Friday, January 27, 2012

නිදහස් සිත මොකක් හරි අදහනවාද?

නිදහස් සිත මොකක් හරි අදහනවාද? ඊටත් වඩා සුලබ චෝදනාව වනුයේ ඔය නිදහස් සිත කියන්නේ හුදෙක් විද්‍යාව අදහාගෙන ඉන්න පිරිසක් කියන එක.

ඊටත් කලින් තවත් ප්‍රශ්නයක්. මොකද්ද විද්‍යාවෙන් ඇති වැඩේ? ආගම නම් අදහනවා කියමු. අඩු ගානේ ඒ මනුස්සයා හිතනවා විශ්වය ගැන පරම සත්‍යයක් තමන් දන්නා බව. එහෙත් විද්‍යාවේ ඇති පලය මොකද්ද?

විද්‍යාව ඔබට දිනෙන් දින වඩාත් නිරවද්‍ය වන දෙයක් පැහැදිලි කරනවා. එතුලින් ඔබ පෙරට වඩා ලෝකය තේරුම ගන්නවා. එය වෙනස් කිරීමේ අයිතිය හා හැකියාව ඔබටත් හිමියි. කිසියම් පුද්ගලයෙකු දේශනා කල දෙයක් පරම සත්‍යයක් වන නොවන අවදානම, එහෙමත් නැතිනම් ජීවිතේට දැක නැති අස්වයෙක් රේස් එකෙන් දිනයි කියා හිතාගෙන ඔට්ටු දාන ගතිය එහි නැහැ. හැබැයි එය තුල ඔබ සත්‍ය දන්නෙක් නොවේ. බොහෝවිට සත්‍ය හොයන්නෙක් වත් නොවේ. පවතින මොඩලය තවත් යහපත් කරන්නට වෙහෙසෙන්නෙක්.

කිසිවක්‌ නොදැන ජීවත් වෙන්නේ කොහොමද? නොදන්නා කම ලජ්ජාවට කරුණක් නොවේ. ලෝකය විශ්වය කියන සරල ප්‍රශ්නෙට සංකීර්ණ උත්තරයක් දන්නා බව හිතා ඉන්නවට වඩා ලෝකය විශ්වය කියන සංකීර්ණ ප්‍රශ්නෙට උත්තරයක්‌ සරල ලෙස නොදන්නා බව සිතා සිටීම වඩාත් ප්‍රායෝගිකයි.

ඒ නිදහස් සිතක්.

නිදහස් සිතට ඔක්කොම එකයිද? එ කියන්නේ ඔබ සංසාරය නිර්වාණය කියන දේවල් ගැන හිතන නිරවද්‍යතාවය, සර්ව බලධාරී දෙවියන් ගැන හිතන නිරවද්‍යතාවය, ගුරුත්වාකර්ෂණ බලය ගැන හිතන නිරවද්යතාවය් මේ ඔක්කොම එකයිද? නැහැ. සිත මෙතෙක් එකතු කල දැනුමින් එය මේ ගැන යම්කිසි නිගමනයක් ගන්නවා. එය 0% ක ප්‍රතික්ෂේප කිරීමක් හෝ 100% සත්‍යයක් වීම නොවුනට, වැටහෙන විදිහට එහි සම්භාවිතාවය මැන ගන්නවා.  සංසාරෙට නිර්වානෙට ගුරුත්වාකර්ශනයට දෙවියන් වහන්සේට නිදහස් මනසක උරුම සම්භාවිතාවයක්  තියෙනවා.

හැබැයි මෙතැනදී මේ සම්භාවිතාවය තීන්දු කරන්නේ කවුද? ආයිත් අපේ intuition එක. එයාට අවශ්‍ය දත්ත සපයන්නේ අපේ ජීවන අත්දැකීම්. එ කියන්නේ මේ සත්‍යාසත්‍ය සම්භාවිතා පුද්ගලයා මත රඳා පවතිනවා. එනම් නිරපේක්ෂ නැහැ. ලෝක සම්මත නොවේ. මෙතනින් එහාට සිතුවිලි චැනලය බ්ලෑන්ක් යනවා. නිදහසේ හිතන්න බහ මින් එහාට. ඕනෙනම් මෙතනින් නවතින්න පුළුවන්.-  නැතිනම් කාගේ හෝ කතාවක් අදහා ගෙන මෙතනින් එහාට යන්න පුළුවන්.

නිදහස් සිතත් වෙන මොකක් හරි අදහනවා කියා හිතන අය ඉන්නවා. මේකේ සාධාරණයක් තියෙන්නේ ඇතැම් නිදහස් මතධාරීන් කියන අය ඇතැම් දේවල් අදහන නිසා. ප්‍රකට විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් අදේවවාදියෙක්, එනම් දෙවියන් වහන්සේ නැති බව අදහන්නෙක්. ඔහු නිදහස් මතධාරියෙක් කියා හිතුවොත් එතන අවුලක් තියෙනවා. දෙවියන් මෙන්ම දෙවියන් නැති බවත් ඇදහීමක්.

හැබැයි දෙවියන් නොඅදහන ඔක්කොම දෙවියන් නැති බව අදහන්නේ නැහැ. දෙවියන් සිටීද නැද්ද කියා මා නොදන්නා බවත් එක මතයක්. මා නොදන්නා දෙයක් මා නොඅදහන බව නිදහස් සිතක ලකුණක්.
 
නැහැ නැහැ එහෙමත් නොවේ, ඔය නිදහස් සිත නිදහස් බව අදහන්නෙක් කියා කියන අයත් ඉන්නවා. එතන නම් වැරදියි. නිදහස් බවක ඇදහිල්ලක් නැහැ. අදහලා අදහලා පුරුදු වෙලා මේක තේරෙන්නේ නැහැ. ඔබට ගුවන් යානයක් අයිති නැති වෙලාවේ, ඔබට ගුවන් යානා බින්දුවක් තිබේ එබැවින් ඔබ ගුවන් යානා හිමියෙක් වන්නේ නැහැ.

මේ උදාහරණය බලන්න. මිනිසා ලෝකය දැන හුන්නේ පදාර්ථයෙන්. ඝන ද්‍රව වායු. පස්සේ ප්ලාස්මාත් එකතු වුනා. ඉතින් අභ්‍යවකාශයට ගියාම ඒකෙ මොනවාද තියෙන්නේ?


ඒකෙ මොකුත් නැහැ.

වෙන්න බැහැ, මොකුත් නැහැ කියන එකෙත් මොනවා හරි තියෙන්න ඕනේ.

මේ ඉස්සර කාලේ විවාදයක්. අන්තිමේදී මේ විද්වතුන්ට “මොකුත් නැහැ” කියන එක දිරවා ගන්න බැරුව “ඊතර” කියා ද්‍රව්‍යයකින් අභ්‍යවකාශය පිරෙව්වා. ඇත්තටම කිව්වොත් මනස තුල මැවෙන මොඩලය පිරෙව්වා. පස්සේ තමා තේරුනේ “මොකුත් නැහැ” කියන තත්වය ගැන.

පූර්ණ වශයෙන් නිදහස් සිතක් මොනවා හරි අදහනවා ඇති කියන එකත් මෙන්න මේ වගේ දෙයක්.

4 comments:

  1. "හැබැයි දෙවියන් නොඅදහන ඔක්කොම දෙවියන් නැති බව අදහන්නේ නැහැ. දෙවියන් සිටීද නැද්ද කියා මා නොදන්නා බවත් එක මතයක්. මා නොදන්නා දෙයක් මා නොඅදහන බව නිදහස් සිතක ලකුණක්."

    මේ අනුව ඔබ FSM (ෆ්ල්යින්ග් ස්පගට්ටි මොන්ස්ටෙර්) සිටිනවා කියා සිතනවාද නැතිද ? ඔබ හරියටම නොදන්නා නිසා ඔබ දෙවියන්ට දෙන ඉඩකඩම (benefit of the debut) FSM ටත් ලබා දෙනවාද?

    නිදහස් සිතක් සියල්ලටම එක එලෙස අවස්ථාව දිය යුතුද ? එසේ නොකිරීම (intuition හෝ වෙනත් යම් ක්‍රමවේදයක් භාවිතාකර අදහස් weight කරගැනීම) නිදහස අවුරා දෙමීමක්ද ?

    [Also "ඩ" yanna type karanne keseda ? ;-)]

    ReplyDelete
  2. හොඳ ප්‍රශ්නයක්.

    [[මේ අනුව ඔබ FSM (ෆ්ල්යින්ග් ස්පගට්ටි මොන්ස්ටෙර්) සිටිනවා කියා සිතනවාද නැතිද ?]]

    දෙවියන්, සංසාරය හෝ පි.ස්.රා. [හෝ වෙනකක්: එනම් ඔබ, මා, මේ අප අත්විඳින විශ්වය] ඇතැයි කියා හෝ නැතැයි කියා මා සිතාගෙන නැහැ. පැහැදිලි කරන්න උත්සහ කලේ ඇත නැත කියන උත්තර දෙකට අමතර තවත් උත්තර අටෝ රාශියක් තිබිය හැකි බව.

    [[ඔබ හරියටම නොදන්නා නිසා ඔබ දෙවියන්ට දෙන ඉඩකඩම (benefit of the debut) FSM ටත් ලබා දෙනවාද?]]

    අපි විශ්වාස හැටියට ගන්නේ කෙනෙකු සත්‍යයක් ලෙස දේශනා කල දෙයක්. පි.ස්.රා. කියන්නේ කෙනෙකු විහිළුවක් ලෙස කියුවක්‌. මේ කාරනා දෙකට සමතැන දීම එතනින්මත් නවතිනවා. එහෙත් පි.ස්.රා. කෙනෙකුගේ [හෝ එයට ආසන්න කෙනෙකුගේ] පැවැත්මේ සම්භාවිතාවය සපුරා බින්දුවයි කියන්න බැහැ. මොකද හෙන්දරසන් උතුමාණන් හා පරෝඩි ආගමිකයන් ඇත්තටම නොදැන එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන් නේද? නොදන්නා කමට විහිළුවක් හැටියට කිව්වට.

    මේ අහන්නේ බින්දුවට ආසන්න ඉලක්කම් දෙකකින් වඩා කුමක්ද කියන එක.

    [[නිදහස් සිතක් සියල්ලටම එක එලෙස අවස්ථාව දිය යුතුද ? එසේ නොකිරීම (intuition හෝ වෙනත් යම් ක්‍රමවේදයක් භාවිතාකර අදහස් weight කරගැනීම) නිදහස අවුරා දෙමීමක්ද ?]]

    මේ දෙකට ම උත්තරේ නැහැ කියන එක. පැහැදිලි කිරීම ඉහත පෝස්ට් එකේ තියෙනවා. මෙන්න උපුටා ගැනීමක්.

    "නිදහස් සිතට ඔක්කොම එකයිද? එ කියන්නේ ඔබ සංසාරය නිර්වාණය කියන දේවල් ගැන හිතන නිරවද්‍යතාවය, සර්ව බලධාරී දෙවියන් ගැන හිතන නිරවද්‍යතාවය, ගුරුත්වාකර්ෂණ බලය ගැන හිතන නිරවද්යතාවය් මේ ඔක්කොම එකයිද? නැහැ. සිත මෙතෙක් එකතු කල දැනුමින් එය මේ ගැන යම්කිසි නිගමනයක් ගන්නවා. එය 0% ක ප්‍රතික්ෂේප කිරීමක් හෝ 100% සත්‍යයක් වීම නොවුනට, වැටහෙන විදිහට එහි සම්භාවිතාවය මැන ගන්නවා. සංසාරෙට නිර්වානෙට ගුරුත්වාකර්ශනයට දෙවියන් වහන්සේට නිදහස් මනසක උරුම සම්භාවිතාවයක් තියෙනවා.

    හැබැයි මෙතැනදී මේ සම්භාවිතාවය තීන්දු කරන්නේ කවුද? ආයිත් අපේ intuition එක. එයාට අවශ්‍ය දත්ත සපයන්නේ අපේ ජීවන අත්දැකීම්. එ කියන්නේ මේ සත්‍යාසත්‍ය සම්භාවිතා පුද්ගලයා මත රඳා පවතිනවා. එනම් නිරපේක්ෂ නැහැ."

    ReplyDelete
  3. Sorry for bluntly ignoring what you have written about weighting the ideas! It exactly answers what I raised... How could I miss that ???

    Anyway, apart from FSM being a joke, it makes a point. You don't have to weigh in on something because it was known to you all along. Given enough time and positive reinforcement from your environment such ideas can creep into your intuition. In other words, it begins to appear that there is a high probability of such phenomena.

    I think Dawking's God rejection comes from the realization that Evolution has a higher probability than God theory. It is about putting things in the right place. Of course, he use the scientific framework for weighing on the ideas.

    I don't think you can be a "freer" thinker by NOT rejecting God because you don't know. You don't need to pick scientific method always to weigh on ideas... but nor can you let all the crazy stuff get in your way. Specially given the fact thatsome crazy stuff may not look that crazy to your "intuition".

    Say for ex. Astronomy vs. Astrology... in one system they are inanimate objects categorized into planets and suns but in the other they actively participate in our course of life and apparently no distinction between planets/suns/moons. How would you asses such systems of knowledge ? Do you NOT want to prefer one system over the other ??

    BTW, I think the use of term "intuition" may be misleading... current state of our scientific understanding of the universe is not intuitive to an average person like us.

    ReplyDelete
  4. Well intuition maybe bundled with perception and previous knowledge. And many claim that some people actually believe in science.

    Talking about this, there are facts undeniable. For an example the overwhelming evidence that there had been some "species" changing movement with links [and some missing links, mind you] from small single molecule beings to big "developed" ones. It has a logical method of operation, and genetic footprint to sustain. A lot of observations of this type says that the "intuitive idea" called evolution gotta be fact. But whether it is purely done thru genes, or epigenes, or memes, whether darwinian or any other model is valid etc, are bound to change.

    Maybe i shud come up with another post. What I'd think as fact and no fact.

    ReplyDelete