීමක් හෙවත් ගෙස් එකක්.
වෙනත් විදිහකින් කීවොත් මේ සියල්ල විශ්වය කියන කළු පෙට්ටිය විස්තර කරන මොඩලයක් වෙනවා. විද්‍යාව කියන්නේ ඉතාම අඩු නිරවද්‍යතාවයකින් ලොකු ලොකු කුට්ටිවලින් පැහැදිලි කිරීම පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් ඉතාම කුඩා ඒකක දක්වා නිරවද්‍යතාවය වැඩිවන විදිහට යන ගමනක්. සමහරු හිතනවා කවදා හෝ එය පූර්ණ සත්‍යයක් කරා යාවි කියා. ඒත් තව අය හිතන්නේ අනන්ත වූ විශ්වයක කොයි තරම් කුඩාවට පැහැදිලි කලත් තවත් කුඩා ඒකක තියෙන්න පුළුවන් බවයි. ඒ කියන්නේ විද්‍යාවත් සදාකාලික මොඩලයක් ම බවයි. මෙන්න මෙහෙම විද්‍යාවේ ආකෘතිය ගැන කරන ප්‍රශ්න කිරීම විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වන්න පුළුවන්. කැටගරිකලි එය අයිති වනුයේ දර්ශනය කියන ජෙන්රියට විනා විද්‍යාව කියන ජෙන්රියට නොවේ.
කෙසේ වෙතත් මේ කිසිවක් පරම සත්‍ය ලෙස අදහන්නෙක් නිදහස් චින්තකයෙක් නොවේ.

Ritigala Jayasena විසින් FB වල දාපු ඇමුණුමෙන් මෙය දැක්කේ. විවාදයට කාරණා බොහොමයක් තියෙනවා, සුජීවට මගේ සංවාද ශෛලිය අල්ලන්නෙ නැති නිසා මගේ අදහස් කියන්නම්, සංවාදයට නොයා ඉන්නම් :D
ReplyDelete//ආගම කියන්නේ මධ්‍යගත දැනුම් පද්ධතියක්.// එහෙම යැයි කියාගන්නට සමහර ආගමික නායකයන් උත්සාහ ගත්තට ආගම් කියන්නෙ උපන් නිසා අදහන්නට සිද්ධ වූ හෝ කැමැත්ත නිසා යම් අයෙක් ජීවත්වෙන්නට තෝරා ගත් මිනිසා ගැන කුතුහලය හා ලෝකය ගැන කුතුහලය නිවාගන්නට උපයෝගී කරගන්නා ක්‍රමවේදයක්. ඕනෑම ආගමක් අත්හැරලා යන්න පුළුවන්, එහෙම ගියා පමණින් අයෙක් මිය යන්නෙ නැහැ, ජීවිතේ වියවුල් වෙන්නෙ නැහැ, හිටියාට වඩා මෝඩ වෙන්නෙත් නැහැ, ඒ නිසා ආගමක් යනු මධ්‍යගත දැනුම් පද්ධතියක් යැයි කියන්නත් බැහැ.
//එතන දේශකයා බොහෝ විට පරම සත්‍ය කියා දෙයක් දේශනා කරන්නෙක්.// හැම ආගමික නායකයෙක් ම එහෙම නැහැ. විශේෂයෙන් යුදෙව් රබ්බයි කෙනෙක් හා කතාබස් කරද්දී වැඩියෙන් ඇහෙන්නෙ සත්‍ය තමන් සොයා ගන්නා වූ දෙයක් කියන්නයි. යුදෙව් ආගම කියා දෙන්නේ පරම සත්‍යය යැයි කියනා රබ්බයි කෙනෙක් ඉතා කලාතුරකින් ඉන්නා අයෙක්. අනික යුදෙව් ආගමේ පරලොව ගැන කතාබස් ඉතා අඩුයි. මාර ධනවාදී වූ ආගමක්!!! ඒ වගේ ම Wake Forest University ආගම අංශයේ chair සහ බැප්ටිස්ට් ministerවරයෙක් ද වන Charles Kimball ලියන When Religion Becomes Evil පොතේ ආගමික නායකයන් පරම සත්‍යය දන්නවා ද යන්න සැලකිල්ලට ගන්නවා. දෙයියෝ කියන පරම සත්‍ය්‍ය කුමක් දැයි දන්නා මිනිසෙක් වේ නම් එයා මිනිසෙක් ද? පරම සත්‍යය මෙසේ යැයි කියාදෙන්නට ආගමකට පුළුවන් ද? නැත්නම් ආගමේ පරම සත්‍යය කියා ඇත්තේ මෙසේය, එය තමන් විසින් වටහා ගන්න යැයි කිය යුතු ද? යනාදිය ගැන තමයි කතාබස් වෙන්නෙ. "[W]e have to be very, very careful as human beings when we begin to appropriate ... that notion that when we think we have God in our heart ... [we] know what God wants ... for everybody else. Then I think you can show historically that you have at least the potential for a disaster waiting to happen because you can literally justify almost anything at that point." -කිම්බල් කියන්නෙ. හැම ආගමක ම ආගම හරියට හැදෑරූ අයත් ඉන්නවා වඳින්නන් වාලේ වඳින අයත් ඉන්නවා. තමන්ට ජීවත්වෙන්නට හොඳ නරක කියාදෙන ක්‍රමවේදයක් මිනිසාට අවශ්‍ය්‍යි. විද්‍යාවට එය පුරවන්න බැහැ.
//"ඔබේ පියා ඔය උදේ හවා වඳින මිනිහා නොවේ" කියන අවලං කතාවට ප්‍රතිචාර දක්වන ආකාරයට තමයි ආගමට එරෙහි විවේචන දිහා බලන්නේ.// ඇයි ඒක අවලං කතාවක් වෙන්නෙ?!!! විමසිල්ලක් නැතිව යමක් බාරගෙන ඇදහීම හුරුවක් වුනාට ඒක හුරුවක් නිසා හුරුවක් වෙනස් කරගන්නත් පුළුවන් නේද?!!!! ගෞතම බුද්ධ පුරාතන ඉන්දියාවේ කළේ එය නොවේ ද?
// හැබැයි ගැටලුව වන්නේ කොයි කොටස හරි කියා බාර ගන්නද කොයි කොටස වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්න ද කියන එක. මෙතැනදී දාර්ශනිකයන් කරන්නේ ඔක්කොටම ඉඩ දෙන එක.// දර්ශනය නිසි පරිදි හැදෑරූ දාර්ශනිකයෙක් දන්නවා දාර්ශනිකයන් කිසි දාක ඔක්කොට ම ඉඩ දෙන්නෙ නැති වග. දාර්ශනිකයා තමයි කොයි කොටස හරි දැයි කියා සහ කොයි කොටස වැරදි දැයි කියා වෙන් කර, හරි කොටස බාර ගන්නත් නිවැරදි කොටස ප්‍රතික්ෂේප කරන්නත් ක්‍රමානුකූලව ඉගෙන ගන්නේ, ඒකයි ඉහළ ම උපාධිය Doctor of Philosophy නැත්නම් PhD වෙන්නෙ.
යමක් තෝරා බේරා අවුල් ලිහා ගත් පසු පරම සත්‍යය කුමක් දැයි වටහා ගත්තාම ඒක ඇදහිල්ලක් නෙමෙයි, ඒක අවබෝධයක්. හරියට යමක් අතහැරියා ම බිමට වැටෙන්නේ ඇයි යන්න අවබෝධ වූ දා වගෙයි. ඉතින් එය අවබෝධය නිදහස් චින්තයනට කිසිම බාධාවක් නැහැ.
දෙවියන් කියුවා කියා වහල් සමාජයක චින්තනයෙන් මොසෙස් ලිව්ව ටෝරාව ක්‍රිස්තුන් අතින් බයිබලයක් හැටියට එලියට එන්නේ මෙහෙමයි. ///
ReplyDeleteමේ වගේ දේවල් කියවද්දී හිනා යනවා ,, තමන්ගේ මානයට අහු නොවෙන හැමදේම හෙලා දකින පටු මිනිස්සු
ඇයි ඔමායා ඒකෙ වරදක් තියෙනවද?
Delete